Watch Trailer

Death Wish 4: The Crackdown (1987) Sinhala Subtitles | පෝල් කර්සිගේ හතරවන වික්‍රමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම. Death Wish චිත්‍රපට මාලාවේ පළමු කොටස් තුන ඔයාල බලන්නත් ඇති. අද මං අරන් ආවේ ඒකේ හතරවෙනි චිත්‍රපටයේ සිංහල උපසිරසියයි. Death Wish 4: The Crackdown වසර කීපයකට කලින් පෝර්ල් කර්සිට තම බිරිඳත් දියණියත් අහිමිවන්නේ මැර කල්ලියක් විසින් සිදු කරන කෘෘර ඝාතනයන් නිසයි. නීතියෙන් කිසිම…

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.

Death Wish චිත්‍රපට මාලාවේ පළමු කොටස් තුන ඔයාල බලන්නත් ඇති. අද මං අරන් ආවේ ඒකේ හතරවෙනි චිත්‍රපටයේ සිංහල උපසිරසියයි.

Death Wish 4: The Crackdown

වසර කීපයකට කලින් පෝර්ල් කර්සිට තම බිරිඳත් දියණියත් අහිමිවන්නේ මැර කල්ලියක් විසින් සිදු කරන කෘෘර ඝාතනයන් නිසයි. නීතියෙන් කිසිම පිළිසරණක් නැති තැන කර්සි නීතියත් පිස්තෝලයත් අතට ගන්නේ තමන්ට සිද්ධවුන අපරාධයට අසාධාරණයට පිළිතුරු දෙන්නයි. මේ නිසාම කර්සි පත්තර වලට පුවත් මවන්නෙක් වෙනවා. අසාධාරණයට එරෙහිව පෝල් කර්සි පිස්තෝලයෙන් උත්තර දුන්නා. නීතියට ලං වෙන්න බැරි නිලයට බලයට මුවා වෙමින් අපරාධ කරන අයවළුන්ට පවා පෝල් කර්සි උණ්ඩයෙන් උත්තර දුන්නා.

කාලයක් නිහඬව තමන්ගේ ගෘහ නිර්මාණ ව්‍යාපාරික කටයුතු කරමින් සාමකාමී දිවියක් ගෙවන පෝල්ගේ ජීවිතය තවත් වරක් දෙදරා යන්නේ තමන් ඒ වනවිට ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන කැරන් නම් මාධ්‍යවේදිනියගේ දුව හෙරොයින් අධිකව ලබාගෙන මිය යෑමත් එක්කයි. ජාවාරම්කාරයින් සහ මේ මරණයට වගකිවයුත්තන් කවුදැයි හඳුනාගත්තත් එයාලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තැන පෝල් කර්සිව නැවතත් පිස්තෝලය අතට ගන්න තැනට ඇදිලා යනවා.

මෙවර කර්සිට ගැටෙන්න වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ජාලයක් එක්කයි.

සුපුරුදු ලෙස පෝල් කර්සි ලෙස Charles Bronson සමඟ Kay Lenz, John P. Ryan, Perry Lopez, Danny Trejo, Soon-Tek Oh, George Dickerson ඇතුළු රැසක් රංඟනයෙන් දායක වේ. නිෂ්පාදනය Pancho Kohner විසින් වන අතර තිර රචනය Gail Morgan Hickman විසිනි. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය J. Lee Thompson විසිනි.

1987 නොවැම්බර් 6 වෙනිදා තිරගත වීම ආරම්භ වුන මෙම චිත්‍රපටය විනාඩි 99ක ධාවන කාලයකින් යුක්තය. මෙහි නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 5ක් පමණ වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 6.9ක් පමණ වේ.

මේ චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.4 ක්, Rotten Tomatoes 13% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 81%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්.

ළඟදීම දවසක මෙම චිත්‍රපට මාලාව සම්පූර්ණ කරමින් Death Wish 5: The Face of Death චිත්‍රපටයටත් සිංහල උපසිරසිය අරන් එන්න පොරොන්දු වෙනවා. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,744 downloadsDownload Death-Wish-4-The-Crackdown-1987.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,744 downloadsDownload Subtitles30 KB

11 comments

  1. Anonymous

    නියමයි. එනකන් බලන් හිටියේ.. ස්තුතියි සහෝ.
    ජයවේවා......!

  2. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, මෙම සිනමා මාලාවේ මීට පෙර ඒවා තුනම ඔබේ සබ් වලින් නරඹා තිබෙනවා.
    බලන්න මෙම සබ් එකත් ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  3. Anonymous

    Old is gold, Thanks!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. indika 75

    thanks..

  7. Udara Damith

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  8. Dewadithya

    Thanks for Sub!

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!