ඔන්න ආයෙත් ටික කාලෙකට පස්සේ දීර්ඝ ව්‍යාපෘතියක් ඉවර කළා. රොයිලි අයියත් හිටපු ගමන් කියන්න වගේ අපිව මතකද මංදා කට්ටියන්ට. කෝකවෙතත් මම මේ ෆිල්ම් එක කරන්න උන්නේ නම් තනියම නෙවි. අපේ දිල්ශාන් කාලිංග එක්ක. ඒත් පොරගේ කාර්යබහුලත්වය නිසා මේ ෆිල්ම් එක තනියමම කරන සෞභාග්‍යය මට හම්බුනා. ඒ වගේම පහළින් චිත්‍රපටය සම්…
ඔන්න ආයෙත් ටික කාලෙකට පස්සේ දීර්ඝ ව්‍යාපෘතියක් ඉවර කළා. රොයිලි අයියත් හිටපු ගමන් කියන්න වගේ අපිව මතකද මංදා කට්ටියන්ට. කෝකවෙතත් මම මේ ෆිල්ම් එක කරන්න උන්නේ නම් තනියම නෙවි. අපේ දිල්ශාන් කාලිංග එක්ක. ඒත් පොරගේ කාර්යබහුලත්වය නිසා මේ ෆිල්ම් එක තනියමම කරන සෞභාග්‍යය මට හම්බුනා. ඒ වගේම පහළින් චිත්‍රපටය සම්බන්දව කරලා තියෙන සම්පූර්ණ විග්‍රහය ඩිල්ශාන් කාලිංගගෙන්මයි. ඉතිං වැඩි කතා ඕනේ නැහැ. ලස්සන දෙබස්, ලස්සන ගීත වලින් පිරුණු මේ සුන්දර ආදර අන්දරය බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම Shreya Ghoshal ඇගේ චිත්‍රපට පසුබිම් ගායන දිවිය ඇරඹේන්නේ උදිත් නාරායන් සමඟ මෙම චිත්‍රපටයට ගැයූ “බේරී පියා…” ගීතයෙනුයි. ඉතිං, ලිපියේ අන්තිමේට කිව්වට වැඩක් නැති නිසා ඔන්න මුලින්ම කියලා දානවා…කමෙන්ට් එකක් එහෙමත් දාගෙනම යන්න කියලා.
ඔබට පුලුවන්ද ආදරේ විග්‍රහ කරන්න….? මගේ උත්තරේ නම් “බෑ” කියන එක.මොකද ඒක ලෝකේ තියන සංකීර්ණම භාෂාවක්. ඔව්, ඉතින් මම දැන් කියන්න යන්නෙත් ඒ සංකීර්ණ භාෂාව එක එක මිනිස්සු විග්‍රහ කරන විදිය ගැන. ඒත් මෙතන තියෙන්නේ එක විදියක් විතරයි. ඒත් ඒ විග්‍රහ කිරීම අතරේ ආදරේ මිහිරියාව, සුන්දරත්වය මොනවට පැහැදිලි වන බව නම් විශ්වාසයි. මිනිස්සු හරිම පුදුමාකාරයි….සමහරවෙලාවට ඔවුන් ජීවත් වෙන්නේ එකම එක අරමුණක් වෙනුවෙන්, ඉතින් ඒ අරමුණ ඉටු නොවුනම ඔවුන්ට මේ ලෝකේ කරන්න තවත් දෙයක් නැති වෙලා යනවා. ඔවුන්ට හිතෙනවා ඔවුන්ගේ ජීවිතෙන් තවත් ප්‍රයෝජනයක් නැහැ කියලා.
ඉතින් මේ “එකම එක අරමුණ” “ආදරය” වුනොත් මොනවා වෙයිද…….?
එක ආදරයක් වෙනුවෙන් ජීවත් වෙලා, ඒ ආදරේ නැතිවුනාම ඇතිවන දුක විරහවෙන් වහන්න හදන දේව්දාස්ලා අප අතරෙත් නැතිවාම නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ ආදරේට එක එක අය දෙන අර්ථකතන විවිධාකාරයි කියලා. සමහරු තමන්ගේ ආදරේ කැපකරලා ඒ ආදරේ වෙනතැනක සතුටින් ඉන්න හැටි බලාගෙන ජීවත් වෙනවා. දැන් ඔයාලා හිතයි එහෙම අය ඉන්නවද කියලා….එහෙම අය ඉන්නවා. හැබැයි ඉතාම අල්ප වශයෙන්. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ මේක නරඹලා ඔබත් එහෙම වෙන්න කියල නෙමෙයි, ඔබත් ඇත්තටම කෙනෙක්ට ආදරේ කරලා බලන්න, එතකොට තේරෙයි මේවා විකාරයක් නෙමෙයි කියලා.
