බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා. කයිරා. ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ ආදරේ මත්තේ නැහෙන වයස. පවුල එක්ක හරි හරියට මුහු වෙන වයස. හැබැයි මට.. මට ඒ හැමදේම තිබුනේ පරස…

බැඳීම්! කෙනෙක්ගේ ජීවිතේ වටිනාම දේ. කෙනෙක්ව ජීවත් කරවන දේ. ඒත් මට නම් බැඳීම් කියන්නේ වේදනාවන් ගොඩක් විතරක්ම උනා.
කයිරා. ඒ මම, කැමරා අධ්‍යක්ෂකවරියක්. එහෙමයි කියලා මහ ලොකු වයසක් නම් නැහැ. අවුරුදු 25යි. ඒ කියන්නේ ආදරේ මත්තේ නැහෙන වයස. පවුල එක්ක හරි හරියට මුහු වෙන වයස. හැබැයි මට.. මට ඒ හැමදේම තිබුනේ පරස්පර විදිහට. මම ආදරේට වෛර කරා. එකට අත් අල්ලන් යන ජෝඩු දකිද්දී මගේ ඇහැට කටු අනින්නා වගේ. ආදරේ මහ විකාරයක් කියලයි මට දැනුනේ. අනිත් එක පවුල. මගේ ජීවිතේ මං අකමැතිම දේවල් වලින් මුල් තැන ගන්නේ මගේ පවුල. හරියටම කිව්වොත්, අම්මට තාත්තට මට කසාද හොයන්න නැහෙන හැමතිස්සෙම මගේ අඩුපාඩු දකින එයාලගේ යාළුවෝ සෙට් එකට මං නොසෑහෙන්න වෛර කරා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් නිවාඩු දවසක් එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ ගෙදර දුවන්න බලාගෙන ආසාවෙන්. හැබැයි මට නම් නිවාඩු දවසක් ලබද්දී හිතෙන්නේ, “අයියෝ, ගෙදර යන්න වෙනවනේ” කියලයි. ෆෝන් එකට අම්මගෙන් කෝල් එකක් එද්දී මට දැනෙන හැගීම, අනේ අම්මපා…
මේ ජීවිතේ පතපු කිසිම දෙයක් මට ලැබිලා නැහැ. සතුට හැමදාම මාව එයාගේ හතුරෙක් විදිහට හිතලද කොහෙද. අවාසනාව මගේ දෛවය එක්කම බැඳිලා තිබුනේ. අවාසනාව කොච්චරද කියනවා නම්, හා හා පුරා කියලා හිත පුරාවටම දැනිච්ච පලවෙනි ආදරෙත්, මට හොරෙන්ම විවාහ ගිවිසගෙන තිබුනේ මට හිතාගන්නවත් බැරි වෙලාවක. දුක කියන්නවත්, බෙදා ගන්නවත් කවුරුත්ම නැති මං කොච්චර අසරණද කියලා හිතුනා. දුක බෙදාගන්න කියලා පවුලක්වත් තිබුනා නම් මට… ජීවිතේ නරකාදියක්!!
කතාව ඉවර උනේ නැහැ. මං නොදැන හිටියට මගේ දුක අහන්න, මට සතුට ගෙනල්ලා දෙන්න පුළුවන් එකම එක්කෙනෙක්ව දෙවියෝ මේ ලෝකෙට එවලා තිබුනා. වරදවා හිතන්න එපා, මගේ ආදරේ නම් නෙමේ. එයා තමා “ජෝග්ගු මහත්තයා”. මගේ කතාව පොඩ්ඩක් බලන්න. එයාව ඔයාලත් අඳුරගන්න. සැකයක් නැහැ, ඔයාලත් මං වගේම එයාට ආදරේ කරන්න ගනීවි.
*************************************************************************
හරිම රහට ලඩ්ඩු හදන ඒ හින්දම හැමෝගෙන්ම ප්‍රශංසා ලබපු, ඉංග්‍රීසි හරියට කතා කරගන්න බැරුව තමන්ගේ පවුල අතරම විහිලුවට ලක්වෙච්ච ශෂීව තාමත් කාටත් අමතක නැහැ මං හිතන්නේ. ඔව් ඒ English Vinglish (2012). ඉතින් ඒකේ නිර්මාතෘ ගෞරි ෂින්දේ නෝනා 2016 අවුරුද්දෙත් අලුත්ම වැඩකට මහා පරිමාණයෙන් අත ගහලා තිබුණා. ඒකේ ප්‍රතිපලයක් විදිහට Dear Zindagi එහෙමත් නැත්තම් “ආදරණීය ජීවිතය” මේ අවුරුද්දේ තිරගත වෙච්ච අමරණීය සිනමා සිත්තමක් උනා සුපුරුදු විදිහටම.
ප්‍රධාන චරිතය උනේ හුරුබුහුටි ආලියා භාත්. විශේෂම දේ තමා මේකේ සහය චරිතයක් රඟ දක්වන්නේ ෂාරුක් ඛාන්. ඒ හින්දම මේ චිතරපටියට අසාමාන්‍ය ප්‍රසිද්ධියක් ලැබුණා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නමුත් මේක ෂාරුක්ගේ චිත්‍රපටියක් කියලා එක එල්ලේම හදුන්වා දෙන්න නම් බැහැ. මොකද මේකේ කේන්ද්‍රීය චරිතය ආලියා හින්දා.
ඉතින් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.3ක අගයක් ලබාගෙන මේ වෙද්දී හොඳම ඉන්දියානු සිනමාපට අතර 114 වෙනි ස්ථානය අත්කරගෙන ඉන්නවා. ආදායම ගැන කිව්වොත්, ලේසිනැහැ කෝටි 70කට ආසන්න අගයක් උපයාගෙනත් තියෙනවා. බහුතර විචාරක ප්‍රේක්ෂක දෙගොල්ලොම ලෝබ නැතුව තරු පහෙන් හතරක්ම දීලා තියෙනවා.එහෙනම් දැන් කතා කරා ඇතිනේ. බලන්න වෙලාව. කතාව ගොඩක් ලස්සනයි. ගන්න දේවල් බොහොමයි. වෙලාවකට බරපතල වැඩියි වගේ කියලත් හිතෙයිද දන්නේ නැහැ. බලලම ඉන්නකෝ.
*************************************************************************
උඩ ටික ලිව්වේ අපේ මයුර සුරාජ්. බොහොම ස්තුතියි මයුර කියපු ගමන් වැඩේ කරලා දුන්නට. මට ඉතිං කියන්න ඒ හැටි දෙයක් නෑ. නිධාන කතාව හිටං කියලනේ. කලින් සබ් කරපු ෆිල්ම් එකේ උණුහුම යන්නත් කලින් තමයි මේ තව ෆිල්ම් එකක් අරං එන්නේ. ලොකු දෙයක් කියන්න නෑ ඉතින්. ෆිල්ම් එක එද්දී මගේ ඩේටා පැකේජ් එක ඉවරයි. බාන්න දැම්මම කිව්වා දවස් නමයක් ඉවසන් හිටපං බෑවෙනකම් කියලා. ඉතිං එච්චර ඉන්න බැරි නිසා, වැඩිපුර GB එකක් අරං තමයි ෆිල්ම් එක බෑවේ. ඒ කවුරු වෙනුවෙන්ද? එහෙනම් කස්ටිය චිත්‍රපටිය රසවිදින්න.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Dear.Zindagi.2016.DVDRip.x264.Hindi.ESubs-ViZNU
www.TamilRockers.ac – Dear Zindagi (2016) Hindi DVDRip X264 700MB ESubs
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
17,909 downloadsDownload Dear-Zindagi-2016.zip144 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/HewaNew.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
106 comments
DASAN BUDDHIKA
widuranga
thanx ayya sub ekata
Devaka Sadaruwan
Thanks ආසිරි අය්යා...
කියන්න වදන් නැ
ජය හා සතුට
එන එන ෆිල්මි එකට ඉක්මනටම සබ් දෙන්න දිරිය හා ශක්තිය ලැ බේවා....Gihan Iddamalgoda
thanks 4 sub.
Nirodha uthpala
Heva aiiya vadak karoth elama thx for the sub digatama demu obata jaya bro
Yasiru Hasaranga
නියමයි සහෝ. උපසිරැසියට ස්තූතියි එනකල් දානකල් බලන් හිටියේ. දැන්ම බලනවා එහෙනම්..
shasith sandaruwan
ado... palaweni wathawata ube sub ekakata mul comment 10 atharata awe. ube sub nam ithin aya ahanna deyak na ne. niyamai ah... digatama sub demu. obata jaya!
sachintha
Sub ekata thanks sahoo...
