ජීවිතය කියන්නේ වාසනාව, ඉරණම හා දෛවය කියනමේ හැමදේමකම එකතුවක්. නමුත් ගොඩදෙනෙක් කියන්න පුලුවන් ජීවිතය කියන්නේ දෛවයටම වෙන්වූ දෙයක් කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ජීවිතය කියන්නේ තනිකරම තෝරාගැනීම් වලින් පිරුණු දෙයක්. හිතන්න අද ඔයා මොකක්ම හරි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ඒතැන ඉන්නේ ඔයා කරපු ඒ විකල්පය…
ජීවිතය කියන්නේ වාසනාව, ඉරණම හා දෛවය කියනමේ හැමදේමකම එකතුවක්. නමුත් ගොඩදෙනෙක් කියන්න පුලුවන් ජීවිතය කියන්නේ දෛවයටම වෙන්වූ දෙයක් කියලා. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ජීවිතය කියන්නේ තනිකරම තෝරාගැනීම් වලින් පිරුණු දෙයක්. හිතන්න අද ඔයා මොකක්ම හරි තැනක ඉන්නවා වෙන්න පුළුවන්. ඒතැන ඉන්නේ ඔයා කරපු ඒ විකල්පයන් අතරින් තෝරාගැනීමක් නිසා. එහෙම නොකලා නම් අද ඔයා එතන නොහිටන්න තිබුණා/ එතකොට ආදරය? ආදරය කියන්නේ මොන දේ කැප කරන්න වුණත්, ඒ කෙනා එනකන් මගබලා ඉන්න එක. ඔයාගේ මුළු ජීවිතය පුරාවටම කෙනෙක්ගේ මතකයන්, මතකේ තියාගෙන ඉන්න එක.
අම්රිට්සර්වල කල්සා කොලේජ් එකෙන් නත්තල වෙනුවෙන් කදවුරු බදින්න යනවා. ඒත් එකම එක අහිංසක,කටකාර, සැර කෙල්ලෙක් උදේ පාන්දරම හොට්සල්ෆර් කියන වැවේ පීනන්න යනවා. නත්තල් සාමය වෙනුවෙන් කිව්වම දන්නවනේ. හරිම සීතලයි වගේම තමයි මෙහෙට හිම වැටෙනවත් එක්ක. මේ වැවට ටිකක් එහා පැත්තට වෙන්න හමුදා කදවුරකුත් තියෙනවා. එහෙම කිව්වම දැන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. සීමිත ප්‍රදේශයක් කියලා. මේක ගැන හමුදා මුලස්ථානයෙන් දැනගත්තට එයාලා දන්නේ නැහැ මේ නිකන් සිවිල් වැසියෙක්ද නැත්තම් හතුරෙක්ද කියලා. මේ කෙනාව එක්ක එන්න කියලා කොහොමහරි ජහාන් බක්ෂි කියන කැප්ටන් යනවා. අහ්හ් අර කෙල්ලගේ නම කියන්න අමතක වුණානේ. එයා තමයි සුහානි කපූර්. මෙයාව මුලස්ථානයට එක්ක ඇවිල්ලා ප්‍රශ්ණ කරන්න ගන්නවා සැක නැති කරගන්න. මේ කෙල්ලත් ඉතින් රටේ නැති බොරු කියලා ගැලවෙන්න හදනවා. ඒත් ඉතින් කැප්ටන්ගෙන් නම් ගැලවෙන්න ලේසි නෑ. මෙයා ගැන විස්තර හොයාගත්තට යන්න නම් දෙන්නේ නැහැ සමීක්ෂණ කටයුතු ඉවර නැති නිසා.එදා හවස තියෙන නත්තල් පාටියටත් ආරාධනා ලැබිලා ඒකට යන්නත් වෙනවා. හැබැයි මේ කැප්ටන් නම් එයාව ගණන් ගන්නෙම නෑ දාන ලොකු ලයින් නිසා. කොහොමෙන් කොහොම හරි සුහානි පහුවදා ආපහු එයාගේ ගෙදර, එහෙමත් නැත්තම් පන්ජාබ් යනවා. මෙයා ගෙදර ගියාට ජහාන් ගැන ආදරයක් ඇතිවෙලා. දවසින් දවස ඒක වැඩිවෙන්න අතරේ දවසක් කැප්ටන් අම්රිට්සර් වළට යනවා රාජකාරී වැඩකට. මේ අතරේ ආයෙමත් සැරයක් මේ සුහානි ට්‍රැෆික් එක වැඩි නිසා හමුදා මුලස්ථානයක් හරහා කෙටි පාරකින් යන්න ගිහින් ඇහුවෙලා ඉන්නේ. මෙතනින් තමයි මේ දෙන්නගේ හමුවීම එන්න එන්නම වැඩි වෙන්නේ. ඊළගට එයාගේ යාලුවා ප්‍රීට්ගේ උපන්දින සාදයට එනවා. මේදෙන්නා දැන හදුනාගෙන පස්සේ මේක නවත්තගන්නම බැරි ආදරයක් බවට පත්වෙනවා. නමුත් සුහානිගේ පවුලේ අයගේ මැදිහත්වීම නිසා මේ සම්බන්ධය බිදිලා යනවා. වැඩිය කියන්න යන්නේ නැහැ. මොකද මේක ටිකක් දිග කතාවක් නිසා.
