ආයුබෝවන් කොල්ලනේ, කෙල්ලනේ… ලැබුණ විවේකයෙන් තවත් අළුත් ෆිලුමක් උස්සන් මේ පැත්තට ආවා. මේක ඊයේ (28) තමයි නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන්…

ආයුබෝවන් කොල්ලනේ, කෙල්ලනේ… ලැබුණ විවේකයෙන් තවත් අළුත් ෆිලුමක් උස්සන් මේ පැත්තට ආවා. මේක ඊයේ (28) තමයි නෙට්ෆ්ලික් මාධ්‍ය ඔස්සේ නිකුත් උනේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති ෆිල්ම් එකේ රංගන දායාකත්වය ලබා දෙන්නේ කවුද කියලා. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැති සුපිරිම ලෙජන්ඩ්ලා දෙන්නෙක් තමයි ඉන්නේ. ආත්මාරක්ෂක සටන් කලාවේ පුරාවෘත්තයක් වන ප්‍රවීණ සටන් නළු ජැකී චෑන් සහ රෙස්ලින් ක්‍රීඩාවේ එදාමෙදා තුර බිහිවු අග්‍රගණ්‍ය පුරාවෘත්තයක් වෙන ජෝන් සීනා තමයි මේ සලරුවේ ප්‍රධාන චරිත දෙක විදියට එකතු වෙලා ඉන්නේ. ඉතිං මේ දෙන්නා එකතු වෙලා මැදපෙරදිග තෙල් මංකොල්ලයකට එරෙහිව සටන් වදින හැටි ඔයාලට මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ජැකී චෑන් සහ ජෝන් සීනා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕන නෑ කිව්වත් වැඩිදුර තොරතුරු කියවන්න ආස අයට මේ දෙන්නා ගැන පොඩියට හරි විස්තරයක් දැම්මනම් හොඳයි කියලා මට හිතුනා. ඒ නිසා කැමති අය මේක කියවලම උපසිරසිය අරගෙන යන්න හොදේ.

ආත්මාරක්ෂක සටන් කලාවේ රජු කවුද කියලා ඇහුව ගමන් ඔයාලා හැමෝටම මතක් වෙන්නේ සුපිරි සටන් ශිල්පී බෘස් ලීව බව මම දන්නවා. නමුත් වර්තමානයේ සිටින ජනප්‍රියම ආත්මාරක්ෂක සටන් ශිල්පියා කවුද කියලා මම ඇහුවොත් ? ඔව්, බොහෝ දෙනෙක්ගේ උත්තරය වෙන්නෙ ජැකී චෑන් තමයි. හොංකොන් සිනමාව විසින් බිහිකළ තවත් සුපිරි සටන් නළුවකු විදියට සැලකෙන ජැකී චෑන් සුවිශාල රසික ආකර්ෂණයක් දිනා ගත්තේ ඔහුටම ආවේණික වු හාස්‍යමය සටන් ජවනිකා හේතුවෙනි. එමෙන්ම චිත්‍රපටවල ක්‍රියාදාම දර්ශන ආදේශක නළුවන් යොදානොගෙන ඔහු විසින්ම සිදුකරන බවටත් හෙතෙම ලෝක ප්‍රසිද්ධයි. වූෂු, කුන්ෆු සහ හප්කිදෝ යන සටන් ශෛලීන් වල ප්‍රවීණයකු වන ඔහු 1960 දශකයේ සිට මේ දක්වා සිනමාපට ගණන 150 කට අධික ප්‍රමාණයක රඟපාලා තිබෙනවා.

