මෙය මාගේ පලමු උපසිරැසි කරනයයි. අදින් සිව් වසරකට පෙර සරසවියේ පලමු වසරේ සිටම “ මචන් මමත් කවදා හරි සබ් එකක් දානවා ” කියා දුන් පොර ටෝක් වල අවසන් ප්‍රතිඵලයයි. එමෙන්ම මෙය සිව් වසරක් පුරාවටම “ අනේ උබ සබ් දැම්මා වගේ ” යැයි කියමින් මා බයිට් එකට ගත් මගේ මිතුරන්ගේ සරදම් සිනාවට තිත තැබීමකි. හරිහැටි ගැලපෙන […]

මෙය මාගේ පලමු උපසිරැසි කරනයයි. අදින් සිව් වසරකට පෙර සරසවියේ පලමු වසරේ සිටම “ මචන් මමත් කවදා හරි සබ් එකක් දානවා ” කියා දුන් පොර ටෝක් වල අවසන් ප්‍රතිඵලයයි. එමෙන්ම මෙය සිව් වසරක් පුරාවටම “ අනේ උබ සබ් දැම්මා වගේ ” යැයි කියමින් මා බයිට් එකට ගත් මගේ මිතුරන්ගේ සරදම් සිනාවට තිත තැබීමකි. හරිහැටි ගැලපෙන ඉංග්‍රීසි සබ් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා එකින් එකට ටයිම් ලයින් හදමින් සමහර වෙලාවට අසා ලිවීම් කරමින් මා කන කට්ට දුටු මගේ මිතුරන් සුද්ධ සිංහලෙන් මා ආමන්ත්‍රණය කරමින් “ බැරි මගුල් නොකර හිටපන් ” කියා නිතරම මා දිරිමත් කලත් අවසානයේ කෙසේ හෝ උන්ගේම උදව්වෙන් මා හට ගොඩ යෑමට හැකි විය. මා හට උදව් කල සියලු මිතුරන්ටත් “ මචං සබ් එකක් කරනවා නම් මේකට කරපන් ” කියා මේ සිනමා සිත්තම මා හට ලබා දුන් මිතුරාටත් බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මා හා සම්බන්ද වූ සමන් ප්‍රසාද් සොයුරාටත් ස්තුතිවන්ත වෙමි.
The Stoning of Soraya M[2008] ලෙස සිනමාවට නැගුනේ ඉරානයේ අවාසනාවන්ත ලෙස සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කර ගනිමින් ඉරාන-ප්‍රංශ ලේඛක Freidoune Sahebjam විසින් රචිත The Stoning of Soraya M.: A Story of Injustice in Iran කෘතියයි. ප්‍රකාශයට පත් කල විගසම අලෙවි වාර්තා තැබූ මේ කෘතිය ඉරානයේදී ප්‍රසිද්ධියේ පුලුස්සා දැමූයේ එවකට ඉරාන සමාජයේ නිරුවත තව දුරටත් ලොවට හෙලි කරවමිනි. IMDb දර්ශකයේ 8.0/10 ක් ලබාගත් මේ සිනමා සිත්තම මා හට ලබා දුන් මගේ මිතුරා ඒත් සමගින්ම අමුණා එවූ ලිපිය මා මෙහි පල කරන්නේ ඔහු මටත් වඩා හොදින් ඒ ගැන අකුරු කර ඇති නිසාවෙනි.
“ මම කල්පනා කරමි. අතොරක් නැතිව කල්පනා කරමි. මෙම චිත්රපටය මම නැරඹූයේ මීට මාස කිහිපයකට පෙරාතුවය. ඒ පිළිබද විස්තර ඔබ වෙත ගෙන ඒමට දිනෙන් දින පමා වූයේ ඔබ හමුවේ මේ පිළිබඳව ඉදිරිපත් කරන හදුන්වාදීමේ ලිපිය ඉතා සන්වේදී අයුරින් ලිවිමට වචන අමුනා ගැනීම සඳහායි. නමුත්… ඒ කිසිවකින් පලක් නොවේ යැයි සිතමි. මන්ද අපි අපගේ පුංචි රට තුළ අසීමිත නිදහසක් භුක්ති විදින කල්හි එම අසරණියෝ ඔවුන්ගේ දේශය තුළ වචනයෙන් කිව නොහැකි කඨෝර දුක්ඛයන්ට අදද මුහුණ දෙන බැවිනි.
