මේ කතාව නම් ටිකක් පරණයි තමයි. ඒත් මේක මම බලපු හොඳම කොමඩි ෆිල්ම් එකක්. මේකේ කොමඩි වලට අමතරව හොඳ කතාවක් අන්තර්ගතව තියෙනවා කියන්නත් පුළුවන්. සංගීතයත් නියමයි. කොහොමටත් මං හිතන්නේ අලුතින් එන ෆිල්ම් වල action ගොඩක් වැඩි වුණාට, පරණ ෆිල්ම් වල වගේ කිසිම කතාවක් නෑ කියලා. “Old is Gold” කියලත් කියනවනේ. ඉතින් ක…

මේ කතාව නම් ටිකක් පරණයි තමයි. ඒත් මේක මම බලපු හොඳම කොමඩි ෆිල්ම් එකක්. මේකේ කොමඩි වලට අමතරව හොඳ කතාවක් අන්තර්ගතව තියෙනවා කියන්නත් පුළුවන්. සංගීතයත් නියමයි. කොහොමටත් මං හිතන්නේ අලුතින් එන ෆිල්ම් වල action ගොඩක් වැඩි වුණාට, පරණ ෆිල්ම් වල වගේ කිසිම කතාවක් නෑ කියලා. “Old is Gold” කියලත් කියනවනේ. ඉතින් කවුරු හරි මේ කතාව පරණ වැඩියි කියලා නොබලා ඉන්න හිතනවා නම්, ඒක වැරදි තීරණයක්.
මේ කථාවේ කථා නායකයා තමයි ඩූස් බිගලෝව්. මෙයා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන, මාළු ටැංකි ශුද්ධ පවිත්‍ර කරන්නෙක්. මෙයා කරන මෝඩ වැඩක් හින්දා මින් මැදුරේ කරමින් හිටපු රස්සාව නැති වෙනවා. ඉන් පස්සේ මෙයා Apartment එකක පොකුණක් බලාගන්න රස්සාවක් හොයාගන්නවා. එතනදී මොහුට ඇන්ට්වාන් කියලා පොරක්ව මුණ ගැහෙනවා. මිනිහා කරන්නේ ළොවෙත් නැති රස්සාවක්. ඔහු Gigolo කෙනෙක්. පොර ගැහැණු අයට මුදල් වලට ලිංගික සේවා සපයනවා(සාමාන්‍යයෙන් වෙන්නේ මේකේ අනිත් පැත්තනේ). පුදුම වැඩේ තමයි, මෙයා ගාවට එන පාරිභෝගිකයන් බොහොම ලස්සන උදවිය. මෙයාගේ apartment එක සුඛෝපභෝගී විදිහටයි හදලා තියෙන්නේ. මේකේ තියෙනවා බොහොම වටින මාළු ටැංකියක්. දවසක් මෙයාට ඉන්න හුඟක්ම වටින මාළුවා අසනීප වෙලා ඌව දවස් දෙකක්ම බලාගන්න සිද්ධ වෙනවා. මෙයාට සති තුනකට රට යන්න වෙන හින්දා මාළුවාවයි, apartment එක සති තුනකටයි බලාගන්න එක ඩූස්ට පවරනවා. එතනින් තමයි කතාව හරියට පටන් ගන්නේ.
ඉතින් අඩු පඩියකින් ජීවත් වෙන ඩූස්ට මේක දිව්‍ය ලෝකේ ගියා වගේ. හැබැයි ඉතින් මෙතනදීත් කරගන්න ගොන් වැඩක් හින්දා අර වටින මාළු ටැංකියත් කුඩු වෙලා, apartment එකටත් හානි වෙනවා. නැවත පිළිසකර කරන්න යන මුදල ඩොලර් 6,000ක්. සති තුනෙන් ඔක්කොම හරි ගස්සන්නත් ඕනේ. මෙයාගේ රස්සාව හැටියට ඒක කරන්න අමාරු දෙයක්. මෙහෙම ඉන්නකොට ඇන්ට්වාන්ට ආපු කෝල් එකක් answer කරන්න ගිහින් මෙයත් අර රස්සාවට පැටෙලෙනවා. වෙන කරන්න දෙයක් නැහැ සල්ලි ටික හොයා ගන්නත් ඕනේනේ. කොහොම හරි මෙයාට T.J කියලා Pimp කෙනෙක්වත් හමබ වෙනවා. මිනිහා තමයි ඩූස්ව මේ වැඩේට හොඳට modify කරලා ගන්නේ. හැබැයි ඉතින් ඇන්ට්වාන්ට වගේ හොඳ ගනුදෙනු කාරයින් නම් නෙවෙයි ඩූස්ට හම්බෙන්නේ. ඒ අයගේ මොකක් හරි ඒ අයටම ආවේණික අවුලක් තියෙනවා. ඒ මොනවද කියලා ෆිල්ම් එක බළලාම දැන්ගන්න. ඒ අස්සේ ඩූස් පිටිපස්සේ රහස් පරීක්‍ෂකයෙකුත් පන්නනවා වගේම මෙයා ආදරයකටත් පැටලෙනවා.
ඉතින් ඩූස් තමන්ගේ ගනුදෙනුකාරයින් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඩූස්ගේ ආදරය හරි යාවිද? සල්ලි ටික හොයාගෙන ඇන්ට්වාන් එන්න කලින් apartment එක පිළිසකර කරන්න පුළුවන් වෙයිද? නැතිනම් නොදන්න රස්සා කරන්න ගොහින් හිරේ විලංගුවේ වැටෙන්න වෙයිද? මේ ඔක්කොම කතාව බලලම දැනගන්න. ෆිල්ම් එක හරි සබ්ස් හරි බාගන්න ගමන් comment එකකුත් දාගෙනම යන්න කියලා ඉල්ලීමකුත් කරනවා.
“මෙන්න මචං කරනවා නම් රස්සා” කියලා තිබ්බට මෙව්වා කරන්න යන්න නම් එපා හොඳේ. මොකද මෙව්වා කරලා මාට්ටු වුණොත් හතර වෙනි තට්ටුවට ගිහින් තමයි නතර වෙන්නේ. 😀
6b453192619efc531d10677834b900dd29bce736 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,238 downloadsDownload Deuce.Bigalow.1999.baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Predator X” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
Predator X
Subtitles
25 comments
ඉසු ඩිපි (Isu DP)
prabhath
thanks poddak podi unanam hodai.comedy kne ithina balannama wenawa.
Isira
thanks machan. me naluwage film niyamai.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)rashod
oon maaath baaawa..
cheers..!sheharaka
බලන්න ආසයි මචන් 1 gb බාන එක තමයි අවුල :/
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!චන්දිම අමරසිංහ
නියමයි සුභපැතුම්..
වරුණ රංගජිත් (වරූ)
නියමයි
නියමයි
සබට තෑන්ක්ස්Kulanjana Maduranga
elazzzzzzzzzz...subata thanks Predator X saho.....digatama sub denn.jaya wewa.......
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ, මේක නේද පලමු එක? පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, මේකේ තව එකක් තියෙනවද සහෝ? තියේනම් ඒකත් දෙන්න, ජයවේවා.
Thisal
thanx machan
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj
ela machan ela patta film eka
macan kiwwata sama wenna oni mkada me mage 1st comment eka
Samee
patta thanxa
“චූටී මල්ලි”
පට්ටනෙ බන්
ලිපිය අනුව නම් මරු වගෙ
බලමු
සබට තුති
ඔබට ජය...........හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Sanjaya
ස්තුතියි සහො.................
නියමයි Predator x සහෝ..
හොද කතාවක් වගේජය වේවා!
Bhanuka
Ela ela mchn....meka thun weni ekane.... "Predator X" qwata man ube aththa name eka dannawa...late unata sry bn....digatama sub demu mehema.... Jaya wewa...!!!!
කසුන් තාරුක
සුපිරි වැඩක්නේ සහෝ.. එල... :)
දිගටම සබ් දෙමු පට්ට බයිස්කෝප් වලට
ජයෙන් ජය සහෝ... :Dkasun kavinda
niyamayi jaya wewaaa onna bewa
Jaliya WIth aLone
Suppah Bng Tnkz
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ..........
Hashan M. Priyadarshana
Thank you bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි Predator x සහෝ.. :-P
හොද කතාවක් වගේ.
සයිස් එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. :-D
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!