Watch Trailer

Daphne & Velma (2018) Sinhala Subtitles | වෙල්මයි ඩෙෆ්නියි [සිංහල උපසිරැසි සමඟ]

ස්කූබි ඩූ කිව්වම කව්ද නොදන්නෙ, නෙහ්? මේකත් ස්කූබිඩූ කතාවක් හැබැයි මේකෙ ශැගී, ස්කූබි, ෆෙඩ් චරිත නෑ. ඩැෆ්නියි වෙල්මයි විතරයි ඉන්නෙ. මේ කතාවෙ හැටියට ඩැෆ්නියි වෙල්මයි අන්තර්ජාලයෙන් අභිරහස් විසදනවා. ඩෙෆ්නි කියන්නෙ අද්භූත දේවල් විශ්වාස කරන කෙනෙක්. ඒකට වෙල්මා, එයා හිතන්නෙ හැම දේටම තාර්කික පැහැදිලිකිරීමක්…

ස්කූබි ඩූ කිව්වම කව්ද නොදන්නෙ, නෙහ්? මේකත් ස්කූබිඩූ කතාවක් හැබැයි මේකෙ ශැගී, ස්කූබි, ෆෙඩ් චරිත නෑ. ඩැෆ්නියි වෙල්මයි විතරයි ඉන්නෙ. මේ කතාවෙ හැටියට ඩැෆ්නියි වෙල්මයි අන්තර්ජාලයෙන් අභිරහස් විසදනවා. ඩෙෆ්නි කියන්නෙ අද්භූත දේවල් විශ්වාස කරන කෙනෙක්. ඒකට වෙල්මා, එයා හිතන්නෙ හැම දේටම තාර්කික පැහැදිලිකිරීමක් තියෙනවා කියලා. ඒ අතරේ ඩෙෆ්නි වෙල්මගෙ ඉස්කෝලෙට එනවා. අන්න ඉස්කෝල. ඒ ඉස්කෝලෙට අනුග්‍රහ කරලා තියෙන්නේ බිලියනපති තාක්ෂණවේදියෙක් වෙච්ච ටොබායස් බ්ලූම්. ඉතිං ඒ නිසා ඒ ඉස්කෝලෙ ළමයින්ට බ්ලූම් නවෝත්පාදන වල හැම භාණ්ඩයකම බීටා පරීක්ෂණ කරන්න ලැබෙනවා. (සරලවම කිව්වොත් බීටා පරීක්ෂණ කියලා කියන්නෙ සොෆ්ට්වෙයා එකක් හරි මොකක් හරි නිශ්පාදනයක් ඒක හදපු ආයතනයෙන් අපිට නොමිලෙ දෙනවා අපේ පරිසරයේ ඉදන් වැඩකරන්න. එතකොට ඒකෙ මොකක්හරි අවුලක් තිබ්බොත් ඒක ඒ ආයතනයට දන්වනවා. ඒක පද්ධති පරීක්ෂණ ආකාරයක්) .ඒ ඉස්කෝලෙ හැම තැනම රොබෝලගෙන්, ඩ්‍රෝන් වලින් පිරිලා. ළමයි ටිකත් හරිම දක්ෂයි, තරගකාරියි. මේ ඉස්කොලෙ බ්ලූම් රාක්කෙ කියලා එකක් තියෙනවා. ඒකෙ ඉස්කෝලෙ ඉස්සරහා ඔයාගෙ වෙනියා හැමෝටම පේන්න දිලිසි දිලිසි තියෙනවා! (කොහොමද ඒක!) ඒරාක්කෙ උඩම ඉන්නෙ සුපිරිම වැඩ්ඩො. ඉතින් ඉස්කෝලෙට ආව පළවෙනි දවසෙම ඩෙෆ්නි වෙල්මව දැකලා කතා කරනවා. ඒත් වෙල්මා එයාව සතේකටවත් මායිම් කරන්නෙ නෑ. අන්තර්ජාලෙදි ඩෙෆ්නිත් එක්ක හොදට කතාබහ කරලා ඉන්න වෙල්මා ඉස්කෝලෙට ආවම කණපිට හැරෙනවා. කොච්චර වෙනස් භූමිකාවක් රඟපානවද කිව්වොත් අපේ සුපිරි දක්ෂ වෙල්මා ඒ ඉස්කෝලෙදි පන්තියෙ අන්තිමයා! අඩු තරමෙ එයාට යාලුවෙක්වත් නෑ. බුම්මගෙන ඉන්නෙ.