ජැකී චෑන්ගේ මුල් නම විදියට සඳහන් වෙන්නේ චෑන් කොංග්-සාන්ග් ලෙසයි. හොංකොංහි උපන් මෙම කුඩා ශරීරයකකින් හෙබි පුද්ගලයා ස්ටන්ට් මෑන් එසේත් නැතිනම් ආදේශක ක්‍රියාදාම නළුවෙක්ගෙ සිට ආසියාවේ හොඳම ක්‍රියාදාම-චිත්‍රපට තරුවක් සහ අධ්‍යක්ෂවරයෙක් බවට පත් කිරීමටත් හොංකොන්ග් කුංෆු චිත්‍රපට ඇමරිකානු සිනමාවට සමීප වීමට උත්ප්‍රේරකයක් වූයේ ඔහුගේ හුරුබුහුටි එහෙත් ශක්තිමත් සහ නම්‍යශිලි සිරුර නිසයි. 1990දී ජැකී චෑන් ඇමරිකානු චිත්‍රපට වෙළඳපොළට ඇතුල්වූ අතර 1995 දී ඔහුට MTV ජාලයෙන් Lifetime Achievement Award නම් සම්මානය පිරිනමනු ලැබුවා. ජැකී චෑන් ඇමරිකානු විකට නළුවෙකු වු ක්‍රිස් ටකර් සමඟ Rush Hour (1998) චිත්‍රපටයේ රඟපෑ අතර එය විශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර 2001 සහ 2007 වර්ෂ වල එහි තවත් චිත්‍රපට දෙකක් නිර්මාණය කලා.

ජැකී චෑන් හොලිවුඩ් ක්‍රමයට අකැමති පුද්ගලයෙකු වූවත් ඔහු Shanghai Noon (2000), The Tuxedo (2002), The Forbidden Kingdom (2008), The Spy Next Door (2010), The Karate Kid (2010) සහ The Foreigner (2017) යන හොලිවුඩ් චිත්‍රපට රැසක රඟපෑවා. එමෙන්ම ඔහු පරිගණක සජීවිකරණ චිත්‍රපටයක් වන Kung Fu Panda (2008) සහ එහි තවත් නිර්මාණ දෙකක් සඳහාද තම කටහඬ ලබා දී ඇත. 2016 දී ජැකී චෑන් ඇකඩමි සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මානයක් ලැබූ පළමු චීන නළුවා බවට පත් වූ අතර එය ඔහුගේ සුවිශේෂිත ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවට සලකන්න පුළුවන්. රංගනයට අමතරව 1998 දී ජැකී චෑන් පුණ්‍යායතනය ආරම්භ කළ අතර ඔහුගේ අනෙකුත් ව්‍යාපෘතින් අතර හොංකොං තරුණයින්ට ශිෂ්‍යත්ව පිරිනමන වැඩසටහනක් ද ආරම්භ අර ඇත. ඔහු UNICEF හි තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරන ඔහු ලොව වැඩිම මුදලක් අය කරන නළුවන් 10 දෙනා අතර සිටින ජැකීගේ වත්කම ඩොලර් මිලියන 350 ඉක්මවන බවත් පැවසෙනවා. තම ජීවිතය ගැන පවා නොසිතා සටන් කලා රංගනයට කැපවූ ජැකී චෑන් අද වනවිට හොංකොං සිනමාවෙ පමණක් නොව හොලිවුඩය තුලද අද්වීතීය තත්වයක් හිමිකර ගත් අයෙකු ලෙස හැඳින්විය හැක.

