Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: The Meltdown, Ice Age: Dawn of the Dinosaurs, Ice Age: Continenta…

Blue Sky Studios කිව්වාම කවුද නොදන්නේ. 20th Century Fox සමාගමට අයිති උපසමාගමක් වන Blue Sky Studios එයාලගේ පළමු ෆිල්ම් එක වෙච්ච Ice Age චිත්‍රපටියෙන්ම ළමා මෙන්ම වැඩිහිටි හදවත් දිනා ගත්තා කිව්වොත් වරදක් නෑ. ඒකෙන් පස්සේ Robots, Ice Age: The Meltdown, Ice Age: Dawn of the Dinosaurs, Ice Age: Continental Drift, Ice Age: Collision Course, Rio, Rio 2 ආදී ලොව ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපට ගහන්න මේ සමාගම සමත් වුණු නිසා හැමෝම අතරේ ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් විමා අයියාගේ ඉල්ලීම මත අද මේ උපසිරසි අරගෙන එන්නේ එයාලගේ අන්තිම චිත්‍රපටිය වන Nimona නමින් 2023 ජුනි 30 වෙනිදා නිකුත් වුණු චිත්‍රපටියටයි.

කලිනුත් කිව්වා වගේ මේක තමයි Blue Sky Studios සමාගමේ අවසාන චිත්‍රපටිය. ඒ කොහොමද කියන එක ටිකක් සංකීර්ණ කතාවක්. Disney සමාගම විසින් 2019 අවුරුද්දෙදී 20th Century Fox සමාගම මිලදී ගත්ත බව දන්නවා ඇති නේ. ඉතින් ඒත් එක්කම Blue Sky Studios සමාගමත් Disney එකටම අයිති වුණා. මේ අවුරුද්දේම (2019) Blue Sky ලගේ title card එක තියෙන අවසාන ෆිල්ම් එක වන Spies in Disguise කියන චිත්‍රපටිය Disney සමාගම හරහා රිලීස් වුණා. ඉතින් මේ Nimona කියන්නේ 2015 අවුරුද්දේ ඉඳන් Blue Sky සමාගම තුළ නිෂ්පාදනය වෙමින් තිබුණ චිත්‍රපටියක්. Release delays කීපයකට පස්සේ මෙයාලා කියලා තිබුණේ ෆිල්ම් එක 2022 දී රිලීස් වෙන බවයි. කොහොම නමුත් Disney විසින් 2021 පෙබරවාරි 09 වෙනිදා Blue Sky සමාගම වහලා දැම්මයින් පස්සේ Nimona චිත්‍රපටියත් අවලංගු කරනු ලැබුවා. මේ වෙනකොට Nimona 70%ක් සම්පූර්ණ කරලයි තිබුණේ. ඉතින් Annapurna Pictures නම් ආයතනයක් මේක අරගෙන DNEG Animation හරහා animation සම්පූර්ණ කරලා 2023 දී Netflix හරහා නිකුත් කරනු ලැබුවා.

කතාව උපුටාගෙන තියෙන්නේ ND Stevenson විසින් ලියන ලද Nimona නම් graphic novel එකෙන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nick Bruno සහ Troy Quane විසින්. චරිතවලට හඬකවන්න Chloë Grace (නිමෝනා), Riz Ahmed (බැලිස්ටර් බෝල්ඩ්හාර්ට්), Eugene Lee Yang (ඇම්බ්‍රෝසියස් ගෝල්ඩෙන්ලොයින්) ආදී බොහොමයක් දායක වෙනවා. චිත්‍රපටිය මේ වෙනකොට 7.7 ක IMDb අහයක් සහ Rotten Tomatoes දර්ශකයේ 92%ක අගයක් අරගෙන තියෙනවා.

