Watch Trailer

HIT: The 2nd Case (2022) Sinhala Subtitles | එක සිරුරක්, මරණ තුනක්! [සිංහල උපසිරසි] 18+

KD නැත්නම් ක්‍රිෂ්ණදේව් වයිසෑග්(ආන්ද්‍රා) H.I.T. ඒකකයේ පොලිස් අධ්‍යක්ෂකවරයෙක්. තනතුර වගේම, මෙයා සුපිරි දක්ෂයෙක්. සමහර අවස්ථාවකදි කුඩා කාලයකින් අපරාධ පරීක්ෂණ විසඳමින් අපරාධකාරයින් සොයා ගත්තා. ඒත් මේ සැරේ KDට විසඳුමක් හිතාගන්න බැරි අපරාධයක් විසඳීමට මුහුණ දෙන්න වෙනවා. තරුණියකගේ අත්, කකුල්, හිස කපා ඇඟෙ…

KD නැත්නම් ක්‍රිෂ්ණදේව් වයිසෑග්(ආන්ද්‍රා) H.I.T. ඒකකයේ පොලිස් අධ්‍යක්ෂකවරයෙක්. තනතුර වගේම, මෙයා සුපිරි දක්ෂයෙක්. සමහර අවස්ථාවකදි කුඩා කාලයකින් අපරාධ පරීක්ෂණ විසඳමින් අපරාධකාරයින් සොයා ගත්තා. ඒත් මේ සැරේ KDට විසඳුමක් හිතාගන්න බැරි අපරාධයක් විසඳීමට මුහුණ දෙන්න වෙනවා. තරුණියකගේ අත්, කකුල්, හිස කපා ඇඟෙන් වෙන් කරලා දාලා තිබුණා. ඒ වගේම ඇඟිලි තුඩු කපාගෙන ගොස් තිබුණා. සාහසික විදියට සිද්ද කරලා තිබුණ මේ ඝාතනයේ සාක්ෂි විදියට හොයාගන්න ලැබුණේ සැපුම් ලකුණක් හා සපත්තු අඩි සලකුණක් විතරයි. සැපුම් සලකුණෙන් සාමාන්‍ය දත් ප්‍රමාණයට වඩා අමතර දතක් තියෙන පුද්ගලයෙක් මේ තරුණියගේ ගෙල සපා කෑ බවට අනුමාන කරා. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් දැනගන්න ලැබුණේ මේ සිරුරේ අත්, පා, හිස, කඳ ආදී කොටස් වෙනත් තරුණියන්ගේ බවයි. ශරීර කොටස් විශ්ලේෂණයෙන් මේ වන විටත් මේ දාම ඝාතකයා කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කර ඇති බව තහවුරු කර ගනු ලැබුවා. විමර්ශනය මඟින් ඔවුන් සොයන්නේ දාම ඝාතකයෙක් බවට පෙනීගියා. මේ නිසාවෙන් ජනතාව කැළඹීමට පත් වෙලා තිබුණා. ඒ වගේම තවත් තරුණියන් දෙදෙනෙක් ඝාතනය කරන බවට ඝාතකයා KDට තර්ජනය කර තිබුණා. KD, මිය ගිය තරුණිය ආශ්‍රය කල හැමෝගෙන්ම ප්‍රශ්න කරමින් හෝඩුවාවක් සොයමින් ගියා. ඒ තරුණියගේ ගමට ගොස් සෝදිසි කරද්දී කටේ අමතර දතක් තියෙන පුද්ගලයෙක් සොයාගන්නවා. කොහොම වුණත් KD විසින් මේ පුද්ගලයාව හසු කරගන්නවා. මේ පුද්ගලයා තරුණිය මිය ගිය දවසේ නගරයෙන් පිට සිටි බව කීවත්, නගරයෙන් පිට ගිය හේතුව පොලිසියට කීවේ නැහැ. පොලිසියට විතරයි නෙවෙයි, අධිකරණයට පවා කීවේ නැහැ. ඒ නිසා එම පුද්ගලයා මේ නඩුවේ වරදකරු ලෙසට තීන්දු වීමට නියමිතව තිබුණා. තරුණියගේ ඝාතනය මේ වෙද්දි ප්‍රාන්ත දෙකම ගිනි ගෙන තිබුණේ. පරීක්ෂණය එම පුද්ගලයාව වරදකරු කරමින් වසා දමන්න හැදුවත් KDට අනෙත් තරුණියන් කවුරුන්ද යන්න සොයාගැනීමට වෙහෙස වූවා. ඔය අතරේදී KDට යම් තැනැත්තෙක්ගෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයා අපරාධකාරයා නොවන බවට සාක්ෂි දක්වමින් ඊමේල් එකක් ලැබෙනවා. KD සාක්ෂි ලැහැස්ති කරගෙන නිර්දෝෂියාව වරදින් නිදහස් කරන්න ලැහැස්ති වුණා. ඒ වුණත් මේ වෙද්දි ජනතාවගේ කලබලකාරී තත්වය නිසා එම පුද්ගලයාව රහසේම මරා දැමීමට පොලිසිය සූදානම් වූවා. අහිංසකයෙක් නිරපරාදේ මැරෙන්න නියමිතයි. දාම ඝාතකයා තවමත් නිදැල්ලේ ද? ඝාතකයාගේ ඊලඟ ගොදුර කවුද?