ඔබ WWE රසිකයෙකු නම් “ජෝන් ෆීලික්ස් ඇන්තනී සීනා” එසේත් නැත්තම් “ජෝන් සීනා” යන නාමය අසා ඇති බවට සැකයක් නෑ. මේ වන විට රෙස්ලින් ක්‍රීඩාවෙන් තරමක් ඈත්වී සිටියත් අදටත් ලොව පුරා බහුතර WWE රසිකයන්ගේ වීරයා ජෝන් සීනා බව නොරහසක්. 2000 වසරේ මුල් භාගයේදී අති ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩකයකු වු Dwayne Johnson එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න “ද රොක්” WWEහි “ෆේස් රෝල්” එක නොහොත් වීරයාගේ චරිතයෙන් සමුගෙන හොලිවුඩය වෙත ගිය පසු නැවත එම ෆේස් රෝල් එකට ආදේශ කිරීමට සහ ප්‍රේක්ෂකයන් සතුටු කිරීමට සමත් ක්‍රීඩකයෙක් සොයාගැනීමට WWE ආයතනය අපොහොසත් උනා. නමුත් එම කාලය අතරතුර ප්‍රදර්ශන තරගයකට සහභාගි වීමට පැමිණි ජෝන් සීනා නම් නවකයා තම පළමු තරගයෙන්ම ප්‍රේක්ෂකයා ඇදබැඳ ගැනීමට සමත්වූ බව තරග සංවිධායකයන්ගේ අවධානයට පාත්‍ර වුනා. පසුව ඔහුගේ රෙස්ලින් ක්‍රීඩා ක්‍රම සහ ඔහුටම ආවේණිකවූ ඇඳුම් පැලදුම් නිසා රොක්ගෙන් පසු WWEහි වීරයා චරිතය නිතරගයෙන්ම ඔහුට හිමි උනේ ලොව පුරා මිලියන ගණනක රසික ආදරයක්ද සමඟයි. ද රොක්ගේ අඩුපාඩුවත් සමඟ කඩාවැටීමකට ලක්වූ WWE ආයතනය 2000-2010 දශකය පුරා තම අණසකට නතු කරගත් සීනා ලෝක හෙවිවේට් ශූරතාව 16 වරක් දිනාගනිමින් ශූරතාව වැඩිම වරක් දිනාගත් සම-වාර්තාවට හිමිකම් කියනවා. 2000 වසරෙන් පසු WWE ආයතනය මූල්‍යම අර්බූදයෙන් ගලවා ගත්තේ සීනා බව සැවොම දන්නා කරුණකි. එයට කෘතගුණ සැලකීමක් වශයෙන් WWE ප්‍රධානී වින්ස් මික්මෑන් විසින් එක් තරගාවලියක් සඳහා ජෝන් සීනාට අති විශාල මුදලක් ගෙවා තිබෙනවා.

දක්ෂ රැප් ගායකයෙකුද වන ජෝන් සීනා තම තේමා ගීතයන් ඔහුම ගායනා කල අතර ඔහුගේ The Time Is Now ගීතය අදටත් ලොව පුරා අතිශය ජනප්‍රිය වේ. Dwayne Johnsonගේ අඩිපාරේ යමින් හොලිවුඩයට පිවිසෙන ජෝන් සිනා පලමු වතාවට රංගනයට පිවිසෙන්නේ The Marine (2006) චිත්‍රපටයෙනි. අද වන විට සාර්ථක සිනමා දිවියකට හිමිකම් කියන ජෝන් සීනා Bumblebee (2018), Ferdinand (2017), Blockers (2018) යන සිනමාපටවල මෙන්ම DC සිනමා විශ්වයේ පීස්මේකර් ලෙස යහපත් පරතිචාර ලබාගනිමින් සිටිනවා.

අඩු ආදායම්ලාභී කුඩා දරුවන්ගේ උග්‍ර රෝග තත්ත්වයන්ට සැත්කම් සිදුකරන Make-A-Wish පදනමේ ක්‍රියාකාරි ආධාරකරුවෙක් වන ජෝන් සීනා මේ වන විට සැත්කම් 650කට වඩා සිදුකිරීමට තම මූල්‍යමය දායකත්වය ලබාදී තිබෙනවා. එය තනි පුද්ගලයෙකු විසින් කුඩා දරුවන්ගේ සැත්කම් කිරීමට දායක වූ වැඩිම ප්‍රමාණය ලෙසත් වාර්තා වනවා. සුපිරි රෙස්ලින් ශූරයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක්, ගායකයෙක්, සහ මානව හිතවාදියෙකු වන ජෝන් සීනා රෙස්ලින් වළල්ලේ මෙන්ම සැබෑ ලෝකයේද වීරයෙකු වශයෙන් සැලකීමට පුළුවන්.

