“දේවී” යනු 1960 වර්ෂයේ තිරගත වූ වංග චිත්‍රපටයකි. “අපූ ත්‍රිත්වය”, “පොරේෂ් පථර්” සහ “ජල්සගාර්” යන සාර්ථක නිර්මාණවලින් පසුව වංග සිනමාකරු “සත්‍යජිත් රායි” විසින් මෙම කෘතිය නිර්මාණය කෙරෙන්නේ ඔහුගේ පූර්ව නිර්මාණයන්ට වඩා වෙනස් තේමාවක් සහිතව ය. හින්දු බහුදේවවාදය හා බැඳුණු, එහෙත් එම ආගමට අයත් යැයි ඍජුවම පැ…

Devi 1960“දේවී” යනු 1960 වර්ෂයේ තිරගත වූ වංග චිත්‍රපටයකි. “අපූ ත්‍රිත්වය”, “පොරේෂ් පථර්” සහ “ජල්සගාර්” යන සාර්ථක නිර්මාණවලින් පසුව වංග සිනමාකරු “සත්‍යජිත් රායි” විසින් මෙම කෘතිය නිර්මාණය කෙරෙන්නේ ඔහුගේ පූර්ව නිර්මාණයන්ට වඩා වෙනස් තේමාවක් සහිතව ය. හින්දු බහුදේවවාදය හා බැඳුණු, එහෙත් එම ආගමට අයත් යැයි ඍජුවම පැවසිය නොහැකි අන්ධ විශ්වාස භාරතීය සංස්කෘතිය තුළ දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණයකි. එවැනි අන්ධ විශ්වාසයන් තුළින් ඇතිවන සමාජීය බලපෑමත් ඒවායේ ඛේදනීය ප්‍රතිඵලත් පිළිබඳව බහුතර ප්‍රේක්ෂකයාට වටහා ගත හැකි සරල බසින් සාකච්ඡා කරනු පිණිස සත්‍යජිත් රායි විසින් මේ චිත්‍රපටය නිර්මාණය කරනු ලැබ ඇත.

දහ නව වැනි සියවසේ විසූ, සාම්ප්‍රදායික ආකල්පවලින් යුතු බෙංගාලි පවුලක් පසුබිම් කර ගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත.  පවුලේ බාල පිරිමි දරුවා වන උමා ප්‍රසාද්ගේ භාර්යාව වන “දයාමයී” කාලි දේවතාවියගේ අවතාරයක් බවට ඇයගේ මාමණ්ඩියගේ සිතෙහි විශ්වාසයක් ඇති වේ.  අසල්වැසි ගම්වාසිනුත් මුළුමහත් බෙංගාලි ජන ප්‍රජාවත් මේ විශ්වාසය පසුපස කොපමණ තදින් දිව යන්නේ ද යත් පසුව දයාමයී පවා සිතන්නේ තමන් දේවතාවියගේ අවතාරයක් විය හැකි බවයි. තම පියා සහ බිරිඳ මෙම මිථ්‍යාවෙන් මුදා ගැනීමට නවීන අදහස් සහිත උමා ප්‍රසාද් පවා අසමත් වන්නේ ඉරිතැලී ගිය විවාහ ජීවිතයක් තුළ පීඩනයට පත්ව දිවි ගෙවන්නේ ය. අතීතයේ ගෙවූ සුන්දර ජීවිතයත් ස්වකීය ස්වාමි පුරුෂයාගේ වැළලී ගිය ආදරයත් විටින් විට තම දෙනෙත් තෙත් කරත්දී තමන් මත බලහත්කාරයෙන් පටවන ලද “දේවී අවතාරය” තුළ ජීවත් වීමට දයාමයී හිත හදා ගන්නී ය. අහඹුකාරක සැමදා එක ම ආකාරයෙන් වැඩ කරන්නේ නැත. ඇගේ චරිත නිරූපනය අවසාන වන්නේ ස්වකීය පවුල මහත් වූ ඛේදයක ගිල්වීමෙන් පසුව ය.

