Watch Trailer

Check Point (2017) with Sinhala Subtitles | දිවි පරදුවට තබා රටක් ආරක්ෂා කළ, දේශයේ මුර දේවතාවන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ. මීට කලින් දීපු චිත්‍රපට වලට වඩා වෙනස්ම ශෛලියක් සහිත චිත්‍රපටයක් තමයි මේක. මේ වතාවේ, මේ චිත්‍රපටයට අත ගැහුවේ තනියෙන් නම් නෙමෙයි. Spectral (2016) සහ Patriots Day (2016) යන චිත්‍රපට සඳහා මාත් සමගින් හවුලේ උපසිරසිකරණයේ යෙදුනු, යුශාන් පියුමාල් සහ…

Check Point (2017)

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ. මීට කලින් දීපු චිත්‍රපට වලට වඩා වෙනස්ම ශෛලියක් සහිත චිත්‍රපටයක් තමයි මේක. මේ වතාවේ, මේ චිත්‍රපටයට අත ගැහුවේ තනියෙන් නම් නෙමෙයි. Spectral (2016) සහ Patriots Day (2016) යන චිත්‍රපට සඳහා මාත් සමගින් හවුලේ උපසිරසිකරණයේ යෙදුනු,  යුශාන් පියුමාල් සහොත් එක්ක තමයි මේ චිත්‍රපටයත් උපසිරැසි ගැන්වීම සිදුකලේ.

Action, Thriller, Warයන කාණ්ඩ නියෝජනය කරන්නාවූ මෙම චිත්‍රපටය, නිළ වශයෙන් නිකුත්වීමට නියමිතව ඇත්තේ, 2017 වර්ෂයේ මාර්තු මස 7 වෙනිදා. ඒ නිසාවෙන්, මෙම ලිපිය ලියන මොහොත වන විටත්, මෙම චිත්‍රපටය සඳහා තවමත් Imdb දර්ශකයේ කිසිඳු අගයක් සටහන් වෙලා නැහැ. එමෙන්ම, ක්‍රියාදාම චිත්‍රපට සඳහා ප්‍රසිද්ධියක් උසුලන නළු නිලියන් කිහිප දෙනෙකුම මෙම චිත්‍රපටය සඳහා සිය රංගන දායකත්වය ලබාදෙනවා.

චිත්‍රපටය සඳහා පසුබිම් වන්නේ, ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි පෝර්ට් සිටි නම් කුඩා නගරයක්. හිටි හැටියේම, මෙම නගරය තුල සිටින්නාවූ හමුදා සෙබළුන් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. යුධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ මැරීන් සෙබළුන් මේ ආකාරයට කිසිවෙකුට හෝ සොයාගත නොහැකි ලෙස අභිරහස් අන්දමින් ඝාතනය වෙනවා. නමුත්, මේ පසුපස සිටින්නේ කවුරුදැයි කිසිවෙකු හෝ දන්නේ නැහැ. නමුත්, දිනක් හදිසියේම මේ සියල්ල කණපිට හැරෙනවා. මෙම ඝාතකයින්ගේ සැලසුම් හෙළිදරව් වෙනවා. මොවුන්ගේ අරමුණ වන්නේ, යුධ සමයේදී ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් භාවිතා කරන ලදැයි පැවසෙන උමං මාර්ගයක් භාවිතා කරමින්, කෙලින්ම ධවල මන්දිරයට ප්‍රහාරයක් එල්ලකොට, පාලන තන්ත්‍රයේ බලය ලබාගැනීමටයි. අතිශය නවීන අවි ආයුධ වලින් සන්නද්ධ කුලී හමුදාවකින් සහ නවීකරණය කරන ලද පැරණි යුධ නැවකින් සන්නද්ධ මොවුන්ගේ සැලැස්මට එරෙහිව, නිර්භීත මැරීන් සෙබළුන් කිහිප දෙනෙකු නැගී සිටිනවා. මොවුන්ගේ සැලසුම් ව්‍යර්ථ කරමින්, සමස්ත කුලී හමුදාවක් පරාජය කරමින්, ඇමරිකානු රජය රැක ගැනීමට මොවුනට හැකියාව ලැබේවිද…?

කැමති අය අරගෙන බලන්න. හැමෝටම ගැලපේවිද කියලා නම් සැක සහිතයි. චිත්‍රපටයේ පලවෙනි අර්ධයේ ක්‍රියාදාම අඩු වුනත්, දෙවැනි අර්ධයේ නම් වැඩි වශයෙන් ක්‍රියාදාම සඳහා වෙන්වෙලා තියෙන්නෙ. කොහොමත්, පූර්ව ප්‍රචාරක පටය නරඹලාම ඉන්නකො.

එහෙනම්, නැවත චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

 

Check Point (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Check.Point.2017.720p.BluRay.950MB.ShAaNiG

ලබා දී ඇති උපසිරසි සියළුම BluRay පිටපත් සඳහා අදාළ වේ.

5,822 downloadsDownload Check-Point-2017.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ  “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

5,822 downloadsDownload Subtitles52 KB

18 comments

  1. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

  2. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. Roshan

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට... ජය වේවා...

  4. Bobby

    ඔයාලා දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි මේ කරන කැපවීමට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    niayamai…thanks SISILA & USHAN sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  7. අසිත

    elama sahola thanks

  8. hashan

    thanks bro

  9. Udara Damith B/K

    ඔයාලා දෙදෙනාටම ස්තූතියි

  10. Dulanga

    Thanks

  11. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  12. Rajitha

    Thank you machan......jayawewa......!

  13. Ashi Roxx

    Film aka wadak na sub akta thnks bro

  14. rush

    tnx bro

  15. Asanka

    Hi iphone walata download karanda barida

  16. damith

    thankzz mcn sub ekata

  17. malinda jayasekara

    tnx bro

  18. c.n.k

    thanks.bro