මේ ලිපිය කියවන නොකියවන කාගේ කවුරු වුනත්, තමුන්ගේ පුංචිකාලේ ආවර්ජනය කරද්දී අනිවාර්යෙන්ම යහලු යෙහෙලියන් සමග කරපු කෙලි සෙල්ලම් මතකයේ විශේෂ කොටසක් විදියට සිහියට නැගෙනවා ඇති. අද කාලේ වෙද්දී ඒ කරපු කෙලි සෙල්ලම් ගැන මතකයන් පමණක් නෙමෙයි, ඒ කෙලි සෙල්ලම් කරපු යහලු හෙහෙලියන්ට පවා සිද්ධ වුනේ මොකක්ද කියලත් මේ ක…

මේ ලිපිය කියවන නොකියවන කාගේ කවුරු වුනත්, තමුන්ගේ පුංචිකාලේ ආවර්ජනය කරද්දී අනිවාර්යෙන්ම යහලු යෙහෙලියන් සමග කරපු කෙලි සෙල්ලම් මතකයේ විශේෂ කොටසක් විදියට සිහියට නැගෙනවා ඇති. අද කාලේ වෙද්දී ඒ කරපු කෙලි සෙල්ලම් ගැන මතකයන් පමණක් නෙමෙයි, ඒ කෙලි සෙල්ලම් කරපු යහලු හෙහෙලියන්ට පවා සිද්ධ වුනේ මොකක්ද කියලත් මේ කාලේ ගොඩක් අයට කිසිම දැනුමක් නැතිව ඇති. ඒත් ඒ වගේ පුංචි කාලේ සෙල්ලමක් අවුරුදු ගාණක් තිස්සේ පවත්වාගෙන ගියොත් මොනවායින් මොනවා වේවිද?
මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ ඒ විදියට අවුරුදු 30ක් තිස්සේ පුංචි කාලේ ඉදන් අල්ලන සෙල්ලම් කරගෙන ආපු යාලුවෝ පස් දෙනෙක් ගැනයි. ඒ වගේම ඒ යාලුවෝ පස්දෙනා අතරින් එක් යහලුවෙක් ඒ වසර 30 පුරාවටම අනිත් යාලුවෝ පස් දෙනාගේ අතින් එක් වරක් වත් අහුවෙලා නෑ. චිත්‍රපටයක් නිසා අපිට ඒ වගේ සිදුවීමක් හාස්‍යට ලක් වෙන විදියට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් “ඒක ඕනේවට වඩා වැඩි ලොකු බොරුවක්” කියලා. හැබැයි මේක සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවක් පදනම් කරගෙන සිදු කරපු චිත්‍රපටයක් නිසා චිත්‍රපට විචාරය කරන්න හදන ගොඩක් අයට ඒ පොටත් නැතිවෙලා තමයි තියෙන්නේ. ඉතිං පුංචි කාලේ ඉදන් අවුරුදු 30ක් තිස්සේ අල්ලන සෙල්ලමක් අතරින් කාටවත් අහුවෙන්නේ නැතිව ඉන්න නම් ඌ සුපිරිම පොරක් වෙන්න ඕනේ. ඉතිං මේ කතාව පුරාවටම මේ යාලුවෝ පස් දෙනා එයාලගේ වසර 30ක් පුරාවටම පවත්වාගෙන ආපු අල්ලන සෙල්ලමේ වැදගත් වටයක් පවත්වන්නේ කොහොමද කියලා තමයි මේ කතාවේ පෙන්නුම් කරන්නේ.
මේ විදියට අවුරුදු 30ක් තිස්සේ සෙල්ලමක් පවත්වාගෙන එන්න නම් මේ යාලුවෝ පස්දෙනාට ගොඩක් දේවල් අතරින් මේ සෙල්ලම කරන්න වෙලා තියෙනවා. ඒ වගේම ඒ සෙල්ලම අතරේ ගොඩක් දේවල් වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සෙල්ලම් අතරේ ලේලලම් වෙලාත් තියෙනවා. මේ නිසා මේ පස්දෙනා එකතු වෙලා ඔට්ටු දිවිල්ලට ව්‍යවස්ථාවකුත් හදලා තියෙන්නේ. ගහන්න ඔට්ටු නැති තැන්, ඇල්ලීම නොකල යුතු අවස්ථා, සෙල්ලමට සහභාගීත්වයේ ඇති වලංගුතාවය වැනි දේවල්. ඒ වගේම තමයි අවුරුදු 30ක් තිස්සේ මේ සෙල්ලම කරනවා කියන්නේ අවුරුද්ද පුරාම මේ සෙල්ලම කරන්නේ නෑ. අප්‍රේල් මැදියම් රෑ 12:01 සිට මැයි මාසේ මැදියම් රෑ 12:01 දක්වා තමයි මේ සෙල්ලම කරගෙන යන්නේ. සරලවම කිව්වොත් මැයි මාසය තුල පමණයි ඔට්ටු. ඒ කියන්නේ මැයි මාසය තුල වැසිකිලියට ගියත් ඔට්ටු කෙනාට අහුවුනොත් වැසිකිලි දොර කඩාගෙන හරි ඇතුලට ඇවිත් අල්ලනවා. ඉතිං මේ සෙල්ලම නිසා මේ පුංචි කාලේ යාලුවෝ අවුරුදු 30ක් තිස්සේ හැම අවුරුද්දකම එකට හමුවෙනවා. ඒ කියනනේ කුඩා කල මිත්‍රත්වය වැඩිහිටියෝ වෙලත් පවත්වාගෙන යනවා. මේක මේ කාලේ මේ ලෝකේ ගොඩක් දුර්ලභ දෙයක්. ඒ නිසයි මේ කතාව විශේෂ වන්නේ.
ප්‍රසිද්ධ සහ දක්ශ නලු නිලියෝ රැසක් රංගනයෙන් දායකත්වය දක්වන මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්, මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත
14,625 downloadsDownload Tag-2018.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
73 comments
Lahiru Vinoj
nisala_d
Thank you bro..!!!
darshana100
hodai wage ne thanks saho
gihan perera
අමුතුම කොමඩියක්.....බලන්නම ඕනෑ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි කරන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ....
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!
Soori
දෙනකන් බලා ගෙන හිටපු සබක්.
බොහෝම ස්තුතියි ප්‍රණීත් සහෝ....
ජය...!!!New day
සුපිරි
Milind@
Thanks saho
kavindu22
Umm
Amalka Himeshan
Thanks sub ekata
Umasha0000
Thanks
Ranga sri
Thank you....
Himantha
Denakan balan hitiye thanx sub ekata
Suresh Madhusanka
ගොඩාක් ස්තූතියි බ්‍රෝ උපසිසිරැසියට ජය වේවා...( chal mohan ranga 2018 ) film එකේ sub එක දෙනවද...බ්‍රෝ
harshani11112
ස්තුති ප්‍රණීත් සහො
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!udith aye
ele ele
dsdkavishka
Thenks for sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
Nilush Angana
Sub ekata thanx
Niro200
එනකන් බලන් හිටියේ ස්තුතියි
Hemal
Thanks bro
Poojana__Udawela
thanks bro
සිතුම් L. කෝදාගොඩ
හම්මට.......හොඳ වෙලාවට ෆිල්ම් එක එක දවසින් බලලා ඉවර කලේ නැත්තේ.ඊයේ ටිකක් බලලා සිංහල සුබ එකත් නැතුව අද බලන්න හොයද්දි මෙන්න සබ එකත් දීලා.තෑන්ක්ස් බන්.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..සබ් දෙයි කියල හිතුවෙත් නෑ මේකට..Last Ship එකෙන් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
lionkolla990
thank you bosa
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kanchaka
Thjanks bro
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ.
ජයෙන් ජය.Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Dewadithya
Thanks for sub!
gayan215
bohoma sthuthi saho...
KasunRe
බොහොම ස්තූතියි සහෝ……
A.P Dissanayake
උපසිරැසියට බොහෝම ස්තුතියි....
niwanthaka
බොහොම ස්තූති
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ආපු දවස් වලම බැලුවා..
පට්ට කතාව..ඇත්ත එකක් කියලා හිතන්නවත් බෑ අන්තිම වෙනකම්..lahiru sadaruvan
thank you so much brother...
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තූතියි000000000000
Samanbase
Fattaa sub eka
dush135
ela
namika
thanks!
srasanka
එල එල
ස්තුතියි ...MAALnath
Thanks .................... good luck ..........................
D.Chamara
booma sthuthi sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayanmagee
thanks
Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි
ජයවේවා !Lahiri
thankz saho
Mohantha_kumara
El bro.overbord ekath denna baida?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අමුතුම එකක් වගේ...ස්තූතියි සහෝ