සිනමාකරු මේ චිත්‍රපටය තුළින් අන්ධ විශ්වාසයන්ගේ ස්වභාවය මැනැවින් නිරූපනය කිරීමට සමත් වී ඇති බැව් පැවසිය යුතු ය. “කලිකින්කාර් චෞධ්රී” තම ලේලිය දේවතාවියක යැයි සලකන්නේ වංචාසහගත අදහසකින් හෝ ලාභ ප්‍රයෝජන ලැබීමේ චේතනාවකින් නොව, ආගමික භක්තිය හේතුවෙනි. එසේම, ඇයගේ දිව්‍යමය ආත්මභාවය තහවුරු කෙරෙන සාධක ඕනෑතරම් ඔහු ඉදිරියේ තිබිණි. තම අරමුණ සැකයට භාජනය කෙරෙන සාධක කොපමණ ප්‍රමාණයක් තමන් හමුවේ තිබුණ ද ඒවා ඉදිරියේ තම දෙනෙත් වසා ගැනීම මෙබඳු අන්ධ විශ්වාසවල ගැලෙන්නන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. එබැවින් තම දේවතාවිය සැකයට හෝ විවාදයට බඳුන් කෙරෙනුවාට ඔහු අකමැති ය. දයාමයීට ද දේවී අවතාරය තුළ ජීවත් වීමට සිදුවන්නේ තම කැමැත්තෙන් නොව තමන් කිසිසේත් ම නොදන්නා, එහෙත් අන්‍යයකු දුටු සිහිනයක් හේතුවෙනි. කිසිවකු ඇයට තෝරාගැනීමක් කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ ද නැත. එසේ ම, මුළු මහත් ගම්මානයක් පමණක් නොව, බෙංගාලි ජන ප්‍රජාවක් ම ඇය දේවතාවියක බව එක හඬින් අවධාරණය කරද්දී ඇගේ සිත තුළ සැකයක් සහ බියක් ඇති වීම ස්වාභාවික ය. සිය මුණුබුරාගේ මරණය පවා “කලිකින්කාර් චෞධ්රී”ගේ දෙනෙත් විවර කිරීමට ප්‍රමාණවත් කරුණක් වන්නේ නැත. ඔහුගේ අදහස වන්නේ තම වරදක් හේතුවෙන් දේවතාවිය තමන්ට දඬුවම් කොට ඇති බවයි. එසේ ම, භාරතීය සමාජය තුළ මෙවැනි අන්ධ විශ්වාස කොපමණ ප්‍රබල වන්නේ ද යන්න දේවතාවියගේ බෑනාට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයා පවා බිය වන කරුණින් ම වටහා ගත හැකි ය.

විද්‍යාව සහ අවිද්‍යාව අතර මේ ගැටුම අතීතයට පමණක් සීමා වන්නක් නොව මානව ශිෂ්ටාචාරය පවතින තුරා සදාතනිකව පවතින්නකි. එසේ ම, එය හින්දු භක්තිකයනට හෝ භාරතයට හෝ පමණක් බලපාන සංසිද්ධියක් ද නොවන බව පුවත්පත්, රූපවාහිනී වැනි ජනමාධ්‍යයන් තුළින් අපට මෙවැනි සංවේගජනක පුවත් ඕනෑතරම් අසන්නට ලැබීමෙන් වටහා ගත හැකි ය. වරක් එක්තරා ආගමික පූජකයකු විසින් තැඹිලි ගෙඩි එකොළහකින් දේවාශිර්වාදය ලබා දී දහසය හැවිරිදි දරුවකු ස්වර්ගස්ථ කරන ලද්දේ මීට වසර කීපයකට පෙර ය. තම රෝගී දරුවාට රුධිරය පාරවිලයනය කිරීමට ඉඩ නොදුන් පියකුගේ භක්තිමත්භාවය හේතුවෙන් කුඩා දරුවකු මරණයට පත් වූයේ ද මීට දින කීපයකට පෙර ය. එබැවින්, චිත්‍රපටය තුළින් ගෙන එන සිද්ධිය සරල වුවත් එහි “සර්වකාලීන වටිනාකම” පිළිබඳව සලකා බලා සත්‍යජිත් රායිගේ “දේවී” වංග චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව මෙසේ ඔබ වෙත ගෙන එන්නට අදහස් කළෙමි.

