ඔන්න එහෙනම් මෙදා පොටේ අරගෙන ආවේ තවත් අමුතුම ෆිල්ම් එකක්.ඉතින් මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 27 රිලීස් වුන මේ ෆිලුම ටික දවසකට කලින් හොද කොපියක් ඇවිල්ලා තිබ්බා.ඒවගේම ටිකක් පරක්කුත් වුනා මේක දෙන්න.ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඉතින් මේ ෆිලුමේ IMDb දර්ශකයේ Adventure, Crime, Drama ගණයට වැටෙන අතරම අගය 4.7 ක අගය…
ඔන්න එහෙනම් මෙදා පොටේ අරගෙන ආවේ තවත් අමුතුම ෆිල්ම් එකක්.ඉතින් මේ අවුරුද්දේ අගෝස්තු මාසේ 27 රිලීස් වුන මේ ෆිලුම ටික දවසකට කලින් හොද කොපියක් ඇවිල්ලා තිබ්බා.ඒවගේම ටිකක් පරක්කුත් වුනා මේක දෙන්න.ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.ඉතින් මේ ෆිලුමේ IMDb දර්ශකයේ Adventure, Crime, Drama ගණයට වැටෙන අතරම අගය 4.7 ක අගයක් ගන්නවා. අගයනම් අඩු වුනාට අරගෙනම බලන්න සුපිරි ෆිලුමක් මේක.කොහොමත් ගොඩක් වෙලාවට හොද ෆිල්ම් වලට ලැබෙන රේට් එක අඩුවෙනවනේ. එහෙනම් කතාව දිහාට හැරෙන්නම්කො.
අපිට පුළුවන් වුනොත් තව කෙනෙක්ගේ මරණය පාලනය කරන්න මොකක් වෙයිද.තනිකරම මිනීමැරුම් වෙයිද දන්නේ නැහැ නෙහ්හ්.ඇත්තටම මම අදහස් කරන්නේ තව කෙනෙක්ගේ මරණය අපිට ඕනේ විදියට කරන්න ඒ කියන්නේ එයා මැරෙන වෙලාව එයා මැරෙන්නේ කොහොමද කියලා අපි විසින්ම තීරණය කරන්න. එහෙම වුනාම අපි හිතන විදියටම එයා මැරෙනවා.ඒත් අපි තීරණය කරන්න ඕනේ අපි මරන්න ඕනේ නරක මිනිහෙක්ද හොද මිනිහෙක්ද කියලා. මෙන්න මේ වගේ දෙයක් තමයි මේ ෆිල්ම් එකෙත් වෙන්නේ.ඒ වුනාට මේකේ යම් පොතක් තියෙනවා Death Note කියලා.ඒ පොතේ කාගේ හරි නම ලිව්වොත් එයා ඒ විදියටම මැරෙනවා.හැබැයි නම විතරක් මදී ඒ නම ලියන කෙනාගේ මුහුණත් මතක තියෙන්න ඕනේ..කොහොමද වැඩේ..
අපේ සයිට් එකේ මේ ෆිලුමේ කොරියන් ෆිලුම අපේ සහෝදරයෙක් මීට මාස කිහිපයකට උඩදී පලකරා. ඒ ෆිලුම ටිකක් වෙනස් කරලා හදපු කොපියක් තමයි මේක..
ඉතින් ලයිට් කියන්නේ තනිවම කාලය ගතකරන කොල්ලෙක්,ඒවගේම එයාගේ අම්මා නැහැ.තාත්තා විතරයි එයා රහස් පරීක්ෂක කෙනෙක්.ඉතින් දවසක් එයා එලියට වෙලා ඉද්දි කොහෙවත් නැති පොතක් එයා ලගට වැටෙනවා.ඉතින් මෙයා ඒ ගැන තකන්නේ නැතුව ඒක අරගෙන යනවාඒ අතරතුරදී පාසලේ ලමෙක්ට කොල්ලෝ වගෙයක් ගහනවා.මෙයයි තව මියා කියලා කෙල්ලෙකුයි මේකට මැදිහත් වෙනවා.ඒත් අවසානෙදි කොහෙවත් නැති දේකට මෙයා පැටලෙනවා.එයාට දඩුවම් ව්දියට පාසල් කාමරේක තනිවම තබනවා.මේ අතරතුර මෙය මේ පොත කියවනවා.යම් තැනකදී වැරදි දෙයක් කියලදෝ අමුතු රාක්ෂයෙක් එනවා.ඉතින් මෙයා බයවෙනවා.ඒත් අවසානෙදි එ යක්ෂයා පැහැදිලි කරනවා ඒ කව්රු කොහොම කෙනෙක්ද කියලා.එතනඩි වෙන යම්සිද්දියක් නිසා ඔහු බයවෙනවා.(මේ සිදුවීම කියන්නේ නැහැ ඔයාලම බලන්න)එයා ඇත්තටම තේරුම් ගන්නවා ඒ යක්ෂයා කවුද කියලා.ඇත්තටම කිව්වොත් යක්ෂයෙක් නෙමේ ඔහු දෙවියෙක්.ඒ කියන්නේ මරණයට අධිපති දෙවියෝ වගේ තමා. එයාගේ නම රයික්..
