Watch Trailer

Detective Ujjwalan (2025) Sinhala Subtitles | බිල්ලෙක් පසුපස [සිංහල උපසිරැසි]

Detective Ujjwalan (2025) Sinhala Subtitless ආයුබෝවන් ආයෙත් නවතම මලයාලි සිනමා පටයකින් හමු වෙනවා. මේකත් අමුතුම කතාවක් තියෙන ලස්සන mystery comedy සිනමා පටයක්. අවසානය වෙන කල් සෑහෙන කුතුහලයක් තියාගෙන ඉන්න ඕනෙ මොකද වෙන්න කියල බලන්න. ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන්. ධ්‍යාන් ශ්‍රීනිවසන් ප්‍රධාන චරිතය රඟ…

Detective Ujjwalan (2025) Sinhala Subtitless

ආයුබෝවන්  ආයෙත් නවතම මලයාලි සිනමා පටයකින් හමු වෙනවා. මේකත් අමුතුම කතාවක් තියෙන ලස්සන mystery comedy සිනමා පටයක්. අවසානය වෙන කල් සෑහෙන කුතුහලයක් තියාගෙන ඉන්න ඕනෙ මොකද වෙන්න කියල බලන්න. ඉතින් කම්මැලි නැතුව බලන්න පුළුවන්.

ධ්‍යාන් ශ්‍රීනිවසන් ප්‍රධාන චරිතය රඟන මෙහි සිජු විල්සන්, රොනී ඩේවිඩ්, කොට්ටායම් නසීර්, සීමාඅ ජී නායර් වැනි නළු නිළියන් රඟපානවා. ගෝපික්‍රිෂ්ණන් සහ රාහුල් ජී ගේ අධ්‍යක්ෂනයක්.

කතාව පැත්තට ගියොත් කුඩා ගමක ඉන්න තරුණයෙක් තමයි උජ්වලන් කියන්නෙ. අපරාධ රහිත මේ ගමේ පොඩි පොඩි හොරකම් නඩු හබ විසඳන්නෙ ගමේ පොලිසිය නෙමෙයි ඔය කියන උජ්වලන් තමයි. ඉතින් වැඩිය වැඩක් නැති මේ ගමේ පොලිසියත් උජ්වලන්ගෙන් තමයි උපදෙස් ගන්නෙ. මෙච්චර සාමකාමී ගමට එක පාර හෙණ ගෙඩියක් පාත් වෙනවා. මිනී මැරුමක්. මොනවද කරන්නෙ කියල අත් දැකීමක් නැති පොලිසිය මේකටත් උජ්වලන් වෙත යොමු වෙනවා. තව මිනී මැරුමක්. එන පොට හොඳ නෑ. ඝාතන රැල්ලක් මතු වෙමින් පවතිනවා. ඒ අනුව ඒ සඳහා ශම්බු නම් පොලිස් පරීක්ෂකයාගේ නායකත්වය ඇතිව පොලිස් විමර්ශන කණ්ඩායමක් එනවා. දැන් පොලිස් කණ්ඩායම සහ පුද්ගලික රහස් පරීක්ෂකයා අතර මිනී මැරුම සොයා ගන්න සුන්දර තරඟයක්. මොනව වෙයිද? කවුරු ජය ගනීද? ඝාතකයා කවුද? ඔහු අසු වේද? මේ සියල්ලන්ටම උත්තර මේක බැලුවම ලැබෙයි.

නව උපසිරැසියක් සමග හමු වෙමු.

Detective Ujjwalan (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,533 downloadsDownload Detective-Ujjwalan-2025.zip54 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Detective Ujjwalan (2025) Sinhala Subtitless

Subtitles by

BANDULA K

Subtitles

3,533 downloadsDownload Subtitles54 KB

9 comments

  1. Lahiru

    දෙනකන් බලන් හිටියේ , ෆිල්ම් එකත් download කරගෙන. බොහොම ස්තූති බ්‍රදර්.

  2. Madushan

    සබට බොහොම ස්තූති බ්‍රදර්.
    පුලුවන් නම් rifle club movie එකටත් සබ් එක දෙන්න..

  3. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  4. රංගික සිනෙත් කාරියවසම්

    හැමදාම වගේ මලයාලමට උපරිම සාධාරණයක් කරන බන්දුල සහෝ.බොහොම ස්තුතියි. ජය වේවා.මතක් කරනවා දිලීප්ගේ Prince and Family movie එකටත් සබ දෙන්න සහෝ.ජය

  5. Buddhika laKMal

    ස්තූථියි බන්දුල සහෝ මේකට සිංහල සබ් දුන්නට...

  6. Anonymous

    JSK මලයලම් ෆිල්ම් එකට සබ් එක ඕන... මලයාලම් ෆිල්ම් ගොඩක් මග හැරිලා බයිස්කොප් එකට..

  7. SS

    ස්තූතියි සබ් එකට ❤️

  8. Lahiru

    සබ් නම් පට්ටම කොලිටි. උපරිම සාධාරණයක් කරනවා මලයාලම් වලට බන්දුල සහෝදරයා. බොහොම ස්තූති සබ් එකට. Rifle club එකටත් සබ් ඕන

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