Watch Trailer

Daredevil (2003) | “බිය” නොදත් යක්ෂයා..[සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනයි. මගේ ප්‍රියතම Marvel විශ්වයේ සිටින තවත් එක් චරිතයක ෆිල්ම් එකක් තමයි මේ. ඒ තමයි DareDevil. අතීතයේ තම චිත්‍රකතා වීරයන් ඒ තරම් හොදින් තිරයට ගේන්න Marvel සමාගම සමත් නොවීම නිසා, සමහර වීර චරිත වෙනත් සමාගම් වලට කුලියට දුන්න…

Daredevil (2003)
බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනයි. මගේ ප්‍රියතම Marvel විශ්වයේ සිටින තවත් එක් චරිතයක ෆිල්ම් එකක් තමයි මේ. ඒ තමයි DareDevil. අතීතයේ තම චිත්‍රකතා වීරයන් ඒ තරම් හොදින් තිරයට ගේන්න Marvel සමාගම සමත් නොවීම නිසා, සමහර වීර චරිත වෙනත් සමාගම් වලට කුලියට දුන්න බව ඔයාල දන්නවනේ. මේකත් එහෙම පිට ගියපු චරිතයක් තමයි. මේකෙ රඟපාන්නේ මම කැමතිම කෙනෙක්. ඒ තමයි Ben Affleck. ඔයාල දන්නවනේ මෙයා ගැන. මෙයා තමයි 2015දි බැට් මෑන් වෙන්න ඉන්නෙත්.

මම ෆිල්ම් එක ගැන විස්තරයක් කරනවා නම් කතාව කෙටියෙන් මෙහෙමයි. මැතිව් මර්ඩොක් ( Ben Affleck ) කියන්නේ යම් අයෙක් පියා මරා දැමීම නිසා අනාථ වූ දරුවෙක්. කුඩා කාලයේදී විෂ රසායනිකයක් ඇසට වැටීම නිසා ඔහු සදාකාලික අන්ධයෙක් බවට පත් වෙනවා. එහෙත් සාමාන්‍ය මිනිසෙක්ට නැති, රේඩාර් වැනි බාහිර පරිසරය ගැන සංවේදීතාවයක් ඔහුට හිමි වෙනවා. ඇසීම, නාසයට දැනීම, රසය මෙන්ම ස්පර්ශක දැනීම සමඟ අලුත් රේඩාර් වැනි හැකියාව දියුණු කරගත් අපූරු හැකියාවන් රැසක් හිමි මැට් දහවලේදී නීතීඥයෙක් ලෙස කටයුතු කරමින් යුක්තිය උදෙසා සටන් වදිනවා. පොදු නීතියට හසු නොවන අපරාධකරුවන්ට ඔහු පසුව කල යුත්ත ඉෂ්ඨ කරනවා. ඒ රාත්‍රියේදී, Daredevil හැටියටයි. මැට් ගේ පෙම්වතිය වෙන්නේ තවත් මාර්වල් චරිතයක් වෙන ඉලෙක්ට්‍රා (ඉලෙක්ට්‍රා ෆිල්ම් එක ඔයාල බලල ඇතිනේ).

මේකට සබ් දාන්න බාරගත්තු කෝසල සහෝට හදීසි අධ්‍යාපන කරුණක් හේතුවෙන් සබ් දාන එක කරන්න උනේ නෑ. ඒ නිසා තමයි මං මේක භාරගෙන සම්පූර්ණ කරේ. ඉතින් Marvel විශ්වයේ වීර චරිත වලට කැමති ඔයාල හැමෝම මේ ෆිල්ම් එකත් අරගෙන බලන්න. ඇවිත් යන ගමන් පොඩි අදහසකුත් දක්වලම යන්න.

මීට පෙර පළකල ලිපිය.

කට්ටියට මතකද දන්නේ නැහැ මම මීට කලින් ලිපියකදී කිවුවා Marvel Universe එකට අදාලව නිර්මාණය වූ චිත්‍රපටි ඔයාලට ගෙන එනවා කියල. ඔන්න කිවුව වගේ මේ චිත්‍රපටිය මාවල් විශ්වයේ එක වීරයෙක්ගේ කතාවක්. මේක බොහෝ දෙනෙක් රූප පෙට්ටියෙනුත් නරඹල ඇති. ඒත් වෙළඳ දැන්වීම් එක්ක චිත්‍රපටියක් හරියට රස විඳින්න නම් බැහැ කියලයි මම හිතන්නේ.