කතාව ගැනත් පොඩ්ඩක් කියනවා නම් මේක සිද්ධ වෙන්නේ මධ්‍යකාලීන යුගය සහ අනාගත තාක්ෂණය මුසු වෙලා තියෙන රාජධානියක. මෙයාලා රාජධානිය වටේ විශාල තාප්පයක් ඉදි කරලා නයිට්වරු පරම්පරාවක් පවත්වාගෙන යනවා එයාලට එන රාක්ෂ ප්‍රහාරවලින් මිනිස්සුන්ව ආරක්ෂා කරගන්න. බැලිස්ටර් බෝල්ඩ්හාර්ට් මේ අතරේදී නයිට්වරයෙක් ලෙස පත් වෙනවා. මෙයා විශේෂ වෙන්නේ නයිට්වරු පරම්පරාවෙන් පැවත එන්නේ නැති, සාමාන්‍ය මිනිස්සු අතරේ ඉපදිලා මහන්සියෙන් වැඩ කරලා නයිට්වරයෙක් බවට පත් වෙන පළවෙනි නයිට්වරයා මෙයා වෙන නිසයි. මෙයාට නයිට් පදවිය ලබා දෙන දවසේ, මෙයාට ලබා දෙන කඩුවෙන් එන කිරණයකින් රැජිනව මරණයට පත් කරනවා. ඉතින් මුළු රාජධානියම මෙයාගේ පස්සෙන් පන්නනවා. මේ අතරේ එයා වගේ දුෂ්ටයෙකුගේ sidekick එක වෙන්න කැමැත්තෙන් ඉන්න, රූප මාරු කරන්න පුළුවන් නිමෝනා කියලා (රාක්ෂ) ගෑනු ළමයෙක් මෙයාව හම්බවෙන්න එනවා. ඉතින් ඉතුරු ටික ඔයාලා බලලම හොයාගන්නකෝ.

අවංකවම කියනවා නම්, විමා අයියාගේ ඉල්ලීම මත ෆිල්ම් එක බලන්න ගන්නකොට නම් මේක හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා මට හිතුනේ නෑ. ඒත් ෆිල්ම් එක බලාගෙන යනකොට තමයි තේරුණේ මේක සෑහෙන්න විනෝද වෙන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා. ඒවගේම හොඳ සමාජ විවරණේකුත් එක්ක තමයි ෆිල්ම් එක අවසන් වෙන්නේ. එහෙම නම් බලන නොබලන එක ඔයාලට බාරයි. ඊළඟ උපසිරසියෙන් ඉක්මනටම හමුවෙමු. පීස් 🙏.

“I don’t know what’s scarier. The fact that everyone in this kingdom wants to run a sword through my heart, or that sometimes… I just want to let them.”

“මම දන්නේ නෑ වැඩියෙන් බය හිතෙන්නේ මොකකටද කියලා. මේ රාජධානියේ ඉන්න හැමෝටම මගේ හදවත කඩුවකින් පසාරු කරන්න ඕන එකද, නැත්නම් සමහර වෙලාවට… මට එයාලට ඒකට ඉඩ දෙන්න ඕන වෙන එකද.”

                                                                                                                                                                                                                                                                                            -Nimona (2023)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

7,702 downloadsDownload Nimona.2023.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

7,702 downloadsDownload Subtitles40 KB

13 comments

  1. shan

    Suzume 2022
    Mavka The Forest Song 2023

    මේ දෙකටත් සබ් කරමුද...

    1. Anonymous

      අඩෝ ඔව් බොක්ක මමත් film එක බාල සබ් එක බලද්දි සබ් එක තාම නෑ. පුලුවන් ඉක්මනින් movka movie එකේ සබ් එක දෙන්න.

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Maduranga

    Please ඉක්මනින් mavka movie එකේ සබ් එක දෙන්ඩෝ☺️

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි.
    කිසිම බයක් නැතුව සබ් එකක් බාරදෙන්න පුළුවන් කෙනෙක්.
    බාරදෙන වැඩේ ලස්සනට කරල දෙනව.

  5. Bimsara Yashan(ඔලිව)

    බලන්නම හිටපු ෆිල්ම් එකක් මේක. උපසිරැසි දුන්න එක නම් බොහොම වටිනවා සනුප මල්ලි. ජයවේවා!

  6. Thenuka Nawan Rathnayaka

    Film එක නම් සුපිරි.ඉවසන්නම බැරුව ඊයෙ subtitle නැතුව බැලුවා.ආපහු sub එකත් එක්ක බලනව . Sub එකට thanks.

  7. Anonymous

    ඒකෙත් ගේ සීන් එකක් කියපන්කො..
    ලස්සන ස්ටෝරියක් සබට තුති මල්ලී.

  8. Buddhika Lakmal (laKMal)

    පට්ට ලිපිය මචං....
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Ravindu

    Thank you brother❤

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Lasitha

    Thanks for the sub
    Film ekanam superb