Watch Trailer

Deewana (1992) | උතුම් වූ පරිත්‍යාගය..[සිංහල උපසිරසි සමඟ]

”Aisi deewangi dekhi nahi kahi” ආයුබෝවන් හැමෝටම. අපේ හිතවතුන් ගොඩ දෙනෙක්, මේ හින්දි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඔන්න එයාලගේ ඉල්ලීමට ගරු කරලා මේ උපසිරැසිය අරගෙන ආවා. 1992 ජුනි 25 තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කන්වාර්. මේ ඔහුගේ පළමුවෙනි චිත්‍රපට නිර්මාණයයි. චිත්…

Deewana 1992

”Aisi deewangi dekhi nahi kahi”

ආයුබෝවන් හැමෝටම. අපේ හිතවතුන් ගොඩ දෙනෙක්, මේ හින්දි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඔන්න එයාලගේ ඉල්ලීමට ගරු කරලා මේ උපසිරැසිය අරගෙන ආවා. 1992 ජුනි 25 තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කන්වාර්. මේ ඔහුගේ පළමුවෙනි චිත්‍රපට නිර්මාණයයි. චිත්‍රපටය සඳහා Rishi Kapoor, Divya Bharti, Shah Rukh Khan, Amrish Puri රංගනයෙන් දායක වෙනවා.Deewana කියන්නේ ශාරුක් ඛාන්ගේ පළවෙනි චිත්‍රපට නිර්මාණයයි. ඔහු රඟපෑව පළවෙනි චිත්‍රපටයම සාර්ථක වෙලා නොසිතූ ලෙස ජනප්‍රසාදයට පත් වෙනවා. ඒ අනුව Filmfare සම්මාන උළෙලේ දි හොඳම ආධුනික නළුවා සම්මානය දිනා ගැනීමට ශාරුක් ඛාන්ට හැකියාව ලැබෙනවා. එම සම්මාන උළෙලේදිම දිව්‍යා භාරති විසින් හොඳම ආධුනික නිළිය සම්මානය හිමිකරගනු ලබනවා.

Nadeem – Shravan විසින් චිත්‍රපටයට සංගීතය සපයා තියෙනවා. Kumar Sanu, Alka Yagnik, Sadhna Sargam, Vinod Rathod ගීත ගායනයෙන් දායක වෙනවා. Filmfare සම්මාන උළෙලේදිම හොඳම ගායනය සඳහා Kumar Sanu විසින්ද, හොඳම ගීත රචනය සඳහා Sameer විසින්ද, හොඳම සංගීතය සඳහා Nadeem – Shravan විසින්ද සම්මාන හිමි කරගනු ලබනවා. ගොඩදෙනෙක් දන්න නිසා චිත්‍රපටයේ කතාව ගැන නම් මං කියන්න යන්නේ නැහැ. ලස්සන ආදර කතාවක්.

ශාරුක් ඛාන්ගේ පළවෙනි චිත්‍රපටය වුනත්, ඔහු රඟපාන චරිතයට තෝරගෙන තිබුනේ වෙන නළුවෙක්ව. ඒත් ඒ නළුවා චිත්‍රපටයට අදාළ ගිවිසුමෙන් ඉවත්ව යාමත් සමඟ ඒ අවස්ථාව ශාරුක් ඛාන්ට හිමි වෙනවා. මේ චිත්‍රපටයේ රඟපාන නිළිය ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දිව්‍යා භාරති මේ නිර්මාණයට දායක වෙනකොට ඇයගේ වයස අවුරුදු 18 යි. 1974 වසරේදි උපන් ඇය, 1992 මැයි 10 ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදක Sajid Nadiadwala සමඟ විවාහ වෙනවා. නමුත් ඇය 1993 අප්‍රේල් 05 වෙනිදා මුම්බායි නුවර මහල් නිවාසයක පස්වෙනි මහලෙන් ඇද වැටීමෙන් මිය යනවා. පසුව ඒ මරණය ගැන ලොකු කතාබහක් ඇති වෙනවා. හදිසි අනතුරක්ද, සියදිවි නසා ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද කියලා ප්‍රශ්නගත වෙනවා. මේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාට සෘජුවම ඇඟිල්ල දිගු වෙනවා. නමුත් පසුව කළ විමර්ශනයකින් මෙම මරණය අනතුරක් නිසා සිදුවූ මරණයක් බවට තීරණය කරනවා. ඒත් ඉතින් ඒකේ ඇත්ත නැත්ත නම් ටිකක් පිළිගන්න අමාරුයි.

