Watch Trailer

Pallichattambi (2026) Sinhala Subtitles | භුමිය වෙනුවෙන් සටන් වැදුණු පල්ලියේ මැරයා [සිංහල උපසිරැසි] [HQ HDRIP Update]

Pallichattambi (2026) Sinhala Subtitless මේ කතාන්දරය පටන් ගන්නේ 1950 අවුරුද්දේ භයානක, දරුණු කෙනෙක් වෙන පට්ටේලාර් ගේ හදුන්වාදීමෙන්. පට්ටේලාර්ගේ මැරයින් එක පවුලක් දරුණු ලෙස මරා දමා තියෙද්දී පණ පිටින් ඉන්න දරුවෙක්ව එක්තරා හින්දු පවුල් කිහිපයක් සහ ක්‍රිස්තියන් පූජකවරයෙක් විසින් හොයාගන්නවා. ඉතින් ඒ දරුව…

Pallichattambi (2026) Sinhala Subtitless

මේ කතාන්දරය පටන් ගන්නේ 1950 අවුරුද්දේ භයානක, දරුණු කෙනෙක් වෙන පට්ටේලාර් ගේ හදුන්වාදීමෙන්. පට්ටේලාර්ගේ මැරයින් එක පවුලක් දරුණු ලෙස මරා දමා තියෙද්දී පණ පිටින් ඉන්න දරුවෙක්ව එක්තරා හින්දු පවුල් කිහිපයක් සහ ක්‍රිස්තියන් පූජකවරයෙක් විසින් හොයාගන්නවා. ඉතින් ඒ දරුවාගේ නම ක්‍රිෂ්ණා පිල්ලේ කියන නම තියනවා.

1958 අවුරුද්දේ විමුක්ති අරගලය තියෙන සමයේ කානියාර් ගමේ පල්ලියෙන් ‘ක්‍රිස්ටෝපර්’ වැන්නෙක්ව සොයා යද්දී අපේ කතා නායකයා වුනු ක්‍රිෂ්ණා පිල්ලේව මුණ ගැහිලා ඔහුව කානියාර් වලට එක්කන් ඇවිල්ලා හොද ගුටිකෙලි සංදර්ශනයකින් පස්සේ පල්ලියෙන් එයාව පොතන් ක්‍රිස්ටෝපර් කියලා නම් තබනවා.

ඔය අස්සේ ගමට වෙන අලුතින් තර්ජනයක් වුනු නාට්‍යයක නිලියක් වුනු රෙබෙකා කියන නිළියව පැහැරගැනීමේ තැතකින් බේරාගැනීමේ උත්සාහය ආදරණිය බැදීමකින් අවසන් වෙනකොට අවාසනාවට තමන් ගමන් කල බස් රථයේදීම ඇයව එක්තරා පොලිස් නිලධාරියෙක් එකපාරින්ම වෙඩි තියලා දානවා. ඒකත් ඒ නිලධාරියා කරන්නේ එක්තරා අරමුණකට.

ඒ අරමුණ මොන වගේද?
ඒ අරමුණ නිසා කානියාර් ගමට මොකක්ද වෙන්නේ?
කානියාර් ගම කවුද බේරගන්නේ?
කවුද ඒ පොලිස් නිලධාරියා? කවුද මේ පට්ටේලාර්?

මේ ප්‍රශ්න වලට උත්තර මේ චිත්‍රපටය බැලුවොත් ලබාගන්න පුළුවන්.

2022 අවුරුද්දේ මලයාලි රසිකයින්ගේ (ලංකාව ඇතුළුව) කාගේත් කතාබහට ලක්වෙච්ච ‘ජන ගන මනා (Jana Gana Mana)’ චිත්‍රපටය ඔයාලට මතක ඇති කියලා මං හිතනවා. (ඒකත් සයිට් එකේ ඇති) ඉතින් මේ චිත්‍රපටය පිටිපස යෝධ සෙවනැල්ලක් වුනු කෙනෙක් තමයි ඩිජෝ ජෝස් ඇන්තනි කියන්නේ. ලොකු චිත්‍රපටි ප්‍රමාණයක් නොකලත් මතකයේ රැදෙන චිත්‍රපටයක් විදිහට ජන ගන මනා හදුන්වන්න පුළුවන්. එයාගෙම 2024 අවුරුද්දේ නිකුත් කරපු Malayali From India (මලයාලි ෆ්‍රොම් ඉන්දියා) චිත්‍රපටයේ උපසිරැසි අපේ බන්දුල අයියා දීල තියෙනවා. සයිට් එකේ ඇති ඒකත්. බලලා රස විදින්න. ඉතින් මේ එයාගේ 2026 අවුරුද්දේ පළමු ආගමනය.

එහෙනම් යමුකෝ විස්තරේ පැත්තට.

Pallichattambi (මලයාලමෙන්: പള്ളിച്ചട്ടമ്പി) කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් 15 වෙනිදා (කේරල දින දර්ශනයට අනුව නම් විශු දිනයේ) නිකුත් කරපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ ඩිජෝ ජෝස් ඇන්තනි. මේකේ රචනය එස් සුරේෂ් බාබුගෙන්. නිෂ්පාදනය නවුෆල්, බ්‍රිජිෂ්, චානුක්‍ය චයිතන්යා, චරන්ගෙන්. සංගීතය ජේකස් බිජෝයිගෙන්. ඔයා Identity, Kalki (2019), Narivetta බලපු කෙනෙක් නම් එයාගේ සංගීතය ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෑ කියලා හිතනවා. මේක අයිති වෙන්නේ Period / Action ගණයට.

රංගනයෙන් ටොවිනෝ තෝමස් ට අමතරව, කයාදු ලෝහර්, ෂත්රු, විජේරාගවන්, සිද්ධිකි, ඇලෙක්සැන්ඩර් ප්‍රශාන්ත්, දමිල නළු ආඩුකුලම් නරේන්, දේවිකා අනූප්, ළමා නිලි වෙධිකා ශ්‍රීකුමාර් වගේම විශේෂ ආරාධිත රංගනයෙන් ප්‍රීත්විරාජ් සුකුමාරන් ද අධ්‍යක්ෂක ද එකතු වෙනවා.


පල්ලිචට්ටම්බි චිත්‍රපටයේ නළු නිලියන්

මේ චිත්‍රපටය ගොඩක් විශේෂ වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ චිත්‍රපටයේ එක ගීතයක්. මේ ගීතය ගොඩක්ම ජනප්‍රිය වූවා වගේම කේරලය ආශ්‍රිතව Instagram සමාජ මාධ්‍යයේ රිල් ලක්ෂයට වඩා ප්‍රමාණයක් මුදා හැරුණු Youtube වලත් මිලියන 25කට වඩා ප්‍රේක්ෂක පිරිසක් බලපු ඒ ගීතය ‘KAATTUCHEMBAKAM’ නමින් හැදින්වෙනවා. ඒ ගීතයේ තියෙන අලංකාරත්වයත් ජේකස්ගේ හිතට වදින සංගීතයත් ටොවිනෝගේ සහ කයාදු ගේ රංගනයත් මේ ගීතය ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරේ ජනප්‍රිය වෙන්න හේතුවක් වෙනවා.


KAATTUCHEMBAKAM ගීතයේ ජනප්‍රියත්වය

චිත්‍රපටයේ ආදායම් ගැන බැලුවොත් නිකුත් වෙලා මුල්ම දවසේ කෝටි 10.34ක් ලබාගෙන තියෙනවා. ගොඩක් මලයාලි ප්‍රේක්ෂකයින් කියන අන්දමට කාටත් බලන්න පුළුවන් කියලයි කියන්නේ. විශේෂයෙන් මේ  KAATTUCHEMBAKAM ගීතයත් ඔවුන්ගේ පැසසුමට ලක් වෙලා තිබ්බා.


ආදායම් සහ ප්‍රතිචාර

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 6.6/10 කුත්, TMDB අගය 5.5/10කුත්, Letterboxd අගය 2.9/5කුත් ලබා දීලා තියෙනවා.

මේ චිත්‍රපටයේම දෙවැන්නක් ඉදිරියට එනවා කියලා චිත්‍රපටයේ අවසානයේ තියේ.

OTT ගැන කිව්වොත් SonyLiv හරහා ජූලි 24 වෙනිදා මේ චිත්‍රපටයේ පිටපත් නිකුත් වුණා..

මාස දෙකක් විතර OTT රිලීස් කරන දිනයක් එහෙම බලන් ඉදලා ඔන්න හෙන කට්ටක් කාලා උපසිරැසිය හැදුවා. අලුතින් එකතු වෙච්ච දෙබස් අදුරගන්න පහසුවෙන්න මං කහ පාට යෙදුවා. කැමරා කොපියේ තියෙන උපසිරැසි ඒ විදිහටම තියෙන්න ඇරියා.

* පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.

ඉතින් මේ ගේන්නේ මගේ අන්තිම උපසිරැසිය. අන්තිම කිව්වේ අන්තිමේ ම එක නෙවෙයි. මේක තාවකාලික සමුගැනීමක් විතරයි. මාස 7කට කිට්ටු කාලයක් තිස්සේ කටු කාලා කටු කාලා, කොහොමහරි ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා අධ්‍යාපනික වැඩ කරන ගමනුත් මේ මැච් එක ගැහුවේ වෙන හේතුවක් හින්දා නෙවෙයි, ඔයාලා වගේ ප්‍රේක්ෂකයින්ට රසවිදින්න හොදම දේ හොද විදිහට දෙන්න ඕනේ හින්දා.. ඉස්සරහ අධ්‍යාපනික කටයුතුත් එක්ක මේ වැඩේට කාලය වෙන් කරවාගන්න ටිකක් අමාරු වෙන නිසා ටික කාලයකට මේ වැඩේ නවත්වන්න මං තීරණය කළා. එහෙත් මං ආයෙත් කියනවා. මේක තාවකාලික සමුගැනීමක් විතරයි, කොයිවෙලේ හරි ඇවිල්ලා බෝම්බයක් මං පත්තු කරනවා හොදේ!

ආ අමතක කරන්න එපා, මලයාලි චිත්‍රපට ගැන අපේ බන්දුල අයියා බලාගනිවී, ඒක මට හොදටම විශ්වාසයි, ඉස්සරහට සුපිරි ෆිල්ම් ටිකක් එනවා කියලා මං දැක්කා. ඒවට එයා උපසිරැසි ගෙනේවි.
 
විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මට අවස්ථාව දීපු අපේ ඇඩ්මින් බොස් රවිදු හේෂාන් අයියටත් මෙතනට එන්න සම්බන්ධ කරලා දුන්නු අපේ විමා අයියව.. ඒ දෙන්නව ආදරෙන් මතක් කරනවා..

එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. සුබ දවසක්!

Pallichattambi (2026) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP/HQ PREDVD(කැම්)  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,058 downloadsDownload Pallichattambi-2026-HQ-HDRIP-Update.zip101 KB

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pallichattambi Sinhala Subtitles

Subtitles by

ඕෂද එරංග (Era Boy)

Subtitles

3,058 downloadsDownload Subtitles101 KB

9 comments

  1. රොෂාන් ශමීර

    උපසිරසියට බොහොම ස්තූතියි මල්ලී..

    1. ඕෂද එරංග (Era Boy)

      ආදරෙයි අයියේ.. ❤️

  2. Sandun

    thanks

    1. ඕෂද එරංග (Era Boy)

      ස්තුතියි බොසා ❤️

  3. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

    1. ඕෂද එරංග (Era Boy)

      ❤️

  4. Gagan Pabasara

    බොහොම ස්තුතිය උපසිරස ට ❤️

  5. Buddhika laKMal

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචං

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