ඔන්න ඉතින් අද අරගෙන ආවේ අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු කතාවක අලුත්ම Version එකක් කිව්වොත් මම හරි. පළවෙනි ස්පිරිට් කතාව ආවේ 2002 වර්ෂයේ. දෙවෙනි කොටස එන්නේ 2021 වර්ෂයේ. අවුරුදු 19 කට පස්සේ. අම්මෝ. එච්චර කල් ගත්තද දෙවෙනි එක කරන්න. න කෙනෙක් දන්න කියන කතාවක් තමයි Spirit කියන්නේ. ඕන කෙනෙක් මේ කතාව බල්ල…

ඔන්න ඉතින් අද අරගෙන ආවේ අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු කතාවක අලුත්ම Version එකක් කිව්වොත් මම හරි. පළවෙනි ස්පිරිට් කතාව ආවේ 2002 වර්ෂයේ. දෙවෙනි කොටස එන්නේ 2021 වර්ෂයේ. අවුරුදු 19 කට පස්සේ. අම්මෝ. එච්චර කල් ගත්තද දෙවෙනි එක කරන්න. න කෙනෙක් දන්න කියන කතාවක් තමයි Spirit කියන්නේ. ඕන කෙනෙක් මේ කතාව බල්ලා ඇති. ඉතින් ඒ කාලේ ඉඳන් අද වෙනකන්ම Spirit වෙන ෆිල්ම් එකක් ආවේ නෑ. ඔන්න මේ අවුරුද්දේ Spirit කියන විරයව ආයෙත් අවදි කරන්න Universal ආයතනට සහ DreamWorks ආයතනය තීරණය කරලා තියෙනවා. ඉතින් ෆිල්ම් එක ඇවිත් මාසයක් විතර වෙනවා, ඒත් කැමරා කොපි තමයි මෑතක් වෙනකන්ම තිබ්බේ. WEB-DLදවස් කිහිපයකට කලින් දාලා තිබ්බ නිසා ඉක්මනටම සබ අරන් එන්න හිතුවා.
මම පොඩ්ඩක් පොඩි කාලේ අපි ආසාවෙන් බලමු ස්පිරිට් කතාවේ වැදගත් කොටස් ටිකක් මතක් කරලා දෙන්නම්. මොකද අපි මේක බැලුවේ අවුරුදු 10කටත් කලින්. ගොඩක් අයට දැන් කතාව අමතක වෙලාත් ඇති. අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ ස්පිරිට් ගැන. ස්පිරිට් කියන්නේ “ආත්මය” කියන එකනේ. ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ අශ්වයටත් ආත්ම ගොඩක් තියෙනවා. ඒක පැත්තකින් එයා ශක්තිමත්. අනිත් පැත්තෙන් ලේසියෙන් පරාද කරන්න බෑ. නිර්භීතයි. ඔය වගේ ආත්මයන් ගොඩක ශක්තියෙන් තමයි ස්පිරිට් කියන නම හැදිලා තියෙන්නේ. ඕක ඉතින් පොඩි කාලෙම අපි දැනගත්තා නේ. ඉතින් මේ ස්පිරිට් දවසක් රෑ දකිනවා අමුතු එළියක් ඈත තියෙනවා. ඉතින් මේ මොකද්ද කියලා බලන්න ස්පිරිට් යනවා ඒ දිහාවට මහා රෑම. ඉතින් ළඟට ගිහින් බලනකොට ඒක කෝච්චියක්. ඉතින් ඔය අතරෙදි එතන වැඩ කරන කෙනෙක් ස්පිරිට්ව දැකලා කට්ටියට කියලා පස්සෙන් පන්නගෙන එකකොට එයාව අහුවෙනවා. කොහොම හරි ස්පිරිට් කියන්නේ අමාරුකාරයෙක්. එයාව මෙල්ල කරන්න ලේසි නෑ. ඕනෑම කෙනෙක් බයයි එයා ගාවටවත් යන්න. ස්පිරිට් කැමති නෑ එයාගේ පිටේ කවුරුවත් යනවට. ඒත් අන්තිමේදී එයා මනුස්සයෙක්ගේම උදව් අරන් තමයි බේරෙන්නේ. ඉතින් ඔහොම තමයි ස්පිරිට් කතාවේ පළවෙනි කොටස දළව යන්නේ. ඉතින් ස්පිරිට් කතාවේ පළවෙනි දිගහැරුම බලලා නැති කෙනෙක්ට ඒක ස්පොයිල් වෙන නිසා මම ඉතුරු ටික කියන්නේ නෑ. ඕක තමයි පළවෙනි කොටසේ වෙන්නේ.
