Watch Trailer

Deepsea Challenge (2014) AKA James Cameron’s Deepsea Challenge 3D Sinhala Subtitles | ගැඹුරු සයුරේ අභියෝගය [සිංහල උපසිරසි]

පෘථිවියෙන් පිට විවිධ ග්‍රහලෝක මන්දාකිණි ගැන ගවේෂණය කරන මිනිස්සු තමන් ජීවත්වෙන පෘථිවියේ ගැඹුරුතම සාගර පතුල් ගැන දන්නේ මොනවද? ඇත්ත වශයෙන්ම ගැඹුරු සාගරයේ තවමත් ගවේෂණය නොකෙරුණු ස්ථාන බොහොමයක් තියෙනවා. අදටත් අපි සාගරය ගැන දන්නා දේ ඉතා අල්පයි. එයට හේතුව එතරම් ගැඹුරකට මිනිසුන් ගෙන යා හැකි යාත්‍රා නිපදවීම…

පෘථිවියෙන් පිට විවිධ ග්‍රහලෝක මන්දාකිණි ගැන ගවේෂණය කරන මිනිස්සු තමන් ජීවත්වෙන පෘථිවියේ ගැඹුරුතම සාගර පතුල් ගැන දන්නේ මොනවද? ඇත්ත වශයෙන්ම ගැඹුරු සාගරයේ තවමත් ගවේෂණය නොකෙරුණු ස්ථාන බොහොමයක් තියෙනවා. අදටත් අපි සාගරය ගැන දන්නා දේ ඉතා අල්පයි. එයට හේතුව එතරම් ගැඹුරකට මිනිසුන් ගෙන යා හැකි යාත්‍රා නිපදවීම අතිශය වියදම් සහගත දුෂ්කර කාර්යයක් වන නිසා යි. මගේ හැට හතරවන උපසිරැසි නිර්මාණය ලෙස අද මම ඔබ වෙත ගෙන එන වාර්තා වැඩසටහන එවැනි එක් ප්‍රයත්නයක් ගැන කියවෙන්නක්. ඒ ජේම්ස් කැමරන් විසින් නිෂ්පාදනය කෙරුණු Deepsea Challenege (2014). කුඩා කාලයේ පටන් ගැඹුරු සාගර ගවේෂකයෙක් වී පෘථිවියේ ගැඹුරුම ස්ථානය ලෙස සැලකෙන චැලෙන්ජර්ස් ඩීප් වෙත කිමිදෙන්නට සිහින දුටු ජේම්ස් කැමරන් තම සිහිනය සැබෑ කරගන්නට ක්‍රියා කළ ආකාරය, ඔහු එහිදී මුහුණදුන් අතිශය බිහිසුණු අභියෝගයන් සහ ඔහුගේ ගවේෂණයෙන් ලද තොරතුරු විශ්ලේෂණයක් අතිශය විචිත්‍රවත් ලෙස ඉදිරිපත් වෙනවා. 2014 අගෝස්තු 08 වැනිදා මුල්වරට නිකුත් කෙරුණු Deepsea challenge වාර්තා වැඩසටහන IMDb දර්ශකයේ 6.8/10ක අගයක් ලබාගන්නට සමත් වුණා. ඔබ තුලත් කුතුහලයෙන් පිරුණු ගවේෂකයෙක් සිටියි නම් ගෙදර සැපපහසු ආසනයක සිටම පෘථිවියේ ගැඹුරුම ස්ථානයට ගවේෂණයක නිරත වන්නට මේ Deepsea Challenger වාර්තා වැඩසටහන උපකාරී වේවි.

