සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න කාලෙකින් තවත් සබ් එකක් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ පරක්කු වුණාට. කොපියක් එන්නත් කලින් ඉඳල බාරගෙන තිබුණට, වැඩත් එක්ක මට හොයා බලන්න බැරි වුණා කොපියක් ඇවිල්ලද කියන එක. දන්නෙම නැතිව හොඳ කොපියක් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. කොහොමහරි ඔන්න අරගෙන ආවා. මේ පාර මං අ…

සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න කාලෙකින් තවත් සබ් එකක් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න තමයි තියෙන්නේ පරක්කු වුණාට. කොපියක් එන්නත් කලින් ඉඳල බාරගෙන තිබුණට, වැඩත් එක්ක මට හොයා බලන්න බැරි වුණා කොපියක් ඇවිල්ලද කියන එක. දන්නෙම නැතිව හොඳ කොපියක් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. කොහොමහරි ඔන්න අරගෙන ආවා.
මේ පාර මං අරගෙන ආවේ Destroyer (2018) කියන Action, Crime, Drama වර්ගයන්ට අයත් ෆිල්ම් එකක්. මේක 2018 කියල තිබුණට 2019 ලබන්න දවස් 4 කට කලින් තමයි ඊශ්‍රායලයේ රිලීස් වුණේ. ඒත් ප්‍රධාන වශයෙන් ප්‍රදර්ශනය ඇරඹුණේ මේ අවුරුද්දේ ජනවාරි තමයි. 2018 දී තව Film festival කීපයක් සඳහා නම් පෙන්නලා තියනවා. ඉතින් Karyn Kusama ගෙ අධ්‍යක්ෂණයක් වෙන මේකෙ Nicole Kidman, Toby Kebbell, Tatiana Maslany වගේ පිරිසක් රංගනයෙන් දායක වෙනවා. IMDB 6.2 ක්, කුණු තක්කාලි 74% ක් ගන්නත් මේක සමත් වෙලා තියනවා.
ඉතින් කතාව පැත්තටත් පොඩ්ඩක් හැරිලා බලමු.
පටන් ගන්නේ මෙහෙමයි. මළ සිරුරක් තියන තැනකට එනවා පොලීසියේ පරීක්ෂකවරියක් වෙන එරින් බෙල්. හැබැයි එතන ඉන්න නිළධාරීන් වැඩි කැමැත්තක් නෑ වගේ ඒකට. ඔව් ඉතින් නිදිමරලා, ලෙඩ පෙනුමක් තියන, හරියට කෙලින් ඇවිදගන්න බැරි දුර්වල කෙනෙක් එයා. එතන ඉන්න පරීක්ෂක වරු කියන විදියට මරල දාපු කෙනා හඳුනාගන්න සලකුණක් නෑ. වැටිලා තියන රිවෝල්වරෙත් අංක, සළකුණු ඔක්කොම මකලා. සිරුරත් ගාව තියනවා තීන්ත තැවරිලා අවලංගු වුණු මුදල් නෝට්ටු කිහිපයක්. “මේක කරපු කෙනා මං දන්නවා නම්” කියල බෙල් ඇහුවත් එතන ඉන්න අය ගණන් ගන්නේ නෑ. කියන්නේ එයාල ඒක බලාගන්නම්, කාලේ නාස්ති නොකර ගිහින් නිදාගන්න කියල. එහෙමයි කතාව පටන්ගන්නේ.
ඊළඟට පෙන්නන්නේ පොලීසියේදී බෙල් නමට ලියුමක් ඇවිත් තියනවා. ඒක ඇරලා බැලුවම ඇතුළේ තියෙන්නේ තීන්ත තැවරුණු මුදල් නෝට්ටුවක්.
එහෙනම් කවුද මෙහෙම කලේ, මොකක් නිසාද කියල අරගෙනම බලන්නකෝ. ආයෙත් ඉඩක් ලැබුණු වෙලාවට අලුතෙන් සබ් එකක් අරන් එන්නම්. එතකන් හැමෝටම ජයින් ජයිම වීවා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
3,584 downloadsDownload Destroyer-2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
23 comments
Prabodha Madhusankha Hettiarachchi
Hiranhiru
ගොඩක් ස්තුතියි උපසිරැසියට.
නිදුක් නිරෝගී වේවා..! ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා...!
තෙරුවන් සරණයි...!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!gihan perera
ස්තුතියි සහෝ.....දෙනකන් හිටියේ මේක....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා......
Hashan M. Priyadarshana
Thank you saho sub ekata....
Jaya wewa.!jagath55
Thanks
Rukshan37
Ela ela
thanks saho
Tharaka
THANKS.......
chinthaka_priyadrshana
Thank u Bro....
Asanke
Thanks for sub
AsithaDilruwan
ela saho thanks
Iiiiiiooooo
Sub ekata tnx bro
Akashpc
Pta
nish47
thanks bro
sanjeewakbg
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayanmagee
thanks
Kasunabayasekara
Thanks bro
Dewadithya
Thanks for Sub!
nish47
ස්තූතියි සහෝ
Kaveen Gayath
Niyamai ahh
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Godak sthuthi sub ekata... hellboy sub demu...