ටික දවසකින් චිත්‍රපටියක් අරගෙන ආවේ නැති එකේ මේ සුදානම තවත් වෙනස් විදිහක කතාවක් ඔබ වෙත ගෙන එන්න. හැබැයි මේක එක සිනමා පටයක් වුනත් මේක සිනමා පට තුනක් එකතුවක්, කතාවක් තවක් එකක් හා සම්පුර්ණයෙන් සම්බන්ධ නැහැ නමුත් මේක එක මාතෘකාවක් එහෙම නැති නම් විෂය පථයක් මුලික කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කවදා හරි…

ටික දවසකින් චිත්‍රපටියක් අරගෙන ආවේ නැති එකේ මේ සුදානම තවත් වෙනස් විදිහක කතාවක් ඔබ වෙත ගෙන එන්න. හැබැයි මේක එක සිනමා පටයක් වුනත් මේක සිනමා පට තුනක් එකතුවක්, කතාවක් තවක් එකක් හා සම්පුර්ණයෙන් සම්බන්ධ නැහැ නමුත් මේක එක මාතෘකාවක් එහෙම නැති නම් විෂය පථයක් මුලික කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කවදා හරි දැකලා තියනවාද ප්‍රංශ කොඩිය, එකේ තියනවා වර්ණ තුනක් පිළිවෙලින් නිල, සුදු හා රතු ලෙස තමයි මේ තුන තියෙන්නේ.
ප්‍රංශ විප්ලවයත් එකක් ඔවුන්ගේ පරමාදේශයන් තුනක් නිර්මාණය වෙනවා ස්වාධිනත්වය, සමානාත්මතාවය හා සහෝදරත්වය තමයි මේ ත්‍රිත්වය මේ සිනමා පට නම් වෙන්නේ ඒ පරමාදර්ශයන් නමින් ඒ වගේමයි කතා තේමාව ගලාගෙන යන්නේ එක චිත්‍රපටයක් එක පරමාර්ථයක් හා එක වර්ණයක් මුලික කරගෙන. මේ තමයි මෙම සිනමා පට ත්‍රිත්වයේ ආරම්භක සිනමා පටය මේක නිල පැහැය තමයි මුලික කරගන්නේ ඒ වගේම උඩ මාතෘකාවේ තියනවා වගේ මේකේ මුලය වෙන්නේ ස්වාධිනත්වය.
1993 සැප්තැම්බර් 8 වැනිදා ප්‍රංශයේ දී එළිදැක්වෙන මෙම සිනමා නිර්මාණය සුප්‍රසිද්ධ පෝලන්ත සිනමා කරුවෙක්වෙන Krzysztof Kieslowskiගේ නිර්මාණයක් කතාවත් ඔහු විසින්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාව නම් තනිකරම ප්‍රංශ භාෂාවෙන් තමයි ගලාගෙන යන්නේ. ප්‍රධාන නිළිය වෙන්නේ Juliette Binoche මෙයාව නම් නොදැන ඉන්න හැටියක් නැහැ නෙව මෙයා තමයි The English Patient (1996) සිනමා පටය වෙනුවෙන් 1994 වසරේ හොඳම සහය නිලියට හිමි ඔස්කා සම්මානය ඩිනා ගත්තේ. ඊට අමතරව Zbigniew Zamachowski හා Julie Delpy එහෙමත් මේකේ ඉන්නවා.
කතාව මෙහෙමයි ජුලී කතාවේ ආරම්භය එකක්ම තමුන්ගේ ජීවිතය උඩු යටුකුරු වෙන සිදුවීමකට මුහුණ දෙන කාන්තාවක්. ඒ සිද්ධිය කෙටියෙන් කියනවා නම් රිය අනතුරක් හේතුවෙන් මෙයාට තමුන්ගේ සැමියා වගේම පස්හැවරිදි දියණියත් අහිමි වෙනවා. රෝහල් ගත වෙලා උන්න මෙයා දිවිනසා ගන්න පවා උත්සාහ කරනවා. මෙයාගේ සැමියා ලෝක ප්‍රකට සංගීත සම්පාධකයෙක් ඉතින් මෙයා තීරණය කරනවා තමුගේ වත් පොහොසත්කම්, මිතුරු මිතුරියන් හැමදෙක්මටම සමු දීලා නව ජිවිතයක් ආරම්භ කරන්න. බැදීම් නැති ලෝකෙක ජිවත් වෙන්න, ඉතින් ඒ අරමුණු ඉටු වෙයි ද ? මේ අලුත් ලෝකයේ ඇය හා මිනිසුන් ඇති කරගන්නා සම්බන්ධතා කොහොම ඒවා ද? මේ කියන ප්‍රශ්න ඔබට ඇය සමහ විසදාගන්න සිද්ධ වෙනවා, විහිළුවට නෙමෙයි ඇත්තටම ඒ කතාව නම් කිව්වේ. මොකද මේක සාමාන්‍ය ක්‍රියාදාම චිත්‍රපටියක් වගේ නෙමෙයි සෑහෙන හිතන්න දෙයක් ඉතුරු කරන කතාවක්. බැදීම් නැති ලෝකයක් තුල මිනිසෙකුට ජිවත් වෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නය බොහොම ප්‍රබල විදිහට මේක ඔබෙන් අහයි අවසන් වෙනකොට බලන්නකෝ.
