“සමාජේ හැදිලා තියෙන්නේ එක එක රීති මත. රජෙක් වෙන්න නම් හේතුවක් තියෙන්න ඕන… සේවයක් වෙන්න නම් දාසයෙක් ඉන්න ඕන… ලෝකේ මවල තියෙන්නේ ඒ සංතුලනය මත. “ හැම දේම සම සමව තියේනම් “රජෙක්” කවුරු වෙන්නද? වසරේ නිකුත් වුනු තවත් ආදර්ශමත් චිත්‍රපටියක් අරන් එන්නයි මේ සූදානම. අපි කවුරුත් දන්නා විකී ඩෝනර් අයුශ්මාන් කුරානා…

“සමාජේ හැදිලා තියෙන්නේ එක එක රීති මත.
රජෙක් වෙන්න නම් හේතුවක් තියෙන්න ඕන…
සේවයක් වෙන්න නම් දාසයෙක් ඉන්න ඕන…
ලෝකේ මවල තියෙන්නේ ඒ සංතුලනය මත. “
හැම දේම සම සමව තියේනම් “රජෙක්” කවුරු වෙන්නද?
වසරේ නිකුත් වුනු තවත් ආදර්ශමත් චිත්‍රපටියක් අරන් එන්නයි මේ සූදානම. අපි කවුරුත් දන්නා විකී ඩෝනර් අයුශ්මාන් කුරානා පහුගිය වසරේ Andhadun සහ Badhaai Ho චිත්‍රපටි දෙකෙන් පෙරළිකාර සාර්ථකත්වයක් ලබාගත් අතර පහුගිය වසරේ හොඳ නළුවාට හිමි ෆිල්ම්ෆෙයා සම්මානයටට සම හිමිකම දරන්නට සමත්කම් දැක්වුවා. ඉතිං අයුශ්මාන්ගේ මේ වසරේ නිකුත් වුනු අලුත්ම චිත්‍රපටිය තමයි Article 15. ඉන්දියානු ව්‍යවස්ථාවේ පහළොස්වෙනි වගන්තිය වටා ගෙතුණු කතාවක් සමගින් ඔබවෙත එන මේ චිත්‍රපටයට Ayushmann Khurrana, Isha Talwar, Sayani Gupta, Kumud Mishra, Manoj Pahwa, Veen Harsh සහ Sumbul Touqeer රංගන දායකත්වය එක්කාසු කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Anubhav Sinha විසින්. ජුනි 28 දින තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙමින් ඉන්දියානු රුපියල් කෝටි 100 කට ආසන්න ආදායම් මුදලක් ඉපයීමට සමත් වනවා. පැය දෙකයි මිනිත්තු 10ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම කුඩා ගමක නාඹර වියේ පසුවන දැරියන් තිදෙනෙකුගේ අතුරුදන් වීමක් විමර්ශනය කරන පොලිස් නිලධාරින් කණ්ඩායමක් වටා ගෙතී තිබෙනවා. ආගම , ජාතිය , කුලය , ස්ත්‍රී පුරුෂ භාවය හෝ උපන් ස්ථානය යන කරුණු අනුව වෙනස් කොට සැලකීම තහනම් කරන ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය පදනම් කරගෙන ගොඩනැගුනු මෙම චිත්‍රපටයේ කතා වස්තුව එක් විශේෂිත සිදුවීමක් මත පදනම් නොවූවත්, 2014 බධාවුන් සමූහ දූෂණ සිද්ධිය සහ 2016 ඌනා පහර දීමේ සිද්ධිය ඇතුළු සැබෑ සිදුවීම් කිහිපයකින් ආභාෂය ලබාගෙන සැකසු එකක්.

Tum Bin (2001), Dus (2005), Ra.One (2011) හා Mulk (2018) යනාදී චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයා හට විවිධ වූ සිනමා අත්දැකීමි තිළිණ කළ Anubhav Sinha නවතම සිනමා නිර්මාණය වන මෙය කුලවාදය තවමත් හිසමත තබාගෙන සිටින මිනිසුන් හට පමණක් නොව රටේ ආරක්ෂාවට වගකියන පොලිස් නිලධාරින් මේ කුල බේදය නිසාවෙන් කරන කියන යම් යම් නොමනා ක්‍රියාවන් හට හොඳ පහරක් එල්ල කරනවා. සමාජයට හොඳ ආදර්ශයක් සපයන මෙම චිත්‍රපටය නිසැකවම ඔබටත් හොඳ පාඩමක් උගන්වාවි.
