සුබ දවසක් වේවා යාළුවනේ, ඉතිං කොහොමද? කාලෙකට පස්සෙ ආයෙත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේකෙ පළවෙනි එක බලපු අය දන්නවා ඇති ඒක කොහොමද කියලා. සුපිරියක් තමයි. මේ ඒකෙ දෙවනි එක. මේක බාන්න යද්දි පටලවගන්න එපා, මොකද මේකෙ නම Debt collector 2 වගේම Debt collectors දෙවිදියටම තියෙන නිසා. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් හොඳ ලින…
සුබ දවසක් වේවා යාළුවනේ, ඉතිං කොහොමද? කාලෙකට පස්සෙ ආයෙත් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේකෙ පළවෙනි එක බලපු අය දන්නවා ඇති ඒක කොහොමද කියලා. සුපිරියක් තමයි. මේ ඒකෙ දෙවනි එක. මේක බාන්න යද්දි පටලවගන්න එපා, මොකද මේකෙ නම Debt collector 2 වගේම Debt collectors දෙවිදියටම තියෙන නිසා. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් හොඳ ලින්ක් ටිකක් දෙයි. මුලින්ම කියන්න ඕනෙ මේකෙ වෙබ් පිටපත ඇවිත් ටිකක් කල් වෙනවා. සමාවෙන්න ඕනෙ පරක්කු උනාට. ඒවගේම මේක බලන්න කලින් පළවෙනි එකත් බලන්නම ඕනෙ, (කලින් ඒක බලලා නැත්නම්) මොකද ඒක ඉවරවෙන තැන ඉඳලා තමයි මේක පටන්ගන්නෙ.
ඉතිං පළවෙනි ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්, ෆ්‍රෙන්ච් කියන්නෙ මාෂල් ආට් ගැන හොඳ දැනුමක් තියෙන හාදයෙක්. හදිසියෙම එයාට එයාගෙ ජොබ් එක නැතිවෙනවා. ජොබ් එක කිව්වෙ එයා කලේ මාෂල් ආට් උගන්වන එක. ඉතිං එයාට තියෙන මුදල් අවශ්‍යතාත් එක්ක හදිසියේම මරු රස්සාවක් සෙට් වෙනවා. ඒක තමයි පොළියට ණයට සල්ලි දීපු මිනිස්සුන්ගෙ නොගෙවන පොලු තියලා තියෙන සල්ලි ඒවා ගත්ත මිනිස්සුන්ගෙන් ආපහු අරං අයිතිකාරයන්ට දෙන එක. ඉතිං මේකට හැමදෙයක්ම බලාපොරොත්තුවෙන් තමයි යන්න ඕනෙ. මොකද සල්ලි අරං තියෙන අයත් එසේ මෙසේ අය නෙවෙයි.
ඉතිං මේ වැඩේට මෙයාට සෙට් වෙනවා මරු හාදයෙක්. එයාගෙ නම සුලින්ස්කි, හැමෝම කියන්නෙ ‘සූ’ කියලා. පට්ටම පොරක්. ඔහොම දවසක් දෙකක් මෙයාලා වැඩේ කරගෙන යද්දි මෙයාලගෙ බොසා උන ටොමී අළුත් වැඩක් මෙයාලට බාරදෙනවා. ඒ තමයි බාබෝසා නම් පාතාල නායකයගෙ සල්ලි වගයක් ආපහු ගන්න එක. මේකට සූනම් එච්චර කැමති වෙන්නෙ නෑ. මොකද බාබෝසා කියන්නෙ අමු තිරිසනෙක්, පොඩ්ඩක්වත් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නොවන හින්දා. පස්සෙ කොහොමහරි මෙයාලා වැඩේට කැමති වෙනවා. ඒත් ඒ වැඩේ මෙයාලා වෙනුවෙන් අටවපු උගුලක් කියලා දැනගද්දි ප්‍රමාද වැඩියි. ඉතිං අවසානෙ වෙන්නෙ සූට ජීවිතෙන් වන්දි ගෙවන්නයි ෆ්‍රෙන්ච්ට වෙඩිකාගෙන පැනලා යන්නයි. හැබැයි පස්සෙ ටොමී ඇවිත් බාබෝසව මරලා දානවා.
