Watch Trailer

Kolya (1996) Aka Kolja Sinhala Subtitles | රුසියන් දරවා හා වියපත් බඹරාගේ කථාව [සිංහල උපසිරැසි සමඟ]

චෙක්ජනපදයෙන් බිහිවු මෙම සලරුව 1997 වර්ෂයේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ලෙස Oscar සම්මානයට පාත්‍ර වු Golden Globe සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය ලෙස සම්මානය දිනු Czech Lion සම්මාන උළෙලේ සම්මාන 06 ක් හා Tokyo Sakura Grand Prix සම්මාන උළෙලේද ඇගයුමට පාත්‍රව imdb දර්ශකයේ 7.8/10, Rotten Tomatoes 96%…

චෙක්ජනපදයෙන් බිහිවු මෙම සලරුව 1997 වර්ෂයේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ලෙස Oscar සම්මානයට පාත්‍ර වු Golden Globe සම්මාන උළෙලේ හොදම විදේශීය චිත්‍රපටය ලෙස සම්මානය දිනු Czech Lion සම්මාන උළෙලේ සම්මාන 06 ක් හා Tokyo Sakura Grand Prix සම්මාන උළෙලේද ඇගයුමට පාත්‍රව imdb දර්ශකයේ 7.8/10, Rotten Tomatoes 96% ද, ගූගල් පරිශීලකයන්ගේ මනාප 89% ලබා ගෙන ඇති අප හට මඟ හැරුනු විශීෂ්ඨ ගණයේ නිර්මාණයකි.

1988 සෝවියට් දේශය විසිර යාමෙන් පසු කාළයේ චෙක් රාජ්‍ය තුල ඇති වු සමාජ දේශපාලන වටපිටව අලලා නිර්මාණය වු මෙහි කථා ප්‍රස්තූතයේ ප්‍රධානෙ චරිතවක් වන František Louka නම් මැදිවිය පසුවු තනිකඩ පුද්ගලයා එරට ප්‍රධාන පෙලේ වාද්‍යවෘන්දයකින් (චෙස් ෆිල්හාර්මනියේදී) ‍ඔහු ක්‍රියාකළ දේශපාලණික කාරණා මත ඉවත්කරන ලද වත්මනේ මියගිය අය ආදාහනය කරන අවස්ථාවලට සංගීතය සපයන කුඩා සංගීත කණ්ඩයමක චෙලෝ වාදකයෙක් රැකියාව කරමින් සිටින අතර විවාහ වීම ගැන පැහැදිමක් නොමැති තම සල්ලාල ජීවිතය විනෝදයෙන් ගත කරමින් දිවි ගෙවන පුද්ගලයෙකි.

“කොලියා” (Fictional character) නම් අවුරුදු 05 ක දරුවාගේ භුමිකාව මෙහි කේන්ද්‍රීය චරිතයක් වන අතර ලූකාහට මෙම කාථාවේ කේන්ද්‍රීය අවස්ථාව වන මෙම සිඟිති දරුවාගේ භාරකාරත්වය පත්වීම හා ඔහු බලා ගැනීමට සිදුවන අතර දෙදෙනාම ඔවුනොවුන්ගේ භාෂාව නොදැන ගැනිමෙන් අර්බුදකාරි තත්වයකටද පත්වේ.

එක් අවස්ථාවක චෙක් පුරවැසිභාවය සොයා එන තරුණ රුසියානු තරුණ එක්දරු මවක් හා විවාහ වීමට මිතුරකු මාර්ගයෙන් ඔහුට යෝජනාවක් එන අතර මෙම බොරු විවාහයෙන් ලැබෙන මුදල ගැන සිතා ඔහු මෙම විවාහය සිදුකරගන්නා අතර ඔහු එයින් තම ණය මුදල් හා සිහින වාහනයද මිලදී ගන්නා අතර ඇය චෙක් පුරවැසිභාවය ලබා තම දරුවා මවගේ භාරයේ තබා හොර රහසේම දකුණු ජර්මනියට පලා යන්නේ ඇයගේ පෙම්වතා සමග එක්විමටයි.