ජේම්ස් කැමරන් කිමිදුමට යොදාගත් ‘ගැඹුරු මුහුදේ අභියෝගකරු’ ගිල්ලුම් යාත්‍රාව

ඇත්තටම චැලෙන්ජර්ස් ඩීප් වෙත මුලින්ම කිමිදුණේ කවුද? 1960 වසරේ ජැක්ස් පිකාඩ් සහ ඩොන් වොල්ෂ් දෙදෙනා Bathyscaphe Trieste ගිල්ලුම් යානයෙන් සාර්ථකව, සාගර පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 11ක් ගැඹුර චැලෙන්ජර්ස් ඩීප් වෙත සාර්ථකව කිමිදුණා. ඒ තමයි වාර්තාගත මුල්ම චැලෙන්ජර් ඩීප් ගවේෂණය. කුඩා කල රූපවාහිනියෙන් ඒ කිමිදුම නරඹපු දරුවෙක් වුණු ජේම්ස් කැමරන් සිහින දුටුවේ තමන්ගේම යානයක් නිර්මාණය කරගෙන එම ස්ථානයට යළිත් ගවේෂණයක නිරත වෙන හැටියි. පනස් දෙවසරකට පසු, 2012 මාර්තු 26 වැනිදා, චැලෙන්ජර්ස් ඩීප් වෙත තනිව කිමිදුණු පළමුවැන්නා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවමින්, ඔහු කෙසේ හෝ එම සිහිනය සැබෑ කරගත්තා. 2012දී ජේම්ස් කැමරන් විසින්ම නිපදවාගත් ‘ගැඹුරු සයුරේ අභියෝගකරු’ හෙවත් Deepsea Challenger යාත්‍රාවෙන් චැලෙන්ජර්ස් ඩීප් වෙත කිමිදෙන තුරු වෙනත් කිසිම ගවේෂකයෙක් එතැනට ලඟා වුණේ නැහැ. එය එතරම්ම අභියෝගකාරියි. ගැඹුරු සාගරයේ කිමිදෙන්නෙකුට මරණයට පත්විය හැකි බිහිසුණු ආකාර ගණනාවක් තිබෙනවා. ඒ සෑම දෙයකින්ම ආරක්ෂිතව පෘථිවි සාගර පතුළ සාර්ථකව ගවේෂණය කිරීම සුළු පටු අභියෝගයක් නෙවෙයි. කැමරන් කොහොමද මේ අභියෝගය ජයගත්තේ? මේ වාර්තා වැඩසටහනෙන් කැමරන් ඔබට ඒ සියල්ල විස්තර කරාවි. ටයිටැනික් නැව ගිලුණු ගැඹුර මෙන් තුන් ගුණයක් ගැඹුර චැලෙන්ජර්ස් ඩීප් වෙත කිමිදෙන්නට ගිල්ලුම් යාත්‍රාවක් නිෂ්පාදනය කරද්දී සැළකිය යුතු කරුණු කාරණා මොනවද? එවැනි අතිගැඹුරක කිමිදෙනවිට ඊට ඉහළින් ඇති අතිවිශාල ජල කඳේ බර දැරිය හැකි අන්දමින් ගිල්ලුම් යාත්‍රාවේ බඳ නිර්මාණය කළ නොහැකි වුණොත් මොකද වෙන්නේ? පහුගිය දිනයක ටයිටැනික් නෞකාවශේෂය නැරඹීමට කිමිදුණු Titan යානයට වුණු දේ ඔබ හොඳින් දන්නවා ඇති. යානය අන්තර් විදාරණය (Implosion) වීම වැළක්වීම සඳහා එවැනි සාර්ථක කිමිදුම් යානා නිපදවූවන් අනුගමනය කළ ක්‍රියාමාර්ග මෙහි ඉතා සවිස්තරව ඉදිරිපත් වෙනවා.

1960දී ඩොන් වොල්ෂ් සහ ජැක්ස් පිකාඩ් විසින් චැලෙන්ජර්ස් ඩීප් හි කිමිදුමට යොදාගත් Triesty යානය

එසේ නම් ජේම්ස් කැමරන්ගේ Deepsea Challenge (2014) Sinhala Subtitles සහිතව රසවිඳිය හැකියි. මෙහිදී මම උපසිරැසිය නිර්මාණය කළේ D e e p s e a . C h a l l e n g e . 2 0 1 4 . 7 2 0 p . B l u R a y . x 2 6 4 . A A C – [ Y T S . M X ] පිටපතටයි.
මේක නම් බලන්නම වටිනා වාර්තා වැඩසටහනක්!

එහෙනම් නැවතත් උපසිරසියකින් ඔබ හමුවන තුරු ආයුබෝවන්! ඔබට තෙරුවන් සරණයි!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BluRay පිට‍පත සඳහා ලබා දී ඇත.

2,881 downloadsDownload Deepsea-Challenge-2014-AKA-James-Camerons-Deepsea-Challenge-3D-Sinhala-Subtitles.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

2,881 downloadsDownload Subtitles47 KB

14 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro

  2. Achintha Udayanga

    බොහොම ස්තූතියි උපසිරැසිය වෙනුවෙන් වගේම වටිනා ලිපියටත්.
    දිගටම ඕන..❤

  3. thilina

    ado thx ahh.pulvnm machan ubata porage tava evva vagayak tynva evath sub denna plz.vatinva evva nam

    1. Shamal Manojan

      උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

      හැකිනම් ජේම්ස් කැමරන්ගේ
      The Abyss - 1989 චිත්‍රපටයටත් උපසිරැසි ලබාදෙන්න.

  4. Roahan

    අඩො සුපිරි.
    මේ වගේ ඒවට දිගටම දෙන්න.
    මාර වටිනව.

  5. Asanga kb

    බොහොම ස්තුතී..

  6. Prageeth

    ගොඩාක් ස්තූතියි

  7. තිසර රත්නායක

    වටිනා කරුණු ඇතුළත් කරලා හදපු ලිපියටත් , උපසිරැසියටත් බොහෝම ස්තූතියි...! අලුත් යමක් ඉගෙනගන්න කැමති අයට මේ වගේ වාර්තා වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත්. ලංකාවෙන් පිටත සිදුවන අපූරු , වැදගත් , ඓතිහාසික සිදුවීම් වල සවිස්තරාත්මක චිත්‍රය දැක ගැනීමට භාෂාව බාධාවක් වී ඇති අපේ රටේ මිනිසුන්ට, ඔබගේ වටිනා කාලය මිඩංගු කරගෙන මේ සිදු කල උපකාරයට බොහොම පිං..!

  8. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. විමා

    සබ් එකට බොහොම ස්තුතියි!

  10. A.D.K.G.WEERASEKARA

    මේක ෆිල්ම් එකටම ඇඩ් කරානම් මරු .

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P