ඉතිං කොහොමද යාළුවනේ… හැමෝම හොඳින් ඉන්නවද… සෑහෙන කාලෙකින් මම ඔයාලට ආයෙමත් උපසිරැසියක් අරගෙන ආවා… Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් වාර්තා නොවුන, මළසිරුරු…

ඉතිං කොහොමද යාළුවනේ… හැමෝම හොඳින් ඉන්නවද… සෑහෙන කාලෙකින් මම ඔයාලට ආයෙමත් උපසිරැසියක් අරගෙන ආවා…

Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් වාර්තා නොවුන, මළසිරුරු කිසිදාක සොයා නොගත්ත, පරීක්ෂණ කිසිදාක සිදුනොවුන, බුසාන් වල සිදුවුන සත්‍ය කතාවක්. Kim Tae-kyun සමග Ju Ji-hoon මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

මේ කතාවේ පදනම ගැන කියනව නම් දකුණු කොරියානු විමර්ශන රූපවාහිනී වැඩසටහනක් වෙන Unanswered හි 869 කොටස නැරඹීමෙන් පස්සේ im Tae-kyun ඔහුගේ පිටපතෙහි වැඩ කරන්න පටන් ගත් අතර වසර පහකට පස්සේ ඒක අවසන් කරල තියෙනවා.

2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය නොවැම්බර් 7 වන දිනට වන විට මුළු පැමිණීම් 3,783,099 ක් සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායමක් උපයල තියෙන බවට වාර්තා වෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනව නම්…….

Hyung-Min (Kim Yun-Seok) කියන්නේ උසස්වීම් ගැන තැකීමක් නැති, ඒත් ඒ වෙනුවට නඩු විසඳීමට අවධානය යොමු කරන බුසාන් වල රහස් පරීක්ෂකයෙක්. සාම්ප්‍රදායික වෙළඳපොලක පොඩි අවන්හලකදී, ඔහුට තොරතුරු සපයන්නෙකු හරහා Tae-O (Ju Ji-Hoon) හමුවෙනව වගේම කෙනෙක්ගෙ සිරුරක් භූමදාන කරන්න තමාට මුදල් ලැබුන කියලා Tae-O ඔහුට කියනවා. ඔහු ඒ ගැන තවත් විස්තර කියන්න සූදානම් වෙද්දිම හදිස්සියෙම එතනට කඩාවදින පරීක්ෂකයින් කණ්ඩායමක් ඔහුගේ පෙම්වතිය ඝාතනය කලා කියන වරදට Tae-O ව අත්තඩංගුවට ගන්නවා.

මාස කීපයකට පස්සේ හිර ගෙදර ඉඳන් Hyung-Min පරීක්ෂකතුමාට කතා කරන Tae-O තමන් තවත් මිනිස්සු 6 දෙනෙක් මැරුවා කියල පාපොච්චාරණය කරනවා. Hyung-Min මේ පාපොච්චාරණය විස්වාස කලත් අනිත් සාමාජිකයින් මේ ගැන සැක කරනවා. නමුත් Hyung-Min තමන්ගෙ විස්වාසය මත මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.

තමන්ගෙ විස්වාසය දිනලා Hyung-Min ට Tae-O ව වැරදිකාරයා කියල ඔප්පු කරන්න පුලුවන් වෙයිද? නැත්නම් අනිත් සාමාජිකයන්ගෙ විස්වාසයේ විදිහට Hyung-Min රැවටිලා තියෙයිද?….. අන්තිම වෙනකල්ම බලන්න ඇත්ත දැනගන්න..

එහෙනම් කතාව බලලා පුරුදු විදිහටම ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

3,115 downloadsDownload Dark.Figure.Of_.Crime_.2018.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

3,115 downloadsDownload Subtitles48 KB

12 comments

  1. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තුතියි මේ වගේ වටින කොරියානු චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවාට. දිගටම මේ වගේ සුපිරි කොරියානු උපසිරැසි ටිකක් කරමු. ජයවේවා!

    1. Sulakshana Thilakarathne

      ගොඩක් ස්තුතියි, please මේ වගේ korean අපි මිස් කරපු අපිට මිස් උන ඒව දිගටම දෙන්න, ජය වේවා!!! ❤️

  2. Nuwan

    Ammo goda kalekata passe neda sub kale sub ekata godak thanks

  3. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝදරී.

  4. විමා

    කාලෙකට පස්සේ සාදරයෙන් පිලිගන්නවා අක්කේ වැඩේට.
    ඉස්සර වගේම වෙඩි වගේ වැඩ පෙන්වමු!

  5. මයුර

    අම්මෝ අක්කව දැක්ක කල්. කොරියන් කිව්වොත් මතක් වෙන්නේ ඔයාව. දිගටම සබ් දෙන්න අක්කේ.

  6. Buddhika Lakmal

    වෙල්කම් බැක්....

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Nipuni

    පුදුමයක් මේක නම්, බයිස්කෝප් එක ආයෙත් කොරියන් ෆිල්ම් දෙන්න අරගෙන එක දිගට.
    අපිට කොරියන් සීරීස් බලන්න හුරු කරපු අක්කත් ආයෙ සබ් කරන්න අරගෙන. ❤️

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි කනිෂ්කා ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. Pavith Wijesooriya

    සුපිරියක් වගේ. ලිපිය කියෙව්වාම බලන්නම ඕනෙ කියලා හිතුණා. ඔන්න මාත් ගත්තා සබ් එක. උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කෙ...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..