මම සොරායා චිත්රපටය ගැන ඔබට නොකියමි. එය විස්තර කිරිමට නොයමි. මන්ද එය ඔබ ඔබේ දෑසින් එකදු තත්පරයක් අපතේ නොයවා… සිත වෙනතක යොමු නොකර බැලිය යුතු චිත්රපටයක් වන බැවිනි.
මෙය බැලීම නවතා අතරමැදදී මම හැඩීමි. මට අවැසි වූයේ මහ හයියෙන් ඇඩීමටයි. මම ඒ සොරායා වී මට කළ අපරාධය වෙනුවෙන් හැඩීමටයි. එදා මම එසේ හැඩුවානම් මගේ තාත්තාත් මල්ලිලාත් අම්මාත් කලබල වනු ඒකාන්තය. ඔවුන් මට පිස්සු යැයි පවසනු ඇත. මම සොරායාට සිදුවූ අසාධාරණය ඔවුනට පැවසුවේනම් එවුන් එය විශ්වාස නොකරනු ඇත. මන්ද අපේ වැනි රටක ගැහැණිය යනු පූජනීය සංකේතයක් වන බැවිණි. මම ඒ චිත්රපටය ඔවුනට පෙන්නුවේනම් නිසැකවම ඔවුන්ද මා සමග හඩනු ඇත……. සොරායා වෙනුවෙන් හඩනු ඇත.
සොරායා ගැන මම මෙය පමණක් පවසමි…
ඇය මවකි. පියා සැමියා පුතා කේන්ද්රකරගත් සමාජයක, ගැහැණිය යනු තවත් එක් අජීවී වස්තුවක් පමණකැයි සිතූ සමාජයක, ගැහැණිය යනු පිරිමියාගේ ලිංගික සතුට උදෙසා පමණක්ම දෙවියන් විසින් මවනු ලද්දාවූ කෙළි බඩුවක්යැයි සිතූ සමාජයක සොරායා මවකි. ඛේදනිය ඉරණමක හිමිකාරියකි. ඔවුහු…. ඔවූහු ඇයට ගල් ගැසූහ… මන්ද…. ඒ මන්දැයි ඔබම බලන්න… ”
Due to copyright issues, we do not provide any torrent links.
The Stoning of Soraya M[2008]DvDrip
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
440 downloadsDownload The-Stoning-of-Soraya-M2008-Baiscopelk.com_.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
44 comments
සදීප
හසිත මධුෂාන්
Thank You so much….
mithun
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ හොද ෆිල්ම් එකක් වගෙ බලන්න ඔනෙ පලවෙනි එකම මෙවගෙ එකක් දුන්න එක සතුටුයි
හසිත මධුෂාන්
Thank You so much....
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
අසංක ප්‍රදීප් රණතුංග
ඉස්සෙල්ලම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. දෙවනුව මේවගේ විශිෂ්ට චිත්‍රපටයක් ඔබගේ උපසිරසිකරණය ආරම්භයට යොදාගැනීම ගැන ස්තුති කරනවා. ඉතින් සුපුරුදු විදියට මම අනිත් ඔක්කොම නව උපසිරසි කරුවන්ට දෙන උපදෙස ඔයාට දෙන්නම්. මේ ගමන යද්දී ඔයාට මල් වගේම ගල් මුල් පවා වදින්න පුළුවන්. ඒක හින්ද ඉවසීමෙන් මේ පටන්ගත්ත ගමන යන්න. පුළුවන් නම් ඔයාටම අවේනික ආකාරයේ චිත්‍රපට උපසිරසි කරණයට යොදා ගන්න එතකොට ඔයාටම වෙන්වූ රසිකයින් පිරිසක් හදාගන්න පුළුවන් වේවි.
ඒවගේම දිගටම පැරණි චිත්‍රපට නම් දෙන්න හිතන් ඉන්නේ කවදාවත් ඩවුන්ලෝඩ් ප්‍රමාණය සහ නරබුම් ප්‍රමාණය ගැන හිතන්න එපා. මොකද අනිවාර්යයෙන් අඩු ගණන් ටිකක් තමා ඔයාට පෙන්නේ චිත්‍රපටය කොච්චර හොඳ උනත්. ඒ උනත් සතුටුවෙන්න සිය දෙනෙක් චිත්‍රපටය බාගත කර ගත්තත්. මොකද ඒ සීයම එම චිත්‍රපටයට ඇත්ත රසිකයෝ හින්ද.