කතාව කෙටියෙන් මෙහෙමයි. Matt Murdock ( Ben Affleck ) කියන්නේ අනාථ දරුවෙක්. කුඩා කාලයේදී විෂ රසායනිකයක් ඇසට වැටීම නිසා ඔහු සදාකාලික අන්ධයෙක් බවට පත් වෙනවා. එහෙත් සාමාන්‍ය මනුෂ්යයෙකුට නැති, බාහිර පරිසරය ගැන සංවේදීතාවයක් ඔහුට හිමි වෙනවා. අපූරු හැකියාවන් රැසක් හිමි Matt දහවලේදී නීතීඥයෙක් ලෙස කටයුතු කරමින් යුක්තිය උදෙසා සටන් වදිනවා. පොදු නීතියට හසු නොවන අපරාධකරුවන්ට ඔහු පසුව කල යුත්ත ඉෂ්ඨ කරනවා. ඒ, Daredevil හැටියටයි.

මම කලින් ලිපියේ කිවුව මතකද දන්නේ නැහැ, මේ මාවල් විශ්වයේ චරිත එකිනෙකාට සම්බන්ධයි. මුළු විශ්වයම ගොඩ නැඟෙන්නේ Spiderman වටායි. ඒ ගැන මම පස්සේ විස්තර කරන්නම්. Daredevil ගේ පෙම්වතිය වන්නේ Elektra යි. Elektra චිත්‍රපටිය බලලා තියෙනවනම් අවස්ථා සම්බන්දය ගොඩ නඟාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. 🙂 බාල, බලල මට ගුණ දොස් කියන්න. තවත් Marvel Universe හි චිත්‍රපටි ගෙන එන පොරොන්දුව අතැතිව අදට සමුගනිමි.

Daredevil (2003) on IMDb

 

700 MB කොපිය මෙතනින් බාගන්න

6dca011ee04bb10c893c385d6d65fc579d8d1336 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,863 downloadsDownload Daredevil-2003-www.baiscopelk.com-.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,863 downloadsDownload Subtitles33 KB

68 comments

  1. Anonymous

    torrent wada nah ne

  2. උදාරයා

    මම ඔන්න බාන්න දැම්මා.. මම 1 නේද

  3. maneesh

    Marvel Universe එක ගැන දැනගන්න හොද ලිපියක් දාන්නකෝ..

  4. wappula

    malli godak parana eva nathuwa aluth eva
    danawanam hodai mama hithanne parana eva
    hugak balala thiyenne......

  5. Lasantha | DareDevil

    හෆ්ෆා... මගෙ film එක නේද? බලලා තියෙන්නේ...

  6. රන්දික පෙරේරා

    මට නම් මේ දවස්වල වේලාව නැති තරම්. මේක මම පසුවට බාන්න තබාගන්නවා..

    ස්තූතී ගෝලයා...

    ජය වේවා...!!!

  7. ගෝලයා

    ටොරන්ට් එක වැඩනේ.. නැවත වරක් බලන්න. මාවල් විශ්වය ගැන මමත් තාම ඉගෙන ගන්නවා. මනීෂ් සහෝ කිවුව වගේ ලිපියක් ලියන්න ආසයි. :)

    වප්පුල අයියේ, මේ දිනවල පරණ බයිස්කෝප් දාන්නේ, හරි හමන් බයිස්කෝප් වල හොඳ පිටපත් තාම නිකුත් වුනේ නැති නිසයි. මේවා පරණ වුනත්, නොබලපු උදවිය ඉන්නවා. :)

  8. Bhagya

    ela filkm ekak.Thanks

  9. Bhagya

    කෝ Avater film එක නැද්ද?.

  10. Lasantha | DareDevil

    @ගෝලයා: ඇයි මචෝ පරණ thema එකම දැම්මේ? වෙනසකටත් එක්ක අලුත් එක හොදයිනේ...

  11. ගෝලයා

    භාග්‍ය සහෝ, තාම ඇවැටා වල හොඳ කොලිටි පිටපතක් නිකුත් වුනේ නැහැ. නිකුත් වුන ගමන්, සිංහල උපසිරැසි එක්ක දෙනවා. :)

    ලසන්ත සහෝ, අළුත් තීම් එකෙ අල තැන් ගොඩක් තිබුනා. කට්ටියට ලොකු ප්‍රශ්නයක් වුනා නවතම ලිපිය හොයාගන්න. ඒක් නිසා පරණ පුරුදු තීම් එකට ආවා. මේ දිනවල බයිස්කෝප් කණ්ඩායම හොඳ තීම් එකක් හොයා ගෙන යනවා. :)

  12. kathu

    අෆ්ෆා... මෙක නම් බලලා තියෙන්නෙ. බලපු නැති කෙනෙක් ඉන්නව නම් අනිවා බලන්න...

