Watch Trailer

Begin Again (2013) | නැවත අරඹමු…. [සිංහල උපසිරසි සමඟ]

හම්මේ……ඔන්න ඉතින් හුඟක් කාලෙකට පස්සේ තවත් චිත්‍රපටියක උපසිරැසියක් එක්ක මම ආයෙත් ආවා. ඉතින් මගේ ප්‍රමාදයට හේතුව කිව්වොත් අපේ වාර විභාගෙ තිබුණා. ඒකට පාඩම් කරද්දී මේක ගැන හිත යොමු කරන්න වුණේ නෑ. ඒවගේම මම මේක විස්තර සහගතව කරපු පළවෙනිම උපසිරැසිය කියලා කියන්නත් පුළුවන්. මම කලින් දුන්න චිත්‍රපටි හතරම හොරර…

Begin Again (2013)

හම්මේ……ඔන්න ඉතින් හුඟක් කාලෙකට පස්සේ තවත් චිත්‍රපටියක උපසිරැසියක් එක්ක මම ආයෙත් ආවා. ඉතින් මගේ ප්‍රමාදයට හේතුව කිව්වොත් අපේ වාර විභාගෙ තිබුණා. ඒකට පාඩම් කරද්දී මේක ගැන හිත යොමු කරන්න වුණේ නෑ. ඒවගේම මම මේක විස්තර සහගතව කරපු පළවෙනිම උපසිරැසිය කියලා කියන්නත් පුළුවන්. මම කලින් දුන්න චිත්‍රපටි හතරම හොරර් ඒවා. මේ පාර වෙනසකටත් එක්ක මම වෙනම විදියේ චිත්‍රපටියක් ගෙනාවා. මේකත් නියම චිත්‍රපටියක්. මේකෙ මූලිකවම තියෙන්නෙ සංගීතෙ ගැන. මේකට සබ් දාන්න ගිහිල්ලා මට සංගීත ක්ෂේත්‍රෙ ගැන ගොඩක් අධ්‍යනය කරන්න වුණා. සංගීතෙදි භාවිත වෙන ගොඩක් වචන වගේම එක එක නිළියන්ගෙ නම්, චිත්‍රපටිවල නම්, ප්‍රස්තාව පිරුළු වගේ ඒවත් මේකෙ දෙබස් වල තිබුණා. ඉතින් ඒවගේ තැන්වලදි මම ඒක යටින් පොඩි විස්තරයක් දාලා ඇති ඒ මොකක්ද කියලා බලාගන්න. ඔයාලගෙ රසයට ඒකෙන් හානියක් වුණා නම් සමා වෙන්න ඕනා‍.

චිත්‍රපටිය ගැන කිව්වොත් මේක තිරගත වෙලා තියෙන්නේ 2013දී. ඇමෙරිකානු ඩී.වී.ඩී නිකුත් වීම සිදු වෙලා තියෙන්නේ 2014 මැයි පළවෙනිදා. ජෝන් කාර්නිගේ අධ්‍යක්ෂනයෙන් නිම වුණ මේ චිත්‍රපටිය මිනිත්තු 105ක වේලාවක් ගමන් කරමින් අපේ කරුණ රසය අවදි කරවනවා. IMDb රේට් එක  7.5 ක්. Rotten Tomatoes අගය 83% ත් Metacritic අගය 62% ත් මේ චිත්‍රපටිය අරගෙන තියෙනවා. මේකෙ නළු නිළියො විදියට ඉන්නේ සැබෑම ගායකයෝ හා ගායිකාවෝ. ප්‍රධාන නිලිය විදියට රඟපාන ග්‍රේටා තමයි සිංදු රාශියක රචිකාවක් වන කේරා නයිට්ලි. ඊට අමතරව ඇගේ පෙම්වතා විදියට ඩේව් කෝල් චරිතයට පණ පොවන්නේ ඇඩම් ලෙවයින්. ඊට අමතරව මාර්ක් රෆ්ලෝත් ඩෑන් මුලිගන් නමින් මේ චිත්‍රපටියේ ප්‍රධන චරිතයකට රඟපානවා.

