ආයුබෝවන්… සුව බර නිරෝගිමත් දවසක් වේවා හැමෝටම.. ඔන්න ඉතින් ටිකක් ඉඩපාඩු ලැබුන වෙලාවේ තවත් චිත්‍රපට මාලාවක පලවෙනි චිත්‍රපයට සිංහල උපසිරසි අරගෙන ආවා. 1921 නොවැම්බර් 3 වනදා Charles Dennis Buchinsky ලෙස උපන් මොහු බටහිර සිනමාවේදී හඳුනන්නේ Charles Bronson ලෙසයි. පැරණි බටහිර ක්‍රියාදාම චිත්‍රපට තුලින් මොහු…

ආයුබෝවන්… සුව බර නිරෝගිමත් දවසක් වේවා හැමෝටම..
ඔන්න ඉතින් ටිකක් ඉඩපාඩු ලැබුන වෙලාවේ තවත් චිත්‍රපට මාලාවක පලවෙනි චිත්‍රපයට සිංහල උපසිරසි අරගෙන ආවා. 1921 නොවැම්බර් 3 වනදා Charles Dennis Buchinsky ලෙස උපන් මොහු බටහිර සිනමාවේදී හඳුනන්නේ Charles Bronson ලෙසයි. පැරණි බටහිර ක්‍රියාදාම චිත්‍රපට තුලින් මොහු වඩාත් ජනප්‍රිය විය. එකල චිත්‍රපටවල තුවක්කුව, පිස්තෝලය හැසිරවීම මොහුගේ ජනප්‍රියම අංගයක් වේ.
Death Wish (1974)
පෝල් කර්සි තම බිරිඳ සමග දිවියේ සැඳෑ සමයට පිවිසෙමින් සිටී. ඔවුන් දෙපලගේ එකම දුව විවාහ වී ඇත. ගොඩනැගිලි සමාගමක නිර්මාණ සැලසුම් ශිල්පියෙක් ලෙස මොහු සේවය කරයි. දිනක් නොසිතූ ලෙස තම බිරිඳටත් දුවටත් මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය අවසන් වන්නේ ඔහුට තම බිරිඳ අහිමිවීමෙන් සහ දුවගේ සිහිය අහිමි වීමෙනි. ජීවිතයේ ඉතිරි හරිය හිත එකලස්ව ගත කරන්න මොහුට හම්බවෙන අවස්ථාව ටික දවසක් නිව් යෝර්ක් වලින් පිටවෙලා යන්නයි. ඒ ගමන මොහුගේ ජීවිතය මෙසේ වෙනස් වේවි යැයි කර්සි නිකමටවත් හිතන්න නැතුව ඇති. ආපහු නිව් යෝර්ක් වලට එන්නේ පරන පෝල් කර්සි නම් නෙවෙයි.
1972 දී Brian Garfield විසින් රචිත Death Wish නම් නවකතාව පදනම් කරගෙන Wendell Mayes විසින් තිර රචනා කල චිත්‍රපටය තමයි මේ. මෙහි නිෂ්පාදනය Dino De Laurentiis, Hal Landers සහ Bobby Roberts විසින් වන අතර අධ්‍යක්ෂණය Michael Winner විසිනි. පෝල් කර්සි ලෙස Charles Bronson රංගනයෙන් එකතු වන අතර ඊට අමතරව Hope Lange, Vincent Gardenia, William Redfield සහ Stuart Margolin සමගින් Steven Keats රංගනයෙන් එකතු වේ.
විනාඩි 94ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය 1974 ජූලි මස 24 වනදා එක්සත් ජනපදයේ මුලින්ම තිරගත වී ඇත. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 7.0 ක්, Rotten Tomatoes 68% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත ලැබී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 3.7 ක් වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 22ක් පමණ වේ.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,054 downloadsDownload Death-Wish-1974.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
13 comments
Supun Kaushalya
Anonymous
පරන වුනත් මේක නම් සුපිරි ..
පුලුවන්නම් Alan Parker,Martin Scorsese,Francis Ford Coppola,David Lynch වගේ අයගේ ෆිල්ම් දෙන්න සහෝ
ත්‍රිලර් පැත්තට බර සුපිරිම ෆිල්ම් තියෙනො ඔය අයගේ
පරන වුනත් ඒවනම් බලන්න වටින ඒවාශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේකේ ඉතිරි ෆිල්ම් ටිකටත් සබ් දෙන්න සහෝ.
හැකිනම් ඔබ මින් පෙර දුන් චිත්‍රපටයක දෙවන කොටස වන Martial Law 2: Undercover - 1992 ෆිල්ම් එකටත් සබ් දෙන්න.
Suranjan
Thanks jayawewa.....!
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, මෙය මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!Anonymous
Old is gold, Thanks for this sub!
Bandara
Charles Bronson රගපෑ හොදම චිත්‍රපටිවලින් එකක් තමයි Once Upon a Time in the West - (1968) බොහොම ස්තූතියි සමීර උපසිරසියට
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ෆෆිල්ම් සීරීස් එකක් නිසා ඉතුරු ෆිල්ම්වලටත් සබ් දෙන්න සහෝ තෑන්ක්ස් සබ් එකට