ඉතිං එහෙනම් ඔයිට වැඩිය කියවන්නේ නැහැ. අරගෙන බලන්න කියල අරාධනා කර සිටිනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේක අපේ ආසිරි ප්‍රියන්ත ලොක්කා කරන්න සූදානමින් හිටියත් වැඩ කටයුතු නිසා අරගෙන එන්න පැයක දෙකක පොඩි එහෙමෙහෙ වීමක් උනා. 😉 මොනා කරන්නද ඉතිං මැරෙන්නයෑ. තටමලා තටමලා ඔන්න එහෙනං අරන් ආවා. අරගෙන බලන්න, රස විඳින්න කියන ගමන් අපි විසි වෙනවා. හැකි ඉක්මනින් ආයෙත් හම්බවෙමු. අවසාන වශයෙන් ඇඩ්මින් මඩුල්ල ඇතුළු බයිස්කෝප් සෙට් එකේ හැමෝමටමත්, බයිස්කෝප් අඩවියට දිනපතා එන යන ඔබ සැමටත් සම්මා සම්බුදු සරණ පතමින් මං සමුගන්නවා. යනගමන් ඔය හිතේ තියෙන දෙයක් හලාගෙන ගියාටත් කමක් නෑ. ජයෙන් ජය…!!!
” බීරන්ට කියල දෙන්න හයියෙන් බෙරිහන් දෙන්න එපැයි “
– භගත් සිං –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා ගැලපේ.
20,295 downloadsDownload Article-15-2019.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
71 comments
Sanjeewa Malith
WA@
Thanx for the sub
isuru srinath sjs
ඕක දෙනකන්ම තමයි බලාන හිටියේ.. "අයුශ්මාන්" නම් ආයේ කතා ඕන නෑ. අනිවා බලනවා.. බොහොම ස්තුතියි මචන් සිංහල උපසිරැසියට... !!
OsandaFdo
Tnx tharaka malli..aniwa balillak thamai oyage sub...supiri film ekk dunne..❤️
tharidu16
පිං සිද්දවෙනවා මචො
Ayesh Prashan
Thank You
Sameera Diyashan
Pin ubalata..
gihan perera
නියමයි සහෝ වෙච්ච මහන්සියට පිං...ස්තුතියි ස්තුතියි ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....
Gathsara Umesh
bhooooooom sthuth
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata ...
rehani
thank you...
Udaya Saman
####උපසිරසියට බොහොමතුති තාරක සහෝ.තවත් පට්ට එකක් වේ...ජය.ඔන්න ගත්තා.
subodha
Thanks
Lahiru W
thanks
DIlshanmapalagama
බොහොම ස්තුතියි♥️♥️♥️♥️
dragon_hunt
Thankz bro.web rip eke awilla.puluwan unoth update ekak denna.enakan balan hitapu film ekak
N_R
Thank You.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……prasakr
ස්තූතියි උපසිරැසියට ඔබට ජය
Nirosh C
ස්තුතියි තාරක සහෝ.ජයවේවා!
arawindasunimal
bohoma sthutiy sub ekata
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
ආසිරි ප්‍රියන්ත Is Back..!
D.Chamara
BOHOMA STHUTHI SAHOOO JYA
thilz
thank yoiuu
Sanjeewa2010
Pattaaaaaaaaa
ksjayalath
බොහොම ස්තූතියි සබට.. ජය වේවා....
Rumesh dhanushka
Thanks Tharaka ✨
Kanchaka
Thanks bro..............
Cool_maths
Ela bn tnx..
Gayan Dushmantha
TnQ bro
RuwanLakshan93
එල සහෝ බොහෝම ස්තූතියි
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා…!chathuranga kumara
tankz
Nilush Angana
Sub ekata thanx
dileepa.lk
Tks bro........
indika75
thanks..
Milind@
Thanks saho
MC
Keep up the good work
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
kolitha
Thanx bro
hatharasingha
Thnx broo
ricadodamien
Thank U Tharaka Brother & Baiscope team For the Sub. Wow it was so Good, love the Movie one of the Best in 2019.
dineth89
Thanks brother
ƊinṲka
සබට තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruvindamax
tnxxxx
C lakmal
ගොඩක් හොදයි , ජය වේවා.
kodagoda
tnx lot sahoo
nish47
ස්තූතියි සහෝ
akalankagayan
Thnx .........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks brother