ආයුබෝවන්ඩ කියලා පිලිගන්නවා යාළුවො හැමෝම. රංගස්තලම්… සිංහලෙන් කිව්වොත් “රඟමඩල/රංගභූමිය” වගේ තේරුමක් තමයි එන්නේ. මේ වසරේ ආපු සාර්ථකම තෙලුගු සිනමා නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. IMDB දර්ශකයේ 9.2ක අගයක් ගන්නට සමත් වුනු මේ චිත්‍රපටය මේ මොහොත වනවිට වැඩිම ආදායම් ලැබූ තෙලුගු චිත්‍රපට ලයිස්තුවේ අංක 04 වන ස්…

ආයුබෝවන්ඩ කියලා පිලිගන්නවා යාළුවො හැමෝම. රංගස්තලම්… සිංහලෙන් කිව්වොත් “රඟමඩල/රංගභූමිය” වගේ තේරුමක් තමයි එන්නේ. මේ වසරේ ආපු සාර්ථකම තෙලුගු සිනමා නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. IMDB දර්ශකයේ 9.2ක අගයක් ගන්නට සමත් වුනු මේ චිත්‍රපටය මේ මොහොත වනවිට වැඩිම ආදායම් ලැබූ තෙලුගු චිත්‍රපට ලයිස්තුවේ අංක 04 වන ස්ථානයේ වැජඹෙන්නට සමත් වෙලා තියෙනවා. හ්ම්ම්… දැන් ඉතින් තවත් බල බලා ඉන්න දෙයක් නෑ. අරගෙන බලන්න හිතෙනවා නේද?
ඉතින් තවත් බයිස්කෝප් එකක් ඔයාලා වෙත උස්සගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නේ. පෞද්ගලිකවම.. ගොඩක් ආසාවෙන් වගේම එනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මේ වසරේ නිකුත් උන සුපිරියක් කිව්වොත් නිවැරදියි. පහුගිය දවසක මේ චිත්‍රපටය සඳහා හොඳ පිටපතක් නිකුත් වෙද්දී නිකුත් වෙනකොටම දැනුම් දුන්නේ අපේ සිසිල මස්සිනා. ඉතින් එදා ඉඳන් පුළුවන් උපරිමයෙන් උත්සහ කරලා ඔන්න දෙයියනේ කියලා සබ් එක ඔයාල හමුවට අරගෙන ආවා. උපසිරසි ලයින් 2400ක් වගේ ප්‍රමාණයක් තිබුණු නිසා අරගෙන එන්න ටිකක් පරක්කු උනා. කෙසේවෙතත් කෝමහරි ඔන්න අරගෙන ආවා..ඔයත් තෙලුගු චිත්‍රපටි බලන කෙනෙකු නම් මේකත් ඔයාලගේ නරඹන්නට නියමිත තෙලුගු චිත්‍රපට ලයිස්තුවේ උඩින්ම තියෙන්න ඇති. සුකුමාර් ගැන දන්නවා ඇති නේද.? ඔයාලා බලලා ඇති නේද අල්ලු අර්ජුන්ගේ Arya (2004) / Arya 2 (2009) චිත්‍රපටි? ඒ වගේම 100% Love (2011) 1: Nenokkadine (2014) , Nannaku Prematho (2016) යන සිනමා නිර්මාණ කිහිපය එහෙමත් නරඹලා ඇති නේද? ඔන්න ඕව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මං අර කලින් කිව්ව සුකුමාර් නම් දක්ෂ අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් ඔහුගේ නවතම සිනමා නිර්මාණය තමයි මම මේ අද ඔයාලට අරගෙන ඇවිල්ල තියෙන රංගස්තලම් තෙලුගු චිතපටය. ඉතින් තෙලුගු සිනමාවේ අති දැවැන්ත වෙනසක් කරපු මේ සලරුව ලොවපුරා තිරගත වීම ආරම්භ කරන්නේ පහුගිය අප්‍රේල් 04 වෙනිදා ඉඳන්.මිනිත්තු 180 ක කාලයක් පුරා දිග හැරෙන මේ සිනමා නිර්මාණය ඉන්දියානු රුපියල් කෝටි 60ක වියදමිකින් නිෂ්පාදනය කරන ලද්දක්. නිකුත් වී පළමු සති අන්තයේම කෝටි 85.5 ක ආදායමක් උපයා ගැනීමට සමත් වුනු මේ චිත්‍රපටයේ මුළු ආදායම මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 203ලෙසින් සටහන් කිරලීමට සමත් වී තිබෙනවා. Devi Sri Prasad ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ කතාවද සුකුමාර් අතින් නිර්මාණය වුනු ලද්දක්. ඉතින් ඔයාලා අපි කවුරුත් දන්න මෙගාස්ටාර් පුත් රාම් චාරන් එක්ක සුරූපී සමන්තා ප්‍රධාන චරිත වලට තම රංගන දායකත්වය සපයද්දී ප්‍රකාශ් රාජ්, ජගපති බාබු, ආදී පිනිශෙට්ටි ගේ රංගනයන්ද චිත්‍රපටය සඳහා හොඳ අලංකරණයක් එක් කරනවා. තෙලුගු සිනමාවේ මෑත කාලයේ නිකුත් වූ හොඳම සිනමා ගීත ඇල්බමයද ඇතුලත් මේ චිත්‍රපටයේ ගීත සියල්ලම රචනා කරලා තියෙන්නේ ගීත රචක Chandrabose ගේ අතින් වීම සුවිශේෂී කරුණක්. .
