Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles නීතිගරුක පුරවැසියන් විදියට අපි හැමෝම නීතියට අවනත වෙන්න ඕන. ඒත් නීතිය කඩන හැටි බලන්නනම් අපි හරි ගොඩක් ආසයි නේද? නෑ කියන්නනම් එපා Prison Break, Money Heist, Army of Thieves, The Ambulance, The Town සහ Fast & Furious චිත්‍රපට මාලාවත් ලොවපුරා අතිශය ජනප…
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
නීතිගරුක පුරවැසියන් විදියට අපි හැමෝම නීතියට අවනත වෙන්න ඕන. ඒත් නීතිය කඩන හැටි බලන්නනම් අපි හරි ගොඩක් ආසයි නේද? නෑ කියන්නනම් එපා Prison Break, Money Heist, Army of Thieves, The Ambulance, The Town සහ Fast & Furious චිත්‍රපට මාලාවත් ලොවපුරා අතිශය ජනප්‍රිය උනේ මෙන්න මේ නිසා තමයි. ඒ වගේම හොලිවුඩ් වලත් කොල්ලකෑම් සම්බන්ධ චිත්‍රපට වසරකට අවම වශයෙන් එකක් හරි හැදෙනවා. ඉතිං මේ අරන් ආවේ අන්න වගේ සුපිරි මංකොල්ලයක් ගැන Den of Thieves 2: Pantera ෆිල්ම් එක. ඊට කලින් ඔයාලා අනිවාර්යයෙන් මේකේ පළවෙනි ෆිල්ම් එක වෙන Den of Thieves (2018) ෆිල්ම් එකත් බලලා ඉන්න නැත්තම් ඔයාලට මේක රස විඳින්න අමාරු වෙයි.
Den of Thieves 2: Pantera මේ වෙද්දි 6.4ක IMDb අගයකුත්, රොටන් ටොමෑටෝ වල 60%ක අගයකුත් ලබාගෙන තිබෙනවා. Action/Crime යන කාණ්ඩයන්ට අයත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කලින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Christian Gudegast මහත්මයාමයි. සුපුරුදු විදියට Gerard Butler නික් ලෙසත්, ජනප්‍රිය නළු Ice Cubeගේ පුතා වෙන O’Shea Jackson Jr ඩොනී ලෙසත්, Evin Ahmad ජොවානා ලෙසත්, Nazmiye Oral චාවා ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ජනවාරි 10 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අවසනාවන්ත විදියට කලින් චිත්‍රපටය තරම් ආදායමක් ලබාගන්නේ නෑ. ඒත් මේ චිත්‍රපට මාලාවට අයත් තුන්වෙනි චිත්‍රපටයක් නිර්මාණය වෙනවා කියලා නිෂ්පාදකවරුන් මේ වෙද්දී සහතික කරලා තියෙනවා.
මේ ටිකේ කාර්‍යබහුල උන නිසා උපසිරසිය ගේන්න ටිකක් පරක්කු උනා. ඉතිං ඒ නිසා වැඩි විස්තර කියන්න යන්නේ නෑ. කලින් ෆිල්ම් එක බැලුවනම් ඔයාලට මතක ඇති අහිංසකයා වගේ හිටපු ඩොනී පොලීසියට උදව් කරනවා වගේ ඉඳලා තමන්ගෙ කල්ලියටත් පිටුපාලා ෆෙඩරල් බැංකුවේ කරපු මංකොල්ලයෙ සල්ලිත් අරන් පැනලා ගියානේ. ඊට කාලෙකට පස්සෙ පැන්තර් කියලා කල්ලියක් බෙල්ජියමේ ඇන්ට්වර්ප්වල ගුවන් යානයකින් මිල කල නොහැකි දියමන්තියක් කොල්ලකනවා. මේ කොල්ලයේ සැලැස්ම ගැන නික්ට හුරුපුරුදු බවක් දැනෙන නිසා එයා පැන්තර් කල්ලිය පස්සෙන් ප්‍රංශයට එනවා. මේ අස්සේ දැන් ඩොනී ඉන්නෙත් පැන්තර් කල්ලියට එකතු වෙලා. මෙයාලගේ ඊලඟ සැලස්ම තමයි ලෝකේ තියෙන ආරක්ෂිතම තැනක් වෙන ප්‍රංශයයේ තියෙන ලෝක දියමන්ති මධ්‍යස්ථානයේ සුරක්ෂිතාගාරක් මංකොල්ල කන එක. ඉතිං ඩොනී ඇතුළු පැන්තර් කල්ලිය මේක කරයිද? ප්‍රංශ පොලීසිය සහ නික් මොනවගේ ක්‍රියාමාර්ග ගනියිද කියලා දැනගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා. එහෙනම් සනූප මල්ලිටත්, රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මාත් යනවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,164 downloadsDownload Den-of-Thieves-2-Pantera-2025.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kraven the Hunter (2024) Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
9 comments
Buddhika laKMal
Gayan
meke part 1 BR dennako
Sahan Gayantha
thanks a lot Yuran saho
Bimsara Yashan (ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Roshan Shameera
උපසිරසියට බොහොම ස්තූතියි මල්ලී..
Anonymous
Thanks bro
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Sajith
Thanks bro..
Viraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි යුරාන් ධනුක සහෝ උපසිරැසියට