ඔන්න යාලුවනේ මගේ දෙවන සිංහල උප සිරැසියත් අරගෙනම මේ පැත්තට ගොඩවැදුනා.පහුගිය වතාවේ දුන්නු ප්‍රතිචාර එක්ක පුංචි පහේ ආදරණීය නෝක්කාඩුවකුත් තිබ්බා මම දකුණු අප්‍රිකාවට විශේෂ කැමැත්තක් දක්වනවා කියලා.ඇත්තටම විශේෂ කැමැත්තක් නෙවෙයි, නමුත් හොලිවුඩයේ ඒකාකාරී නිර්මාණ වලින් තරමක් දුරස් වෙන්න හදන නිසාද මංදා මට වෙන…
ඔන්න යාලුවනේ මගේ දෙවන සිංහල උප සිරැසියත් අරගෙනම මේ පැත්තට ගොඩවැදුනා.පහුගිය වතාවේ දුන්නු ප්‍රතිචාර එක්ක පුංචි පහේ ආදරණීය නෝක්කාඩුවකුත් තිබ්බා මම දකුණු අප්‍රිකාවට විශේෂ කැමැත්තක් දක්වනවා කියලා.ඇත්තටම විශේෂ කැමැත්තක් නෙවෙයි, නමුත් හොලිවුඩයේ ඒකාකාරී නිර්මාණ වලින් තරමක් දුරස් වෙන්න හදන නිසාද මංදා මට වෙනත් රටවල හොඳ සිනමාපට නරඹන්න ලැබෙනවා වැඩියි.ඒ නිසාම අර පරණ පොරොන්දුව හිමීට ඉටු කරන අතරේ මම වගේම ඒකාකාරී හොලිවුඩ් චිත්‍රපට වලින් හෙම්බත්වෙලා ඉන්න අපේ රසිකයින් වෙනුවෙන් මේ පාර මම අරගෙන ආවේ සත්‍ය සිදුවීමක් පදම්කරගෙන නිර්මාණය කල සම්මානනීය යුගෝස්ලාවියානු සිනමා සිතුවමක්.
1997 වසරේ සති අන්ත පුවත්පතක සිනමා තීරය යටතේ හඳුන්වා දී තිබුණු මෙය මට මුල් වරට නරඹන්න ලැබුනේ 2000 අවුරුද්දේදී. එදා සිට අද දක්වා මාගේ ප්‍රියතම සිනමාසිතුවම් දහය අතරට මා ඇතුල් කරන මේ වින්දනීය සිනාමා සිත්තම නමින් Ptice Koje Ne Polete වෙනවා.එහි ඉංග්‍රීසි අර්ථය Some Bird Can’t Fly.
වෙස්නා බෝසි කියන්නේ සර්බියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ ජීවත්වන නව හැවිරිදි සුන්දර දැරියක්.දෙමාපියන්ගේ වෙන්වීමත් සමඟ මව සමඟ ජීවත්වන ඇය ඉගෙනීමට මෙන්ම සංගීතයටද ඉතාමත් දක්ෂයි. ඔය අතරේදී ඇය හදිසියීම අසනීප වෙනවා.වෛද්‍යපරීක්ෂණ කිහිපයකින් පසුව තහවුරුවන්නේ ඇයට වැළඳී ඇත්තේ ලියුකේමියා රෝගය බව.එයින් මිදීමටනම් ඇයට ඇටමිදුළු බද්ධයක් කිරීම අනිවාර්ය නමුත් අවාසනාවට ඇයට ගැලපෙන ඇටමිදුළු දායකයෙක් හමුවන්නේ නෑ. අකමැත්තෙන් වුවත් අවසාන දෙමාපියන් තීරණට කරන්නේ ඇයට ජීවත් වීමට ඉතිරිව ඇති වසරකටත් අඩු සුළු කාලය සතුටින් ගතකිරීම සඳහා කඳුකර පෙදෙසක වන ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන ඇගේ සීයා වෙත පිටත් කර හැරීමයි.
ප.ලි ක්‍රියාදාම චිත්‍රපට රසිකයින්ට දැඩිව ආසාත්මික විය හැකිය!!!!!!!
1,931 downloadsDownload Some-Bird-Cant-Fly-1997.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුෂාර දිසානායක
Subtitles
52 comments
DANUKA!
isuru
pattai hode
notisamanalaya
maxxaaa.. thanks machan
udara
bohoma thuthi sahota
tharanga
නියමයි සහෝ ඇක්ෂන් වගේ නෙමේ මේවා වටිනවා ජිව්තේට ගන්න දෙයක් තියෙනවා
තවත් එකක් සබ් දාලා ගේමු මේ වගේkalana
thxz boss
f_live
බොහොම පින්
amilatk
jayen jaya!!!
mihin ලංකා
දිගටම හොද ඒවාට සබ් ගෙන්න සහෝ
uda
උපරිමයි සහෝ... වෙනස අපි ඉතාම ආදරයෙන් භාරගන්නා දෙයක්. ඒකාකාරී බවේ විඩාවෙන් මිදෙන්නට වෙනස බොහොම අවශ්‍යයි. හැකිතාක් වෙනස් දේවල් අරං එන්න ඉදිරියටත්. (මම වතාවක් මේක රූපවාහිනී නාලිකාවක යනකොට නැරඹුවා මතකයි.
මේකට නිර්මාපකයන් දීලා තියෙන නම වගේම එදා ඒ අය ලබා දී තිබූ සිංහල නමත් මගේ මතකයේ දැඩිව කාවැද්දුණා. ඔවුන් මේ නම සිංහලට හරවා තිබුණේ -"අහස අහිමි කුරුල්ලෝ"- යනුවෙන්. ඉතාම අරුත්බර නමක් වූ නිසාම ඒ නම නොමැකෙන්නට මගේ මතකයේ රැඳුණා... :) )
ccnp
Thanks
ganidu
තෑන්ක්ස් වේවා!!!
wow
wow,, maru :D
ශාන් විමුක්ති [ විමා]
ප.ලි ක්‍රියාදාම චිත්‍රපට රසිකයින්ට දැඩිව ආසාත්මික විය හැකිය!!!!!!!
ෂාහ් මේකනම්, මාරු වගේ
එල ඈ
බාශාව මොක උනත් ෆිල්ම් එක හොදනම් එචාරයි කොල්ලෝ
සබට බොහොම ස්තුතියි ඈGayan
Thanks yalu.....meka lassana film 1k.tv 1t gihin thiyanawa wage mathakai.....thanks again.....
Ushantha
fatta film eka saho..
thanks..!!නිරෝෂ්
නියමයි තුෂාර..තෑන්ක්ස්
තව තවත් මේ වගේ පරණ හොඳ ෆිල්ම්ස් වලට සබ් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා !#ChalinduDeshan (කිනා)
හැබැයි මචං උබ වගේ අදහස් තියෙන අයත් අපිත් එක්ක ඉන්න එක හොඳයි. මොකද නැත්නං හැමදාම ඉංග්‍රීසි, දෙමළ, තෙලිඟු, හින්දි ඒවා බලලම එපා වෙනවා අනිවා දවසක.
නියම වැඩක්. දිගටම කරගෙන යමු. ජයවේවා මචං!sameera wijayawardane
ජීවිතේට බලපු හොදම Film 1ක්.
රොයිලි
බොහොම ස්තූතියි තුෂාර සහෝ සිංහල උපසිරැසියට. මම රූපවාහිණියෙන් බලලා තියෙන සංවේදීම කතාවක්. ආයෙත් බලන්න ඕනා මතකය අලුත් වෙන්නත් එක්කම. හැමෝටම කියන්නේ බාගෙන බලන්න කියලා. සෑහෙන දෙනෙක්ට මේක අසාත්මික වෙන්න පුළුවන් වුණාට ඒ අය කරගන්නෙ නම් සෑහෙන අපරාධයක් කියන්න පුළුවන්. ජය෴෴ :P :P
nalaka
ela ela mewage ewath balanne onine..thanks saho
Rajitha Abeysinghe
thanks " “තුෂාර දිසානායක” "
namika
බොහොම ස්තූතියි සහෝ, මේ වගේ ලස්සන සංවේදී සිනමා සිත්තමක් අරන් ආවාට.
ඒ වගේම සිංහල උපසිරසියටත් බොහොම ස්තූතියි!kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..“චූටී මල්ලි”
එල එල
ලස්සන එකක් වගේ බලමු නෙ
සබට තුති
ඔබට ජය...mudiya / මුදියා
ටීවී එකේ දෙතුන් පාරක්ම බලල තියෙනව මේක.
මාරම ලස්සන කතාවක්.
ආයෙත් බලන්න ඕනි.
නියම වැඩක් තුෂාරයො.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතිය තුෂෘර සහෝ දිගටම මේ වගේ සැගිවි ගිය සිනමාවන් ගැන ලියන්න
ජය වේවා!
Emi
Mama meka Jathika Rupavahiniyen 3 parak vithara baluwa. harima lassanai story eka. meka hoya hoya hitiye download karanna. oyata godak pin e wagema bohoma sthuthiy.
Chamasrsp
ප.ලි ක්‍රියාදාම චිත්‍රපට රසිකයින්ට දැඩිව ආසාත්මික විය හැකිය!!!!!!! hahaa patta talk 1 :D :D
mama asai bn me movies walatath ;)සමීර
බොහොම ස්තුතියි සහො!!!!!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ලස්සන කතාවක් වගේ සහෝ බොහොම ස්තුතියි ,ජයවේවා.
Laalitha Gunarathne
මේ චිත්‍රපටය අපි කුඩා කාලෙ (80අග-90මුල)රූපවාහිනියෙ නැරඹුවා මතකයි. ඒ කාලෙ ළමයි බලපුවයි දැන් බලන ඒවයි සන්සන්දනය කරද්දි අඬන්න හිතෙනවා.එවැනි හොඳ දේවල් ළමයින්ට දෙන්න මුල් වුනු ටයිටස් තොටවත්තයන් ඇතුළු කණ්ඩායමත් සිහි කරමු.
Sewwandi
මේ වගේ ලෝක සිනමාවේ වෙනස් නිර්‍මාණ දෙනවට ගොඩක් ස්‍තුති,
මනෝජ්
ලින්ක් එක ක්ලික් කලහම වෙබ් සය්ට් එකට access නැහැ කියන්නේ ai
gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Thusitha Kumara
මේ සිනමා නිර්මාණය අතිශයින් වටිනා නිර්මාණයක්. මේ ගැන දැනගත්තෙ මීට අවුරුදු 15කට විතර කලින් හොයා ගන්න උත්සහ කළත් බැරිවුණා. මේ සිංහල උප සිරැසිත් සමඟ අපේ පාසලේ ළමුන් හා ප්‍රෙද්ශවාසීන් සමඟ ළඟදීම දවසක බෙදා හදා ගන්නවා මේ විශිෂ්ට නිර්මාණය. ඔබට බෙහෙවින් ම ස්තුතියි.
sp පියමල්
හැමදාම එකම විදිහේ ෆිල්ම් බලනවට වඩා වෙනස් විදිහේ සංවේදී කතා බලන්න ලැබෙනවානම් මමනම් කැමැතියි,දිගටම මේ වගේ කතා ගේන්න,thanks සහෝ
Ranjith
සබ් හරියට ෆ්ල්ම් එකට සෙට් වෙන්නේ නැහැනේ ......
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍chanaka
මම මේ චිත්‍රපටය අවුරුදු ගානක් තිස්සේ හෙව්වා. ලංකාවේ නමගිය අලවි සැල් වලිනුත් බැලුවා. කොහෙවත් තිබුනේ නැ. ඔබට බොහොම ස්තුතියි මෙවැනි වෙබ් අඩවියක් කරනවාට. වර්තමානයේ විකිණෙන කුණු රසය වෙනුවට සැබැ රසස්වාදය ලබා දෙනවට.
Sajith
Maxxa. man kaleka idan balagena hitiya film ekak. Thanks....
gayan
බොහොම ස්තුතියි යාළුවා සිංහල උපසිරැසි වලට
ggdsad
සබ් හරියට ෆ්ල්ම් එකට සෙට් වෙන්නේ නැහැනේ ……
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
wiki
Thanks
Ariyarathna De Alwis
සබ්ටයිටල් එක්ස්ට්‍රැක්ට් වෙන්නෙ නැහැනෙ සහෝ.
Dilini
ෙබොාහාම ස්තුතියි. මම හේක හොය හොය හිටියේ
Chandana
පුංචි කාලේ ගොඩක් සංවේදීව බලපු film එකක්...Thank you
Kavishka Vikum
supiri bn
Ben Nisal Maduranga
Godak kal hoyapu film ekak. thanx
Sherihan Anver
I cannot download this movie. Can you please assist?
Anonymous
Mage Email link 1k publish kalath kamak ne.. oya paken kisima deyak download karanna be. Nodomakin
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela ela niyama film thama