අපි මේ සලරුව ගැන විස්තර ටිකක් බැලුවොත් Hidden Strike චිත්‍රපටය 92%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 5.8ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Action / Adventure / Comedy යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Scott Waugh විසින්. ජැකී චෑන් සමඟ අනෙකුත් ප්‍රධාන චරිතය වන “ක්‍රිස් වෑන් හෝර්න්” රඟ දැක්වීමට මුලින්ම යෝජනා වෙලා තියෙන්නෙ හොලිවුඩයේ පතාක නළුවෙක් වන සිල්වෙස්ටර් ස්ටැලෝන්වයි. නමුත් ඔහුගේ දින පිළිබඳ ගැටළුවක් නිසා පසුව මේ චරිතය ජෝන් සීනාට ලැබිලා තියෙනවා. මේක සීනට ලැබුන එකටනම් මමත් ගොඩක් කැමතියි මොකද ඔහු මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා. මොවුන් දෙදෙනාට අමතරව ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ යුරෝන් ග්‍රේජෝයි ලෙස රංගනයෙන් දායක උන Pilou Asbæk ඕවන් පැඩොක් ලෙසත්, Amadeus Serafini හෙන්රි වැන් හොර්න් ලෙසත්, Gong Jun හයිමින්ග් ලෙසත්, Chunrui Ma මෙයි ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම ෆිල්ම් එක අන්තිමට තියෙන පොඩි පසු දර්ශනයක් සහ ජැකී චෑන්ගේ සෑම චිත්‍රපටයකම අවසානයේ පෙන්වන ගැග් රීල් එකත් උපසිරසි ගන්වලා තියෙනවා. ඒ නිසා ඒ දෙකත් බලන්න කියලා මතක් කරන්න ඕන. මට මේක උපසිරැසි ගන්වන්න අවසර දුන්න විමා සහෝටත් රවිදු සහෝටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

40,491 downloadsDownload Hidden.Strike.-2023.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

40,491 downloadsDownload Subtitles33 KB

22 comments

  1. Kavindu Nethmina

    Sub ekata Thanks bro..thawath me wage supiri film ekaka sub ekak denna ❤❤

  2. Anonymous

    Thanks jayawewa....!

  3. Arawinda Sunimal

    thanks you

  4. සියන්ත

    අම්මො වෙගය......❤️‍
    Baiscope web eke new update eka beautiful ...
    Y t s උදෙ දැක්ක විතරයි සබ් මෙහෙ....
    Thank brother ❤

  5. හේමන්ත

    ස්තුතියි යුරාන්...
    ජයවේවා...

  6. dinesh akalanka

    thanks sagooo

  7. Sujith

    ඕන් අපිත් බා ගත්තා.. බොහොම ස්තූතියි සබ් එකට...

  8. Bimsara Yashan(ඔලිව)

    ගැම්මක් තමා... බොහොම ස්තූතියි සබ් එක මෙච්චර ඉක්මනින් ගෙනාවාට. බලන්න ඕනෙ මේක වෙලාවක. ජයවේවා!

  9. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  10. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Jihan Sachintha

    Bro, Foundation S02 sub karanna puluwannam

    1. විමා

      අපි ඒකේ S01 එකටවත් සබ් දීල නැහැ සහෝ.

    2. Thisara Nuwan

      Thanks bro supiri flim ekak

  12. Hashan

    Thanx for the sub!!!

  13. Ashan

    Thanks for the sub guys.

  14. Anonymous

    thanks brother

  15. Anonymous

    Thank brother

  16. Malith samarawickrama

    Thanks brother sub ekata.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  19. Dewadithya

    Thanks for Sub!

  20. Anonymous

    gammak