චිත්‍රපටියේ නම දැක්කම තේරෙනවනේ මොකක්ද කියලා. මේක පැතිකඩ දෙකකින් දිවෙන චිත්‍රපටියක්. මේකෙදි ග්‍රේටා කියන්නේ තම පෙම්වතා එක්ක තරහ වෙලා ඉන්න ගීත රචිකාවක්. ඩෑන් තමාගෙ පවුලත් එක්ක තරහ වෙලා සියදිවි නසාගන්න යන බාගෙට පිස්සු මිනිහෙක්. පාරක් මෙයා එනවා ග්‍රේටා සිංදු කියන තැනට. එතනදි මේ මිනිහගෙ තිබුණ සියදිවි නසාගැනීමේ අදහස් ඔක්කොම අත ඇරෙනවා. එතන ඉඳන් මෙයා ග්‍රේටාත් එක්ක සංදු පටිගත කරන්න හදනවා. ඉතින් දිගටම කතාව කිව්වොත් වැඩක් නෑනේ. චිත්‍රපටිය බලලම බලාගමුකෝ.

මේ සබ් එක ගැන කිව්වොතින් මේකෙ සින්දු ගොඩක් තියෙනවා. හැබැයි ඒවටනම් මම සබ් දැම්මේ නෑ. ඒත් සින්දුවෙ නම මොකක්ද කියලා මම සින්දුව පටන් ගන්නකොට දාලා තියෙනවා. ආ, තව එකක්. කස්ටියට කියන්න අලුත් ප්‍රවෘත්තියක් තියෙනවා. කට්ටිය ඒක දන්නවද දන්නෙත් නෑ. මම මගේ උපසිරැසි ටික දාලා බ්ලොග් එකක් හැදුවා. ඉතින් ඒකට යන්න පුළුවන් මෙන්න මෙතනින් ඒක බලලා ඒක ගැන අදහස් තියෙනවනම් කියන්න. ඉතින් ඒකෙ ඇති මම ඊළඟට කරන උපසිරැසියත්. ඒකත් බලාගන්න. ඒ උපසිරැසිය එක්ක තව ටික දවසකින් මුණගැහෙමු!

Begin Again (II) (2013) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

51D0711BF3B79BF9C559050375EA8D7195B1AB3C

808 MB (BR) කොපිය මෙතනින් බාගන්න

7CCEE7A6F26C92BDA19C750F21ECB4A053DC33CF

1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න

BF341CCF15B62DE9D41E4FF5E06840CE8E8851F5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,044 downloadsDownload Begin-Again-2013.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,044 downloadsDownload Subtitles315 B

37 comments

  1. Dimuthu

    Thank you..

  2. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  3. DMZ

    Thanks ah :D

    සුපිරි වේගෙන් ලොකු ලොකු torrents direct බාන්න ඕන නම් මගේ නම(DMZ) click කරන්න

    1. DMZ

      100% Free හොදේ

  4. තාමර දෙනුවන්

    ඇයි, මට කියන්නේ? ඉංග්‍රීසි සබ් දාපු එකාට කියපන්.