වෙල්මා මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියලා හොයලා බැලින්නම් මේ ඉස්කෝලෙ දක්ෂම ළමයි එකපාරටම අතුරුදහන් වෙනවා. ආයෙ එයාලා මතු වුණාට ඒ ඉන්නෙ එයාලම නෙවෙයි. ඒ අති දක්ෂයෝ මැන්ටල් පොරවල් ටිකක් වෙනවා. හරියට මහසෝනා ගහලා වගේ ඉන්නෙ. ඩෙෆ්නිගෙ හොදම යාලුවෙක් වෙච්ච පරිගණක වැඩ්ඩෙක් වෙච්ච ස්පෙන්සර්ටත් මේ සෙතම වෙනවා. ඉතින් වෙල්මයි ඩැෆ්නියි එකතු වෙලා මේක වුනේ කොහොමද කියලා හොයනවා. ඒක හොයන්න ගිහින් ඒ දෙන්නා මාර විදිහට දඩුවම් විදිනවා. (ඒ ඉස්කෝලෙ දඩුවම් දෙන්නත් වෙනම කලාවක් තියෙනවා). මේක බලද්දි ඉස්කෝලෙ කාලෙ කරපු දඟ වැඩ එහෙමත් මතක් වෙයි. වෙල්මටයි ඩෙෆ්නිටයි ළමයින්ට වෙන දේ හොයාගන්න පුළුවන් වෙයිද? එහෙම කරන්නෙ කවුද? ඇයි එහෙම කරන්නෙ? මෙව්වා දැනගන්න නම් ඔයාට මේ සලෙරුව බලන්නම වෙනවා.

පැයයි විනාඩි පහළොවක් පුරා දිවෙන මේ ෆිලුම comedy, mystery ගනයට අයත් වෙනවා. මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ තිරගත කරපු මේ සලෙරුවට සැප්තැම්බර් වෙද්දී 4.3/10 IMDb අගයක් ලැබිලා තියෙනවා. ඒ අගය ටිකක් අඩු වුනාට මොකෝ කම්මැළි නැතුව බලන්න පුළුවන්.

Our intellects are our weapons.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,993 downloadsDownload Daphne-and-Velma-2018.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)

Subtitles

4,993 downloadsDownload Subtitles54 KB

31 comments

  1. Damru Ravihara

    Thnks for sub

    1. colourstar

      thnkz

  2. Viraj

    sub ekata thanks sis.. jaya wewa!!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සහොදරී...

  5. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක්කල් බලාගෙන හිටියා .

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  7. 100

    Sub eakata thanx

  8. stylishstar

    link eka ewahnko machanla

  9. stylishstar

    movie eka download krnna link eka ewahnko

    1. Sahasra

      baiscopedownloads.com web adawiye link dala tiyenawa.

  10. gihan perera

    ස්තුතියි සහෝදරී...නියම ෆිලුමක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා නංගිගේ...

  11. දිල්ශාන් සචින්ත

    සබට තුති. සහෝදරී

  12. jagath55

    Thanks

  13. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata..
    Jaya wewa!

  14. Kulanjana Maduranga

    subata thanks sis...

  15. Panther

    Thanz lot

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. nishannw

    සතූතියි උපසිරසියට.....

  18. AyeshDushmantha

    Thank you

  19. Rumesh dhanushka

    Thanks all... ✨

  20. YasasPerera

    thanks sis..!

  21. AsithaDilruwan

    Ela saho thanks

  22. kavinuweerakkody

    thnkq akke...jaya wewa!!

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි ......!

  24. D.Chamara

    bohoma sthuthi

  25. Dewadithya

    Thanks for Sub!

  26. damith_janaranjana

    THANKS

  27. damith_janaranjana

    Thanks sister

  28. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. McMillanStyles

    Thanks for subtitles