මගේ නම නන්ද ගෝපාල් කුමරන් ..! මිනිස්සු මට N.G.K කියලත් කියනවා.! බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් ..! ඉතින් වෙනදා වගේම අදත් අඩවියට ගොඩ උනේ දමිළ සිනමාවේ තවත් එක සුවිශේෂී චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි අප අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වෙන තාරක නුවන් දිල්හාර මල්ලිත් එක්ක.මොකක්ද මේ චිත්‍රපටය ක…

මගේ නම නන්ද ගෝපාල් කුමරන් ..!
මිනිස්සු මට N.G.K කියලත් කියනවා.!
බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් ..! ඉතින් වෙනදා වගේම අදත් අඩවියට ගොඩ උනේ දමිළ සිනමාවේ තවත් එක සුවිශේෂී චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි අප අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වෙන තාරක නුවන් දිල්හාර මල්ලිත් එක්ක.මොකක්ද මේ චිත්‍රපටය කියලා උඩ තියෙන නම දැක්කට පස්සේ කවුරුත් දැන ගන්න ඇති.
මේ වසරේ මැයි මස 31 දින සිට ලොවපුරා තිරගත කිරිමට පටන්ගත් මේ සිනමා පටය Selvaraghavan නම් අධ්‍යක්ෂකවරයා විසින්ම රචනය කර අධ්‍යක්ෂනය කරන ලද්දක්..! චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන් Suriya,Sai Pallavi,Rakul Preet Singh විසින් හොබවන අතර Yuvan Shankar Raja ගේ සුමියුරු සංගීතයෙන් සිනමාපටය හැඩවි තිබෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දත්ත දර්ශකයේ මනාප 1928 කින් 7/10 ක් ලබාගෙන ගූගල් පරිශීලක අගය 83% ක්ද ලබාගෙන තිබෙනවා.
චිත්‍රපටය සඳහා ලැබුණු ප්‍රේකෂක අදහස් කීපයක්..!

ගොවිතැන මුල් කරගෙන ජිවිත් වෙන ගමක NGK නැත්තන් නන්ද ගෝපාල් කුමරන් නමින් උගත් තරුණයෙක් ඉන්නවා. ගමේ මිනිස්සුන්ට ගොවිතැන සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මොන ප්‍රශ්නය ආවත් කුමරන් එතන. ඒ නිසාම එයාට මිනිස්සු NGK කියන්න පුරුදු වෙලා හිටියා. තවත් විදියකට එයාව සමාජ සේවකයෙක් විදියට අඳුන්වන්නත් පුලුවන්.!ඉතින් කාලය මෙහෙම ගතවෙද්දි දවසක් රජයේ කාර්යාලීය වැඩකට ආපු පිරිසකට NGK ඒ අය ආපු කාරණාව මොකක්ද කියලා හොයල බලලා එක පයින්ම ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ තරම්ම ඒ අය හරිම අහිංසක සාධාරණ පිරිසක් උන නිසා. උදව් කරන්න හිතාගෙන කාර්ය්‍යාලය ඇතුලට ගියපු NGK ට ගියාට වඩා වේගෙන් ආපහු එන්න වෙනවා. NGK නිකන් හිටියේ නැහැ තව තවත් උත්සාහ කරා ඒත් හරි ගියේ නෑ. මේ සිදුවීම නිසා බොහොම කලකිරිනු NGK ලඟට එයාගේ ගමේම ඉන්න පවතින ආණ්ඩු පක්ෂයට ටිකක් බැහැලා වැඩ කරන යාළුවෙක් එනවා. යාළුවා NGK ගෙන් කාරණාව මොකක්ද කියලා අහලා අයියෝ සුළු දෙයක්නේ කියලා එක දුරකථන ඇමතුමකින් NGK ට කරන්න බැරිවුන දේ ක්ෂණිකව කරලා දෙනවා.
NGK ට හරිම පුදුමයි මේ වැඩේ ගැන NGK යාළුවගෙන් අහනවා කොහොමද ඒක කරේ කියලා. යාළුවා ගමේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීතුමාට කතා කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ..! මෙතනදි කියන්න ඕන දෙයක් තමයි NGK කියන්නේ මන්ත්‍රීතුමාටත් වැඩිය ජනතා ප්‍රසාදය තියෙන කෙනෙක්..! හැබැයි මන්ත්‍රීතුමා ලඟ තියෙන දේශපාලන බලය නම් NGK ට නැහැ. මෙන්න මේ එක සිදුවීම NGK ගේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
“කරන කැපකිරීමට ප්‍රතිපල ගන්න නම්…
කැපකිරීම ලොකු වෙන තරමට ලැබෙන ප්‍රතිපලයත් ලොකුයි..
ගන්න රිස්ක් එකට රිටර්න් එක ලොකුයි… “
NGK ගේ හිතේ රැව්දුන්නේ එකම එක වචන පේලියයි ඒතමයි ‘ගමේ ඉන්න මන්ත්‍රී කෙනෙක්ට දිසාපති කෙනෙක්ට බලපෑම් කරන්න පුලුවන් නම් දේශපාලනය කියන්නේ කොච්චර ලොකු බල පරාසයක්ද..? ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ට කොච්චර නම් යහපත් දේවල් කරන්න පුලුවන්ද..?’ NGK ගේ ඊලඟ පියවර උනේ දේශපාලනයට යන එක දේශපාලනය කරලා දිනලා ජනතාවට සේවය කරන්න. තාපසයෙක් වගේ හිටිය NGK ට තමන්ගේ පවුලේ අයගෙන් ලඟම හිතවතුන්ගෙන් මේ අදහස නිසා ලැබුණේ හොඳ ප්‍රතිචාර නම් නොවයි. හැමෝම කිව්වේ යන්න එපා කියලමයි NGK ආදරණීය බිරිඳගෙ කටින් විතරයි ඒකට හොඳ උත්තරයක් හම්බුනේ..! යන්න එපා කිව්වා කියලා NGK සැලුනේ නෑ . මොකද එයාට ජනතා ප්‍රසාදය කොහොමත් තියෙනවා. ඡන්දේට ඉදිරිපත් වෙන්න තව පොඩි පොඩි වැඩ ටිකක් නේ කරන්න තියෙන්නේ හිතලා.ඒ දේවල් එහෙම උනාට NGK යන්න හදන ගමන එහෙම ලේසියෙන් සාධාරණව යන්න පුලුවන් ගමනක් නෙවෙයි කියලා NGK ට තේරුම් යන්න වැඩ් කාලයක් යන්නේ නෑ. ඉතින් ආපහු හැරීමකුත් නෑ. NGK ටත් සිද්ද වෙනවා මතුපිටින් පෙනෙන සාධාරණ ක්‍රමවේදයෙන් බැහැර වෙලා වෙනත් ක්‍රමයකින් හදාගත්ත ලේ තැවරුණු අඳුරු කළු පැල්ලම් සහිත මාර්ගකින් තමන්ගේ ඉලක්කයට යන්න.
මේ යන ගමනෙදි ඔහුගේ සමීපතයන්ට ඉතාමත් සංවේදී සිදුවීමක් වෙනවා.. ඒක කරන්නේ කවුද..? ඔයාගෙ උත්තරය වෙන්නෙ කවුද..? ෆිල්ම් එක හොද අවදානයෙන් බලලා කමෙන්ට් එකකින් මට උත්තරයක් දෙන්න. අපි බලමු මම දැකපු දේ, මම හිතන දේ, ඔයා දකින දේ, ඔයා හිතන දේ එකක්මද කියල…!
වෙනදා අපේ වෙබ් අඩවියට ගොඩවෙලා හැමෝම උපසිරැසිය අරගෙන යනවා. එතනින් කිහිපදෙනෙක් කමෙන්ට් කරනවා ස්තුතිය පල කරලා අනාගතයට සුභ පතලා අද ඒ ක්‍රමයෙන් ටිකක් බැහැර වෙලා චිත්‍රපටය මුලින්ම බලලා මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයට පිලිතුර ඔබට වැටහුණු විදියට ඒ මොකක්ද කියලා කමෙන්ට් කරන ලෙස නැවතත් අප අඩවියේ රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි කිරිමට අවස්ථාව සලසා දුන් අපගේ සංස්කාරක මඩුල්ලේ අශාන් විමුක්ති (විමා) සහෝට විශේෂ ස්තුතිය පිරිනමන අතරම අප අඩවියේම තවත් උපසිරැසිකරුවකු වන දසන් බුද්ධික මල්ලිටත් විශේෂ ස්තුතිය පිරිනමනවා. එසේනම් තවත් සිංහල උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමු ගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!
බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ NGK චිත්‍රපටය සඳහා ඩිරෙක්ට් ලින්ක් ලබා දුන් පිටුව රිපෝට් වී ඇති හෙයින් එය ඩවුන්ලෝඩ් අඩවියෙන් ඉවත් කිරීමට සිදුවී ඇත. උපසිරසියට ගැලපෙන ” NGK (2019) Proper – HDRip – x264 පිටපත් ටැමිල් එම්වී අඩවියෙන් හෝ ටැමිල් රොකර්ස් අඩවි වලින් ලබාගන්න. ඩිරෙක්ට් බාගත කරගැනීම සඳහා සීඩ්ර් වෙබ් අඩවිය වෙත පිවිසද එම බාගත කිරීම් ඔබට කරගත හැක. එමෙන්ම මුහුණුපොතේ ඩිරෙක්ට් ලින්ක් ලබාදෙන පිටුද ඕනතරම් ඇති හෙයින් ඉහත සඳහන් කල පිටපත හරිහැටි තෝරාබේරාගෙන ඔබට බාගත කර හැක. සිදුවූ අපහසුතාවය පිලිබඳ අප හට සමාවන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
33,430 downloadsDownload NGK-2019.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ තාරක නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
153 comments
kalpahasin
Thilankadissanayake
thanks .
rangika Kariyawasam
දෙන්නටම බෝම තුති ...ජයවේවා
suzantha Vijerathne
Link aka dendoooooooooo
ඒෂාන් කාංචන
thanks
mahesha lasanthi
thanks
Sagarika2
Subtitle ek withryi bn pennane
Download krnn widiyk ne pennanne ne ned bnwera
thanks bro
Lasantha Bandara
ko film eka...
nishan_asiri
El
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi broooo...
Priyadarshana asanka
Thanks machan...
gysandamal
superb
Panther
Thanz saho
ishu
Tnq bro sub ekt
Asitha.pramoth
ස්තූතියි සහෝලා
Stranger
thanks
Hemantha De Silva
ස්තුතියි තරිඳු....
ස්තුතියි තාරක...
(බලමුකො Kumbalangi Nights )ඔෂද ධනංජය
ගොඩක් සතූතියි සහෝදරවරුනි...
KasunRe
බොහොම ස්තූතියි......
kavi17
elama. gd luck bro
chathuranga jayamal
patta bro.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Chamaradil
Thankx broo
Kazunft
Thanks Bro
dil_shan
tnz sub ekata
Bole
Jaya wewa !!!
nalinda600
thanks Bro
Asanke
Thanks for sub
Deepani
tharidu & tharaka oyala dennata godak thanks. shakthiya diriya lebewa !!!!!!!
biscope ekata jayen jaya.!!!!!!gihan perera
ස්තුතියි සහෝ ලා දෙන්නටම ගොඩක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා....
Samitha gayan
Thanks machoo....
Lahiri
THANKS SAHO
චානක ඉඳුනිල්
සුපිරි ඩබලක්නේ සබ් එක දීල තියෙන්නෙ,
ආයෙ ඉතින් කතා දෙකක් නෑ සබ් එක කොලිටියටම ඇති,
ඔන්න එහෙනම් බා ගත්තා....srimaranjana
thank you!!!
Admin warunge awadanayata...
Comment walata Like damime pahasukama laba denna. eya boho deneku comment damimata diri gannawanu athi..dindi
fatta
dinidu migara
ftt
Anton priyahantha
Thank you!
Tharusha2021
ස්තුති
Ruwan83
thanks saho sub ekata
Udaya Tharanga
thank you
Ashen Deven
Thank for the sub brooooo
kelumchathuranga
thanks
Ayeshisuru
patta patta digtama karan palayan
chathurangaliyanarachchi
Thankx brother
chanaka47
Elama thanks sahodarayo dennatai baiscopelk ekatai... ❤️❤️
Sin subs
Sub 1t tnx..brthr..sirwtm kumaran mada paule aya mrnna plan krnne?
Shehan putha
Hanks bros!
damith_janaranjana
ස්තුති බ්රෝ
Lahiru maduzzz
Film eka download karanna link nene
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
[co="red"]tamilmv(dot)bid ගිහින් ගන්න[/co]
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
thilz
thank u 4 the sub
pradeep hashan
Sub ekata thanks bro
Udaya Saman
උපසරියසියට බොහොම තුති ඔබ දෙපලටම..සුපිරිම එකක් සුපිරිම දෙන්නෙක්නෙ උපසිරසි ගෙනත් තියෙන්නේ..ඔන්න එහෙනම් ඩවුන් කරා..
Advertisement

thnx mcn,patta film ekak genalla tiyenne,digatama karagena yanna