Homicide Intervention Team කියන එක තමයි HIT විදියට කෙටි කරලා තියෙන්නෙ. සෛලේෂ් කොලානු තමන්ගේ මංගල සිනමා අධ්‍යක්ෂණය විදියට HIT (2020) නිර්මාණය කරනු ලැබුවා. පලමු චිත්‍රපටයට විශ්වාක් සෙන් රංගනයෙන් දායක වුණා. පලමු චිත්‍රපටය බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. ඒ වුණත් මේ චිත්‍රපටය බලන්න පලමු චිත්‍රපටිය බලන්න ඕනෑමයි කියලා අවශ්‍යතාවයක් නැහැ. පලමු චිත්‍රපටයේ යම් දර්ශන කීපයක් පමණක් මේ චිත්‍රපටයට ඇතුලත් කරලා තියෙනවා. ඒ කොටස් පලමු චිත්‍රපටය මේ චිත්‍රපටයට සම්බන්ධ කරගැනීමක් විදියට තමයි දක්වලා තියෙන්නෙ. පලමු චිත්‍රපටයේ වික්‍රම් එක්ක නිතර රණ්ඩු කරගන්න අභිලාෂ් කියන චරිතය මේ දෙවන චිත්‍රපටයට අරගෙන එනවා. චිත්‍රපටය ඉවර වෙද්දි දැක්වුණ ස්කෙට්ච් එකක රූපයක් මඟින් දෙවන පරීක්ෂණයට ඉඟියක් දීලා තියෙනවා.

මේ පලමු චිත්‍රපටය පසුගිය වසරේදී හින්දි බසින් ප්‍රතිනිර්මාණය කෙරුණා. හින්දි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරේ සෛලේෂ් විසින්මයි. කොහොම වුණත් ඒ චිත්‍රපටය නම් ආදායම් වශයෙන් අසාර්ථක වුණා. මේ H.I.T.  සිනමා විශ්වයේ තෙවන චිත්‍රපටයක් පැමිණීමට නියමිතයි. තෙවන පරීක්ෂණයේදී අපට බලාගන්න පුළුවන් වෙන්නෙ අපට පුරුදු සුපුරුදු අසල්වාසී කොලුවා නැත්නම් නැචුරල් ස්ටාර් නානිව. ඒ වගේම නානි පලමු පරීක්ෂණය, දෙවන පරීක්ෂණය යන චිත්‍රපට දෙකේම නිෂ්පාදකවරයෙක්. කොහොම වුණත් මේ HIT Verse එකේ තව චිත්‍රපටි කීයක් එනවද කියන්න නම් දන්නෙ නැහැ. ඉන්දියාව පැත්තෙ නම් දැන් Cinematic Universe කීපයක්ම බිහිවෙමින් තියෙනවනේ. රෝහිත් ෂෙට්ටිගේ කෝප් යුනිවර්ස් එක, ලෝකේෂ් කනගරාජ්ගේ ලෝකි යුනිවර්ස්, ප්‍රශාන්ත් නීල් යුනිවර්ස්, අශ්ට්‍රාවර්ස් (බ්‍රහ්මාස්ත්‍ර) කියලා සිනමා විශ්වයන් කීපයක් තියෙනවා. තෙළිඟු සිනමාවෙන් මේ HIT Verse එක වගේම තෙළිඟු චිත්‍රපටි අධ්‍යක්ෂක ප්‍රශාන්ත් වර්මා යුනිවර්ස් එක. ප්‍රශාන්ත් වර්මාගේ Superhero Cinematic Universe එකට Hanuman, Adhira කියන චිත්‍රපට අයත් වෙනවා. හනුමාන් චිත්‍රපටයේ ටීසරය නිකුත් වුණ වෙලාවෙදි පොඩි බජට් එකකින්, එයාලා නිර්මාණය කරපු ග්‍රැෆික්ස්, Vfx සහ නිමාව ගැන ප්‍රභාස්ගේ Adhipurush ටීසරය එක්ක සන්සන්දනය කරලා සමාජමාධ්‍යයේ විවේචනය කරන්න ගත්තා.