කතාව ගැන කිව්වොත් මේක සම්පූර්ණයෙන්ම අසූව දශකයේ කතන්දරයක්. සාම්ප්‍රදායික දෙමල, තෙලුගු චිත්‍රපට වලට වඩා වෙනස් ස්වභාවයකින් යුතු කතාවකින් සමන්විත මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ චිට්ටිබාබු කියන ගැමි තරුණයා. ඔහු උපතින්ම බිහිරි කෙනෙක්. ඔහු වටා ගෙතුණු කතාවක් තමයි මේ චිත්‍රපටය පුරා දිව යන්නේ. ඔහු වාසය කරන්නේ රංගස්තලම් කියන ග්‍රාමයේ. මේ ගම ඉන්දියාවේ හැම ගම්මානයකටම වඩා වෙනස් ගම්මානයක්. දේශපාලන වශයෙන් කිසිම දියුණුවක් නොමැති, ග්‍රාමීය ප්‍රධානීන්ගේ කූඨ කොල්ලකෑම් නිසා පීඩා විඳින මිනිස්සු පිරිසක් වාසය කරන ස්වාභාවික වශයෙන් සුන්දරම ගමක තමයි මේ කියන චිට්ටිබාබු ඉන්නේ. ඉතින් මේක අමුතුම කතාවක්. ගොඩක් සංවේදී රංගනයක නිරත වෙන මේ බීරි කොළුවා, පැය තුනක් පුරාවට මිනිස්සු චිත්‍රපටයෙන් එලියට අහක නොබලන්නම තමන්ගේ චරිතයේ නිරත වෙනවා. ඉතින් ආරාධනා කරනවා ඔයාලටත් අරගෙනම බලන්න කියලා. අනිවාරෙන්ම ඩේටා ටික අපරාදයක් වෙන එකක් නෑ. මොකද සාම්ප්‍රදායික දෙමල තෙලුගු චිත්‍රපටි වලට වෛර කරන අයගේ එකම හේතුව වන්නේ ඒවායේ සටන් ජවනිකා. මේ චිත්‍රපටය ඒ වගේ දේවල් වලින් ගොඩක් අවම එකක්. ඒ නිසා එපා වෙන එකක් නෑ. අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.
ඉතින් යන්න කලින් අවසන් වශයෙන් ස්තුති කරන්න කැමතියි. පිටපත නිකුත් වුනු ගමන් දැනුම් දුන්නු සිසිල සහෝටත් සිනමාලොලි ඔබ සැම වෙනුවෙන් නිරන්තර කැපවීමෙන් සිටිනා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සහෝදර සහෝදරියන් සැවොමත්. ඇඩ්මින් මණ්ඩලයේ සහෝදර පිරිස ඇතළු අප ලබා දෙන උපසිරැසි බාගත කරගෙන යන ඔබසැමටත්. ඒ වගේම වචනයකින් හෝ අපව දිරිගන්වන පිරිස කිසිසේත් අමතක කරන්න බෑ. ඔවුනටත් ගොඩක් ස්තුතියි. ඉතින් හැකි අයුරින්, හැකි විලසින්, හැකි වෙලාවක නැවතත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජයෙන් ජය…!!!