ඒ වගේම කියනන් ඕනේ මේකේ ආලෝක කරණය හා සංගීතය ගැන වැඩි වශයෙන් යොදාගෙන තියනවා නිල් පැහැය ඒක මගේ මතය අනුව නම් ඇයගේ ජිවිතයේ දුක්ක දායක කම හා පාළුව ඔලුප්පා පෙන්නුම් කිරීමක්, නමුත් ඔබේ මතයට එන්න ඔබට බාරයි මේක බලනකොට. ඒ වගේමයි මේක එක්වරම තිරය කළු පැහැ කිරීම් දකින්න ලැබෙනවා ඒ ඇයට හැගීමක් ඇති වෙන ස්ථානයන්වල අපිට තත්පරයක් හිතන්න කාලය ලබා දීමක්. බොහොම අමුතුයි බලන්නකෝ…. ඒ වගේමයි සංගීතය ගීත වෙනුවට සිනමා පටය පුරාම බොහොම ප්‍රබල සංගීතයක් දැකගන්න පුළුවනි. සංගීතය ජුලී තනිවෙන්න දරන වෑයම හුවා දක්වනවා, නමුත් ඒ එක්කම පෙන්වා දෙනවා සංගීතය නිර්මාණය වී තියෙන්නේ එක ස්වරයකින් නොවන විත්තිය… ඒ තුලින් සතිකම විසදුමක් නොවෙන ආකාරය පෙන්වා දෙන්න අමුතු වෑයමක් දරලා තියනවා.ඒ වගේමයි විවිධ චරිත තිරයේ හමුවෙන විට අහන්න ලැබෙන සංගීතය ඔවුන්ටම විශේෂයි…
IMDB මීටරයේ 8.0 ක් වගේ ඉහල අගයක් ලබාගත්ත, ටොරන් ටෝමටෝ අඩවියේ 100% නැවුම් යැයි විචාරක පැසසුමට ලක්වුණා මේ අපූරු සිනමා පටය එහෙනම් භාරයි ඔබට මිනිත්තු 94 ක් තුල රස විදින්නට. නැතව උපසිරක් එකක් හමුවෙමු…
පා.ලි.
ලබාදී ඇති ටොරන්ට් පිටපතේ මෙම චිත්‍රපට මාලාවේ චිත්‍රපට ත්‍රිත්වයම ඇතුලත්ව ඇත. ඔබ කැමති නම් එක චිත්‍රපටයක් බැගින් වෙන් කරගෙන බාගත කරගත හැක. කෙසේ නමුත් මම මේ සිනමාපට ත්‍රිත්වය වෙනුවෙන්ම උපසිරැස ලබා දීමට බලාපොරොත්තු වෙමි.
620 MB (BR) කොපිය මෙතනින් බාගන්න
21F88BE6238638E15DB8BA5A2B0382551419076F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,362 downloadsDownload Trois-couleurs-Bleu-1993.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
24 comments
Soori
Soori
සමීර සහෝ.... කිව්වට තරහ ගන්න එපා. ලිපි පොස්ට් කරන්න කලින් එක සැරයක් කියවලා අකුරු ටික පොඩ්ඩක් බැලුවනම් හොඳා නේද...!
විමා
ලිපියේ අක්ෂර වින්‍යාසයහි වරදක් නොමැති අතර මේ වනවිට ගුගල් ක්‍රෝම්හි ඇතිව තිබෙන ධෝස්හක් නිසාවෙන් ප්‍ර, ත්‍ර වැනි අකුරු නිවැරදි ආකාරයට දිස්වන්නේ නෑ, මේ කමෙන්ට් එකේ උනත් ඒ වචන ඒ ව්දියට පෙන්වනවා ඇති, ස්තුතියි සහෝ අදහස් දැක්වීම වෙනුවෙන්, ජය :D
mithun
නියමයි අයියෙ .. ඔයාගෙ වචනෙට ඔක්කම ටික බනව ඔන්න අද රෑට..
