Watch Trailer

The Promise (2016) Sinhala Subtitles | රුධිරය මතින් නැගී සිටි ජාතියක විප්ලවයේ වෙඩි මුරය [සිංහල උපසිරැසි සමග]

1918 පලමු ලෝක යුද සමයේදී ඔටෝමාන් අධිරාජ්යයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ආර්මේනියාවේ එවකට පාලකයන් විසින් ක්රමානුකූලව මහා ජන සංහාරයක් සිදු කර ජනයා සමූලඝාතනය කරන ලදි. 1918 දී රුසියානු විප්ලවයෙන් පසුව, රුසියානු අධිරාජ්යය ආර්මේනියාව නිදහස් රාජ්‍යක් බවට ප්රකාශයට පත් කරා. 1922 දී සෝවියට් සංගමයේ ආරම්භක…

1918 පලමු ලෝක යුද සමයේදී ඔටෝමාන් අධිරාජ්යයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් ජීවත් වූ ආර්මේනියාවේ එවකට පාලකයන් විසින් ක්රමානුකූලව මහා ජන සංහාරයක් සිදු කර ජනයා සමූලඝාතනය කරන ලදි. 1918 දී රුසියානු විප්ලවයෙන් පසුව, රුසියානු අධිරාජ්යය ආර්මේනියාව නිදහස් රාජ්‍යක් බවට ප්රකාශයට පත් කරා. 1922 දී සෝවියට් සංගමයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත්වු ආර්මේනියාව 1936 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩුව ඇතුලු එහි සංඝටක රාජ්යයන් පූර්ණ සමූහාන්ඩු බවට පරිවර්තනය කරන ලදී. සර්බියාවේ නවීන ජනරජය 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමේන් පසු ආර්මේනියාව නැවත ස්වාධීන රාජ්‍යක් බවට පත්විය.

මේ ඉහත සබැදුමේ සදහන් ආර්මේනියනු ජන සංහාරය පිළිබඳ නිර්මාණය කල රෑපමය රචනාව තමයි මම අද ඔයාලට ගෙනාවේ. වෛද්‍ය ශිෂ්‍යයෙකු වන්නට සිහින දකින තරුණ මිකෙල් බොගෝෂියන් කොන්ස්තන්තිනෝපලයට පැමිණෙන්නේ දහසකුත් පැතුම් පොදි බැඳගෙනයි. එහිදී ඔහුට හමුවන ඇනා කේසරියන් නැමති සුන්දර ගුරුවරිය නිසා ඔහුගේ ජීවිතය හාත්පසින්ම වෙනස් වෙනවා. ඇයගේ පෙම්වතා වන ඇමරිකානු ජාතික මාධ්‍යවේදී ක්‍රිස් මේයර්ස් ආර්මේනියානු රජයේ අඳුරු රහස් හෙළි කරගන්න අතරතුර ඔවුන් තිදෙනාගේම ජීවිත ඇද වැටෙන්නේ නොසිතූ කරදරයකටයි. ඊට වඩා මම මේ ගැන මුකුත් කියන්නේ නෑ. ආදරය , විරහව , දොම්නස, සොම්නස කැටිවූ මේ සළරුව ප්‍රේක්ෂකයාව නවමු ලොවකට ගෙන යාමට සමත් වෙනවා. ඇතෙමෙකුට මෙය තරමක් උදාසීන සිනමා පටයක් විය හැකියි. නමුත් විශිෂ්ට සිනමාව අගයන , ඉතිහාස හා යුධ කතා නැරඹීමට රුචි අයටනම් මෙය නැරඹූවාට පාඩුවක් වෙන්නේ නම් නෑ.

