ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් මේ අගෝස්තු මාසේ නිකුත් වුණ තවත් අලුත්ම Action, Thriller ගණයට අයත් Arulnithi ගේ මේ මාසයේම නිකුත් වුණ දෙවන චිත්‍රපටය IMDb අගය 7.8 ක් වගේ ලොකු ගණනක් අරගෙන තියෙන චිත්‍රපටයක්. 2022 ජූලි මස තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 57ක් පුරා කුතුහලයෙන් දිවෙන Arvindh Srinivasan ග…

ආයුබෝවන් යාළුවනේ ඔන්න ඉතින් මේ අගෝස්තු මාසේ නිකුත් වුණ තවත් අලුත්ම Action, Thriller ගණයට අයත් Arulnithi ගේ මේ මාසයේම නිකුත් වුණ දෙවන චිත්‍රපටය IMDb අගය 7.8 ක් වගේ ලොකු ගණනක් අරගෙන තියෙන චිත්‍රපටයක්. 2022 ජූලි මස තිරගතවීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 57ක් පුරා කුතුහලයෙන් දිවෙන Arvindh Srinivasan ගේ අධ්‍යක්ෂණය යටතේ Madhoo, Achyuth Kumar, Smruthi Venkat, kaali Venkat, Mime Gopi යන අය චරිත නිරූපණය කරනවා. ලේඛකයෙක් ලියන කතාවක සිදුවීම් පෙලක් ඇත්තටම සිද්දවීම මුල් කරගෙන හටගන්නා සිද්ධි දාමයක් ලෙස තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ.
සුබ්‍රමනියම් නැමැති පුද්ගලයෙක් මධ්‍යම රාත්‍රියේ බීමතින් පොලීසියට පැමිණ පැමිණිල්ලක් භාර දෙනවා තමන් ලියන කතාවල දේවල් මිනිසුන්ට ඇත්තටම වෙනවා. එයාල තමන්ට කෝල් වලින් තර්ජනය කරන බවත් තමන්ට ආරක්ෂාවක් අවශ්‍ය බවත් පවසමින්. නමුත් බීමතින් සිටින නිසා පොලීසියේ අයත් වැඩිය ගණනකට නොගෙන පැමිණිල්ල අරගෙන අපි හොයල බලන්නම් කියල මනුස්සයව පිටත් කරල අරිනව. ඉතින් ගෙදර යන සුබ්‍රමනියම් ආපහු අඩියක් ගහන ගමන් ලියන්න පටන් ගන්නවා. ඉතින් එදා රෑ වුණ තරුණ ගැහැණු ළමයෙක්ගේ පැහැරගැනීමක් සම්බන්ධයෙන් පහුවදා උදේම සුබ්‍රමනියම්ගේ නිවසට පොලීසියෙන් එනවා ඔහුව අත් අඩංගුවට ගන්න, පූජා නැමැති කෙනෙක් ගෙන් පැහැරගැනීමක් ගැන පොලීසියට ලැබුණු කෝල් එකක් සම්බන්ධයෙන්. නමුත් ඔවුන්ට සුබ්‍රමනියම්ව අත් අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නෑ. කොහොමින් හරි මේ ගැන පළාතේ ඩී.ජී.පී. ආශාට මේ ගැන දැනගන්න ලැබිලා පොලීසියට ලැබුණු කෝල් අහල බලනකොට සැක හිතෙනව ඒ පැහැරගෙන ගිහින් තියෙන්නෙ තමන්ගේ දුවද කියල. දුවගෙ ෆෝන් එකට යාළුවන්ට කතා කළත් කිසිම හෝඩුවාවක් ලැබෙන්නෙ නෑ. පස්සෙ තහවුරු වෙනවා තමන්ගේ දුව තමයි පැහැරගෙන ගිහින් තියෙන්නෙ කියල. එතනින් පස්සෙ තමයි වැඩේ දරුණු වෙන්නෙ. මුළු රටේම කැළබීමක් ඇතිවෙන්න ගන්නව. ලේඛකයගෙ කතාවෙත් පූජා නැමැත්තියක් පැහැරගැනීමයි ඩී.ජී.පී. ආශාගේ දුව පැහැරගැනීමයි දෙකම එක සමානයි… එහෙනම් මොකද්ද මේකට හේතු වෙන්න ඇත්තෙ කියල අපි බලමු. ආයෙත් චිත්‍රපටයකින් මුණ ගැහෙනකම් හැමෝටම තෙරුවන් සරණයි…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,863 downloadsDownload Dejavu-2022.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