ගෙනාවොත් ගෙන්නෙ පට්ටම ෆිල්ම් තම ඔය.
මෙ චිත්‍රපටට මෙච්චර රෙටින් එකත් තියෙන එකෙ ඔක්කම චිත්‍රපට ටික උපසිරැසි ගන්වන්න කියල ඉල්ලනව. කලින් බලල නෑ නොවෑ.
බොහොමත්ම ස්තුතියි සමිර අයියෙ ..
ඔයා ගෙන චිත්‍රපට එකක් නෑර බලන රසිකයෙක් කිවුවොත් නිවැරදි .... මොකද සුපිරිම , හරයක්,තෙරුමක් තියෙන චිත්‍රපට තම ඔබ ගෙන්න .
මම අන්තිමට බැලුව ඔබ ගෙනාපු (the Boy .2015) චිත්‍රපට .
උපසිරැසිත් නියමයි දිගටම දෙමු සුපිරිම බයිස්කෝප්
මෙ කරන සෙවෙට බොහොමත්ම තුති බ්‍රො.විමා
බොහොම ස්තුතියි වැල සමියා සබට
mithun
#විම, විම කියල බයිස්කෝප් සයිඩ් එක වටෙම ඔහෙගෙ නම මට අහන්න ලැබුන . ඇත්තටම ඔහෙ කවුද ..? ඇඩමින්ලට චිත්‍රපට බෙදල දෙන්නෙ ඔබද...
mithun
බොහොම ගෞරවයෙන් දන්නෙ නැති හින්ද.. අදුනග්ගන්න ඇහුවෙ සහො ඔන්න
mithun
බොහොම ගෞරවයෙන් දන්නෙ නැති හින්ද,අදුනගන්න ඇහුවෙ සහො ඔන්න.. (විමා) මම සයිඩ් එක පුරාවට අහල තියෙනව ලිපි අස්සෙ..
මොකද මටත් ඉල්ලිමක් තියෙනව කරන්න චිත්‍රපටයක් ගැන..
ඔයාල දෙන චිත්‍රපට උපසිරැසි එක්කම බාගෙන කොමෙන්ටුවක් දාන්න අමතක කරන්නෙමෙ නෑ මම..
සයිඩ් එකෙ මෙච්චර ඇඩමින්ල ඉන්න එකෙ මෙ චිත්‍රපටයටත් උපසිරැසියක් දෙන්න පුලුවන් නම් බොහොම තුති ..
(Lila and eve ..) 2015
Imdb 5.8
පට්ටම ස්ටොරි එකක් තියෙන්නෙ.
සමිර අයියට හරි අවදානය මෙකට යයිද දන්නෙ නෑ ඔයාල කවුරු හරි මෙකට සබ් දෙනව නම් ගොඩක් අගෙ කරනව.
රොයිලි
බොහොම ස්තූතියි සමිර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
කිසලව්ස්කි කියන්නෙ ලෝක පූජිත සිනමාකරුවෙක්. මේ සිනමාපට ත්‍රිත්වයත් ඒ වගේමයි. ඉතිරි දෙකත් ඉක්මනට ම දෙන්න. මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සමීර......
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
සාරංග ලියනගම
කිසලොව්ස්කිගේ නිර්මාණයක් මම හිතෙන්නේ පළමු වතාවටයි සිංහලෙන් බයිස්කෝප් රසිකයන් අතරට යන්නේ. ගොඩක් ස්තූතියි මේ වගේ විශිෂ්ඨ නිර්මාණ සිංහලයට පරිවර්තනය කරන එක. ඉතිරි කොටස් දෙකටත් සබ දෙන්න. ඒ වගේම කිසලොව්ස්කිගේ The Decalogue කියන TV සීරිස් එකටත් සබ දෙන්න පුලුවන්නම්. විශිෂ්ඨ නිර්මාණයක්... :)
නලින් පෙරේරා
සිංහල උපසිරැසියට ස්තූතියි කරුණේ සහෝදරයා. ජය වේවා෴
indika
ස්තුතියි .. :)
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!wiki
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
buddhi
Thanks
wiki
obata bohoma stuthyi
ricadodamien
Thank U Sameera Brother & Baiscope team for the sub.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
sasanka
thanks.for the sub
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තවත් විශිෂ්ඨ නිර්මාණයක් අප වෙත සිංහලෙන් ලබා දුන්නාට සමීර සහෝට මාගේ හද පිරි ස්තුතිය..!
ත්‍රිත්වයම බාගත්තා උප සිරැසි ලබා දේවි යැයි සිතමින්...