ඔන්න ඔහොමයි පළවෙනි කතාව ඉවර වෙන්නෙ. දෙවනි එක ගැනනම් වැඩියෙ කියන්න කැමති නෑ. මොකද ඒකෙ පළවෙනි දර්ශනේම ඇස් අදහාගන්න බැරි එකක්. ඇත්තටමයි කියන්නෙ. ඉතිං ඒගැන කිව්වොත් කුතුහලය නැතිවෙනවා වගේම ස්පොයිලර් ඇලට් එකක් වෙනවා. පොඩි දෙයක් කියන්නම්, මේපාර කරන්න තියෙන්නෙ වැඩ තුනක් විතරයි. හැබැයි ඒ වැඩ තුනම කරනවා තියා හිතාගන්නත් බැරි වැඩ. මේ වෙද්දි බාර් එකක ආරක්ෂකයෙක් විදියට රස්සාව කරන ෆ්‍රෙන්ච්ට අවාසනාවන්ත විදියට ඒ රස්සාව අහිමි වෙනවා. ඉතිං අහඹු විදියට ආයෙමත් පරණ රැකියාව සෙට් වෙනවා. ඉතිං මෙයාට තමයි අර වැඩ තුන කරන්න වෙන්නෙ. ඒවගේම පුදුමසහගත හවුල්කරුවෙකුත් සෙට් වෙනවා.
ඉතිං යාළුවනේ මෙයා ඒ වැඩ කරයිද, මං මුලින්ම කියපු පුදුම දේ මොකක්ද එතකොට අමුතු සහයකයා කවුද කියලා මේක බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා.
මේකෙ නිෂ්පාදනය ගැනත් ටිකක් කියන්නම්, මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ අපි කවුරුත් දන්න බොයිකා හෙවත් ස්කොට් ඇඩ්කින්ස්. ඒවගේම ලුයිස් මැන්ඩිලොර්ත් සම ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මේක ක්‍රියාදාම ගණයට වෙන් කරලා තිබ්බත් කතාව පුරාම හාස්‍යයකුත් ගලාගෙන යනවා. ඒවගේම සංවේදී කතා ටිකකුත් තියෙනවා. විනාඩි 97ක් පුරා ගලා යන කතාව මේ වෙද්දි IMDb ලකුණු 5.6ක් වගේ ප්‍රමාණයක් ගන්න සමත්වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ජෙස් වී. ජොන්සන් කියලා කෙනෙක්. නිෂ්පාදනය වෙනුවෙන් ස්කොට් ඇඩ්කින්ස්ඩ්ද හවුල් වෙලා තියෙනවා. ඉතිං ඔය ටික ඇතියි කියලා හිතනවා. බාගෙන බලන්න.
ස්තූති කරනවා හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම, ඒවගේම මේ ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කරලා තිබ්බ චාමර සහෝදරයාටත් මට උපසිරැසියක් හදන්න පුළුවන් කියලා මාව මේකට යොමු කරපු තරිඳු රුක්ෂාන් සහෝදරයාටත්, හසන්ත අයියා ඇතුළු බයිස්කෝප් පවුලේ හැමෝටමත්. ප්‍රාර්ථනා කරනවා මේ විපත්ති කාලයේ ඔය හැමෝම තෙරුවන් සරණින් ආරක්ෂා වෙන්න කියලා.
එහෙනම් ආයෙත් වෙලාවකින් උපසිරසියකින් හමුවෙමු. ආ… කියන්න දෙයක් තියෙනවා. සබ් එක බාලා ස්තූතියි කියලා කමෙන්ට් එකක් නොදැම්මත් පුළුවන්නම් මේක බලලා සබ් එක කොහොමද කියලා යන්න. මොකද මං මේක කලේ ටිකක් වෙනස් වහරකින්. මං දැනගන්න කැමතියි ඔයාලගෙන් ඒක කොහොමද කියලා. අවුල්වගේනම් වෙනස් කරගන්න හරි. එහෙනම් ස්තූතියි… ගිහින් එන්නම්.
ඔබට ජය…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,309 downloadsDownload Debt-Collectors-2020.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
26 comments
Pcvenom
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!prageeth
thanks bro
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
Ayesh
උපසිරසියට ස්තුතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!indika75
thanks..
gihan perera
මේක දෙනකන් බලන් හිටපු ෆිලුමක්.... පළවැනි ෆිලුමත් පට්ට මචන්... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.....
මාලක ප්‍රසාද්
thnq bro sub ekata.... supiriyak
Suranjan
Thanks jayawewa.....!
Nelson
Good work friend, Thanks for the sub
isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට... ජය!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Malith Samarawickrama
thanks mchan subata
Udaya Fdo
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara 123
elaaaa
Pramukmili
Thanx bro..............
Anonymous
Thanks
Harshana
Mekata Bluray Sub Eka Denna...
lakshan
thanks ......................
Dewadithya
Thanks for sub!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sthuthi