අදිවි ශෙෂ් ඉතාමත් දක්ෂ නළුවෙක් වගේම අධ්‍යක්ෂක වරයෙක් සහ රචකයෙක්. අධ්‍යක්ෂණයෙන් මෙයාට සාර්ථක ගමනක් යන්න පුළුවන් වුණේ නැහැ. කොහොම වුණත් සිනමාවට තිබුණ ආසාව නිසා අතහරින්නෙ නැතිව විවිධ චිත්‍රපටවල සුළු චරිත පවා කරලා තමන්ට හිමි තැන සලකුණු කරනවා. වැඩිය ඕනේ නැහැ, මේජර් සන්දීප්ගේ කතාව සිනමාවට නගන්න සිනමාවේ ගොඩක් අය වෑයම් කරත් මේජර් සන්දීප්ගේ ඥාතීන්ගෙන් අවසරය ලැබුණේ මේ අදිවිට. ඒ විදියට Major (2022) නිර්මාණය කරලා, ආදායම් වශයෙන් අති සාර්ථක චිත්‍රපටයක් බවට පත් කරන්න ඔහුට හැකි වුණා.

ඒ වගේම මේ චිත්‍රපටයට මීනාක්ෂි චෞද්‍රි[Khiladi (2022), Ichata Vahanamulu Niluparadu] රාඕ රමේෂ්, මගන්ටි ශ්‍රීනාත්, තනිකෙල්ලා භරණි, පෝසානි ක්‍රිෂ්ණා මුරලි, හර්ෂා වර්දන් යන අය රංගනයෙන් සහභාගි වෙලා තියෙනවා. මෙහිදී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාත් Cameo එකක් විදියට පෙනී සිටිනවා.

ඉතින් පසුගිය වසරේදී දෙවන වතාවටත් හිට් එකක් ගහන්න HIT එකෙන් අදිවිට හැකියාවක් ලැබෙනවා. ප්‍රතිචාර මිශ්‍ර වශයෙන් ලැබුණත් මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම විදියට ඉ.රු. කෝටි. 50 ඉක්මවා ආදායමක් ලබනවා. මෙය දෙසැම්බර් 30 වනදා මේ චිත්‍රපටය හින්දි බසින් ද හඬකවා තිරගත කෙරුණා. ඒ වගේම මීලඟට අදිවිගේ Godachari 2 චිත්‍රපටය පැමිණීමට නියමිතයි. Godachari (2018)  චිත්‍රපටිය නිකුත් වුණ පලමු සතියෙදිම ඉ.රු. කෝටි 25ක් උපයාගනු ලැබුවා. මේ චිත්‍රපටයටත් ඉතා ඉහල ප්‍රතිචාර, අගය කිරීම් හිමි වුණා. ඒ නිසා වැඩි වශයෙන් බලාපොරොත්තුවක් මේ ගැන තියාගෙන ඉන්නවා.