පවුල් ජීවිතය හා බැඳීම් මෙන්ම වගකීම්වලටද තරයේ විරුද්ධ ලුකා හටා අවුරුදු 05 ක “කොලියා” රැකබලා ගැනීමට වීමත්, තම සල්ලාල විනෝදකාමි ජීවිතයට එයින් වෙන බලපෑම මෙන්ම යටිපෙලින් දිවයන 1988 කාළයේ සිදුවු වෙල්වට් විප්ලවය හා චෙකොස්ලොවැකියානු දේශපාලනිකව සිදුවූ දේ පිළිබඳ මනා කියවීමක් හා අදහසක් මෙම නිර්මාණය හරහා අපට බලා ගැනීමට හැකිවන අතර මෙම නිර්මාණය අධ්‍යක්ෂකවරයාගේ රුසියානු අධිපතිත්වය පිළිබඳ ඇති අදහසද නිර්මාණය ඇතුලතින් කියවීමට හැක.

තව තව දේවල් අඩංගු මෙම නිර්මාණය රසවිඳීමට කැමතිනම් biscopedownload හි torrent link එක තියෙනවා බාගත කරගැනිමට හැකි බවත්, මෙය නාට්‍යම වර්ගයේ නිර්මාණයක් බැවින් එවැනි ශ්‍යානරයේ Movie වලට කැමති අය නරඹන ලෙසත්, හැමදැමවගේ බයිස්කෝප් admin සෙට් එකට ස්තූතිවන්ත වෙමින් හා බයිස්කෝප් අඩවියට ජය පතමින් නවතිමි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

980 downloadsDownload Kolya-1996.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Chanmatara

Subtitles

980 downloadsDownload Subtitles42 KB

15 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Kulanjana Maduranga

    subata thanks saho....

  3. kavinuweerakkody

    බොහොම ස්තූතියි!
    ලිපිය ලියලා තියෙන විදිහට බලන්න ආසාවක් ආවා...
    ජය වේවා.

  4. Shehan Rulz

    thada

  5. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
    අපි හුග දෙනෙක්ට මග ඇරුන පට්ටම ෆිල්ම් සෙට් එකක් තමයි හොදම විදේශ බාශා චිත්‍රපටිය වෙනුවෙන් පිරිනැමෙන ඔස්කාර් සම්මානය වෙනුවෙන් නිර්දේශ උන ෆිල්ම් සෙට් එක. මුලු ලෝකෙ පුරාවටම හැදුන හොදම ෆිල්ම් සෙට් එකක් තමයි ඒ. පුලුවන්නම් ඒ ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ. ඩවුන්ලෝඩ් ගාන අඩු උනත් ඇත්තටම ඒවා ආසාවෙන් රසවිඳින රසිකයෝ පිරිසක් ඉදීවි...

  6. sulochana

    thank you sub akata...

  7. Tharaka

    THANKS..................

  8. indika75

    thanks..

  9. Priyantha Dayakeerthi

    සොයුර,
    මෙම වෙබ් එකට ඔබ සුවිශේෂී පුද්ගලයෙක්. මා එසේ කියන්නේ ඔබ නිතරම සබ් කරන්නට තෝරාගෙන ඇත්තේ ලෝකයේ නිපදවූ ඉතා වටිනා සම්මානලාභී සිනමාපට. එහෙත් පැරණි සිනමාපට රසිකයෙක් ලෙස මා යෝජනා කරනවා 1960 සහ 1970 දශකයේ සම්මානලාභී සිනමාපටයකටත් ඉඳ හිට හෝ සබ් කරන්න කියලා. මෙයත් නරඹනවා. ඔබේ වෙහෙසට මාගේ ස්තුතිය!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Priyantha Dayakeerthi

    මෙහි ලින්ක් එකක් සොයාගන්නට නැහැ. එය ලබාගන්න ආකාරය දැනගන්න පුළුවන් ද?

  12. Chanmatara

    Torrent link එක.
    thepiratebay.org/torrent/3889692/kolya_(1996)_jan_sverak

    1. Priyantha Dayakeerthi

      ස්තුතියි ඔබට!

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Emi

    Thank you