හැමදාමත් වගේ මම එක්කෝ ඉංග්‍රීසි චිත්‍රපටියකට හරි කතාමාලාවකට හරි තමයි උපසිරැසි කලේ. නමුත් ටික කාලයක ඉදන් මං ඉංග්‍රීසි චිත්‍රපට වලටත් වඩා හින්දි චිත්‍රපට වළට ඇබ්බැහි වීගෙන එනවා. හොද එකක් නම් අනිවාර්යෙන්ම බලනවා.ඒ නිසාම මට හිතුනා හන්දි චිත්‍රපටියකට උපසිරැසි ගන්වන්න. මිට කලින් ආරාධනා ලැබිලා තිබුනට මං බාරගත්තේ නැහැ. නමුත් මං චිත්‍රපටියක් ගැන පූසාට කියලා, ඊට පහුවෙනිදම හුග කාලයකට පස්සේ ඩොක් අයියා මැසේජ් එකක් දාලා තිබුණා. “සුපිරි ෆිලුමක් තියෙනවා කරමුද කියලා” පස්සේ මේක ඉල්ලුවම හසා අයියා තමයි බාරදුන්නේ. හැමෝටම ස්තුතියි. මේ චිත්‍රපටියේ ඩීවීඩි පිටපත ඇවිල්ලා තිබුනෙත් අගහරුවාදාමයි. බදාදා උදේම අරගෙන තියාගත්තා. ඊයේ රෑම දෙන්න පුලුවන් කමක් තිබුණා සිංදු වළට උපසිරැසි නොකලා නම්. ඒත් ඉතින් කියන්නේ ඕනේ නැහැනේ සිංදු වළට උපසිරැසි නෑ කියන්නේ හරියට ලුණු නැති පරිප්පුවක් වගේ. ඒත් ඔන්න පහුවදා හවස ඉඩ ලැබුණා මේක අහවරක් කරන්න. මේක මගේ පළවෙනි හින්දි චිත්‍රපටය සදහා කරපු උපසිරැසි ගැන්වීම නිසා ගොඩක් රහට නැතුව ඇති. හැබැයි මගේ උපරිමය කලා.
Junooniyat කියන මේ චිත්‍රපටය නිකුත් වුණේ 2016 ජුනි 24 වෙනිදා. Vivek Agnihotri අතින් අධ්‍යක්ෂණය කරන ලද්දක් වගේම T SERIES සාඩම්බර ඉදිරිපත් කිරීමක්. කැටගරිය ගැන කියන්නේ ඕනේ නැහැනේ උඩ ඉදන් පහළට පැණි බෙරෙද්දී :p IMDb දර්ශකයේ අගය 4.5/10 වගේ සුළු අගයක් තමයි අරගෙන තියෙන්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා දෝදු මගුලක් නම් නෙවෙයි. අවංකවම ලස්සන කතාවක් වගේම සුපිරි සිංදු හතකින් සමන්විත වෙනවා. ඒවගේම තමයි මේ චිත්‍රපටිය පැය දෙකකුත් විනාඩි තුනක් පුරාවට ධාවන කාලය සටන් වූවා.
එකිමෙකි නොකී සියළු දෙනාටම ආරාධනා කරනවා මේක නරඹන්න කියලා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. මිලග උපසිරැසියෙන් හමුවෙමු. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Junooniyat (2016) 1CD DvDRip XviD MP3 ESub M2Tv
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
12,352 downloadsDownload Junooniyat-2016.Baiscopelk.com_.rar48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
27 comments
රවිඳු රුක්ෂාන්
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Vishma Vikasith Kelekorale
thanxxx bro
Vishma Vikasith Kelekorale
thanxxx for the film.............. Raaz Reboot film eke aluth sindu awilla.... lo maan liya sinduwa supiri.... puluwannm e sindu tikata sub daaaanta
praneeth madu
ela saho keep going
Ashen
ගොඩක් ස්තූති සබ් එකට, ජයවේවා!
devinda
ty mcn.big help.
Purni
උඹේ ආලය මගේ පුටුවයි....?
මං හරිම ආසාවෙන් බලපු චිත්‍රපටියකට තමා ඔයා සබ් දුන්නේ චාමර.
අද ආදරේ තවත් වැඩි උනා?kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......RANA D
ගොඩක් ස්තූති සබ් එකට
D.Chamara
bohoma sthuthi sahoo
Kulanjana Maduranga
niayamai…lassana filumak ne.thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru
thankx sub ekata mcn. youtube 1e songs dakka dawse idla balan hitya FILM 1k. Thankzzzzzzzzzzz
buddhika
supiri wedak bro..supirima wedak..denakam hitpu movie ekak.........thanx..
buddhika
niyamai bro..niyamaine................
Tharaka Nuwan Dilhara
උඹ හින්දි ඒවත් දෙන්න ගත්තද? ඒවට ඇබ්බැහි වීගෙනත් එනවද?
අඩෝ පව් බං හින්දි ෆිල්ම් සබ් කරන්න බලන් ඉන්න එවුන්
ඔවුන් වෙනුවෙන් විනාඩියයි තත්පර හැට එකයි තුන් කාලක නිහඩතාවයක්...!!!Shnaka
elaamaaaaa broooooooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dhanushka
Thank you...!!
Nirosha
Thanks bro..
Nirosha
Tkz bro..
ඉසුරු සම්පත්
ගොඩාක් ස්තූතියි sub එකට....
Dulitha_Chiran
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා. ~~~ @Dulla
aks
Thanks...
Liyanage shanaka
Ane bn mewa ganna bane
MAALnath
Thanks ........................good luck ................
Ruusha
බොහොම ස්තුතියි... උපසිරැසි ලබාදුන්නාට....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Junooniyat (2016) with Sinhala Subtitle | ඔබේ ආලය මගේ සිහසුනයි [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Junooniyat-2016-e1472370879741.jpg)

Thx For The Sub Bro