මේ HIT: The Second Case චිත්‍රපටයට ලැබුණු Imdb අගය කිරීම 7.6/10ක්. ඒ වගේම මේ චිත්‍රපටයට විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබුණා. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතෙන් අගය කිරීම ලෙස 2.5/5ක්. විචාරක අදහස් වලින් කියවෙනවා වගේ මේ චිත්‍රපටයෙන් පලමු චිත්‍රපටය තරම් අත්දැකීමක් ලැබෙන්නෙ නැහැ. අවසානය අනුමාන කරන්න බැරි වුණත් බොහෝමයක් චිත්‍රපටිවල දකින්න ලැබුණු අවස්ථා මේකට ඇතුලත් වෙනවා. කොහොම වුණත් මෙයින් අපරාධ විසඳුම් ගවේෂණයක් අත් විඳින්න පුළුවන්. මේ චිත්‍රපටයෙදිත් උත්තර ලැබුණෙ නැති ප්‍රශ්න ඉතුරු වෙන්න පුළුවන්. ඒවට උත්තර ඊලඟට එන චිත්‍රපටි බලලම තමයි දැනගන්න වෙන්නෙ.

HIT : The First Case චිත්‍රපටයට උපසිරැසි ලබා දුන්නේ අපේ තරිඳු රුක්ෂාන් සහ දසන් බුද්ධික යන සහෝදරයින් දෙන්නා. ඒ නිසා මේ චිත්‍රපටයට උපසිරැසිය ලබාදෙන්න ඉඩදීම ගැන තරිඳු සහෝදරයාට ස්තූති කරනවා. තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත සඳහා අදාළ වේ.

19,619 downloadsDownload HIT-02-2022.zip4.1 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

19,619 downloadsDownload Subtitles4.1 MB

59 comments

  1. Ravindu_Heshan

    බොහොම ස්තූති මල්ලි උපසිරැසියට

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  2. Prabodha20

    Thank u

  3. Anonymous

    පට්ටයි මචෝ
    බලන්නම හිටපු ෆිල්ම් එකක්
    හැබැයි බයිස්කෝප් සබ් එකකින් නම් බලන්න ලැබෙයි කියලා හිතුවේ නෑ , (ඔයාලා සබ් දෙනකොට පරක්කු නිසා), anyway සුපිරි ෆිලුමකින් සුපිරි සබකින් අවුරුද්ද පටන් ගන්න පුලුවන්
    ජය වේවා මචෝ

  4. Lakindu R

    හුටා!! අඩෝ බලාපොරොත්තු උනෙම නැහැ ඈ උඹලා දෙයි කියලා මේකට
    අඩෝ ආදරෙයි නවීන්
    ජයවේවා බං බොක්ක!

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    Thanks for sub

  7. Anonymous

    Link ekath denmanm tama watinne

    1. Naveen Mbr

      Baiscopedownload එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

  8. විමා

    සබට තුති බන්, අනිවා බලනවා!

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

    2. Anonymous

      ඇයි දැන් මකුලු දැල් වලින් කෝච්චි නවත්වන ඒවා, හදට පියාබලා ආපහු එන ඒවා බලන්නේ නැතෙයි ?

  9. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  10. Buddhika Lakmal (laKMal)

    ලිපියත් එක හුස්මට කියෙව්වා... හරිම වටිනවා ලිපිය.. වෙච්ච මහන්සියට තෑන්ක්ස් මචං...
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  11. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි නවින් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  12. Anonymous

    Patta

  13. viraj

    thanks

  14. Maduwa

    සුපිරි සහෝ
    බොහොම ස්තුතියි සබට
    පුලුවන් නම්,
    Kaari-2022 (tamil
    Kooman -2022 (malayalam
    Roy-2022 (malayalam
    Salaga -2022(kannada ......ෆිල්ම්වලටත් සබ් දෙන්න

  15. රෙඩ්ඩි

    දන්යවාද්

  16. Samith

    Thanks brother

  17. Anonymous

    Thanks for sub
    kaari tamil movie sub plz

  18. Malith samarawickrama

    Thanks bro sub ekata

  19. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  21. Naveen

    උපසිරසියට තුති

  22. Anonymous

    ඉක්මනින්ම සබ් දුන්නට තැන්ක්ස්

  23. නල්ලා

    Kaari-2022
    Yugi-2022
    Matti kusthi-2022 මේ තැමිල් ෆිල්ම් ටිකටත් සබ් දෙන්නකෝ යාලු කවුරුහරි

  24. Idunil Weerasinghe

    Thanks brother

  25. Wasitha Nishan

    ස්තුතියි සබ් එකට.