30 comments
Bharatha Saman
Kasun Widusha
Yaanai (2022) sub dendakooo tnx
මිනුල
මේක බලලා සුමානයක් විතර වෙනෝ
Yaanai-2022 ෆිලුමට කවුරුත් තාම sub දුන්නේ නැති නිසා ඒකට ප්‍රමුඛතාව දුන්න නම් ඉවරයි
මොකද මේ ෆිලුම සයිට් එකේ අනිවාර්යයෙන් තියෙන්න ඕන ෆිලුමක් නෙවෙයිනේ
Anyway මහන්සියට respect and thanks
දිගටම sub දෙමු..ජය වේවා..Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Kushan
Sub akta thanks
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Sameera
අරුන් විජේ ගෙ YAANAI සබ ඕන බන්..මේකටත් බොහෝම ස්තූති
Samith
Thanks brother
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Naveen
උපසිරසියට තුති
Anonymous
arulnithi ge diary filumath aapu gmn sub demu
bunny
Thanks buddy
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Rusiru
Tnx සබට❤️
Nava
ෆිලුම නම් නියමයි
Tharindu
Yaanai-2022 ෆිලුමට බයිස්කෝප් සබ් දෙනකන් බලන් ඉන්නෙ කොපියත් බාගෙන
ඊයේ සිනෙරු කියලා චාටර් සයිට් එකකින් සබ දාලා තිබුනු නිසා දාගෙන බැලුවා හැබැයි විනාඩි 10ක් විතර බලලා වැඩේ නැවත්තුවා,ඒතරමටම සවුත්තුයි ඒ සබ් එක,එක්කෙනක් නෙවෙයි තුන්දෙනෙක්ම එකතුවෙලා කරපු සබ් එකක්ලු,ඒකෙන්ම හිතාගන්න පුලුවන් අනිත් සබ් වලත් තරම....
සබ් පොඩ්ඩක් පරක්කු වුනත් බයිස්කෝප් වල කොලිටිය වෙන කිසිම සයිට් එකක නෑ
ජය වේවා බයිස්කෝප් !Anonymous
Mata nm oya poriyal eka set wuna kalinma
Dn nm film ekak release wela masa gaanakin baiscope sub nodunnath unge eken nm blnne na
Cineru neweyi "GUNERU" tmai galapenne unta ai guu sub neh denneThusitha Perera
මමත් බැලුවේ ඒ සබ් එකෙන්..හැබැයි සබ් එකනම් හොඳටම තිබ්බා.. හෑලි ලියන්න තරම්නම් කිසිම අවුලක් තිබ්බේ නෑ හැබැයි..
Anonymous
Uba unge admin kenek wennathi,ethkota tmai ubta hodawela anith unta charter,peechan,gobba,guu sub ekak wenne
Eranda
Thanks brother
Anonymous
Patta
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
HIRANLASITHA
Thank you
Thusitha Perera
සබට තෑන්ක්ස් මචං..
Anonymous
Ai me film ekath "Guneru" eken mulin sub dunnane,uba eken baluwe ndda?
Ane plyn bn ynna "Higana" site walata kahinne nathuwa
Nihal kosgoda
ස්තුතියි...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පලවෙනි Comment එක මගෙන්
ගොඩක් ස්තුතියි ඕෂධ සහෝ
සුභ පැතුම්!