2017 අප්‍රේල් මසදී තිර ගත් වීම ඇරඹූ මෙම සිත්තම 6.1 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Drama/History යන කාණ්ඩ වලට අයත් මෙය Terry George විසින් අධ්‍යක්ෂනය කරලා තියෙනවා. X-MEN : Apocalypse, Star Wars චිත්‍රපට පෙලේ පෝ ඩැමරොන්ගේ චරිතයට පණ දෙන Oscar Isaac විසින් මිකෙල් බොගෝෂියන් ලෙසත් විශිෂ්ට රංගනයක නියැලෙන අතර, The Machinist 2004 , The Prestige 2006 ආදී සිනමාපට වලත් Christopher Nolan ගේ බැට් මෑන් සිනමා ත්‍රිත්වයේ වවුල් මිනිසා ලෙස නොමැකෙන රංගන දායකත්වයක් ලබා දුන් Christian Bale මාධ්‍යවේදී ක්‍රිස් මේයර්ස් ලෙස අද්විතීය චරිතයක් නිරූපනය කරනවා. ප්‍රධාන කාන්තා චරිතය ලෙස Bastile Day 2016 , The Walk 2015 ආදී චිත්‍රපට වල රඟ පෑ සුරූපී Charlotte Le Bon ඇනා කේසරියන් ලෙසත් සම්බන්ධ වෙනවා, ඉතිං මේ නිර්මාණය රස විදින ලෙසට ඔයාලටත් මම ආරාධනා කරනවා. මම මේ ලිපිය ලියන දවස එනම් නොවැම්බර් 09 මට ටිකක් වැදගත් දවසක්. මොකද අද මගේ උපන් දිනය… (කිව්ව කියලා පාටි එහෙමනම් ඉල්ලන එපා හොදේ..) එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා බැනලාහරි කොමෙන්වුවක් දාගෙන යන්න.

ආයෙත් තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා…!

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,861 downloadsDownload The-Promise-2016.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,861 downloadsDownload Subtitles45 KB

30 comments

  1. Radeepa Gayantha

    Happy birthday machn
    Sub ekata thanks

  2. Sevenupboy

    Pin ban .hoya hoya hitiye meke sub eka.happy birthday broo

  3. Nolan luck

    Happy bday bro

  4. maxek500

    happy birth day bro....thanks subakata

  5. widuranga

    happy birthday brooo and thanx for subbb

  6. විමා

    සුභම සුභ උපන්දිනක් වේවා මලේ..
    මරු භාණ්ඩයක් නොව අරගෙන ඇවිල්ල තියෙන්නේ උපන්දින තෑග්ගට
    පාටියක් දෙනවට වඩා වටිනවා
    ජය වේවා :D

    1. යුරාන් ධනුක

      බොහෝම ස්තූතියි සහෝ...
      ජය වේවා...!!! :D

  7. sampath n perera

    happy birthday

  8. දමිත් රත්නායක

    සුබම සුබ උපන්දිනයක් වේවා යුරාන් සහෝ.
    මේ වගේ වටිනා චිත්‍රපටයකට සබ් දුන්නට ස්තුතියි.
    ෆිල්ම් එක බැලුවා. ගුණාත්මක අතින් ඉහලින්ම තියන්න පුලුවන් විශිෂ්ඨ උපසිරැසියක්.
    කිසිම අඩුපාඩුවක් නැති තරම්.
    ජයෙන් ජය.

    1. යුරාන් ධනුක

      බොහෝම ස්තූතියි දමිත් සහෝ...
      ජය වේවා....!!! :D

  9. NUWAN24

    thanx.................!

  10. Viraj

    happy birthday aa... sub ekata thanks

  11. sachintha

    සුභ උපන්දිනයක් සහෝ
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. ranga11112

    thanks yuran saho...... theruwansaranai

  14. anilrasa

    ස්තුතියි උපසිරැසිය ලබා දුන්නාට

  15. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......

  16. Kulanjana Maduranga

    subata thanks...

  17. benukanimsena

    බේල් ඉන්නවනේ අනිවාර්යෙන් බලනවා.
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
    ජය වේවා !!!!

    1. benukanimsena

      තව පොඩ්ඩෙන් අමතකත් වෙනවා,
      සුභම සුභ උපන්දිනයක් වේවා සහෝ

    2. යුරාන් ධනුක

      බොහෝම ස්තූතියි සහෝ...
      ජය ... :D

  18. Thilankadissanayake

    Happy b' day bro.sub ekatath thanks.supiri movie ekak thiyei " Robin hood- The Rebellion 2018 " . IMDB 6.8 MOVIE ekak.puluwan nm ekatathsub eka denwada.loku deyak.

  19. hashanandhashan

    Thawa world war gena thiyena flim nedda

  20. Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  21. Haashan Dhanushka

    happy birthday

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. AsithaDilruwan

    Ela saho thanks

  24. Pramukmili

    thanxx bro....

    1. Chathura liyanaarachchi

      Ai me film download krnn bari? File not found kiyla watenwa

  25. Saranga J. Liyanagama

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.