මේ චිත්‍රපටයේ දෙවනි කොටස නිර්මාණය කිරීමට අදහසක් තියෙනවා කියලා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා පවසනවා. චිත්‍රපටය අවසානයේත් අපට ඒ පිළිබඳව ඉඟියක් ලබා දෙනවා. ගොඩක් අය බලලා තියෙන චිත්‍රපටයක් වුනාට ආයෙමත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් ආයේ වෙනත් නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා! 

Deewana (1992)  on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

884add97b8c383e81dd22894c1364e6eac9d87b3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,264 downloadsDownload Deewana-1992-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුබුදු රන්දිම

Subtitles

2,264 downloadsDownload Subtitles315 B

39 comments

  1. නලින්

    ස්තුතියි පුබුදු සහෝ!...

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිලුම් මෙව්වා!

    එළස්ස් සහෝ!!

    ජය වෙවා!

  2. දහරා මතු අමා

    නියමයි...
    සබට තුති.

  3. තාරක නුවන් දිල්හාර

    එළකිරි
    නියමයි ඔහොම යමු..
    ජයෙන් ජය

  4. achi

    එල සහෝ එල... ස්තුති. ජය....

  5. කැලුම් ගුණසේකර

    කතාව ගැන මොකුත් ම කියලා නෑ නේ? ස්තුතියි උපසිරැසියට.

  6. “චූටී මල්ලි”

    tnxxxxxxxxxxxxxxxxxxxxx

  7. sandun

    Thanx

  8. චරිත

    කතාව ගායකයෙක් වටා යන කතාවක්. ලස්සන සිංදු ටිකක් එහෙම තියෙනවා.
    මම මේකට උපසිරැසියක් එනකම් හිටියෙ. උපසිරැසියට තුති. :-)

  9. Kulanjana Maduranga

    niayamai…thanks RANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. thisal

    ස්තුතියි පුබුදු සහෝ!…

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිලුම් මෙව්වා!

  11. Sach

    සබට තුති පුබුදු සහෝ !!!!!!

  12. ck

    mokadda dewanin kotasa ?

    1. පුබුදු රන්දිම

      මේ චිත්‍රපටයේ නිෂ්පාදක Deewana 2 කියලා අළුත් නිර්මාණයක් කරන්න යනවලු සහෝ. ඒකේ කතාව පළවෙනි එකට වඩා වෙනස්ලු.

  13. Madusunk

    Ela bro......
    ela.. tnx mchn, elama wadak, balann asawen hitapu film 1k

  14. Nuwan Mihiraaj

    සබ් එකට තෑන්ක්ස්.ඔයාට පුළුවන්නම් EK PHOOL DO MAALI ෆිල්ම් එකට සබ් එකක් දෙන්න.

    1. [email protected]

      සබ් කරපු EK PHOOL DO MAALI ෆිල්ම් එක DVD shop වල තියෙනවා. MV entartainment පළමු හරස් වීදිය.

    2. චරිත

      අභිමාන්, ආරාධනා වගේ පැරණි සිනමාපටවලටත් උපසිරැසි කරනවනම් හොඳයි. මේවට හොඳ ටොරන්ට් තියෙනවද කියන එකනම් හරියටම කියන්න දන්නෙ නැහැ.

  15. පුබුදු රන්දිම

    හැමෝටම ස්තූතියි.

  16. අමිත්

    සබ් එකට නම් බොහොම ස්තුතියි සහොදරයා.
    මෙන්න මේ ටොරන්ට් එක ඩවුන්ලොඩ් වෙන්නේ නැත්තේ අැයි කියලා පොඩ්ඩක් කියලා දෙන්වද?
    මං මේක බාන්න මාසයක් තිස්සේ උත්සහ කරන්වා
    http://www.hon3yhd.com/index.php?page=torrent-details&i…

    1. පුබුදු රන්දිම

      එහෙම මුකුත් අවුලක් නැහැනේ සහෝ. මං දැන් Link එක භාගෙන බැලුවා. ටොරන්ට් එකත් Open වෙනවා.

    2. අමිත්

      Open උනාට ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ.
      DHT , Local Peer Discovery, Peer Exchange තුනම not allowed. :-(

  17. kavinda

    thank you

  18. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. කේ.යූ.ජී. උදාර

    සිංහලෙන් සබ් එනකම් බලාගෙන හිටපු ‍ෆිල්ම් එකක්.............. මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ.

  21. DeeX

    dvd bala thiyenawa. but sin sub thibun na.

    dan balama sub ekka ai balanawa.

    my respect BOLLYWOOD QUEEN 1YEAR MOST AGREEMENT

    10 MOST BUSY ACTRESS ''DIVYA BARATI''

    thanks machan subata.

    see you soon..............................................................................

  22. Chamara Sampath

    හම්මේ ශාරුක් ඉන්න සුපිරි ෆිලුමක් නේහ ඕක,
    එල එල සබට ගොඩක් ස්තුතියි...
    ජය

  23. HarithaREalHD

    හම්මෙ තැන්ක්ස් සබ් එකට
    පුලුවන් නම් Irumbukkottai Murattu Singam (2010) ටැමිල් මූවී එකටත් සබ් දෙන්න
    ජයෙන් ජය!!!!

  24. Chami.S

    Thanks...

  25. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  27. kenaya

    please give sub for 'Disco Dancer ' hindi movie

  28. Madusunk

    mchn govindage (hero no 1 1997) me film 1tth subak dannako..

    1. Samara

      Kohomada phone ekata down load karanne kiyala kiyanawada. App ekak oneda

  29. Pasindu amarasinghe

    Dil Ashana Hain 1992
    Raju Ban Gaya Gentleman 1992
    Maya Memsaab 1993
    King Uncle 1993
    Kabhi Haan Kabhi Naa 1994
    Anjaam 1994
    Oh Darling! Yeh Hai India! 1995
    Zamaana Deewana 1995
    Guddu 1995
    Ram Jaane 1995
    Trimurti 1995
    English Babu Desi Mem 1996
    Chaahat 1996
    Dil Se.. 1998
    Hey Ram 2000
    One 2 Ka 4 2001

    ශාරුක් ගේ මේ ෆිල්ම් ටිකටත් සබ් දෙනවනම් ලොකු දෙයක් සහෝ
    ඔයාගේ උපසිරැසියට තුති

    1. Anonymous

      මේ ඔක්කොම තාමත් ගන්න නෑ නේද,සබ් දෙන්න පුළුවන්ද ශාරුක්ගෙ ඔක්කොම ෆිල්ම් වලට

  30. Lukshitha

    subata isththuiiiiiii,ela wadak bro......oya film eke de 2weni kotasath awada

  31. maikee

    Thankyou sub eka තියෙන නිසා මට ෆිල්ම් එක බලන්න පුලුවන්. මං නිකමට සිංහල සබ් කියලා ගැහුවා ෆිල්ම් එකේ නම දලා. Baiscopelk සයිට් එ⁣ක නිසා මට සතුටුයි. බ් එක කරපු bro තැන්ක්ස්

  32. Shirley

    Ane meka dan balanna ba ne