හොඳයි, එහෙනම් ඔන්න නත්තල් කාලය වෙනුවෙන් පවුලේ හැමෝටම එකට ඉඳගෙන පැලෙනකන්ම හිනා වෙවී බලන් පුළුවන් නත්තල් චිත්‍රපටියක් තමයි මම මේ දැන් අරන් ඇවිත් තියෙන්නේ. Box office ආදයම් වාර්තා තැබීමටද මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා. එහෙනම් වැඩි කතා නැතුව මම ඔයාලට මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම්, ස්ටිව් ෆින්ච්,…
හොඳයි, එහෙනම් ඔන්න නත්තල් කාලය වෙනුවෙන් පවුලේ හැමෝටම එකට ඉඳගෙන පැලෙනකන්ම හිනා වෙවී බලන් පුළුවන් නත්තල් චිත්‍රපටියක් තමයි මම මේ දැන් අරන් ඇවිත් තියෙන්නේ. Box office ආදයම් වාර්තා තැබීමටද මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා. එහෙනම් වැඩි කතා නැතුව මම ඔයාලට මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම්,
ස්ටිව් ෆින්ච්, නත්තල සම්ප්‍රදායික අන්දමින් තම දරුවන් සහ බිරිඳ සමග සැමරිමට උවමනා පුද්ගලයෙක්. මෙයාලගේ අසල්වැසි ගෙදරට දවසක් රෑ එනවා අලුත් පවුලක් පදිංචියට. මේ පවුල හින්දා ස්ටිව්ගේ නත්තලේ සියලුම කටයුතු අදහස් හා සැලසුම් සේරම විනාස වෙලා යනවා. මේ ආපු පවුල නිසා නගරයේ නිස්කලංක බාවය නැතුව යනවා වගේම රෑට හොඳ හැටි නින්දක්වත් ස්ටිව්ලට ගන්නට බැරි වෙනවා. මේ සේරම දේවල් වලට හේතු වෙන්නේ මේ අසල්වැසි නිවසේ ඉන්න බඩි හෝල්ගේ ලස්සන විසේකාර නිවුන් දුවලා දෙන්නා එයාලගේ තාත්තට පෙන්නන අන්තර්ජාල සිතියම් සේවාවක් හේතුවෙන්. මේ සිතියම් සේවාවේ අසල්වැසි නිවාස දිස්කර පෙන්වූවත් බඩිලගේ නිවස දිස්කර නොපෙන්වයි. ඊට හේතුව කුඩා නිවාස චන්ද්‍රිකාවට දර්ශනය කර ගැනීමට අපහසු නිසාය. මේක බඩිට ඒ වෙලාවේ තේරුම් ගිහින් හුඟක් කනස්සල්ලට පත් වෙනවා, ස්ටිව්ලගේ ගෙදරත් මේකේ පෙන්නනවා නමුත් තමන්ගේ ගෙදර නෑ. කෙසේ හෝ තමන්ගේ නිවස ඉහළ අභ්‍යවකාශයට පෙනෙන අන්දමින් දිස්කරවා ගැනීමට බඩි විදුලි බුබුළු රැගෙන තමන්ගේ නිවස වටා සවි කරගෙන දල් වනවා. නමුත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ, තවමත් බඩිගේ නිවස සිතියම් සේවාවේ නොපෙන්වනවා. මේ නිසා බඩි විශාල ප්‍රමාණයක් විදුලි බුබුළු රැගෙන මුළු නිවසම තොරණක් ආකාරයට ආලෝකමත් කරනවා. බඩිගේ මම උත්සහය ගැන රූපවාහිනියේ පාවද කතාබහා කිරීමට ලක්වෙනවා. බඩි තමන්ගේ නිවස අභ්‍යවකාශයට දිස්කරවා ගැනීමේ මෙම උත්සහය නිසා ස්ටිව් බඩි අතරේ හැලහැප්පීම් විශාල ලෙස ඇති වෙනවා. ස්ටිව් කඩාකප්පල්කාරී වැඩ පිළිවෙලක්ද ආරම්භ කරනවා බඩිගේ මෙම කටයුතු විනාස කර දැමීමට. මේ අතරෙම බඩිත් සිය උවමනාවෙන්ම ස්ටිව්ට හිසරදයක් ඇති වෙන අන්දමින් වැඩ කටයුතු දිගින් දිගටම සිදු කරනු ලබනවා.
ඉතින් බඩිට පුළුවන් වෙයිද එයාගේ ගෙදර අභ්‍යවකාශයට පේන විදියට දිස්කරවන්න ? ස්ටිව් බඩිගේ වැඩ කඩාකප්පල් කරන්න මොන වගේ දේවල්ද කරන්නේ ? බඩී ස්ටිව්ට හිසරදයක් වෙන්න කරන දේවල් මොනවද ? මේවට උත්තර දැනගන්න එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න.
100%ක් විශ්වාසයි මේක ඔයාලට හොඳ හැටි හිනා වෙන්න පුළුවන් චිත්‍රපටියක් වෙයි කියලා.
සුභ නත්තලක් හැමෝටම !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,674 downloadsDownload Deck-The-Halls-2006.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
11 comments
SAjith Anthony
Sanjayakk34
Apiata one film ekaka sub search karala ganne kohomada
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
subata thanks saho...
IreshSampath
thanks
Tharaka
THANKS............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajitha rasanga
good work
Sachintha Kalhara Benet
naththalata kiyapu film eka.
Thank you bro.podda
thanks
nalin.kumara0510
Thanks bro good luck.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!