  13. Akila

    elama film eka.
    balala tiyanawa.
    but ayet baanawa.
    Thanks

  14. Uraj Deemantha

    ඊයේ දුන්න එකත් තවම බෑවෙනවා.... :P මේකත් ඉතින් බෑවෙන ගොඩටම දානවා.... :D අද ඉතින් නිවඩු දවස නිසා යන්තම් බාපු ෆිල්ම් දෙකක් බලාගත්තා.....!! :)

  15. නුමේෂ් ඩිලූෂ

    Gola saho...., avatar hoda copy awilaazzzz....

    any way tnx mekata...

  16. sw7x

    machan ara kalin daala tibbe aluth theme ekk eka sira

  17. ashan kandy

    Avatar ... hoda copyak thiyanawa ne...
    mokuth hitanne natiwa meka poddak balanna.. mat bala inne sinhala sub ekkama balanna.. /***************/

  18. anthr6x

    බලල නම් තියනවා. ඒත් ඉතිං බාමුකො පුරුද්දට වගේ

  19. දිමන්ත ජයසංඛ

    පට්ට !!!!!!!! මෙච්චර දවසක් බලාගෙන හිටියෙ දුක හිතේනවාවාවාවා

  20. sajith

    aiyoooooooo matanam epa velaa thhiyennee... meyata parathi chara dalaaaaa... kamak naa ithin meyata nath nam ninda yanne nannee.. filme eka hodai... maruuu..

  21. AL1717

    Ade Appa Meka Mata Missed Wela Ne.

    Onna Mamath Meka Bagannawa Macho.
    Thanks Wewaaaa...!!!

  22. Thisara buddhika

    MARVEL විශ්වය ගැන ලිපියක් පල කරන්නකෝ

  23. dulaj

    ai mekata sinhala sub naththe ?

    1. Thisara NEO

      sinhala sub me dawas wala hadanawa. ikmmanatama denawa

  24. ositha

    thanks machan

  25. isuru samarasinghe

    patta macahn

  26. hh

    bohoma pin machan

  27. upali

    elazzz thawath subs denna labeywa

  28. vee

    maxxa

  29. tharanga

    ස්තූතී

  30. mudiya / මුදියා

    පට්ට ෆිල්ම් එකක්නෙ.
    බලල තිබුනෙත් නෑ.අහල තිබුනෙත් නෑ.
    නියම වැඩක් නියෝ.
    අද පළවෙනියටම බාන්න දානව මේක.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  31. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  32. “චූටී මල්ලි”

    එල එල
    බලල නෑ නොවැ
    තව දෙමු තිසර
    සබට තුති
    ඔබට ජය...

  33. kamal hasitha

    බලන්න ඕන දැන්ම.

  34. #ChalinduDeshan (කිනා)

    බලල නෑ මචං.
    මර්වල්ලාගේ කොමික් එකක්නම් නොබලා කොහොමෙයි.
    නියමයි උදෙන්ම දීලා තියෙන එක.
    ජයවේවා!

  35. චතුරබුද්ධි

    කව්රු හරි දන්නා කෙනෙක් marval universe එක ගැන බයිස්කෝප් මංසලට ලිපියක් ලියන්නකෝ..

  36. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක ඒදවස් වල
    බලපු පට්ටම ෆිල්ම් එකක් ජයවේවා :D

  37. NCJD

    2008 අවුරුද්දේ රුපවාහිනි විකාශයකින් බැලුවා හොඳට මතකයි, මොකද බොහොම ලස්සන කතාවක්. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  38. Samana Prasad ( Black Cobra )

    thanq thanq... kiyanna wachana na... elama thama...

  39. siraj

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ‍ඉස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ....

  40. ශාන් විමුක්ති [ විමා]

    මාවල් විශ්වයේ තියන තවත් එක සිනමාපටයකට අඩුවෙලා තිබුණු උපසිරසක් අරන් අපු එක ගැන නියෝ සහෝට බොහොම ස්තුතියි
    මෙන්න කොල්ලගේ සබ එක අරගත්තා
    තවත් හොද ඒවාට සබ් කරමු මචෝ

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  42. Awanda

    niyamai

  43. panduka

    great movie broo.. thanks..

  44. nalaka

    niyamai niyamai..gini parak wagei..thanks saho meka dunnata

  45. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....දිගටම සබ් දෙමු.ජය!෴෴ :D

  46. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  47. PaThUm MaDuShAn (ශාන්)

    :P

  48. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  49. S H E N A L

    thanks bro..

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments