Demon Slayer: Kimetsu No Yaiba The Movie: Infinity Castle (2025) Sinhala Subtitles හරියටම වසරකුත් දින කිහිපයකුත් ගෙවා ගෙන, මේ නොදන්නා දවසක් ගැන ඇඟිලි ගැන හිටපු ඉතා අතිශය උන්මාදජනක ඩිජිටල් නිකුත් වීමක් වුනු ලොව පුරා ප්‍රේක්ෂකයන් එකහෙළාම “Masterpiece” එකක් ලෙස පිළිගත්තු ඇනිමේ නිර්මාණයක් වුනු මේ Demo…

හරියටම වසරකුත් දින කිහිපයකුත් ගෙවා ගෙන, මේ නොදන්නා දවසක් ගැන ඇඟිලි ගැන හිටපු ඉතා අතිශය උන්මාදජනක ඩිජිටල් නිකුත් වීමක් වුනු ලොව පුරා ප්‍රේක්ෂකයන් එකහෙළාම “Masterpiece” එකක් ලෙස පිළිගත්තු ඇනිමේ නිර්මාණයක් වුනු මේ Demon Slayer විශ්වයේ නවීනම Demon Slayer Infinity Castle කියන Box Office Movie බෝම්බය ඔන්න දැන් ඔබේ නිවහනට ඇවිත් තියෙනවා. එක මොහොතක ශෝකයත්, තවත් මොහොතක ඇඟ කිලිපොලා යන ජයග්‍රාහී හැඟීමත් එකට කැටි කරපු මේ මනරම් සිනමා අත්දැකීම ඔබ මඟහැර ගත්තොත්, ඇනිමේ ලෝකයේ මෙතෙක් නිර්මාණය වූ විශිෂ්ටතම උච්චතම අවස්ථාවක් ඔබට අහිමි වී යන්න පුලුවන්. ඔබ මේ නරඹන්න සූදානම් වන්නේ හුදෙක් තවත් එක් ඇනිමේ කතාවක් නෙවෙයි; ලෝක සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළූ අතිදැවැන්ත කලාකෘතියක්. එනිසා, සියලු වැඩපසෙකලා, ශබ්දය උපරිමයෙන් තබාගෙන, මේ අසිරිමත් දෘශ්‍ය කාව්‍යයේ අත්දැකීම විඳගන්න දැන්ම එකතු වෙන්න!
කිසිදා එළියක් නොවැටෙන, අවකාශයේ සහ භෞතික නීතිවලට අභියෝග කරන අමුතුම මානයක පිහිටි මාලිගාවක්… ඕනෑම මොහොතක මරණය හමුවිය හැකි අනතුරුදායක කොරිඩෝ අතර, මුසාන් කිබුට්සුජිගේ අවසාන බලකොටුව වන “Infinity Castle” තුළට Demon Slayer බලකාය ඇතුළු වෙන්නේ වෙන කිසිදාකටත් වඩා දරුණු, හුස්ම හිරවන සුළු සටනකටයි. මේ චිත්‍රපටය හුදෙක් සටනක් විතරක්ම නෙවෙයි; ජීවිතයත් මරණයත් අතර සීමාව තුනී වෙන, ආදරය, කැපකිරීම සහ පළිගැනීමේ ගිනිදැල් එකිනෙක ගැටෙන මනරම් සිනමාත්මක අත්දැකීමකටයි ඔබ මේ පියවර තියෙන්නේ. ඉතින් ඒ නිර්මාණය කෙබඳු පසුබිමක් ලබාගත්තක්ද කියල අපි ටිකක් බලමු.