සෞමිත්‍ර චැටර්ජි, ශර්මිලා තාගෝර්, අනිල් චැටර්ජි, කරුණා බැනර්ජි වැනි ප්‍රවීණ නළු නිළි කැලක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති. සංස්කරණය වංග සිනමාවේ අතිශය දක්ෂ සංස්කරණ ශිල්පියකු වූ “දුලාල් දත්ත” විසිනි. සත්‍යජිත් රායි විසින් නිර්මාණය කෙරුණු චිත්‍රපටවලින් වැඩි ප්‍රමාණයක සංස්කරණ ශිල්පියා වූයේ ඔහු ය. රායිගේ පළමු සිනමා නිර්මාණය මෙන් ම අවසන් නිර්මාණය ද සංස්කරණය වී ඇත්තේ ඔහු විසිනි.

“දේවී” චිත්‍රපටයේ උපසිරැසිය මම එහි පිටපත් දෙකක් සඳහා නිර්මාණය කළෙමි. එකක් නම් Devi යන නමින් යුතුව අන්තර්ජාලයේ සොයාගත හැකි දිගින් “පැය 1 මිනිත්තු 33 තත්පර 59”ක් සහ බරින් 1.36 GB වන පිටපතයි. අනෙක් පිටපත Devi (The Goddess) [1960] නමැති “පැය 1 මිනිත්තු 33 තත්පර 59”ක් දිගැති යූ ටියුබ් පිටපතයි. මේ දෙකම නම් දෙකකින් ස්ථාන දෙකක ඇති එක ම පිටපත යැයි සිතමි. මේ දෙකම නැරඹිය හැකි තත්ත්වයේ පවතින බව පැවසිය යුතු ය. එසේ වුවත්,  වඩා හොඳ පිටපතක් හමු වූ වහාම උපසිරැසි යාවත්කාලීන කිරීම සඳහා සූදානමින් සිටින බැවින් “[email protected]” යන ඊමේල් ලිපිනය ඔස්සේ මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.

මගේ උපසිරැසි නිර්මාණ සඳහා ධෛර්ය ලබා දෙන, සියලු ම සහෘද හිතවතුන් වෙත මගේ දහසය වැනි උපසිරැසි නිර්මාණය මෙලෙසින් පිළිගන්වන අතර ඒ සඳහා අවස්ථාව දුන් www.baiscope.lk වෙබ් අඩවියට ද මාගේ ස්තූතිය පුද කරමි. විශිෂ්ට සිනමා නිර්මාණයක් රස විඳීමට මා සමග එකතු වන ලෙස ආරාධනා කරමින් ඔබෙන් සමුගනිමි.

SA

The Goddess (1960) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Devi (The Goddess) [1960]

ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

153 downloadsDownload Devi-1960.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/VajiraRathnayaka2-e1479670159444.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

153 downloadsDownload Subtitles25 KB

9 comments

  1. Hasitha Madhushan

    Thank you so much for the subtitle. Keep it up bro.

  2. sanka

    අය්යේ පුලුවන්නම් අනිල් කපූර්ගෙ Laadla (1994) එකට සබ් කරන්නකො.කොහෙවත් ඔකට සින්හල සබ් එකක් නෑ

  3. Kulanjana Maduranga

    niayamai…thanks VAJIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sohan jayasooriya

    Sub ekatai,lipiyatai thankuuu weva saho! Digatama sub denna

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Withanage Priyantha Dayakeerthi

    වජිර රත්නායක සොයුර,
    ඔබ සබ් දුන් බොහෝ සිනමාපට මා නැරඹුවා. මෙයටත් ස්තුතියි! පැරණි හින්දි ඒවාට කැමති අයත් ගොඩක් ඉන්න නිසා
    හැකිනම් ඉදිරියේදී Aan (1952), Andaz (1949), Uran Khatola (1955) යන පැරණි හින්දි සිනමාපටවලට සිංහල සබ් දෙන්න. ඔබට ජය!!!

  8. Thilina weerasinghe

    Torrents link eka kagava hari thiyenavada????

  9. Anonymous

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.