Watch Trailer

Delta Force 2: The Colombian Connection (1990) Sinhala Subtitles | ඩෙල්ටා බළකායේ සැන් කාලෝස් ආක්‍රමණය [සිංහල උපසිරසි]

ආයුබෝවන්, සුබ දවසක් හැමෝටම.. ඔන්න අදත් මං තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. මේ තවත් චිත්‍රපට මාලාවක දෙවන කොටසයි. Delta Force 2: The Colombian Connection රමෝන් කෝටා කියන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය වලින් හොයන සල්ලි වලින් බලසම්පන්න පුද්ගලයෙක්. සැන් කාලෝස් වල හමුදා ප්‍රධානීන් පවා මොහුට සහය දෙනවා…

ආයුබෝවන්, සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් මං තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. මේ තවත් චිත්‍රපට මාලාවක දෙවන කොටසයි.

Delta Force 2: The Colombian Connection

රමෝන් කෝටා කියන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය වලින් හොයන සල්ලි වලින් බලසම්පන්න පුද්ගලයෙක්. සැන් කාලෝස් වල හමුදා ප්‍රධානීන් පවා මොහුට සහය දෙනවා මොහුගේ ව්‍යාපාර කරගෙන යන්න. ඒ ඔහුගෙන් ලැබෙන සල්ලි නිසා. නමුත් ඔහුගේ හෙරොයින් ඇමරිකාවට ගලා ඒම ඒ රටේ ප්‍රධානීන්ට සහ බලධාරීන්ට ලොකු හිසරදයක්. රමොන්ව අල්ලගන්න හදන හැම අවස්ථාවකදීම රමොන් ඒ ගැන දැනගෙන ඊට වඩා පියවරක් ඉස්සරහින් ඉන්න සමත් වෙනවා. මේ හේතුව නිසා තමයි රමොන්ව අල්ලගෙන ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය බිඳින්නට ජෙනරල් ටේලර් විසින් කර්නල් ස්කොට් මැක්කෝයි සහ එයාගේ ඩෙල්ටා කණ්ඩායම කැඳවන්නේ.

80/90 දශකයේ සිටි තවත් එක් ක්‍රියාදාම නළුවෙක් වන Chuck Norris ප්‍රධාන රංඟන යෙන් දායක වන මෙම චිත්‍රපටයේ John P. Ryan, Paul Perri, Richard Jaeckel, Begoña Plaza, Mateo Gómez සහ Héctor Mercado සමගින් Billy Drago රංඟනයෙන් එකතු වේ. Yoram Globus සහ Christopher Pearce නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය Aaron Norris ගේ අධ්‍යක්ෂණයකි.

1990 අගෝස්තු 24 වනදා එක්සත් ජනපදයේ තිරගතවුන මෙම චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 111 කි.

Delta Force 2: The Colombian Connection චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 4.9 ක්, Rotten Tomatoes 11% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 89%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,799 downloadsDownload Delta-Force-2-The-Colombian-Connection-1990.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

1,799 downloadsDownload Subtitles30 KB

19 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම බොහොම ස්තූතියි සහෝ.

    ඔබ කරනා සේවයට ස්තූතියි කරලා මදි. ඔබ නැත්නම් බයිස්කෝප් අඩවියෙන් මේ වගේ චිත්‍රපට වෙන කවුරු දෙන්නද? මුලදි මුලදි හිටපු හැම පැරණි චිත්‍රපට උපසිරැසිකරුවන්ම අද බයිස්කෝප් අඩවිය දාලා ගිහිල්ලා. ඔබ විතරක් ඉතුරු වෙලා. දිගටම මේ වගේ පැරණි චිත්‍රපටම සබ් දෙන්න. ඔබත් ගියොත් පැරණි උපසිරැසි කරුවන් බයිස්කෝප් අඩවියට සඳහටම නැතිවේවි.

    නොනවත්වා උපසිරැසි කරන්න. චක් නොරිස් නියමයි. අපි හරිම ආසාවෙන් මේවා බලන්නේ. Rent එකට පරණ ඩෙක් පීස්, CD වලින් ඒ කාලේ මේ වගේ ෆිල්ම් ගෙනාපු අපිට මේ චිත්‍රපට කොච්චර වටිනවාද කියලා අලුත් අය දන්නේ නෑනේ. වෑන් ඩෑම්, ජැකී චෑන්, ජෙට් ලී, ආර්නොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, Dolph, වගේ ඒ කාලේ ජනප්‍රිය සිනමාවේ සුපිරි නළුවන් ගේ චිත්‍රපට දිගටම දෙන්න. 90 දශකයේ 80 දශකයේ Horror movies දෙන්න. නියමයි! නියමයි! නියමයි! 90, 80 කාලේ ඊටත් කලින් මොනවා දුන්නත් අපි ආසාවෙන් Download කරලා බලනවා.

    1. Nimesh gunawardana

      aniwa bn 80-90 subs nm Highly recommended roshan bro tamai, gdk unta mewage films wala watinakamak dannne, aluthen ena bahutrarayak films nm gannna deyk naha parana ewwa pattta gahannna tamai den welathiyennne ape lama kale sundara krapu mewage films.

    2. Anonymous

      පවු ඉතින් අහිංසක ජිවිත

  2. Nimesh gunawardana

    Roshan bro kiynne itin classic movies subs legend kenek tamai ahhh tanqqqqq

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ
    පුළුවන් නම් මේ ෆිල්ම් පහෙනුත් මොකකටහරි සබ් දෙන්න සහෝ
    The Hole (2001)
    Kill Theory (2009)
    House of 9 (2005)
    The Killing Room (2009)
    Fermat's Room (2007)

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Suranjan

      Thanks jayawewa.....!

  6. ප්‍රබුද්ධ

    උපසිරැසියට බොහෝම ස්තුතියි බ්‍රෝ ,,,,, සුපිරි ෆිලුමක් මං 4 පාරක් විතර බැලුවා......

  7. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    බලන්න සබ් එක ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

  8. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  9. Anonymous

    thnkz mchan

  10. Anonymous

    thank you very much for sinhala sub

  11. Ishan Madusha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  12. Anonymous

    Thanks Bro

  13. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් දෙනවට

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Dewadithya

    Thanks for Sub!