😉😉😉

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Original HDRip/ True HDRip/ HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
33,135 downloadsDownload Rangasthalam-2018-2.zip248 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Tharaka-nuwan-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
146 comments
Jumanji
bml
mata original video ekak link eka dennako
sandun@
❤elama
praveen ranasinghe
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
demon
Thnkz bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
ජයKawi Jayasinghe
Tnx sahoooo
Ayesh Prashan
Kohoma sthuthi Karannada dannae.Niyamai
subodha
Thanks
chamithjanaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, තාරක...:)
♥░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░♥
♥░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░♥
♥░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░♥
♥░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░♥
♥░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░♥ ✔MAXR
thanks bro...
GayandS
thanks bro.......
spd
මේක එනකං බලාගන හිටියේ පිස්සෙක් වගේ බං.
දැනගන හිටිය උඹ තමයි මේකට සබ දෙන්නෙ කියල.
බොහොම ස්තුතියි මචන්Sdstyle
Thnx broo
Jawwan
Tnx
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ...
ශසිත් සඳරුවන්
අම්මෝහ් බං. මේක එනකල් බලාගෙන හිටියේ..
සුපිරි බ්ලොක්බස්ටරයක් තමයි ඉතින්. බලමුකෝ අරන්. තාරකගෙ සබක් නම් ඉතින් සුපිරියක් තමයි.
(රහස කියපන් ඈ :P ) එහෙනම් සබට තුති කිවුවා.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Gathsara Umesh
Bhooom sthuuthiy ayyeee....
Snake RaJ
ඉන්නෙ සමන්තා <3
තියෙන්නෙ තාරකගෙ සබ් එක <3
ඉතින් නොබල කොහොමද :)
උපසිරැසියට බොහෝම ස්තූතී අයියේ!
ජය වේවා..... <3 :)chamallakshan
supiri thankz machooo...
Mokshaya
Thanks bro...
thimalF
පට්ට මචන් සහෝ,
එනකම් ගොඩක් ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්
සුපිරියක් තමයි එකෙන්මsadun J
තාරක සහෝ පට්ටම ෆිලුමක් ගෙනත් තියෙන්නෙ උනු උනුවේ මේක එනකම් මාසයක් තිස්සෙ බලන් හිටියා
ගොඩක් ස්තූතියි
මහේශ්ගෙයි ,අල්ලුගෙයිත් අලුත් ෆිල්ම් දෙක ආපු ගමන් දෙන්න ඕනෙ ඔන්න :-*Shenin007
thankyou
Prabodha Madhusankha Hettiarachchi
Thank u sub ekata broo supiri film...
King_shan
Pattai....padman..hatestory 4 ,wage ewatath sub denna thank you
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාAvindu Umesh Gunasinghe
Thnks sub ekata bro!
sadun J
පට්ටම පට්ටයි සහෝ
සිංදු ටිකටත් උපසිරැසි දීලා තියෙනවා ලස්සනටKovidu
පට්ටයි, සබට ගොඩක් ස්තූතියි සහෝ
MAALnath
Thanks ...............good luck .........................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
gayan215
bohoma sthuthi saho...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Gandhaka Indrajith
Thanks for the subtitle
NALINUDARA
THANKZ
sampath n perera
උපසිරැසියට බොහෝම ස්තුතියි
dhanushka dhananjaya
මචන් සබ් ඵකට බොහොම පින් බලාගෙන හිටපු ෆිලුමක් පුලුවන් නම් මේකටත් දීපන්කො Agnyaathavaasi
sidhangana
niyamai machooo
flyingpenguin
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...
Chathukandy
Thank you brother...
Milinda Perera
ස්තූතියි මචෝ..
Upul Sampath
Ela ela,,,,padman ekath ikmanata dennako,,,,,thanks
thimalF
Thanks
rkasun
thanx
sachini734
thnkz sub ekt............ elm
Thilinac nadishan
Ammooo amaruwen reg une,.....thankzI all
shan840
thnx fr sub
Dilukshi
Aneee mta me subtitle eka download kra ganna bane....
thimalF
Ei bari
Pathum sanjula
Tnq for the sub .allu arjunge "Na peru surya..." ekatath sub ek dendako hoda copyk apuwama.All the best
DUBSTEPSKK
පට්ට බන් මන් ආසම නලුවෙක් ටෑන්ස් සබට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks bro