ඉතින් මම මේ කියන්න යන්නේ 2002 වසරේ තිරගත වුනු 1917 ලියවුනු නවකතාවක් පදනම් කරගෙන තැනුණු, IMDb 7.6 ක් සහ Rotten Tomatoes වල 88% ක් ලබාගනිපු, එදා මෙදා තුර Filmfare සම්මාන 9 ක්, ජාතික සමාන 5 ක් ඇතුළු සම්මාන 44 ක් ලබාගන්න සමත්කම් දක්වපු “දේව්දාස්” ගැන. මේ ආදරේ, අපි අර කතාවට කියනවා වගේ වැලි කෙළියේ පටන් ඇති වුනු ආදරයක්. අන්න ඒ දේ තමයි මේ ආදරේ මේ තරම් සෙනෙහෙවන්ත කරන්නේ. තම තමන්ගේ දේවල් විතරයි මිනිසුන්ට පේන්නේ කියන දේ පැහැදිලි කරමින් මේ කතාවේදීත් වෙන්නේ දෙව්දාස්ගේ අම්මගේ මහන්තත්වකම වෙනුවෙන් දෙව්-පාරෝ ගේ ආදරේ කැප කරන්න වෙන එක. මොකද මොවුන්ගේ ආදරේ හොඳින් තේරුම් ගන්න පාරෝගේ අම්මා, දේව්ගේ අම්මට දේව් වෙනුවෙන් විවාහ යෝජනාවක් අරගෙන එන්නේ දේව් ළඟ තියන දේපල වෙනුවෙන් නෙමෙයි.
ඒත් දේව් ගේ අම්මා හිතන්නේ ඒ විදියට, මේ දේවල් මෙහෙම වෙද්දීත් දේව්-පාරෝ ඉන්නේ දේව්ගේ අම්මට නොතේරෙන ආදර ලෝකයේ අතරමං වෙලා. ඉතින් දේව්ගේ අම්මගේ තීරණේ ගන්න උදව් කරන්නේ දේව්ගේ දේපල දිහා ඇහැගහගෙන ඉන්නේ, මේ දේවල් වල තාවකාලික බව නොවැහෙටෙන දේව්ගේම නෑනා. ඉතින් මෙතැනදී පාරෝගේ අම්මට වෙන නින්දාව ඇය ඉවසන්නේ, ශාපයක් සහ පොරොන්දුවක් සමඟින්. ඇය පොරොන්දු වෙනවා ඇයගේ දුවව දේව්ට වඩා ධනපතියෙක්ට විවාහ කරලා දෙන බවත්, ඇය හොඳින් සිටිනු ඇති බවත්. නමුත් දේව්ට සිදු වන්නේ නැති නාස්ති වී විනාශ වී යන්නට බවත්. ඉතින් ඇය ඒ විදියටම ඇයගේ පොරොන්දුව ඉටු කරනවා. පාරෝව මුදල් අතින් දේව්ට වඩා ධනපතියෙක්ට එහෙත් දේව්ගේ මෙන් ආදරයක් නැති කෙනෙක්ට විවාහ කරලා දීමෙන්.
මේ අවස්ථාවේ දේව් මුහුණ දෙන විදිය ඔබට මේ සළරුව නැරඹීමෙන් බලන්න පුළුවන්. මොකද මට ඒක වචනයෙන් විස්තර කරන්න බැරි නිසා. ඔබ දන්නවා දේව්ගේ චිරිතයට පණ පොවන ශාරුක් ඛාන්ගේ හැකියාව මොනතරම්ද කියන එක. එතන ඉඳන් පාරෝගේ මව කියූ හැටියට දේව්ගේ පරිහානිය ඇරඹෙන්නෙ. මොවුන්ගේ ජීවිත මෙහෙම ගලාගෙන යද්දී, මේ චරිත දෙක අතරට තව කෙනෙක් එනවා.