අවසාන වශයෙන් මේ පටන් ගත්ත ගමන දිගටම යන්න අවශ්‍ය වෙලාව සහ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
දිගටම IMDb Top rated Film වලට sub දෙන්න හිතාගෙන ඉන්නවා. පලපුරුදු උපසිරැසි කරුවෙක් විදියට මට දුන්න උපදෙස් බොහොමත්ම අගය කරනවා.
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
Wasa
Thanks brother keep going you can do this
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
Sineth
මුලින්ම සුභ පතනවා පලමු උපසිරැසියට..!! ලිපිය ලස්සනට කරල තියෙනවා. ඔය ෆිල්ම් එක මම බැලුවේ ගිය අවුරුද්දෙ.....!! හිතා ගන්නත් බෑ සොරෙයාට මිනිස්සු ගල් ගහලා මැරුවා කියලත්. මැද පෙරදිග ෆිල්ම් කොහොමත් පට්ට ස්ටෝරි තමා තියෙන්නේ.මට මතක ෆිල්ම් ටිකක් පහල තියෙනවා, ඒවා බලන්න
The Kite Runner
M for mother
A separation
Wadja
The salesman (2016)හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….!
දුක කියන්නෙ මම මේ film වලින් බලලා තියෙන්නේ A separation විතරයි. මේ ඔක්කෝටම IMDb 7.5 වලින් උඩ ලැබිලා තියනවා. ඒ කියන්නේ පට්ටම film තමයි. මම අදම බලන්න ගන්නවා. බොහෝම ස්තූතියි මේ ගැන කිව්වට.
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
upul
thans saho, befor i watch that film...very sad story ,,thanks lot for giving sub,,jatawewa
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
අසිත
elama saho thanks
paata hodeහසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු......
Nuwan Dewapriya Disanayaka
thank you brother..........
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි........!
හසිත මධුෂාන්
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
Emi
Thank you
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
Krishan Thilakarthna
පොයියා... එල මචන්...ඉස්සරහට තව කරමු... IMDB එකකට sub එකක් දාමු...
හසිත මධුෂාන්
අනිවා බ්‍රෝ...
Goodfellas (1990) movie 1 ට සබ් කරන ගමන් ඉන්නෙ. IMDb 17ට තියන 1.
Dinesh Sanjeewa
සුපිරි ම්චන්...දිගටම කරන් යමන්.....
හසිත මධුෂාන්
thanks බ්‍රෝ උබ දුන්න sup 1 ta
Manoj Shanake
ඵල බන් awesome workd. Keep it up.
හසිත මධුෂාන්
අනිවා
thanks බ්‍රෝ…
බොබී
බොහොම හොඳයි සහෝ. මම තාම ෆිල්ම් එක නොගත්තත් අනිවාර්යයෙන් කමෙන්ටුවක් දාන්න ඕනි කියලා හිතුනා, මේ වගේ ෆිල්ම් එකක් සබ් දාන්න තෝරගත්ත නිසාම. කමෙන්ට් අඩු වුනාට පේනවනේ කී දෙනෙක් ඩවුන්ලෝඩ් කරලද කියලා. දිගටම මේ වගේ වැදගත් ෆිල්ම් ලබාදෙන්න. ඔබේ ඉදිරි අනාගතය සාර්ථක වේවායි පතනවා.
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
ලගදීම තවත් උපසිරැසියක් සමගින් හමුවෙමු……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි රොයිලි අයියේ …….
D
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
බොහෝම ස්තූතියි…….
Amalka
බොහෝම ස්තූතියි සබ් එකට
Wicki
ඔබට බොහොම ස්තුතියි . බලන්න බලාපොරොත්තුවෙන් හිටපු එකක් , සැබවින්ම ඔබට ණයගැතියි.
Mahesh ruwan
,බොහොම ස්තුතිය සබ් එකට
Nirosha Nirosha
thank you...godak sthuuthiyi
Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa!srgtd321
Thanks Hasitha..
Akila Dilhara
Thanks Brother...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

sub ekata thanks....