අලුත් කොටසේදී මොකද වෙන්නේ? අලුත් කොටස අපි දැන් බලන්න යන කතාව නිසා මම ලොකුවට කතාව ගැන කියන්නේ නෑ. මොකද මම දන්නවා මේක නම් කීයටවත් ස්පොයිල් කරගන්න ඔයාලා කැමති වෙන්නේ නෑ කියලා. ඉතින් ඒ නිසා කතාවේ වැදගත් කියලා හිතෙන තැන ටිකක් review කරන්නම්. හරි මුලිනම මේ කතාවේ කතා නායකයෙක් නෙවෙයි ඉන්නේ නායිකාවක්. ඒ කිව්වේ මේකේ ප්‍රධාන චරිතය ගෑනු ළමයෙක්. ඉතින් මෙයාගේ අම්මා පොඩි කාලෙම නැති වෙනවා. මොනවා වෙලාද කියලා දැනගන්න ඕනේ නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා. පස්සේ මෙයා තාත්තත් එක්ක නෙවෙයි ඉන්නේ. එයාගේ නැන්දත් එක්ක. ඉතින් මේ විදිහට අවුරුදු 10ක් එයා නැන්දත් එක්කමයි ඉන්නේ. නැන්දා ඉන්නේ එයාගේ තාත්තගේ ගෙදර. ඒ කිව්වේ අපේ කතා නායිකාවගේ සියාගේ ගෙදර. ඉතින් එයාගේ සියා නම් ගොඩක් සල්ලි තියෙන ඉහල පලන්තියේ කෙනෙක්. ඉතින් මෙයා මුලින්ම කරලා තියෙන්නේ රේල්-පීලි හදපු එක. ඉතින් මෙයාටම කියලා සමාගමක් පවා තියෙනවා. ෆිල්ම් එකේදී මෙයාගේ සමාගමේ හදපු රේල්-පිලිවල එයාගේ ලෝගෝ එක හොඳට බැලුවොත් බලාගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි ආයේ හැරෙමු අපේ කතා නායිකාව දිහාවට. ඉතින් මෙයා නම් ගොඩක් දඟ කරන කෙනෙක්. ගොඩක් දඟ වැඩ කරලා අනුන්ට කරදර කරන එකමයි කරන්නේ. කොහොම හරි මෙයාව යවනවා ආයේ එයාගේ තාත්තා ළඟට. ඇයි ආයේ තාත්තා ළඟට යවන්නේ කියලා දැනගන්න ඕනේ නම් ඉතින් කතාව බලන්න වෙනවා. හරි කොහොමහරි මෙයාව ආයේ යවනවා තාත්තා ළඟට. ඉතින් මෙයා තාත්තව දැකලා නෑ අවුරුදු 10කින්. ඉතින් ඒ මොකද කියලා දැනගන්න ඕනේ නම් අනිවාරෙන් ෆිල්ම් එක බලන්නම වෙනවා. හරි දැන් මෙයා තාත්තා ජිවත් වෙන නගරෙට ගිහින් ඉන්න හදන්නේ ගිම්හානය ඉවර වෙනකන්. ඔය අතරෙදි තමා මෙයාට අපේ වීරයා ස්පිරිට්ව හම්බවෙන්නේ. ඉතින් එයා කෝච්චියට තරම්ම වේගෙන් දුවන අශ්වයෙක්. ඒ තරම් වේගයෙන් දුවන අශ්වයෙක්ට එක ආත්මයක් විතරක් නම් තියෙන්න බෑ.
හරි එහෙනම්, දැන් බලමු රේටින්ග්ස් කොහොමද කියලා. මේ චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 5.4/10IMDb ක් ලැබිලා තියෙනවා. ඉතින් 5.4ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු රේටින්ග්ස් අගයක්. ඉතින් IMDb රේටින්ග්ස් බලලා ෆිල්ම් බලන අපේ යාළුවො හැමෝම මේ ෆිල්ම් එක බලයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ස්පිරිට් පළවෙනි කතාවේ හොඳ රසිකයෙක් නම් රේටින්ග්ස් නම් අදාලම නෑ ෆිල්ම් එක අනිවා බලනවා කියලා මට හිතෙනවා. මොකද මාත් එහෙම කෙනෙක්. ෆිල්ම් එකේ thumbnail එකේ ස්පිරිට් ඉන්නවා දැක්කා, පස්සේ ෆිල්ම් ඒකෙ නම බලද්දී ස්පිරිට් කියලා තිබ්බා. අනන්මනං කතා නෑ, කෙලින්ම ෆිල්ම් එක බැලුවා. ඉතින් ඒ වගේ කට්ටිය මේක යටින් කමෙන්ට් එකක් දැයි කියලා මම හිතනවා. හරි එහෙනම් මම සමු ගන්න හදන්නේ. මතක ඇතුව කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.