ඇය ගැහැණියක් මෙන්ම වෛශ්‍යාවක්. ඇය දකිනවා පාරෝ වෙනුවෙන් දේව් ළඟ තියන ආදරේ මොන තරම්ද කියන එක. ඉතින් ඇය කෙසේ මේ චරිත එක්ක මුහු වෙනවද කියන එක බලන්න මම ඔබට ඉඩ දෙන්නම්. අවු.10 කට කලින් දේව්, පාරෝගෙන් වෙන් වෙලා නීතිය හදාරන්න එංගලන්තය කරා යද්දි, පාරෝ දේව්ගේ කරත්තය පස්සෙන් දුවනවා දේව් නතර කරන්න. එදා ඇයට දේව් නතර කරන්න බැරි වෙනවා. ඒ වගේම පාරෝට වුණු පොරොන්දුවක් ඉටු කරන්න දේව් එනවා පාරෝව හොයාගෙන. අපි බලමු පාරෝට මේ වතාවේදිවත් දේව් නතර කරගන්න පුළුවන් වෙයිද කියලා. අවසරයි ඔබටත් ආදරයට අර්ථකතනයක් දෙන්නට…..
ජීවිතය යනු මුදල්ද, ආදරය යනු මුදල්ද නොවුනත්, ජීවිතය යනු ආදරයද, ආදරය යනු ජීවිතයද විය හැක.
“තාත්තා කිව්වා “ගම අත්හරින්න” කියලා.
හැමෝම කිව්වා “පාරෝව අත්හරින්න” කියලා…
පාරෝ කිව්වා “මත්පැන් අත්හරින්න” කියලා.
අද ඔයත්(අම්මා) කිව්වා “වලව්ව අත්හරින්න” කියලා…
දවසක් ඒවි, එදාට ඔහුත්(දෙවියන්) කියාවී…
ලෝකෙත් අත්හරින්න” කියලා…”
“දේව්දාස්”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
14,452 downloadsDownload Devdas-2002-Blu-Ray.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
55 comments
DMZ
කේ.යූ.ජී. උදාර
කාලෙකින් වටින නිර්මාණයක් එක්ක ම මේ ඇවිත් තියෙන්නෙ.................
ඔන්න එහෙනම් සබ ගත්තා කොල්ලො.
මේ වැඩේට බොහොම ස්තූතියි.Wijith
Niyamai Machan Ubannam Dewiyek. Ayith Dena Eka Niyamatama Deela thiyenawa Songs Wala Subth Ekkama. Man 720p Eka Download karalamai Thibune Eka machin Niyamata. Thanks Machan Siya Dahas Warayak
G V & M C
wow pattane..
thisal
මෙවා ලන්කාවෙ ජාතික චිත්‍රපටි බලපු නැති එකෙක් එහෙම හොයාගන්න පුලුවන්ද බෙහෙතකටවත්?
ශාරුක් ගෙ ස්උපිරි ඇක්ටින්ග් අයිශ්ගෙ සුපිරි ඇස් හම්මෙ පිස්සු වැටෙනවා ගොඩක් කල් බාල තිබ්බ සබ් එක දෙයි කියන විශ්වාසෙට එල හෙවා (the king of hindi films subtitle) අයියෙ :Dlakmal
Bohoma sthuthiyi
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මම හින්දි ෆිල්ම් බැලිල්ල අතහැරලා ගොඩක් කල්.
ඒකට හේතුව වුනේ, කාලෙකදී ඉඳන් හින්දි සිනමාවේ ගුරුත්වාකර්ශණය අඩු වීම.
(ඒ කියන්නේ. සල්මන් කාන් කාටහරි ගැහුවාම අඩි 200 ක් විතර වීසි වෙලා යනවා) ;)ඒත් ඒ කිිසිම අවුලක් නෑති ෆිල්ම් තමයි මේවා.
ඒ වගේම තමයි, මේවා තාමත් මට නම් සුපිරිම හිට්.මේක 10 පාරකටත් වැඩිය බැළුවාද කොහෙද.
ඒත් තාමත් ෆිල්ම් එක අමතක නෑ.උපසිරැසියට ස්තුතියි සහෝ....
ආයු -බෝ -වේවා !!!
කසුන් ලක්ෂාන්
Thanks Bro මං මේක බලන්න හිටියේ................. බොහෝම ස්තුතියි
ගයාන් ගමගේ
මම හිතුවේ හේවට සබ් කරන්න අමතක වෙලා කියලා...
ඉඳලා ඉඳලා හරි මේ වගේ වටිනා කියන නිර්මාණයකට
උපසිරැසි ලබා දීපු එක ගොඩක් වටිනවා..
මම මේ චිත්‍රපටියෙ කතාවටත් වැඩිය ඇළුම් කරන්නේ
මේකෙ තියන සින්දු ටිකට...
හේවා සබ් කළා නම් ඉතින්
චිත්‍රපටිය සිංහලෙන් හඬකැවුවා වගේ ඇති.
බොහෝම ස්තූතියි හේවෝ!නලින්
හප්පේ ඇති යන්තන් ඉවර කළා..
ස්තුතියි.. ජය වේවා!
Pradeep
Thank you machan..!! But link is not working :(
ගයාන් රූකාන්ත
දැන් දැන් හේවාගෙන් සබක් ගන්නවා කියන්නේ
ගලෙන් පට්ටයක් ගන්නවා වගේ දෙයක් වෙලානේ බෝල
ඇති යන්තම් එකක් කරන්න හිතිලා.ඉඳලා ඉඳලා බස්සලා
තියෙන්නෙත් පට්ට භාණ්ඩයක් නේ.මමත් තුන් හතර පාරක්
බලපු ෆිලුමක්,දැන් ආයෙමත් බලන්න ඕනේ හේවාගේ සබත් එක්කම
සබට තුති ආසිරි අයියේ ජය!! :) :) :P :Pයශෝධ
දේවා............ දේවා............ දේවා................
තැන්කූ....... හේවා......................................... එලස්ස්ස් ආ..... දවස් ගාණක්ම ඉල්ලලා වද දුන්නනේ.... බොහෝම ස්තූතියි උපසිරසට.. ෆිල්ම් එක ගැන කියන්න දේකුත් නෑ. සබ් එක ගැන කියන්න දේකුත් නෑ... ඩිලාටත් ස්තූතියි ආ...... ජයම වේවා.. එහෙනම්... ඉක්මනට 50 අදිමු...... එලස්ස්ස්........සමීර චතුරංග
නියමයි සිරියෝ...
බලල තියෙන නියම ෆිල්ම් එකක් කියන්න ඕනේ.
ආයේ සිංහල එක්කම බලන්න බැරියැ නෙහ්.
හිමින් සැරේ උණත් 50 ට ලං කරනවා නෙහ්..
එලස්. ජය වේවා!dinesh
niyamai machoo man huga dawasak beluwa mke sub eka daai kiyala niyamai ela kiri thanks............
දිනිඳු සම්පත්
ආසිරියා ඉඳලා ඉඳලා දැවැන්ත සබක් බස්සලා තියෙන්නේ... මේකට සබ් කරා කියන්නෙ ඉංග්‍රීසි ෆිල්ම් 3-4කට සබ් කරා වගේ තමයි. කොහොම උනත් උඹ සබ් දීපු එකම හිංදි චිත්‍රපටියක්වත් මං අතඇරලා නෑ. මේ ෆිල්ම් එක දෙතුන්පාරක් බලන්න ගත්තට එක පාරක්වත් ඉවරවෙනකල් බැලුවෙ නෑ දිග වැඩි නිසා. අනිත් එක ටීවි එකේ දෙනකොට මේ වගේ චිත්‍රපටි පැය 5ක් විතර අදිනවනේ.. දැන්නම් ඔන්න උඹේ සබ් එකත් එක්ක එක දිගටම බලනවා. බොහොම ස්තූතියි ආසිරියෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
“චූටී මල්ලි”
මාත් බලලා නෑ යකෝව්
මේකා මගෙ ආසම නලුවා
ටීවී එකෙ කෝමද බන් මේවා බලන්නෙ
ඇඩ් බලන්න වෙනවා පැය 2ක් විතර
ලොකු වැඩක් මචන් ඈ
එල බලනවා
තව සබ් කරමු
සබට තුති
ඔබට ජය.......තිසර නියෝ
නියමයි.. තවම බලලා තිබුනේ නැහැ..
දැන් ඉතින් හින්දි සබ විශේසඥයෙක්ගේම සබක් එක්කම බලන්න පුළුවන්
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ash
Maxxa... meka denakan balagena hitiye
මාලින්
මල්ලි, බිල්ලු බාබර් දෙන්න, ප්ලීස්. - මේකටත් තෑන්ක්ස් හොඳේ.
දමිත්
මගෙත් ෆේවරිට්ම නලුවා.
ඔන්න බාන්න දැම්මා.
ස්තුතියි සහෝ
ජයෙන ජයkanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SaDuN dAnUsHkA
කාලෙකට පස්සේ දැක්කේ
අවුලක් නැහැ
සුප්පා සලරුවක් ගෙනල්ලා තියෙන්නේ
අනිවා බලනවා
උපසිරැසියට තුති.............!ශාන් විමුක්ති [විමා]
සබ් එකට බොහොම ස්තුතියි හේවා
කරදර කරලා තකහනියෙම අපෙන් ලියාගත්තත්.. එක්කොත් ඒවා ඕන නෑ
කලින් බලල නැති එකනේ අවුල උනේ නේ
දැන් බලන්නම්කෝ එහෙනම් හ්ම්ම්...ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
sorry kiwwane bn..
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
hasitha dhananjaya
sub dunnu sahodarayata thanks godak.mekath mama req karapu ekak.ekath labuna.jaya wewa.....! me wage shahrukge parana film sub denna.hamadamath baiscope ekath ekka thamai.
thanks..
lakshitha viraj
නියමයි පුලුවන්නම්
HUm aapke hain koun aketh sub dennaKulanjana Maduranga
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiii......,mekata sub dunna 1k nm sahenna watinawea...kalekata kalin tv 1ke baluwa.dn kisi awlak natiwa apahu subath ekkama balanna puluwan.subata thanks HEWA saho.....digatama sub demu.jaya wewa..........
#ChalinduDeshan (කිනා)
බලලා තියෙන සුපිරිම ලව් ස්ටෝරියක් හේවා මචං
සිරාවටම එල පහරක්. මේ වගේ එක්කට සබ දුන්නට පිං.
අනිවා බෑමක්ම තමා.
ජයමවේවා මචං!අදිත ප්‍රවීන්
හේවා අයියා කිවුවා වගේම දීලා .
කොහොම හරි ඔය හොඳ නමකුත් දාලා තියෙන්නේ .
එල අයියා .
ආයෙත් සම්පූර්ණයෙන්ම බලනවා .Udaya
My Name Is Khan 2010 720p BRRip Hindi Srkfan Silver RG me film ekatah sinhala sub ekak denna puluwanda machan
godak isthuthi
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
My name is khan film ekata sub deelaa thiyenne.
Jack
බොහෝම ස්තුතියි සබ් එකට.
Anush
සහෝ ටොරන්ට් link එක නම් වැඩ නෑ.
රොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. අමතක වෙන්න තරමටම නිහඬව උන්න නෙ උඹ සිරාවටම. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Naween
නියමයි සහෝ.දැන් ශාරැක්ගේ ෆිල්ම් වැඩි හරියක් සබත් එක්කම දීලා තියනවා නෙව බයිස්කෝප්පුවෙන්.
මේක තමයි ලොකු අඩුවකට තිබ්බේ.දැනි එ්කත් හරි...
උපසිරැසියට බොහොම තුතිsumudu
Happy new year film eka dennadda
AMI
suppa film ekak macho thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!J@M
man kalayak idala balagena hitapu film 1kata thama sub karala thiyenne... thank you very much
තරුෂ දිනුජය
උපසිරැසියට ස්තූතියි…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..Galaya
Mt meka download karaganna ba ne... Wena mokakda site ekkata yanne.... Ay e...?
chandana
බොහෝම ස්තූතියි හේවා සහෝ ඔයාගෙ උපසිරැසිත් එක්ක මේ සුපිරි ෆිල්ම් එක බලන්න ලැබීම අපි හැමෝගෙම වාසනාවක්
Aruna
HUM TUM (2004) film ekata subtitles diyanko saho.........
සිංහ ලේ...
නියමයී..... එල එල
Shaminda
Thanks bro... meka balala thibune.bt sub 1 nisa ayth balanawa... superb story
Lasa_Sadaru
Thanks!!
Chamika
Ane meka bluray ekata uptade karannakooo plzz
Anonymous
Subtitles shift krla balnna..
Hadil
plz meke bluray eka dhannako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Devdas (2002) Sinhala Subtitles | මියෙන්නට පෙර නුඹව දකින්නම් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/Devdas-2002-.jpg)
Hamme meka 10 parak withara balala athi :(
Thanks ah :D
සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න(100% Free හොදේ) ඕන නම් මගේ නම(DMZ) click කරන්න