Devara: Part 1 (2024) Sinhala Subtitles අද සබ් එක අරං ආවේ අලුතෙන් රිලීස් වුන දේවරා පළමු කොටසටයි. මේ ෆිල්ම් එක අවුරුද්දේ 9 වෙනි මාසෙ 7 වෙනිදා තමයි තිරගත වුනේ. මේ ෆිල්ම් එකට IMDB 6.4ක අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකේ දාවන කාලය පැය 2යි විනාඩි 45ක් තියෙනවා. මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ ආපු […]

Devara: Part 1 (2024) Sinhala Subtitles

අද සබ් එක අරං ආවේ අලුතෙන් රිලීස් වුන දේවරා පළමු කොටසටයි. මේ ෆිල්ම් එක අවුරුද්දේ 9 වෙනි මාසෙ 7 වෙනිදා තමයි තිරගත වුනේ. මේ ෆිල්ම් එකට IMDB 6.4ක අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකේ දාවන කාලය පැය 2යි විනාඩි 45ක් තියෙනවා. මේ ෆිල්ම් එක මේ අවුරුද්දේ ආපු සුපිරියටම හිට් උන ෆිල්ම් එකක්, ඒ වගේම මේක Devara Part 1 එක Devara Part 2 එකත් ඉස්සරහට එනවා කියලා දැනටම සදහන් කරලා තියෙනවා. කම්මැලි කමක් නැතුව ආතල් එකේ කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක.

නලු නිලියන් ගැන කිව්වොත් කතාවේ ප්‍රදාන නලුවා විදියට N. T. Rama Rao Jr සුපිරි රංගනයක් දෙනවා බලාගන්න පුලුවන්, ප්‍රදාන නිලිය විදියට Janhvi Kapoor අපිට බලාගන්න පුලුවන්. වෙනත් නලුවන් වශයෙන් Saif Ali Khan, Murali Sharma, Prakash Raj වගේ නලුවෝ ටිකකුත් බලාගන්න පුලුවන්.

කතාව ගැන කිව්වොත් එක කදුකර ප්‍රදේශයක ගම්මාන 4ක් තියෙනවා. ඒ ගම්මාන 4ට වෙනම නායකයෝ 4 කුත් ඉන්නවා, දේවරාත් එක ගමක නායකයෙක් විදියට ඉන්නවා. ඒ ගම්මාන 4ට ඒ ඒ ගමට ආවේණික දක්ශතා තියෙනවා. මෙයාලා ජීවනෝපායක් විදියට කරන්නෙ මුහුදෙන් හොරෙන් ගේන බඩු තොග පන්නලා ඒවා අයිතිකාරයන්ට ගෙනත් දෙන එක, ඔහොම ඒ වැඩ කර කර ඉද්දි දවසක මෙයාලව වෙරළ සංරක්ෂක අදිකාරියට අහුවෙනවා. ඉතින් එතනින් විස්තර ටිකක් දැනගන්න දේවරා ඒ හොරකන් වැඩ වලට අකැමැති වෙලා ඒවා කරන්න යන ගමේ අයව නවත්තන්නේ කොහොමද? නවත්තන්න පුලුවන් වෙනවද? කියලා ඔයාලා කතාව බලලම දැනගන්න. ඔතනින් එහාට කතාව කිව්වොත් වැඩක් නැති වෙනවා ඒක නිසා ඔයාලම මේ කතාව බලලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලාගන්න. එහෙනම් අලුත් උපසිරසියකින් හමුවෙමු.හැමෝටම බුදු සරනයි…!

Devara: Part 1 (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/ HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

12,356 downloadsDownload Devara.Part_.1.2024.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිදු නිම්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-09-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Tillu Square (2024) Sinhala Subtitles

Subtitles by

උවිදු නිම්සර

Subtitles

12,356 downloadsDownload Subtitles48 KB

5 comments

  1. Roshan Shameera

    උපසිරසියට බොහොම ස්තූතියි මලේ..

  2. Buddhika laKMal

    ස්තූතියි උවිදු සහෝ උපසිරැසියට

  3. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක්ම ස්තුතියි සබ් එකට...

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  5. Harshana Atapattu

    Thanks for sub brother