Watch Trailer

Turtles Can Fly (2004) AKA Lakposhtha parvaz mikonand Sinhala Subtitles | යුද්ධයට තැලෙන මල් කැකුළු [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් අවසරයි. මගේ ඊලඟ උපසිරැසිය විදියට අරගෙන ආවෙ ගොඩක් අයට වැඩිය නරඔන්න යොමු නොවෙන ඉරාකයේ නිමැවුනු සංවේදී කතා තේමාවක් සහිත චිත්‍රපටයක්. ලෝකයේ අතිශය ජනාදරයට පත් මේ චිත්‍රපටය සම්මාන විශාල ප්‍රමාණයක් ලබාගන්න සමත් වෙලා තියනවා. Turtles Can Fly “කැස්බෑවන්ට ඉගිලෙන්න පුලුවන්” කියලා වචනාර්ථය ති…

බයිස්කෝප් හිතවතුන් අවසරයි. මගේ ඊලඟ උපසිරැසිය විදියට අරගෙන ආවෙ ගොඩක් අයට වැඩිය නරඔන්න යොමු නොවෙන ඉරාකයේ නිමැවුනු සංවේදී කතා තේමාවක් සහිත චිත්‍රපටයක්. ලෝකයේ අතිශය ජනාදරයට පත් මේ චිත්‍රපටය සම්මාන විශාල ප්‍රමාණයක් ලබාගන්න සමත් වෙලා තියනවා. Turtles Can Fly “කැස්බෑවන්ට ඉගිලෙන්න පුලුවන්” කියලා වචනාර්ථය තිබුනට මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කියන විදියට “කැස්බෑවන්ට ඉතා දිගු ජීවිතයක් තියනවා, එ් දිගු ජීවිතකාලයේදි ඔවුන් ජලය හා ගොඩබිමේ අර්ධ වශයෙන් ජීවත් වෙන ආකාරය” කියන අදහසලු ඔහු අදහස් කරන්නෙ. චිත්‍රපටයේ අවසානයේ මේ නම කොතරම් ගැලපෙනවද කියන එක ගැනත් යම් අදහසක් ඹබට ගන්න පුලුවන් වෙයි. කුර් දි භාෂාවෙන් තමයි මේ චිත්‍රපටය නිමවලා තියෙන්නෙ.

ඉරාක ඇමරිකා යුධ සමයේ ඉරාක-කුර් දි මායිමේ තියෙන කැනිබෝ ගමේ ජීවත්වෙන අනාථ ළමුන් පිරිසක් වටා තමයි මේ කතාව ගොඩනැගිලා තියෙන්නෙ. සැටලයිට් කියන්නෙ මේ ළමයින්ගෙ නායකයා විදියට කටයුතු කරන ළමයා. අවට ගම් වලට ගිහින් සැටලයිට් සවි කරන එයාගෙ රැකියාව නිසා තමයි එයාට ඒ නම ලැබිලා තියෙන්නෙ. සැටලයිට්ට ගමේ තියෙන්නෙ ඉහල තැනක්. මොකද ගමේ තරමක් උගත් කෙනෙකුට හිටියෙ සැටලයිට් විතරයි. සැටලයිට්ගේ සහය හැමෝමට ඕනෙ. සැටලයිට්ගේ අණ යටතේ බිම්බෝම්බ පිට්ටනිවල තියන බිම්බෝම්බ එකතු කරලා නගරයට ගිහින් විකුණලා තමයි මේ ගමේ ළමයි සල්ලි කීයක් හරි හොයා ගත්තෙ. ඔය අතරතුර සරණාගත ළමයි පිරිසකුත් මේ ගමට එනවා. ඒ අතර ඉන්න ඇග්‍රීන් කියන ගෑණූ ළමයට සැටලයිට්ගේ හිත යනවා..

මේ ළමයින්ට මොනවගේ සිද්ධි වලට ඉදිරියේදී මුහුණ දෙන්න වෙයිද..? යුද්ධය ඔවුන්ගේ ජීවිත වලට කෙසේ බලපායිද..? කියලා බලාගන්න ඕනෙනම් චිත්‍රපටිය කරඔන්නම වෙනවා..

2004 වර්ෂයේ නිෂ්පාදනය වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සම්මානනීය ඉරාක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Bahman Ghobadi විසින්. ධාවන කාලය මිනිත්තු 98ක් වෙන මේ චිත්‍රපටය සඳහා Soran Ebrahim , Avaz Latif , Saddam Hossein Feysal වැනි ළමා නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. IMDB අගය 8.1 සහ Rotten Tomatoes අගය 88% ක් ලබාගන්න සමත් වුන මේ චිත්‍රපටය ලෝකයට අතිශය සංවේදී පණිවිඩයක් ගෙනයමින් ලෝකය පුරාම ඇති සම්මාන උළෙලවල් වලදී සම්මාන රාශියක් දිනා ගැනීමට සමත් වෙනවා. පහත දැක්වෙන්නේ ඉන් කිහිපයක් ;

Peace Film Award – (Berlin International Film Festival, 2005)

Golden Seashell, Best Film – (San Sebastián International Film Festival 2004)

La Pieza Award, Best Film – (Mexico City International Contemporary Film Festival, 2005)

Special Jury Prize – (Chicago International Film Festival, 2004)

Audience Award – (Rotterdam International Film Festival, 2005)

Golden Prometheus, Best Film – (Tbilisi International Film Festival, 2005)

Silver Skeleton Award – (Harvest Moonlight Festival 2007)

Gold Dolphin – (Festróia – Tróia International Film Festival, 2005)

Golden Butterfly – (Isfahan International Festival of Films for Children, 2004)

මීට අමතරව තවත් සම්මාන සහ නිර්දේශවීම් රාශියක් සඳහා මෙම චිත්‍රපටය පාත්‍ර වී තියෙනවා. ළමයින්ට,ළමා මනසට යුද්ධයේ කෘරත්වය කොහොම බලපානවද කියලා මොනවට පෙන්නුම් කරන මෙම චිත්‍රපටය මගේ අදහසට අනුවනම් කුමන මාදිලියේ චිත්‍රපට රසිකයෙක් උනත් ඹබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඉරාක ඇමරිකා යුද්ධය විතරක් නෙමෙයි ලෝකයේ කොහේ උනත් යුද්ධය කියන දෙය කොයිතරම් කුරිරු,මිලේච්ච දෙයක්ද කියලා චිත්‍රපටයේ අවසානයේ ඔබට පසක් වේවි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

2,111 downloadsDownload Turtles-Can-Fly-2004.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රජිත සුරජංන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,111 downloadsDownload Subtitles30 KB

30 comments

  1. dedunu

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    මෙවගෙ හොද ෆිල්ම් ලබාදෙන මෙන් ඉල්ලමි....
    ජයවේවා!

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  3. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Lahiru Vinoj

    අඩෝ..එල ඈ ජයවේවා

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
    ඒ වගේම පුලුවන්නම් දිගටම මේ වගේ සබ් කරලා නැති පරන උනත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
    ඔබට ජය......!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Athula

    Thanks ...

  10. shiyamal

    Thanks So... Mutch
    Very good film

  11. sks

    සබට තෑන්ක් you

  12. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. suranmainda

    උපසිරැසියට බොහෝම ස්තුතියි......

  14. Suranjan

    Thanks machan.......jayawewa......!

  15. shiyamal

    The Legend of 1900 (1998) pl... look this film.
    Thanks again your sub..

    1. shiyamal

      La leggenda del pianista sull'oceano (original title) IBM Rate 8.1

    2. Rajitha Suranjana

      බලමු මචං

  16. harshani11112

    ස්තුති සහො

  17. pushpakumara

    බුදු සරණයි!

  18. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රංජිත් සහෝ.
    ජයෙන් ජය.

  19. Wicki

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
    මේක ඉරාකයේ නොවෙයි, ඉරානයේ එකක් නේද ?

    1. Rajitha Suranjana

      ඉරානයයි ඉරාකයයි දෙකම එකතු වෙලා හදපු එකක් මචං

  20. Dewadithya

    Thanks for sub!

  21. ricadodamien

    Thank You Rajitha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team...........

  22. Rajitha Suranjana

    සුබ පැතූ සැමට ස්තූතියි.

  23. niwanthaka

    බොහොම ස්තූති

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. AsithaDilruwan

    Ela saho thanks

  26. jagath55

    Thanks

  27. Gayan Chathuranga

    ගොඩක් ස්තුතී සහෝ !දිගටම මේ වගේ ෆිල්ම්ස් වලට සබ් කරන්න ජයවේවා !!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.