එහෙනම් ඔබට ජය වේවා, දවස සුභ වේවා.!!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
9,230 downloadsDownload Spirit-Untamed-2021.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චිරත් ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දේශාන් චිරත් ලියනගේ
Subtitles
- #2021
- #Aury Wallington
- #Editor's Pick
- #Elaine Bogan
- #Ennio Torresan
- #Isabela Merced
- #John Fusco
- #Kristin Hahn
- #Marsai Martin
- #MaxxA
- #Mckenna Grace
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #දේශාන් චිරත් ලියනගේ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
Arawinda Sunimal
thilina
mekanm blnna ma oni ekak
Shaggy
Thank you very much brthr
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Achi
බොහොම ස්තුතියි සබ් එකට..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Pramod
Thanks bro sub ekata jaya weva.
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sudarshana
spirit nam ethin supirima film ekak thama thank bro sube ekata jayawewa,
shan sasanga
supiri wadak saho mn dan awurudu 10 kata withara kalin balapu film ekak..part 2 awilla liyala dakka gaman patta asawak awa....oyata godak thanks sub ekata.....
Anonymous
thnx bro
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Heshan Dayarathna
ඕක බලන්නනම් එපා ජරාවක් sprit 1 තිබ්බ කොලිටියෙන් දශමයක් වත් නැ අඩුම ලස්සනට කතාව ගලාගෙන යන්නෙත් නැ sprit කතාවට ආදරේ කරපු අයට කතාව එපා කරනවන විකාරයක් මම එත් බැලුව sprit 1 එක ලෝකේ පුරා ජනප්‍රිය වෙලා සුපිරි අදායම් ගහල imdb උඩම ඉද්දි මේක මෙච්චර අව්ල් ඇයි කියලා කතාව බැලුවම තේරුණා ඇයි කියලා ඔයිට වඩා හොදයි අයෙත් පරණ කතාවම බලන්න sub එකේ වැරද්දක් නැ ඒකට ස්තුති ---- ස්තුති
Anonymous
ෆිල්ම් එක බලලම ඉමුකො..
අසේල
බොහොම ස්තූතියි සහෝදරයා..... බුදු සරණයි
Kasun
Me film eka apiwa atheetheta aran yanawa.. 90 dashake aya asawen balapu film ekak. eke sindu aheddi thamath hirigadu pipenawa.
eke wachana tikak.
Here I am, this is me
There's nowhere else on Earth I'd rather be
Here I am, it's just me and you
Tonight we make our dreams come true
It's a new world, it's a new start
It's alive with the beating of young hearts
It's a new day, it's a new plan
I've been waiting for youශලිනි මල්ෂා
ඒක මරු
Kavinda
Sopperr aiya,
Pavan pavithra
Ikmanatama Fast and furious 9 sub ona....dan avillane thuyenne
Pavan pavithra
Peter Rabbit 2, boss baby 2 ekatath sub ikmanata ona
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් මේ ෆිල්ම් වලින් මොනවට හරි සබ් දෙන්න.Napoleon - 1995
Paulie - 1998
Babe - 1995
Babe: Pig in the City - 1998
The Adventures of Pinocchio - 1996
Teenage Mutant Ninja Turtles III - 1993
Ducktales the movie - 1990
The Nightmare Before Christmas - 1993
Hook - 1991
Beethoven 1992
Beethoven's 2nd - 1993
The NeverEnding Story II - 1990
The NeverEnding Story III - 1994
A Little Princess - 1995
Monkey Trouble - 1994
The Santa Clause - 1994R_deshan
සබ් එකට තෑන්ක්ස් සහෝදරයා.ලස්සනට වැඩේ කරල තිබ්බා.සබ් එක හොඳ උනත් පලවෙනි ෆිල්ම් එකේ ගතිය නම් මේකෙ තිබ්බෙ නෑ.ලොකු කතාවක් අන්තර්ගත නැහැ.අනික ඇනිමේෂන් එහෙමත් ලොකු කොලිටියක් නෑ.පලවෙනි ෆිල්ම් එක තරම් සාර්ථක නැති උනත් බලන්නම බැරි ජරාවක් කියන්න බෑ මේකට.මුල් ෆිල්ම් එක එක්ක සංසන්දනය නොකර බැලුවොත් අවුලක් නැතුව normal බලතහැකි.හැබැයි one time watchable ෆිලුමක්.ආයෙ ආයෙ බලන්න දෙයක් නෑ.දිගටම සබ් දෙමු සහෝ.ජයවේවා!!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
DILmin
උපසිරැසිවලට ස්තූතියි පුළුවන් නම් '.Luca',The Boss Baby: Family Business filmwalatath sub දෙන්න
Anonymous
Ainbo spirit of the amazon.. meke sub dennko.
ශලිනි මල්ෂා
නියමයි. ස්තූතියි සබ් එකට
D.Chamara
බොහොම ස්තූතියි .... !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
THANKS..............