Theatrical Release Poster
2024 වසරෙදි Film Trilogy එකක් ලෙසින් announce කරල, ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක පමණ වියදමක් දරලා, 2025 ජුලි 18 වෙනිදා ජපන් සිනමා ශාලා වෙත නිකුත් කෙරෙනු මේ චිත්‍රපටය පැය 2 මිනිත්තු 35 ක ධාවන කාලයක් පුරා දිව යනවා. ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර මැද IMDB දර්ශකයේ 8.4 ක ඉහළ අගයක්, Rotten Tomatoes හි 98% ක් සහ MyAnimeList දර්ශකයේ 8.66 ක ඉහළ අගයක් ලබා ගන්නට සමත් වෙලා තිබෙනවා. Koyoharu Gotouge ගේ Kimetsu no Yaiba මන්ගාවෙන් නිමවෙන මීළඟ Sequel Demon Slayer ඇනිමේ නිර්මාණය වෙන මේ චිත්‍රපටය ගැන සඳහන් කරන්නම ඕනි තවත් දෙයක් තමයි මේ චිත්‍රපටයේ ආදායම. සමස්ත ලෝක ව්‍යාප්ත ආදායම (Worldwide Box Office) ඇමරිකානු ඩොලර් මිලියන 793.5 ක් පමණ වෙනවා. ජපානයේ ආදායම (Japan Domestic) ජපන් යෙන් බිලියන 40.24 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 271ක් පමණ) වෙනවා. උතුරු ඇමරිකාව ඇතුළු විදේශීය ආදායම (International) ඇමරිකානු ඩොලර් මිලියන 656.5 කට අධික ප්‍රමාණයක් වෙනවා. මේ අතිදැවැන්ත ආදායමත් සමඟින් මේ චිත්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ එක් ඇනිමේ චිත්‍රපටයක් ලබාගත් ඉහළම ආදායම් වාර්තාව (Highest-grossing anime film of all time) තමන් සතු කරගැනීමට සමත් වුණා. ඒ වගේම 2025 වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට ලැයිස්තුවේ 7 වන ස්ථානය, ඉහළ ආදායම් ලද R-Rated චිත්‍රපට ලැයිස්තුවේ 4 වන ස්ථානය, ඉහළම ආදායම් ලද R-Rated Animated චිත්‍රපටය, ඉහළම ආදායම් ලද Adult Animated චිත්‍රපට ලැයිස්තුවේ 2 වන ස්ථානය, ඉහළම ආදායම් ලද Traditionally Animated චිත්‍රපට ලැයිස්තුවේ 2 වන ස්ථානයත් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඕක නිසා තමයි මේක Box Office බෝම්බයක් කියල කියන්නේ.
ඒ ආදායම් වාර්තා එක්ක චිත්‍රපටයේ Awards ගැන කිව්වොත් 49 වන Japan Academy Film Prize හි Best Animation Film යටතේ, 10 වන Crunchyroll Anime Awards හි Film of the Year දිනා ගන්නත්, Critics Choice Association (CCA) – AAPI Cinema & Television Awards හි International Animation Award එක, Annual Cinema Awards (Dai-ikkai Eigakan Taishō – Japan) හි (ජපානයේ සිනමාහල් හිමියන් සහ ප්‍රේක්ෂකයන් විසින් තේරූ) වසරේ හොඳම සිනමාපටයට හිමි ප්‍රධාන සම්මානයත් දිනා ගන්නට සමත් උනා. ඒ වගේම 83 වන Golden Globe Awards හි Best Motion Picture – Animated යටතේ නාම යෝජනා ලබන්නත් Critics Choice Super Awards (2026) හි Best Superhero Movie සඳහා, (හොලිවුඩ් චිත්‍රපට අතරට එක්වූ පළමු ඇනිමේ චිත්‍රපටය මෙයයි) Producers Guild of America (PGA) Awards හි Outstanding Producer of Animated Theatrical Motion Pictures සඳහා, Astra Film Awards හි Best Animated Feature සඳහා යෝජනා ලබන්නත්, BAFTA Film Awards හි Best Animated Film සඳහා වන අවසන් වටයේ දීර්ඝ ලැයිස්තුවට (Longlist) ඇතුළත් වෙන්නත් මේ චිත්‍රපටය සමත් උනා.
සුපුරුදු විදිහටම Ufotable Studio වෙතින් චිත්‍රපටය පෙරට වඩා ගුණාත්මක බවින් නිමවුනු එකත් මේ සාර්ථකත්වයට හේතුවක් වුනා. ufotable ස්ටූඩියෝව විසින් සිදු කරන ලද නිර්මාණය සහ ත්‍රිමාණ (3D) පරිසරයන් සමඟ මුසු කළ ඇනිමේෂන් තාක්ෂණය (CGI integration) මඟින් තමයි මේ අපූර්වත්වය වැඩි වුනේ. ඊටම සරිලන, කතාවේ හැඟීම් සහ සටන් ජවනිකා උපරිමයෙන්ම ඔබේ හදවතට දැනෙන්නට සලස්වන අද්භූත මෙන්ම තියුණු Soundtracks මඟින් මේ තීව්‍රත්වය තවත් වැඩි කරනවා. චිත්‍රපටයේ තේමා ගීත සඳහා තම හඬ දායකත්වය ලබා දෙන්නේත් ජනප්‍රිය කලාකරුවන් දෙන්නෙක් වෙන Aimer සහ Lisa විසිනුයි. Opening Theme එක වෙන “Taiyou ga Noboranai Sekai” ගීතය Aimer විසිනුත් Ending Theme එක වෙන “Zankoku na Yoru ni Kagayake” ගීතය Lisa විසිනුත් perform කරනු ලබනවා. ඉතින් Demon Slayer සඳහා ගැලපෙන හොඳම ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු ඇනිමේෂන් සහ ශබ්ද සංයෝජනයන් (Soundtracks) මෙම චිත්‍රපටයේ අඩංගු වෙනව කියන එක රහසක් නෙමෙයි.
