Watch Trailer

Orphan: First Kill (2022) Sinhala Subtitle | මහා විපතක මූලාරම්භය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේපාර අරගෙන ආවෙ Horror ෆිල්ම් රසිකයො බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි Orphan(2009) චිත්‍රපටයේ prequel එක. එහෙමත් නැතිනම් Orphan(2009) චිත්‍රපටයේ වුණ සිදුවීමට පෙර සිදුවුණ දේ තියෙන චිත්‍රපටය තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මේක බලන්න කලින් මේකෙ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන් බලල ඉන්න. මොකද කෙලින්…

ඔන්න එහෙනම් මේපාර අරගෙන ආවෙ Horror ෆිල්ම් රසිකයො බලාගෙන හිටපු චිත්‍රපටයක්. ඒ තමයි Orphan(2009) චිත්‍රපටයේ prequel එක. එහෙමත් නැතිනම් Orphan(2009) චිත්‍රපටයේ වුණ සිදුවීමට පෙර සිදුවුණ දේ තියෙන චිත්‍රපටය තමයි මේක. මුලින්ම කියන්න ඕනෙ මේක බලන්න කලින් මේකෙ පලවෙනි චිත්‍රපටය අනිවාරෙන් බලල ඉන්න. මොකද කෙලින්ම මේක බැලුවොත් පලවෙනි චිත්‍රපටය බලලා වැඩක් නෑ. මොකද කිව්වොත් මේකෙ පලවෙනි චිත්‍රපටය සුපිරිම මට්ටමේ Horror චිත්‍රපටයක්. ඒ නිසා මේක බලලා ඒක ස්පොයිල් කරගන්නෙ නැතුව ඒක අනිවාරෙන් බලලා ඉන්න. මේක නිකුත් වෙන්නෙ 2022 අගෝස්තු 19 වෙනිදා. මේ වෙනකොට IMDb 6.1 සහ කුණු තක්කාලි 68% අගයක් ලබා ගැනීමට හැකිවෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂනය කරන්නේ William Brent Bell විසින්. ඔහු අධ්‍යක්ෂනය කරපු තවත් චිත්‍රපට ගැන කියනවා නම් The boy (2016), Brahms:The Boy II (2020), Separation (2021) වැනි චිත්‍රපට ගන්න පුළුවන්. තවද මෙයට රංගනයෙන් දායක වෙනවා Isabelle Fuhrman/ Julia Stiles/ Matthew Finlan/ Rossif Sutherland වැනි අය.

මේ චිත්‍රපටයෙ කතාව ගැන කිව්වොත් (පලවෙනි චිත්‍රපටය බැලුවෙ නැත්තම් මේක කියවන්න එපා), මේකෙ තියෙන්නෙ ලීනා කොහොමද එස්තර් වෙන්නෙ කියන කතාව ගැන. කලින් චිත්‍රපටය බලපු අයට මතක ඇති එස්තර් කියන්නෙ අනාත දරුවෙක්, තමන්ගෙ ගෙදර ගිනිබත් වෙලා තමන්ගෙ පවුලෙ අයව නැතිවෙච්ච කෙනෙක්. ඉතින් ඇත්තටම කොහොමද ඒක වුණේ? හරි මෙහෙම කියන්නම්කො ලීන කියන්නෙ සාර්න් කියලා මානසික රෝහලක ඉන්න දරුණුම රෝගියෙක්. ඒ රෝහලේ අය ලීනට වැඩි සැලකිල්ලක් දක්වනවා මොකද ඇය පැනල යන්න නොකරන දෙයක් නැතිනිසා. ඉතින් දවසක් ලීන එතනින් පැනල යන්න සමත් වෙලා නගරෙට ගිහින් නැතිවුණ ලමයි ගැන විස්තර බලනවා. බලද්දි හම්බෙනවා එයා වගේම පෙනුමක් තියෙන එස්තර් කියලා ලමයෙක් ඇමරිකාවෙදි අතුරුදහන් වෙලා කියලා. ඉතින් මෙයා එස්තර් කියලා බොරු කියලා ඒ ගෙදරට ඇතුල් වෙනවා. ඉතින් ඒ ගෙදර ඉන්නේ ඇලන් සහ ට්‍රිසියා කියල දෙපලකුයි එයාලගෙ පුතා ගුනාරුයි. එස්තර් කියන්නේ ඒ පවුලෙ නැතිවුණ බාල දරුවා. දැං කොහොම හරි ලීන මේ ගෙදරට ගිහින් එස්තර් වගේ රඟපානවා. ඒ ගැන ට්‍රිසියාට සැක හිතෙනවා. ඒත් ගනං ගන්නෑ ඇය අවුරුදු හතරක්ම අතුරුදහන් වෙලා හිටපු නිසා. මොකද පොඩි ලමයෙක්ට අවුරුදු හතරක් ගෙදරින් පිට ඉන්නවා කියන්නෙ දුෂ්කර කටයුත්තක් නිසා. ඉතින් මෙතැන් පටන් මොනව වෙයිද, එස්තර් මොනව කරයිද මේ පවුලෙ අයට? කොහොමද හරිම එස්තර් නැතිවුණේ? ඒවට උත්තර මේ ෆිල්ම් එක බලලාම දැනගන්න පුළුවන්.

මං වැඩිය කියන්න යන්නෑ මොකද කතාවෙ රසය නැතිවෙන නිසා. පලවෙනි චිත්‍රපටය බැලුවනම් අනිවාරෙන් මේකත් බලන්න. කිසිම පාඩුවක් නෑ. ඔයාල හිතන් ඉන්නව වගේ හොඳ සිත් ඇදගන්නාසුළු කතාවක් මේකෙදිත් බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් මං දැනට සමුගන්නවා. ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,583 downloadsDownload Orphan-First-Kill-2022.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,583 downloadsDownload Subtitles55 KB

28 comments

  1. හිෂාන් සමරසිංහ

    Sub එක දෙනකල් සැරින් සැරේ ඇවිත් බැලුවා... එනකල් ආසාවෙන් හිටපු film එකක්...

    Thanks Bro.

    1. හිෂාන් සමරසිංහ

      Web-DL පිටපත් සඳහා වැඩ කරනවා කිව්වට;
      Orphan.First.Kill.2022.1080p.AMZN.WEB-DL.DDP5.1.H264-CMRG (5.73 GB) copy එකටත්,

      ඒකෙන් rip කරපු,
      Orphan.First.Kill.2022.720p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA
      Orphan.First.Kill.2022.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA
      copies 2ට ත්, හරියට Subtitle එක වැඩ කරන්නේ නෑ නේ... Player එකෙන් Sync කරගන්නත් අමාරුයි... තැනින් තැන වෙනස් වෙනවා...

      Please ආයෙත් පොඩ්ඩක් බලලා හදලා දෙන්නකෝ...

    2. හිෂාන් සමරසිංහ

      අනේ ඉක්මණට හදලා දීපං...

    3. Bimsara Yashan(ඔලිව)

      සබ් එක හදල තියෙන්නෙ Pahe එකේ කොපියට. PSA එකටත් අප්ඩේට් එකක් දෙන්නම් හැබැයි ටිකක් පරක්කු වෙයි සහෝ.

    4. හිෂාන් සමරසිංහ

      හරි සහෝ... පුළුවන් වෙලාවක update එකක් කරලා දාපං... We're waiting for you...

      And also, thanks for your kind and fast reply.

  2. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  3. මයුර

    එනකම් තමා හිටියේ. පලවෙනි එක ගැන ආයේ කතා කරලා වැඩක් නෑ.
    සබට තුති වේවා.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Anonymous

    Keanu Revees ගෙ Destination Wedding ෆිල්ම් එකට සබ් එක හදලා දාන්නකො

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Request :

    Decision to Leave (Heojil kyolshim) (2022)

    1. Kantha_DLA

      PSA copy ekata sub eka update karanna puluwanda..
      PSA copy - best QUALITY ........

  8. mahesha

    thank you

  9. Kushan

    Sub akta thanks

  10. යුරාන් ධනුක (දනුවා)

    අඩේ, සුපිරි සහෝ
    බලන් හිටපු ෆිලුමක් !

  11. Naveen

    උපසිරසියට තුති

  12. Anonymous

    Day shift sub plz

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Anonymous

    දුලක්ෂ සම්පත් සහෝට මොකෝ උනේ... හොරර් ෆිල්ම් සෑහෙන්ට කරපු කෙනෙක්... අර චීන ෆිල්ම් එකෙන් පස්සෙ දීලම නෑනෙ.

  15. Ruchira

    Thanks for the sub!

  16. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  17. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  18. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  19. lakshan

    thanks .......................

  20. Malith samarawickrama

    Thanks saho sub ekata

  21. Dewadithya

    Thanks for Sub!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Naveen Mbr

    බොහෝම ස්තූතියි සහෝ!