කොහොමහරි මේ කෙල්ලත් මෙයාට සෙට් වෙනවා.එයා කරන වැඩේට එයත් කැමති වෙනවා.දෙන්නම එකතුවෙලා ලෝකේ ඉන්න නරක මිනිස්සු, නරක දේවල් කරන අය මරනවා.මේ දේවල් නිසා හැමෝම බයවෙනව.ඒවගේම මේ දේවල් වලට කැමති පිරිසකුත් ඉන්න්නවා.ඒ වුනාට පොලිසිය මේ දේවල් අනුමත කරන්නේ නැහැ.එයාල හිතන්නේ මේක යම් මනුස්සයෙක් කරනවා කියලා.ඔහොම ඔහොම යද්දී ටික ටික හෙළිදරව් වෙනවා එල් කියලා මේ දේවල් ගැන විමර්ශනය කරන රහස් පරීක්ෂකයෙක්ට.ඔහු තරයේ සැක කරනවා මේ දේවල් කරන්නේ මේ ලයිට් කියන කොල්ලා කියලා.ඒත් එයාගේ තාත්තා මේ දේවල් විශ්වාස කරන්නේ නැහැ.
ඒත් අවසානේ හිතාගන්න බැරි දේවල් සිද්දවෙනවා.මියා ඒ කියන්නේ ලයිට්ගේ පෙම්වතිය ඒ පොතට වශී වෙනවා වගේ දෙයක් වෙන්නේ.අනික ඒවා නිසා අවසානෙදි එයාටම පලදෙනව.අනේ මන්ද යාලුවනේ ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ.කතාව අවසාන වෙනකම් පොඩ්ඩක් හිතාගන්න අමාරුයි.
එහෙනම් ඔන්න කතාව කිව්වා.බලන එක ඔයාලටම බාරයි… එහෙනම් මම ගියා..
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Death.Note.2017.WEBRip.x264-FGT
Death.Note.2017.720p.NF.WEBRip.DD5.1.x264-QOQ
Death.Note.2017.1080p.NF.WEBRip.DD5.1.x264-QOQ
Death.Note.2017.720p.WEBRip.x264-STRiFE
Death.Note.2017.1080p.WEBRip.x264-STRiFE
Death.Note.2017.720p.WEBRip.XviD.AC3-FGT
Death.Note.2017.WEBRip.XviD.MP3-FGT
Death.Note.2017.WEBRip.XviD.AC3-FGT
Death.Note.2017.HDRip.XviD.AC3-iFT
Death.Note.2017.HDRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා ගැලපේ.
7,770 downloadsDownload Death-Note-2017.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-08-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
29 comments
ඉෂාන් මදුෂ
silent$
Thanxxxxxxxxxxxxxx
Lahiru
බොහොම ස්තූතියි පැතුම්
ජය වේවා!KAVINDA GAMAGE
බොහොම ස්තූතියි
udara
balanna deyak na mcn oya film akama wage kewwa ha..........ha........ it's joke... thanks sub akata...
Lanka Lions
අනිවාර්යයෙන් බලනවා සුපිරි...... ස්තුතියි හදවතින්ම
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!hashan
thanx brooooooooooooo
Hashan Nethupriya HK
thanx
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ravindu Nilupul(Otaku Boy)
උපසිරසියට ස්තූතියි.
මේ film එක පාදක වුන Anime එක මීට වඩා දහස් වාරයක් හොදයි.
මේකට ආසා හිතුන අය Anime එකත් ගිහින් බලන්නC. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Prakash Rangana
මේ චිත්‍රපටිය හදන්න පාදකවුනු ජපන් Manga series එක ගොඩක් ජනප්‍රියයි. එකම වෙන්න ඇති චිත්‍රපට කිහිපයක්ම මේ ඇසුරින් නිෂ්පාදනය උනේ. කතාවට කියන්නෙ George R. R. Martin (game of thrones කතෘ) කතාව ලියන්නේ Ryuk ගෙන් ඉල්ලගන්න note Book වල කියල මොකද ඒකෙ ලියන ලියන චරිත අන්තිමේදී මැරෙනවනේ. බලපු නැතිඅය ඔරිජිනල් ජපන් සීරිස් එක බාගෙන බලන්න එක පට්ටයි. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට මේකත් බාගෙනම බලන්න ඕන.
Ravindu Nilupul(Otaku boy)
මේ film එක Anime adaptations එකක් වුවත් Anime එක තරම් සාර්ථක නෑ කියලා තමා මට නම් හිතෙන්නේ.මොනවා වුනත් Netflix ආයතනය Anime වෙනුවෙන් මේ කරපු සේවය ඉතාමත් අගය කොට සැලකිය යුතු ය.
ErangaM
ඩෙත් නොට් ගැන අහලා තියෙනවා..
බලන්න ආසයි.. ජපන් නැතිව ඉන්ග්ලිශ් වර්ශන් 1ක් තියෙනවද ඇනිමි සීරීස් එකෙ???sudharaka Jayanath
ඇයි බ්‍රෝ පොතේ කෙල්ල කොල්ලගේ නමෛ,කොල්ල කෙල්ලගේ නමයි ලියන්නෙ.ඒ කේස් එක හිත්ා ගන්ඩ බෑ
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraඅසිත
Elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Ayesh Amunugama
Lowriders me film eka supiri puluwannam sub BR denna please
Ravindu Rukshan
thx
nuwan perera
patta filumak, sbu ekata thanks saho..
ashan lankanath
Thanks ................good luck ...........................
sajanithamax
මේ film එක පාදක වුන Anime එක මීට වඩා දහස් වාරයක් හොදයි.loke hodama ktwa pissu hdnw yko
chinthaka_priyadrshana
Thank U Very much Bro.....
Hashan M. Priyadarshana
තෑන්කම් බ්රෝ සබ් එකට..
ජය වේවා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි.මේකට සබ් දෙනකම් හිටියේ.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!