Watch Trailer

Dead Rising: Endgame (2016) with Sinhala Subtitles | මරණය හැම තැනකම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන ආවා මේක ගොඩක් දෙනා හොදින් දන්නා චිත්‍රපටයක් මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ පරිඝණක ක්‍රිඩාවක් ඇසුරෙන් .. මේ ගේම් එක ගොඩාක් අය ගහලා ඇතිනේ. ගේම් එක ගහාපු අයටනම් මේ චිත්‍රපටයෙ තියෙන සුපිරිබව අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නැහැ…

Dead Rising-Endgame (2016)

ඔන්න යාලුවනේ මම ඔයාලට තවත් පට්ටම සොම්බි චිත්‍රපටයක් අරගෙන ආවා මේක ගොඩක් දෙනා හොදින් දන්නා චිත්‍රපටයක් මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ පරිඝණක ක්‍රිඩාවක් ඇසුරෙන් .. මේ ගේම් එක ගොඩාක් අය ගහලා ඇතිනේ. ගේම් එක ගහාපු අයටනම් මේ චිත්‍රපටයෙ තියෙන සුපිරිබව අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මේ සොම්බි සිනමා පටය පුරාවටම සටන් වලින් පිරිලා තියෙන්නෙ. මම මේකට යන හැම තැනකම මරණය කියලා නම දැම්මෙත් ඒක නිසා තමයි .. මේ පට්ට බයිස්කොප් එක නිර්මාණය කරලා තියෙන්නෙ Pat Williams කියන අධ්‍යක්ෂවරයා විසින් මේකට IMDB දර්ශකයෙ හොද අගයකුත් හිමිවෙලා තිබෙනවා. ඒක IMDB දර්ශකයෙ සටහන් වෙන්නෙ  4.7 ක් ලෙස මගෙ අදහස නම් මේකට මීට වඩා අගයක් ලැබෙන්න ඕන.

එහෙනම් යාලුවනෙ අපි පොඩ්ඩක් සොම්බි දේශය පැත්තට ඔලුව දාලා බලමු. ඔලුව දාන්නත් බයයි මොකද මෙකේ ඉන්න සොම්බියො මාවත් කුදලගෙන යාවිද දන්නෙ නැහැනෙ. මෙකේ කථා නායකයා අපේ වීරයා වෙන්නෙ චේස් කාටර් ඔහු වාර්තාකාරයෙක්ඔහු ගොඩාක්  අද්භූත දේවල් පස්සෙ යන්න කැමති කෙනෙක්. ඔහු ගේ මේ වැඩ නිසා ඔහු ගේ කලින් සහායිකාව ජෝර්ඩන් බේලයර්ටත් අතුරුදන් වෙන්න සිද්ධ වෙනවා. මේ දේවල් එක්ක ඔහු දිගින් දිගටම රහාසිගත දේවල් පසු පස හබා යන්න පටන් ගන්නවා. ඒ අතර තුර දි තමයි චේස් ඇතුලු පිරිසට මිනිසුන් යොදාගෙන ඔවුන්ට නොයෙක් විදියෙ වද හිංසා කර කර ඔවුන් ඝාතනය කරමින් කරන පරික්ෂණ ගාරය දකින්න ලැබෙන්නෙ. 

ඒ වෙනකොටත් මුලු ලෝකයම සොම්බි වෛරසයකින් පිඩා විදිමින් ඉන්නෙ .. ඒ වෛරසයට ප්‍රතිකාරයක් පෙනිටෝරන්ස් කියන ආයතනයකින් ලොකයට හදුන්වා දිලා තියෙන්නෙ ඒ ප්‍රතිකාරය ක්‍රියාත්මක වෙන්නෙ පරිඝණක චිපපයක් මගින් ඒක සෑම කෙනෙකු ගේම ශරීරයට ඇතුල් කරලා තියෙන්නෙ. එහෙත් ඒක හමුදාව සහා පෙනිටෝරන්ස් කියන ව්‍යාපෘතියෙ කුමන්ත්‍රණයක් කියලා කවුරුත්ම දන්නෙ නැහැ. ඔවුන් සැලසුම් කරගෙන ඉන්නෙ මුලු මනුෂ්‍ය සංහතියම පෘථිවි තලයෙන් අතුගාලා දාන්න. මේ බයිස්කොප් එක පුරාවටම තියෙන්නෙ චේස් ඇතුලු පිරිස මිනිස් වර්ගයා බේර ගැනිම සදහා හමුදාව, පෙනිටෝරන්ස්, සොම්බින් එක්ක කරන සටන ඔයාලම මේක නරබලා හොයා ගන්නකෝ ජෝර්ඩන් ඇතුලු පිරිසට මේ සියළු බාධාක අබිබවා ගිහින් මිනිස් වර්ගයා බේර ගැනිමට පුලුවන් වේවිද කියලා. එහෙනම් යාලුවනෙ වෙනදා වගේම පොඩි අදහසකුත් දක්වලා යන්න අමතක කරන්න එපා. එහෙනම් යාලුවනෙ ඉක්මනින් මගේ 50 වෙනි උපසිරැසෙන් හමුවිමෙ බලාපොරොතුවෙන් මම සමුගන්නවා.

බයිස්කොප් එකට ජයෙන් ජය !!!

Daylight's End (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Dead.Rising.Endgame.2016.HDRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,991 downloadsDownload Dead-Rising-Endgame-2016.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

4,991 downloadsDownload Subtitles47 KB

24 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      ෴෴බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ෴෴

    2. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      Dead.Rising watch tower thama 1ka eka baluwa

  2. Hashan Bhanuka

    ela mchan patta

  3. Milinda Lakmal

    ela bro

  4. kavinda

    උපසිරසියට බොහොම ස්තූතියි .

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..........සොම්බි නම් ඉතින් අනිවාර්යයෙන් බලනවා...........

  8. supun

    ela kollo ,, issarahatat onaaaa

  9. Ruwan Udaya Shantha

    Thanx saho... sombi nam maga arinnema nehe....

  10. praneeth madu

    ela saho keep going

  11. Ashen

    ගොඩක් ස්තූති සබ් එකට, ජයවේවා!

  12. Sajith Anthony

    උපසිරිසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  13. Nuwan Adhikari

    thankz bro.. meka part 2 neda.? 1 weni 1n passe mekata kalin wena 1k awe nane.?

  14. Ashen

    මේ film එක Dead Rising Watchtower film එකේ දෙවනි එකද

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  16. Pushpa Kumara

    thanx machooo sub ekata

  17. Asitha

    elama thanks

  18. Udara Damith B\K

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    පලවෙනි එකත් බෙලුව මේකෙ

  19. Lakshan Maduranga

    gd luck

  20. sasanka

    plzz help me..sub eka wada k na ne bn km player ekin

  21. V3N

    Dead Rising: Endgame eke sinhala subtitles download krnna ba 506 error 1 enwa khmd download krnne

  22. Anonymous

    thnx