  26. Lasantharathnasirirox

    ස්තුතියී.. ස්තුතියී...ජයවේවා..

  27. Anonymous

    බයිස්කෝප් සබ්වල කොලිටිය දැනෙන්නේ වෙන ගොන් සයිට් එකක ගොන් සබ් එකකින් ෆිලුමක් බැලුවම තමයි...
    තාම කවුරුත් සබ් නොදීපු නිසා DSP ටැමිල් ෆිලුම අදාල සයිට් එකේ සබ් එකකින් බැලුවා, හොද වැඩිකමටම මුල් විනාඩි 10 බලලා වැඩේ නැවැත්තුවා...
    (ෆයිට් සීන් වල දෙබස් වලදීත් ඔයා මෙයා කියලා දාලා)
    පොරගේ නම තමයි "ශාන් සසංග (ශානා)"...
    .....................
    පරක්කු වුනත් ගුනාත්මකම සබ් ගේනවට ජය වේවා බයිස්කෝප් උපසිරසිකරුවන් සියල්ලටම !

    1. Anonymous#

      ඇයි උබ එහෙනම් ගොන් සයිට් අස්සෙ රිංගන්න ගියෙ ගොබ්බයා...සබ් එක ඉබේ උබ ගාවට ආවෙ නෑනෙ..උබලත් පඩි ටෝක් දිදී යන්නෙ ඒ සයිට් වලටමනෙ

    2. Naveen Mbr

      DSP ෆිල්ම් එක තනිකරම නාස්තියක්. ඒ නිසා අපි උපසිරැසි දුන්නෙ නැහැ. Reviews, Ratings පවා චෙක් කරලා බලන්න. ;-)

    3. Anonymous

      මෙන්න මූට රිදිලා
      උබ උන්ගේ ඇඩ්මින් ගොබ්බයෙක් නෙහ්
      රිංගුවේ බයිස්කෝප් වලින් සබ් තාම දුන්නෙ නැති නිසා බූරුවො
      රිංගපු නිසා තමයි දැනගත්තේ පට්ටම චාටර් සබ් දෙන සයිට් එකක් බව

    4. Anonymous

      උබ එක සබ් එකක් බලලද මුලු සයිට් එකම ගොන් කියන්නෙ....අමු ගවයා ඈ උබනන්... ඔච්චර පීචන් වහලෙක් වෙන්න එපා...චාටර්

    5. නල්ලා

      අම්මොහ් ගුනෙරු සිපයියෝ සැට් එකට සැරටම වැදිලා වගේ.....අපෙත් කටවල් අවුස්සගන්නේ නැතුව හිටපන් උබලයි ලබ්බේ සබ් වල කොලිටිය අපිත් දන්නෝ...1ක් 2ක් නෙවෙයි බොලයි සබ් කරන උන්ගෙන් 3/4 ක්ම ගොන් අපතයෝ ටිකක්,එක්කෝ ගූගල් ට්‍රාන්ස්ලේට්...අඩුතරමේ ඔය ලබ්බෙ සයිට් එකේ ඉන්න ගොබ්බයොන්ට කොන්ද පන නෑ , සබ් එක ගැන විවේචනයක් පෝස්ට් කරන්නවත්... dsp විතරක් නෙවෙයි මුන්ගේ බහුතරයක් සබ් අන්තිම සවුත්තුයි ......
      මටත් මුන්ගේ සබ් එකකින් ෆිලුමක් බලන්න ගිහින් ඔය වගේම මගදී නැවැත්තුවා , ඒකනම් පස්සේ බයිස්කෝප් සබෙන් බැලුවා.....
      ෆිලුම තමයි Yaanai-2022 , මුන්ගේ සබ් වල තරම දැනගන්න පුලුවන් ඔය ෆිලුම සයිට් 2 සබ් වලින් පොඩි වෙලාවක් බැලුවොත්.....
      ඒ නිසා රෙදි ගලවගන්නේ නැතුව කටපියන් පලයන් ගොබ්බ හැතිකරේ