  5. thisal

    tnx sub ekt

  6. thisal

    මචන් ශාන් මන් හිතන්නෙ උබ සබ් එකක් කරන්න උත්සහයක් ගත්තුවත්, කරන්න හිතපුවත් එකෙක් නෙවෙයි කියලා මොකද උබ එහෙම කරා නම් ඔය විදිහෙ බලු කමෙන්ට් දාන්නෙ නැ.. යකො උබලා ආතල් එකෙ ඉන්නකොට සබ් කරන උන්ට කහන නිසා නෙවෙයි යකො උන් සබ් හදන්නෙ උන් එක කරන්නෙ උබලගෙ රසවින්දනයට .. උබ දන්නවද සබ් එකක් කරන්න කොච්චර අමාරුද කියලා? මමත් එක සබ් එකක් කරලා මෙ සයිට් එකෙම පල කරපු එකෙක් එක නිසා මාත් දන්නවා හොදට සබ් එකක් කරන්න තියෙන අමාරුව , උබ් හිතුවද මොකක් හරි සොෆ්ට් එකකින් එන්ටර් කලාම සබ් එක හැදිලා එනවා කියලා.. සබ් කරන්නෙ eng සබ් එක බලාගෙන එකට එහා දෙයක් කරන්න ගොඩක් කාලයක් මහන්සියක් යනවා එක නිසා තමයි සින්දු වලට සබ් දාන්න යන්නෙ නැත්තෙ! සින්දු වලට සබ් නැති උනා කියලා උබට ෆිල්ම් එක තෙරෙන්නෙ නැත්තෙ නැනෙ.... ඔන දෙයක් කියද්දි පොඩ්ඩක් හිතලා කියපන් උබ ඔහොම කියද්දි සබ් එක නිදි වරාගෙන කාලය, මුදල්, ශ්‍රමය වැය කරලා කරන එකාට කොහොම හිතෙයිද කියලා... කොහොමත් නිකන් දෙනකොට උබලට වටිනාකමක් නැ, මෙක මන් කියන්න ඔනි එකක් නෙවෙයි මට කහන්නෙ නැ උබ මොනවා කිව්වත් එත් සබ් එක කරනකොට තියෙන අමාරුව මාත් දන්න නිසා මෙ සබ් එක කරපු තාමර වෙනුවෙන් කිව්වෙ

    1. Sahan

      උබ සබ් කරන එකෙක් නම් දන්නව අතිනේ
      මියුසිකල් ෆිල්ම් 1 සින්දුවේ තේරුම නැත්නම් චිත්‍රපටයේ රසයට බාදා වෙන බව දන්නව ඇති නේ
      උදා :- අශිකි 2

    2. තාමර දෙනුවන්

      ස්තූතියි සහෝ....ඔයාගෙ උපකාරෙට

    3. prabhath

      අශිකි 2 කියන්ෙන් ෙකාෙහාමත් ෙමෙලා රහක් නැති ඒකක්ෙන් බං ඒ්කයි ෙම්කයි ලගින් තියන්නත් බෑ

    4. Shehan

      ballo tho maha ahikuntakayek ,, e manussaya mahansiwela sub hadala denawa,, tho eketh adupadu hoyanawa ,, ahikuntakayo hodai ,, hena gahapan balla

    5. thisal

      හරි ඉතින් උබෙ රසවින්දනෙට බාදා වෙනවා ඇති , උබට ඔච්චර අමාරු නම් eng සබ් එකෙන් බලපන්කො නැත්නම් ඔය සින්හල සබ් දෙන ලොකු ලොකු සයිට් තියෙන්නෙ එකකින් ගනින්කො ඉවරනෙ කතාව..

    6. තාමර දෙනුවන්

      හරි...හරි...සිංදු දෙක තුනකට ඔය තරම් නැහෙන්නේ. මං අර කියපු සබ් එක හදලා දෙන්නම්. එතකොටවත් හරියාවිනේ.

  7. me

    Thanks

  8. “චූටී මල්ලි”

    එලස් මචෝ
    බලන්න ඔනි මාත් පසුව
    එක එක උන් කියන ඒවා
    ගනන් ගන්න එපා
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය......

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. prabhath

    ස්තූතියි සබට ඒල

  11. I.W.M.S Ilangakoon

    oya eka eka ponnyo kiyana ewa ganan ganna epa machan,,
    oya wage pissoth loke innawa,,
    digatama demu,,,
    jaya wewa,,,

  12. දමිත්

    නියමයි සහෝ.
    තමන් දන්නව නම් කලේ හරිදේ කියලා,
    ඒකෙන් තමන් තෘප්තියට පත්වෙනවා නම්,
    තව අනිත් උන් කියන කතා මොටද සහෝ.
    මේ කනින් අහලා අනිත් කනින් පිට කරහන්..
    ජයෙන් ජය. ඉදිරියටත් සුබපැතුම්

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. නලින් පෙරේරා

    ස්තුතියි තමර සහෝ .. ඔය හාල්පාරු කමෙන්ට්ස් ගැන හිතන්න එපා .. සහෝ.. දිගටම සබ් කරමු..

    ජය වේවා!

  15. Chami

    Thank you very much...

  16. kan

    thanks malliyo
    oya owa ganan ganna apa
    thawath wada karanna

  17. Keshan Wasala

    අර උඩ කමෙන්ට් එක දාපු සහන් කියන හැලි වදුරා කියන ඒවා ගණන් ගන්න එපා සහෝ :D කාගෙහරි කුණු ටිකක් හොයන එක තමයි උන්ගේ වැඩේ ...ඔයා කරපු දේ අගයනවා නෙමෙයි එකේ අඩු පාඩු හොයනවා ඔය වගේ එවුනුත් ඉන්නවනේ අම්මපා මේ ලංකාවේ තුක් ඒකාට ඔච්චරටම අමාරු නම් ඔය ඉංගිරිසි උපසිරසියක්ම ගන්න තිබ්බනේ :P ඕවා ගණන් ගන්න එපා මෙන්න සහෝ සබ් එක ගත්තා .. බොහොම ස්තුතියි !!

  18. nuwan

    thank you............!

  19. indika

    thnq :)

  20. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  22. VIDEOS|9

    ස්තුතියි ඔබට.

  23. Naween

    උපසිරැසියට බොහොම තුති සහෝ...

  24. Hiruna

    සහෝ බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ... අර උඩ එකෙක් මහ මෙරක් අහිමි උනා වගේ කෑගැහුවෙ උට මෙහෙම දෙයක්වත් කරගන්න හයියක් නැති හින්ද... ඒ වගේ නපුංසකයින්ට උඹල වගේ පොඩි උන් කරන දේවල් දැක්කම ගොඩක් රිදෙනව උන්ගෙ බැරිකම දැනෙනව... සබ් නොහැදුවත් පරිවර්තන කාර්යය මමත් කරල තියෙනව ඒකෙ තියෙන කට්ට මමත් දන්නව... මට වැඩත් එක්ක සබ් හදන්න බෑ බං.. අපිට නිදහසක් ලැබුනම මෙතෙන්ට එන්නෙ ආතල් එකේ සිංහල සබ් එකක් එක්ක ෆිල්ම් එකක් බලන්න හිතං ... අපේ ආතල් එකට මේ උඹල කන කට්ට හොදටම ඇති බං ... අඩුවක් තිබුනත් පෙන්නනව ඇරෙන්න දොස් කියන්නෙ නෑ .. අපිට උඹලට එහෙම කියන්න අයිතියක් නෑ .. උඹලට අපි සල්ලි දීල සබ් ගන්න උන් නෙවෙයි.... නපුංසකයොන්ගෙ කතා වලට හිත සවුත්තුකරගන්න එපා උඹ දිගටම සබ් කරපං.... ජයෙන් ජය! 

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. Anuradha

    බොහොම ස්තූතියි තාමර දෙනුවන් සිංහල උපසිරැසියට :) , ලස්සන සිංදු කීපයක්ම තියෙන චිත්‍රපටයක්, සංගීතයට කැමති අයට නම් නියමයි.......(y) =D

  27. R.S. Samantha

    thank you macho.. ela ela.
    puluwannam me film ekatath sub denna macho..
    The.Sapphires.2012
    jaya wewa..!!!

  28. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තූතියි

  29. පිස්සා

    මේ ෆිලුම මම එක දිගට තුන් පාරක් බැලුවා.... පට්ට ම ෆිලුමක්.....!

  30. Prageeth Gaya

    thank sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.