ෆ්‍රෑන්ක් හේඩන් එයාගේ බිරිදයි, දුවයි,පුතයි, බෑණයි එක්ක නත්තල් නිවාඩුවට නැන්දම්මගේ ගෙදර යනවා. මේක හැම අවුරුදු විස්සකටම සැරයක් යන ගමනක්.. නමුත් මේ සැරේ ෆ්‍රෑන්ක් වෙනදා යන පාර වෙනුවට අලුත් පාරක් තෝරගන්නවා. එහෙම ටික දුරක් යද්දි පාර අයිනේ දරුවෙක් වඩාගෙන ඉන්න ගැණු කෙනෙක් දැකලා ෆ්‍රෑන්ක් එයාවත් වාහනේට දා…

ෆ්‍රෑන්ක් හේඩන් එයාගේ බිරිදයි, දුවයි,පුතයි, බෑණයි එක්ක නත්තල් නිවාඩුවට නැන්දම්මගේ ගෙදර යනවා. මේක හැම අවුරුදු විස්සකටම සැරයක් යන ගමනක්.. නමුත් මේ සැරේ ෆ්‍රෑන්ක් වෙනදා යන පාර වෙනුවට අලුත් පාරක් තෝරගන්නවා. එහෙම ටික දුරක් යද්දි පාර අයිනේ දරුවෙක් වඩාගෙන ඉන්න ගැණු කෙනෙක් දැකලා ෆ්‍රෑන්ක් එයාවත් වාහනේට දාගෙන යනවා.. ගෑණු කෙනාගේ තත්වෙ එච්චර හොද නැති නිසා ෆ්‍රෑන්ක් එයාගේ දුවව වාහනෙන් බස්සලා අනිත් අය එක්ක පාර අයිනෙ තියන කැබින් එකකට යනවා උදව් ඉල්ලගෙන. නමුත් ගිහින් එද්දි ෆ්‍රෑන්ක්ගේ බෑණා බ්‍රෑඩ් අර ගෑණු කෙනා එක්ක අතුරුදහන් වෙලා..පාරේ ඉන්න ෆ්‍රෑන්ක්ගේ දුව දකිනවා කලුපාට කාර් එකකින් බ්‍රෑඩ්ව දාගෙන යනවා. කට්ටියම අර කාර් එක පස්සෙන් ටික දුරක් යද්දි කපල කොටලා මරලා දාපු බ්‍රැඩ්ව හම්බවෙනවා..ඊට පස්සේ තමයි ඔක්කොම කරදර පටන් ගන්නේ..කොච්චර දුර ගියත් කෙලවරක් නැති පාරක කට්ටිය අතරමන් වෙනවා.ඔහොම ටික දුරක් යද්දි මාර්කොට් කියලා ගහපු බෝඩ් එකක් දැකලා ෆ්‍රෑන්ක් තීරණය කරනවා මාර්කොට් වලට යන්න. ඒ අතරේ ටයර් එකක හුලං ගියපු නිසා වාහනේ නතර කරනවා. ටයර් එකත් මාරු කරගෙන යන්න හදද්දිම ෆ්‍රෑන්ක්ගේ පුතා රිචඩ්ව අර කලු කාර් එකෙන් ඇවිත් දාගෙන යනවා.. කාර් එක පස්සෙන් ටික දුරක් යද්දි පිච්චිලා ගියපු රිචඩ්ගේ මල සිරුර හම්බ වෙනවා.මේ සිද්ධිය නිසා ෆ්‍රෑන්ක්ගේ බිරිද ලෝරා පිස්සු වැටෙනවා ඊට පස්සේ ෆ්‍රෑන්ක් කවදාවත් නොහිතපු සිද්දි ගොඩකට මුහුන දෙන්න වෙනවා..චිත්‍රපටය බලන්න එතකොට තේරේවි
2003 දෙසැම්බර් 12 එළියට ආපු මේ චිත්‍රපටය Jean Baptiste Andrea සහ Fabric Cannepa ගේ සම අධ්‍යක්ෂණයක්.නලු නිළියෝ ගැන කියනවා නම් Ray Wise, Alexandra Holden, Amber Smith, Mick Cain, Steve Valentine සහ Insidious චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් රගපාන Lin shaye මේකේ ප්‍රධාන චරිතයක් රගපානවා..
රේටින්ග්ස් පැත්තෙන් සැලකියයුතු මට්ටමක් චිත්‍රපටයට හිමිවෙලා තියනවා IMDB 6.7ක් සහ Rotten tomatoes 75% ක් වගේම ගූගල් පරිශීලකයන්ගෙන් 86% ක කැමැත්ත ප්‍රකාශ කිරීමක් තියනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරු දෙන්නට සම්මාන 7ක් සහ ලෝරගේ චරිතය රගපාන Lin shaye ට හොදම නිළිය විදියට සම්මාන 2ක් ලැබිලා තියනවා.. ඒ විතරක් නෙමෙයි සම්මානවලට නිර්දේශ වීම් 5ක් තියනවා… එහෙම උනාට මේ චිත්‍රපටයේ වියදම ඩොලර් ලක්ෂ 9යි.. චිත්‍රපටයේ DVD විකිනීමෙන් විතරක් ඩොලර් මිලියන 77ක් හොයලා තියනවා.. ඒ කියන්නේ මේක බලන්නම ඕන ෆිල්ම් එකක්. මේක බලලා පැය ගානක් හිතන්න දේවල් තියනවා. හැමදාම බලන විදියේ Horror ෆිල්ම් එකක් නෙමෙයි.. කම්මැලි නැතුව බලන්න පුලුවන් අමුතුම Horror ෆිල්ම් එකක්
මේක 18+ කිව්වට පොඩි පොඩි සිද්දි 2ක් 3ක් විතරයි තියෙන්නේ..එහෙනම් චිත්‍රපටය බලන්නකෝ. අඩු පාඩු ඇත්නම් සමාවෙන්න..
චිත්‍රපටියේ අවසානේ ගැන මුලදි, මැදදි තීරණය කරන්න එපා ඒක තේරුමක් නෑ ගිහින් එන්නම් !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/thilina-sandaruwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලින සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිලින සඳරුවන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
23 comments
Kantha_DLA
ජනිත් මාතුල ද සිල්වා
Thank you very much...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ranga11112
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!trok
tnx
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තිලින සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishanfernando
Thanx bro
Thishan Eranga
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Arrow T
Thank you
AsithaDilruwan
ela ela thanks saho
dammika_banbara
Compulsion 2016 Sinhala Sub eka labadenna puluwand
ruchiralakmal
Thanks for the sub
Pasindushan
ෆිල්ම් එක බැලුවා.අවසානය ගොඩක් වෙනස්.පෙනෙන දේ නෙමෙයි වෙන්නේ.ගොඩක් ස්තූති උපසිරසියට.බුදු සරනයි !
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Amalka Himeshan
Thanks machan sub ekata
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති twist ending movie ekak nam aniwa balanwa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!