Watch Trailer

Dennis the Menace Strikes Again! (1998) Sinhala Subtitles | දඟයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන එන්න තමා සූදානම් වෙන්නේ. අදත් ගේන්නේ තවත් ලස්සන ළමා චිත්‍රපටයක්. හැමෝම දඟයව දන්නවනේ. Scooby- Doo, Batman, T.M.N.T. වගේ ලස්සන කාටූන් විකාශය වුණ සිරසෙ ගිය තවත් කාටුන් එකක් තමා දඟයා කියන්නෙත්. දැන් අපි කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 4.4 ක් වගේ ර…

ඔන්න ඉතින් මගේ තුන්වෙනි උපසිරැසියත් අරගෙන එන්න තමා සූදානම් වෙන්නේ. අදත් ගේන්නේ තවත් ලස්සන ළමා චිත්‍රපටයක්. හැමෝම දඟයව දන්නවනේ. Scooby- Doo, Batman, T.M.N.T. වගේ ලස්සන කාටූන් විකාශය වුණ සිරසෙ ගිය තවත් කාටුන් එකක් තමා දඟයා කියන්නෙත්. දැන් අපි කතාව පැත්තට හැරෙමු.

මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 4.4 ක් වගේ රේටින් අරගෙන තියෙනවා. Family, Comedy කාන්ඩ වලට තමා අයත් වෙන්නේ. මේක release කරල තියෙන්නේ 1998 ජූලි 14 වෙනිදා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Charles T. Kanganis විසිනුයි.

මෙන්න මේ විදිහට තමා නලු නිලියන් චරිත වලට පණ පොවන්නේ,
Justin Cooper- Dennis Mitchel
Don Rickles- George Wilson
George Kennedy- Grandpa
Betty White-Martha Wilson
Dwier Brown- Henry Mitchel
Alexa PanaVega- Gina

කතාවත් පොඩ්ඩක් කියලම ඉන්නම්. ඩෙනිස්, එහෙමත් නැත්නම් දඟයාගේ එපා කරපු උපන් දින තෑග්ග නිසා තරහ ගිය විල්සන් මාමා දඟයගෙ ගෙදරට යන්නේ දඟයගෙ දඟකාර වැඩ ගැන එයාගෙ අම්මටයි තාත්තටයි පැමිණිලි කරන්න. හැබැයි ඉතින් විල්සන් මාමාට හොඳ දෙයක් නම් දකින්න ලැබෙනවා, ඒ දඟයගේ සීයා ආව එක. විල්සන් මාමා හිතන්නෙ එයා දඟයගෙන් බේරුණා කියලා. ඒත් දඟයා කියන්නේ දඟයමනේ. දඟයගේ සීයා දැක්කම් විල්සන් මාමාට පොඩි ඉරිසියාවක් ඇති වෙනවා, මොකද සීයා වයසට ගියත් තරුණයෙක් වගේ වැඩ කරන නිසා. මේ නිසා විල්සන් මාමට තරුණ වෙන ආශාවක් ඇති වෙනවා. දවසක් මෙයාට අමුතු දොස්තර කෙනෙක් හමුවෙනවා, එයා ශාක්ශිත් එක්කම පෙන්වන්නේ එයාට වයසට ගිය අයව තරුණ බවට පත් කරන්න පුළුවන් කියලා. විල්සන් මාමට මෙයාගෙන් උදවු ගන්න පුළුවන් වෙයිද, දඟයාගෙන් බේරිලා එයාට මේවා කරන්න පුළුවන් වෙයිද කියන එක දැනගන්න නම් මේක බලන්නම් වෙනවා.

ඔන්න ඉතින් නිවාඩු කාලෙ මං ගේන අනිත් උපසිරැසියත් ගෙනාවා, පුළුවන් වුනොත් තවත් එකක් ගේන පොරොන්දුව තියන ගමන්ම මේ ෆිල්ම් එකත් බලන්න ආරාධනා කරමින් මං සමුගන්නවා. සුභ දවසක්!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

2,661 downloadsDownload Dennis-the-Menace-Strikes-Again-1998.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

2,661 downloadsDownload Subtitles44 KB

20 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. gihan perera

    දඟයා....කාටුන් එක බැලුවා පොඩි කාලේ...ගොඩක් ස්තුතියි පොඩි සහෝ කථා වටත් උපසිරැසි දුන්නට...ජය වෙිවා....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

  5. Lahiru Vinoj

    ස්තූතියි පොඩි සහෝ..ඉස්සරහට තව කරන්න ශක්තිය ලැබේවා

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. R-TJ

    නියම වැඩක් මලි. ස්තූතියි.....

  9. R-TJ

    නියම වැඩක්. ස්තූතියි.....

  10. Tharaka

    කලින් ෆිල්ම් එක මගේ අම්මත් බැලුවා. ලස්සනයි... මල්ලී ඔයාගේ සබ් එකේ ගුණාත්මකබවත් ගොඩාක් හොඳයි. ඉතින් මේ සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි! අනිවාර්යයෙන් මේ ෆිලුමත් බලනවා.
    පොඩි මල්ලීගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක වේවා කියා පතනවා!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. podda

    thanks bro!!!1

  12. harshani11112

    පොඩ්ඩ නියමයි....හොදින් හැමදේම කරගෙන මේවත් කරන්න...සතුටුයි ඔයාගැන....

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මලයෝ උපසිරසට..ලොකු පොඩි කවුරුත් උනත් ආසාවෙන් බලන චිත්‍රපට තමයි මේවා. තවත් උපසිරසයකින් හමුවෙමු..බුදුසරණයි..!

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxx

  16. Udara Damith Dissanayaka

    උපසිරැසියට බොහෝම
    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. AsithaDilruwan

    Ela saho thanks

  19. jagath55

    Thanks

  20. Josuwa

    Sinhala dubbed nedda?