Watch Trailer

Following (2024) Sinhala Subtitles | ඇයගේ අභිරහස් මරණය [සිංහල උපසිරසි]

Following (2024) Sinhala Subtitles ඔන්න මන් අද ආවේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක් අරගෙන. නම තමා Following. කොරියානු නම තමා 그녀가 죽었다. ඒකේ තේරුම තමා “ඇය මැරුනා” කියන එක. මේ ෆිලුම තියටර්වලට රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි 15 වෙනිදා. ඩොලර් මිලියන 8.8ක ආදායමක් ලබන්න මේ ෆිලුම සමත් වෙනවා.…

Following (2024) Sinhala Subtitles ඔන්න මන් අද ආවේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක් අරගෙන. නම තමා Following. කොරියානු නම තමා 그녀가 죽었다. ඒකේ තේරුම තමා “ඇය මැරුනා” කියන එක. මේ ෆිලුම තියටර්වලට රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි 15 වෙනිදා. ඩොලර් මිලියන 8.8ක ආදායමක් ලබන්න මේ ෆිලුම සමත් වෙනවා. පැයයි මිනිත්තු හතලිස් තුනක් පුරාවට ගලාගෙන යන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Thriller, Mystery ගනයන්ට. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරන්නේ Kim Se Hwi විසින්. කාස්ට් එක පැත්තට ගියොතින් මන් කැමතිම නළුවෙකුයි, නිළියකුයි තමා ප්‍රධාන චරිත කරන්නේ. Byun Yo Han & Shin Hae Sun. මේ දෙන්නව නම් ඉතින් කොරියන් ඩ්‍රාමා බලන අය හොදටම දන්නවනේ. තව ප්‍රධාන චරිතයක් විදියට Lee El වත් බලාගන්න පුළුවන්. ෆිලුම ගැන කිව්වොතින් ඉතින් තත්පරයක් නෑර මාර කුතුහලෙන් බලන්න පුළුවන්.   《CAST – රංගන දායකත්වය》 • Byun Yo Han – ගු ජොන්ග් ටේ • Shin Hye Sun – හන් සෝරා • Lee El – ඕ යන්ග් ජූ     《Summary – සාරාංශය》 ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට ගෙවල්වලට හොරෙන් රිංගන එක. නරක දේකට නම් නෙවේ. නිකම් බලන්න විතරක්. ඔන්න ඔහොම යද්දි මෙයාට හන් සෝරා කියලා ගෑනු කෙනෙක්ව අහම්බෙන් හම්බෙනවා. දැක්ක ගමන් සෝරා ගැන ජොන්ග් ටේට කුතුහලයක් එනවා. අන්තිමේ එයාට සෝරාගේ ගෙදර ඇතුලටම ගිහින් සෝරා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඕනෙ වෙනවා. එක එක විදියෙන් උත්සහ කලත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔන්න ඔහොම ඉද්දි දවසක් සෝරා ජොන්ග් ටේගේ ඔෆිස් එකට එනවා. වෙන මොකටවත් නෙවේ එයාගේ ගෙදර විකුණන්න භාර දෙන්න. ඔන්න ඒකෙන් ජොන්ග් ටේට නිකන්ම සෝරාගේ ගෙදරට යන්න පුළුවන් වෙනවා. ඔහොම ටික දවසක් යද්දි සෝරාගේ ගෙදරට ජොන්ග් ටේ යන තුන්වෙනි දවසේ යද්දි සෝරා මැරිලා ඉන්නවා ජොන්ග් ටේ දකිනවා. බයවුන පාරට කෙලින්ම ආපහු යනවා එයා. පැමිණිලි කරන්නත් බැහැ.. මොකද එයා හොරෙනුයි ගෙදරට ගියේ. ඉතින් එදා රෑම ජොන්ග් ටේ ගනුදෙනුකාරයොන් එක්ක ගෙදර පෙන්නන්න කියලා සෝරාගේ ගෙදරට ආයේ යනවා. ඒ යද්දි සෝරාගේ මළසිරුර තිබ්බ තැන නැහැ. ඒකියන්නේ මිනීමරුවා මළසිරුර අරගෙන ගිහින්ද? එහෙනම් ගු ජොන්ග් ටේව මිනීමරුවා දකින්න ඇතිද? හන් සෝරාව මරන්න ඇත්තේ කවුරු වෙන්නැතිද? ඇත්තටම මැරිලද? මේ සේරටම උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරනවා. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට මන් ගියා. හැමෝටම සුභ දවසක්! Following (2024) Sinhala Subtitles

                           Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,568 downloadsDownload Following-2024.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Escape (2024) Sinhala Subtitles

Subtitles

2,568 downloadsDownload Subtitles43 KB

7 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මචං උපසිරැසියට

  2. Anonymous

    Mr.plankton ekata sinhala sub dennako

  3. Anonymous

    Mr.plankton korean drama ekata sinhala subtitles dennako

  4. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා..

  5. J.kaushalya

    Nice job and good sub

  6. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.