    6. dk

      මටත් වුනා ඔය කියපු සීන් එකම ඔය සයිට් එකෙන් yaanai-2022 ෆිල්ම් එක බලලා...ඒකනම් පස්සේ බයිස්කෝප් සබ් දුන්නා...මෙයාලගේ සබ් වල පැටිකිරිය බලන්න පුලුවන් yaanai-2022 ෆිලුමේ සයිට් දෙකේ සබ් සන්සන්දනය කරොත්

    7. Naveen Mbr

      අපි Yaanai (2022) ට උපසිරැසි දීලා නැහැ.

    8. dk

      sorry sorry yaanai newei SINAM film eka..
      2kema arun vijay nisa pataluna..
      yaanai-2022 film eke sub ekath oya mahaththuru guu karala thibuna,masala type film walata thyena aasawatama eka nm kaagena bluwa....

    9. Sadu

      අමාරුවෙන් බලන්න එපා . අකමැතිනන් english sub දාගෙන බලහන්කො ඉවරනෙ. උඹලා කමෙන්ට් අස්සෙ වැලලෙන්නෙ හරියට උන් බලෙන් උඹලට සබ් එක පෙන්නුව වගේනෙ.

    10. Anonymous

      amaruwen baluwe na gono balala amaruwe watunu nisai kiwwe,anith unwath dnuwath karanna....
      ublta amarui neh ublai site ekta wachanayak kiyaddi ekneh eka eka widyata awith sudda karanne....
      mona nam walin awith monawa kiwwath guneru kynne guu godakma tmai,unge sub dena unuth ehemma tmai.....
      ara ublai site eke thundu kaali wage lipi dena storya gana kisi wistharayak karanne nathi UVINI geth sub pattama charter.....
      thwa keruwaawal ahgnne nthuwa hitpn

    11. Hima

      මේකෙනෙ ඕයි හොදම වහල්ලු සෙට් ර්ක ඉන්නෙ. බලන් යනකොට උන් මේකෙ ලැගගෙන ඉදියට අනික්වගෙන්මයි සබ් ගන්නෙ. මේ නල්ලා කියන එකා හරකෙක්. මේකෙන් දීලත් නැති සබ් එකක් ඌ බලලා. හෑලි ලියන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ඉදහන්

  28. dulan

    ස්තුතියි !

  29. Pramux

    සබ් එකට තැන්ක්ස්
    Hit 1 වෙනි එක තරම් නම් ගතියක් නෑ

  30. Anonymous

    Srt සබ් දෙන්නෙ නැද්ද.. ෆෝන් එකෙන් බලන්න බෑ idx format එක. Pc eken පේන්නෙ නෑ font එක ලොකුවට.

    1. Naveen Mbr

      නැහැ. ඉස්සරහට මෙහෙම තමයි. කණගාටුයි!

  31. Anonymous

    Laththi ටැමිල් ෆිලුම සබ් දෙන්නකෝ
    සුපිරියක් කියලා කියන්නේ

  32. Anonymous

    Kaari-2022 sub plz

  33. Anonymous

    Sub ekata thx.eth Aluth sub KM player eke bagyai watenne. eka hada ganne kohomada?

  34. udara kasun

    sub eka weda ne

  35. udara kasun

    sub eka weda ne KM player eke

  36. Anonymous

    Thai Massage 2022 sinhala subtitles??

  37. Hasunhuduhumpola

    Khomada downloaded karanne

    1. Anonymous

      Baiscopedownlord ekata yanna

  38. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  39. Anonymous

    SABBEKATA THANKS.OYA ATHULULU PAWLE SIYALU DENATA DEVI PIHITAI.

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Chinthaka Bandara

    Thank you for the subtitle.

  42. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති