Watch Trailer

The Hollow Point (2016) with Sinhala Subtitles | නගරයක් වැනසූ වෙඩි උණ්ඩ ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමොටම, මම වෙනදා වගේම සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේක මගේ 9 වන උපසිරසි නිර්මාණය. මේක “Western” ෆිල්ම් එකක්. Western ෆිල්ම් වල විශේෂත්වය තමා කතා කරනවා වේගේ වැඩි, කෙලින් කියන්න ඕන දේ කියන්නේ නැතුව වටින් පිටින් තමා කියන්න ඕන දේ කියන්නේ. හරියට ප්‍රස්ථා පිරුළු වගේ.…

The Hollow Point (2016)

කොහොමද ඉතින් හැමොටම, මම වෙනදා වගේම සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේක මගේ 9 වන උපසිරසි නිර්මාණය. මේක “Western” ෆිල්ම් එකක්. Western ෆිල්ම් වල විශේෂත්වය තමා කතා කරනවා වේගේ වැඩි, කෙලින් කියන්න ඕන දේ කියන්නේ නැතුව වටින් පිටින් තමා කියන්න ඕන දේ කියන්නේ. හරියට ප්‍රස්ථා පිරුළු වගේ. මම කතාවට උපරිම සාදරණය නම් ඉටු කරා. ටිකක් කල් ගියා උපසිරැසිය කරන්න ඒ හින්දා. මේ චිත්‍රපටයට මම උපසිරැසිය කරන්න තෝර ගන්න හේතු වුනේ මන් බැලුව හොද ෆිල්ම් එකක් කාලෙකට පස්සේ. ලස්සන කතාවක් තියෙන්නේ, එපා වෙන්නේ නැතුව බලන්න පුළුවන්! මම බැලුවා වගේම අනෙක් අයටත් බලන්න ඔන්න මම අවස්තාව උදා කරලා දුන්නා. මේ කතාවට පදනම වෙන්නේ මෙන්න මේකයි. 2004 දී මෙක්සිකන් දේශ සීමාවෙන් එහාට තුවක්කු ජාවාරමෙන් මාෆියා කල්ලි ලොකු සල්ලියක් හොයාගත්තා. ඒ වගේම කාලයක් යද්දී උණ්ඩ වලටත් හොද ඉල්ලුමක් ආවා, මේ උණ්ඩ ඉල්ලුමට සැපයුමක් දෙන්න පුළු පුළුවන් අය ඉදිරිපත් වුනා වගේම ඒවා එහාට මෙහාට ගෙනියන අයටත් මේකෙන් ලොකු සල්ලියක් ලැබුනා. දේශ සීමාව අහල පහල ගොඩක් නගර මේ වැඩේ ජයට කරගෙන ගියා. කතාවට පදනම් වෙන්නේ ඒ නගර කිහිපයෙක් එක් නගරයක් ගැන!! “The Hollow Point” චිත්‍රපටයට හොද ජනප්‍රිය නළුවන් කිහිප දෙනෙක් රංගනයෙන් දායක වෙනවා! IMDB දර්ශකයේ 5.7 ක හොද අගයක් ලබා ගන්නත් හැකියාව ලැබුනා. ප්‍රධාන නළුවා වෙන්නේ මේ අවූරුද්දෙ “Conjuring 2” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුනු “Patrick Wilson”. මේ චිත්‍රපටයෙදී නම් ඔහුගේ රගපෑම නම් අති විශිෂ්ටයි. දැන් අපි කතාව පැත්තට හැරෙමු.

වොලස් කියන්නේ මාරු වීමක් ලැබුණු පොලිස් නිලධාරියෙක්. මාරු වීම ලැබුනේ තමන්ගේම ගමට. ගම තියෙන්නේ ඇමරිකන් මෙක්සිකන් දේශ සීමාව අසල. මෙක්සිකන් කාර්ටෙල් එකක් තමා උණ්ඩ ජාවාරම කරගෙන යන්නේ. මේ උණ්ඩ ජාවාරමට හරස් වෙන අයව ඉවරයක් කරන්න ඝාතකයෙක් ඉන්නවා. ඒ ඝාතකයට ලැයිස්තුවක් තියෙනවා. ඒ ලිස්ට් එකේ ඉන්න හැම කෙනෙක්වම ඉවරයක් කරන එක තමා ඔහුගේ රාජකාරිය. ඔහුගේ උදව්වට ඉන්නේ මේ නගරයේම කෙනෙක්, කව්රුවත් හිතන්නෙම නැති කෙනෙක්. මේ වොලස් කියන පොලිස් නිලධාරියා ඝාතකයාත් එක්ක ගිය සටනකදී වොලස්ගේ අත කපලා දානවා. අත කැපිච්ච එකේ පලිය ගන්නත් එක්ක ඔහු මේ ඝාතකයා පස්සෙන් යන කතාව තමා මේ චිත්‍රපටයේ තියෙන්නේ සාරාංශයක් විදියට ගත්තොත්. ඔහුගේ උදව්වට හිටපු පොලිස්කාරයෙකුත් ඉදිරිපත් වෙනවා. මන් ඔය සාරාංශයක් විදියට කිව්වේ. කතාව බලනකොට තවත් ලස්සනයි. මම මේ කතාව බලන්න හැමෝටම ආරාධනා කරන ගමන් අදට මම සමු ගන්නවා !

The Hollow Point (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Hollow Point 2016 720p WEBRip 700 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,050 downloadsDownload The-Hollow-Point-2016-Baiscopelk.com_.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/NaveenNisal2-e1480714670262.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

2,050 downloadsDownload Subtitles35 KB

12 comments

  1. SUN VIDEO

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks NAVEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  4. Udara Damith B/K

    බොහෝම ස්තුතියි ...

  5. Rajitha

    Thanks machan.......jayawewa.....!

  6. Bobby

    Thank you Very much

  7. Kalum Gunasekara

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.

  8. අසිත

    elama saho thanks

  9. Dulanga

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Nishan

    Thanx bro

  12. rush

    tnx bro