Jaya wewa....රන්දීර
Thnx sub ekata mekata sub ekak hoya hoya indiye
Nipuna Udayanga
thanks machn
සුරේෂ් ජයතිලක
තද තද... :D
G.Umesh
Bohima sthuthiy ayyeee......
Niymyදිල්ශාන් සචින්ත
හහම්මට සිරි මම හිත්‍රෙව් හේවා ලුනුවිලගේ ආසිරි ප්‍රියන්ත අයියා රිටය වුනා කියලනේ..
සතුටුයි හාදKasun Widusha
Tnx hewa aiye sub ekataa..............
Kulanjana Maduranga
niayamai…ammo kalekata passe HEWA saho awith.....ela ela...me filumath denakm balan hitapu 1k.banna dawa...thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Devaka Sadaruwan
බලලා ඉවර වෙලත් ආයේ කමෙන්ට් කරන්න හිතුනා
ෆිලුම පට්ට වගේම ආසිරි අය්යා සබත් ගතිතැන්ක්ස් ආයේමත්....
Sajeevi
thanks
Tharendra
thnx alot bro.... Keep it up. nice work
ලහිරු චානක
එල කිරි සමඟ මී පැණි ආසිරි... සබ එල... ජය වේවා...!!!
Senura Gunawardena
Tnx saho sub 1ta. oyala apita karana sewayanam kiyala nimakaranna baaaa.
dharshana...
Thanks...
Rasheen Mansil
Thanks ayya sub ekta..
saliya godakumbura
Thk u mcn sub ekata...
mithun
ඔන්න මාත් සබ් එක ගත්ත අනිවා බලන්න ඔනෙ මෙක බොහොම ස්තුතියි සිංහල සබ් එකට සහෝ!
Lasantha
Godaak thuthi sahooooo ''''''''
thisal
සිංහල සබ් එකට සහෝ!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Rakitha Ranathunga
ස්තූතියි බං සබට
lahiru
thanx macho..
Gathsara Umesh Kumara
ඉක්මනටම දීlලා.බොහෝම ස්තූතියි සහෝ.....සුබ පතවා දිගටම් කරගෙන යන්න...
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Kalum Gunasekara
හම්මට .... හේවා අයියා වැඩට බැහැලා එහෙනම්. උඹේ එකක් නොබලා කොහොමද බං? අනිවා බලනවා. මයුර මලේ. ඔයාටත් ගොඩක් ස්තුතියි.
Wasa
Thanks hewa
Sajith Thilakarathne
thanks sub ekata
SUN VIDEO
thanks
Shashi
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Poorni
Thankzz Hewa Ayya
sujeewa
බලන් හිටියේ මේක දෙනකන්..සිතුතියි සහෝ සබ් එකට.
දමිත්
බොහෝම ස්තුතියි සහෝ
දමිත්
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට..
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
විමා
කාලෙකට පස්සේ සයිටට ආවේ
අර දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ ආසිරියා සබක් කරල කියල ගෘප් චැටේ දේවා කිව්වා
එකත් ආව සෙනිකම, ඉතිං ඔන්න ලිපිය කියවන් ආව
මොන මගුලක්ද මු එලටම ලිපිය ලියලනේ යකෝ කියල හෙන ඉරිසියාවෙන් කියවන එනකොට මෙන්න යකෝ පහලින් තියනවා අර ගේ කුරුල්ලා ලිපිය ලිව්වේ කියල, හුකෑස් :D
යාන්ත ඇඟට ලේ ඩිංගක් ඉනුවා,
සබට තුති ඈ, මේක මම බලන්නද ?Devaka Sadaruwan
වැඩිපුර ජිබි එක කා වෙනුවෙන් ද? බලන එක කිසිම පාඩුවක් වෙන්නේ නැ... එකට නම් වග කියනවා...
Mayura
Gay???
Dilanda Rukshan
උපසිරසියට ගොඩක් ස්තූතියි සහෝ...
Supun
Kaalekin hoda film ekak baluwa
kalana prabod
Thanx bokka sub ekata
යුශාන් පියුමාල්
thada thada asiri aiyya ayemath wadeta bahala ela ela digatama wade demu
Jack
නියමයි හේවා.
මේක ඉතින් අනිවාම බලන එකක්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.....Dilshan
Thnkx su ekata mchn..
Fight ehema nadda meke.me
Thanks
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks asiri aiya.... Onna magen first comment eka