Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles අද අරගෙන ආවෙ Ma Dong-seok ගෙ අළුත් චිත්‍රපටය වන Holy Night – Demon Hunters චිත්‍රපටය.. වෙනද දකිනවට වඩා වෙනස්ම මාතෘ කාවකින්, වෙනස්ම ඇක්ෂන් ගොඩක් එක්ක අපේ තඩී Ma Dong-seok එහෙමත් නැත්තනම් චිත්‍රපටයෙ විදිහට “කන්ග් බාඕ” ඔබ ඉදිරියට එනවා.. මේ පාරත් අත පු…
Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles
අද අරගෙන ආවෙ Ma Dong-seok ගෙ අළුත් චිත්‍රපටය වන Holy Night – Demon Hunters චිත්‍රපටය.. වෙනද දකිනවට වඩා වෙනස්ම මාතෘ කාවකින්, වෙනස්ම ඇක්ෂන් ගොඩක් එක්ක අපේ තඩී Ma Dong-seok එහෙමත් නැත්තනම් චිත්‍රපටයෙ විදිහට “කන්ග් බාඕ” ඔබ ඉදිරියට එනවා.. මේ පාරත් අත පුරවල ගහන තඩි මුෂ්ඨි පාරවල් බලාගන්න පුළුවන්, හැබැයි ඒ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක්ම නෙමෙයි..
අපි බලමු චිත්‍රපටිය ඇතුලෙදි මොකක්ද වෙන්නෙ කියලා..
කන්ග් බාඕ කුඩා කාලයෙ දිවි ගෙවන්නෙ පල්ලියක් මගින් පවත්වගෙන යන අනාථ නිවාසයක් තුලයි.. ඔහුගෙ හොඳම යාළුවා ජෝෂප් සමගත් ඔහුගේ අනිත් යාළුවන් සමගත් බාඕ ආසාවෙන් කාලය ගත කරනවා. මේ අතර වැඩිහිටියකු බවට පත්වන බාඕ අනාථ නිවාසයෙන් පිටමන් වී පාතල කල්ලියකට බැදිලා මුදල් හොයන්න පටන් ගන්නවා.. හැබැයි ඔහුගෙ හොදම යාළුවා වන ජෝෂප් වෙනස්ම මගක යමින් යක්ෂ භූත ආත්ම පිළිබදව අධ්‍යනය කරන්නෙකු බවට පත්වනවා. එක් නත්තල් දවසක කද මළු බැදගෙන තමන්ගෙ යහළු යෙහෙලියන් බලන්න බාඕ අනාථ නිවාසෙට එද්දි ඒක ඇතුලෙ වෙලා තිබුනෙ මහ විනාශයක්..
ඉතින් මොකක්ද මේ විනාශෙ.. කාටද මේ යක්ෂ දඩයම්කරුවො කියන්නෙ.. බාඕ ගෙ පළිගැනීමේ පරමාර්ථය කුමක්ද ? බාඕට ඒ අසාමන්‍ය බලය ලැබුනෙ කොහොමද ? මේ ඔක්කොටම උත්තර Holy Night – Demon Hunters චිත්‍රපටය නැරඹුවොත් දැනගන්න ලැබෙයි.. එහෙනම් අපේ තඩීගෙ අලුත්ම ෆිල්ම් එකත් බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.. සුභ දවසක්..
ඉෂාන් මධුෂංක(ඉශූ)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
8,817 downloadsDownload Holy-Night-Demon-Hunters-2025-2.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉශූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Holy Night: Demon Hunters (2025) Sinhala SubtitlesSubtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #Holy Night: Demon Hunters (2025) Sinhala Sub
- #Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles
- #Holy Night: Demon Hunters Sinhala Sub
- #Holy Night: Demon Hunters Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
9 comments
Anonymous
Asanga Basooriya
bohoma sthuthiii...
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HBuddhika laKMal
ස්තූතියි ඉෂාන් සහෝ කාලෙකින් බලන්න හොද මූවිඑහෙකට සිංහල සබ් ගෙනාවට
Lahiru
බොහොම ස්තූති සබ් එකට. දිගටම මේ වගේ මූවි වලට සබ් ඕන...
Malith samarawickrama
Thanks mchn sub ekata
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kaveesha
Thanks bro sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thank you