දැන් කතාව පැත්තට හැරුනොත්, ආරම්භයේදී සඳහන් කළා වගේ මේ චිත්‍රපටය මින් පෙර නිකුත් වුනු Demon Slayer Hashira Training Arc හි Sequel කතාව වෙනවා. ඒ කියන්නෙ ඒකෙ අවසානය එක්ක තමයි මේ Infinity Castle චිත්‍රපටය ආරම්භ වෙන්නේ. යක්ෂාධිපති මුසාන් විසින් සියලුදෙනාවම Infinity Castle නමැති තමන්ගේ පාලනයේ පවතින අද්භූත මානයට කතා නායක තන්ජිරෝ ඇතුළු කණ්ඩායම සහ යක්ෂ නාශක බලකායේ හෂිරාවරුන් ඇද දමන තැනින් පසුගිය Hashira Training Arc කතා සමය අවසාන වුනා. මේ හැමෝටම තමන්ගේ සතුරන් එක්ක තනිවම දරුණු සටනකට මුහුණ දෙන්න සිද්ධ වෙන බවක් තමයි පෙනෙන්නේ. යුග ගණනාවක් ශතවර්ෂ ගණනාවක් තිස්සේ එන අවසන් නොවුනු වෛරය සහ අවසන් සටන දැන් අවසාන අදියරට ඇවිල්ලයි තියෙන්නේ. කවුරුන් ජීවත් වේවිද? කවුරුන් තමන්ගේ අවසාන හුස්ම හෙළාවිද? කිසිවෙකුටත් අනාවැකි කීමට නොහැකි, එකිනෙකාගේ අතීත රහස් සහ අසීමිත ශක්තීන් එළිදක්වන මේ අවසන් දිගහැරුමේ පළමු අදියර මෙයින් දිග ඇරෙනවා. ආරම්භයේදීම කිව්වා වගේම මේ චිත්‍රපටය හුදෙක් සටනක් විතරක් නෙවෙයි; ජීවිතයත් මරණයත් අතර සීමාව තුනී වෙන, ආදරය, කැපකිරීම සහ පළිගැනීමේ ගිනිදැල් එකිනෙක ගැටෙන මනරම් සිනමාත්මක අත්දැකීමක් වෙනවාමයි.
Demon Slayer කතා මාලාවේ උච්චතම සහ මනරම්ම කොටසේ ආරම්භය, උපරිම රූපරාමු සහ ශබ්ද ගුණාත්මකභාවයෙන් යුතුව සිංහල උපසිරැසි සමඟින් නරඹන්න කියා අපි ඔබට ආදරයෙන් ආරාධනා කරනවා. කතාව සහ උපසිරැසිය ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. අපි කොහොම හරි ටික ටික Demon Slayer විශ්වයේ අවසානයට ළං වෙමිනුයි ඉන්නේ. එහෙනම් අපි මීළඟට නිකුත් වන්නට නියමිත, දැනට නිශ්චිත කාල වකවානුවක් නැති Demon Slayer Infinity Castle දෙවන චිත්‍රපටයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් තාවකාලිකව සමු ගනිමු. Happy Anime!
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Demon Slayer: Kimetsu No Yaiba The Movie: Infinity Castle (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය BluRay පිටපත් සඳහා වලංගු වේ.
981 downloadsDownload Demon-Slayer-The-Movie-Infinity-Castle-2025-Sinhala-Subtitles.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Thriller
- Horror
- Animation
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Anime
- Adult Animation
- Hand-Drawn Animation
- Shonen
- Supernatural Fantasy
- #Anime
- #Anime Movie
- #Berserk: The Golden Age Arc III - The Advent (2013) Sinhala Subtitles
- #Box Office Hits
- #Demon Slayer
- #Demon Slayer Kimetsu No Yaiba The Movie Infinity Castle
- #Editor's Pick
- #Golden Globe Nominated
- #Haruo Sotozaki
- #Hikaru Kondo
- #Kimetsu no Yaiba
- #Koyoharu Gotouge
- #Movie
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
KK
KK
Thanks
Buddhika laKMal
උපසිරැසියට ස්තූතියි සහෝ
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks..