ඔන්න යාළුවනේ මං තවත් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. මේකේ ඉන්නේ Housefull 1, Housefull 2, Housefull 3, Great Grand Masti (2016) කියන ෆිල්ම් වලත් රඟපාපු RITEISH DESHMUKHZ දක්ෂ නළුවත් TUSSHAR යන දක්ෂ හින්දි නළුවත්, SARAH-JANE DIAS,NEHA SHARMA කියන දක්ෂ හින්දි නිළියනුත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා.…
ඔන්න යාළුවනේ මං තවත් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. මේකේ ඉන්නේ Housefull 1, Housefull 2, Housefull 3, Great Grand Masti (2016) කියන ෆිල්ම් වලත් රඟපාපු RITEISH DESHMUKHZ දක්ෂ නළුවත් TUSSHAR යන දක්ෂ හින්දි නළුවත්, SARAH-JANE DIAS,NEHA SHARMA කියන දක්ෂ හින්දි නිළියනුත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා. මේ කතාව ලියලා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ SACHIN YARDI කියන අධ්‍යක්ෂකවරයා විසින්.
මේ ෆිල්ම් එකේ ඉන්නවා ආදි කියල කෙනෙක්. මෙයා මාර ෆිල්ම් පිස්සෙක්. ෆිල්ම් පිස්සෙක් කිව්වේ මෙයා මාර ආසයි ෆිල්ම් වල රඟපාන්න. හැබැයි මෙයාට ෆිල්ම් වල රඟපාන්න අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ. ඒ වුනාට ආදි හිතන්නේ එය සුපිරි නළුවෙක් කියලා. ඉතිං ආදි ඒ වෙනුවට එක එක මෝඩ ඇඩ් වල රඟපානවා. ඒ වගේම මේකේ ඉන්නවා සිඩ් කියලා කෙනෙකුත්. මේ සිඩ් තමයි ආදිගේ යාළුවා. ඉතිං මේ සිඩ් DJ කරන කෙනෙක්. එයා කියන්නේ එයා තමයි මේ ඉන්දියාවේම ඉන්න සුපිරිම DJ කියලා. ඉතිං සිඩ් මේකෙදී DJ කරන්න ගිහිල්ලා හොඳ හොඳ වැඩ කරනවා. සිඩ්ට ඉන්නවා එයාට කියලා පට්ට බල්ලෙක්.මේ බල්ලගේ නම සක්රු. මෙයත් හොඳ හොඳ වැඩ කරනවා. ඒ වගේම මේකේ තව ඉන්නවා සිම්රන් කියලා කෙල්ලෙක්. සිම්රන් ගැන නම් කියන්න එච්චර දෙයක් නෑ. එයා වැඩ කරන්නේ ඇමතුම් මධ්‍යස්ථානයක. සිම්රන්ගේ යාළුවා තමයි අනූ. අනූ නිරූපිකාවක් විදියටයි වැඩ කරන්නේ. ඒ විතරක් නෙවෙයි මේකේ ඉන්න අනූගේ තාත්තාත් මරු. මොකද මෙයා ගුරූ කියන පූජකයෙකුට රැවටිලා හොඳ හොඳ වැඩ කරනවා. අනූගේ තාත්තත් ෆිල්ම් පිස්සෙක්.හැබැයි ෆිල්ම් වල රඟපාන්න නෙවෙයි. ෆිල්ම් වලට ගත්ත එක එක දේවල් එකතු කරන්න.
ඉතිං මේ ෆිල්ම් එකේ කතාව තමයි ෆිල්ම් එක පටන්ගන්නේ ආදි රඟපාපු ඇඩ් ටිකක් පෙන්නලා. ඒවා නම් නියම ඇඩ්. ඊට පස්සේ ආදිගේ යාළුවා සිඩ්ගේ DJ වැඩ ටිකක් පෙන්නනවා. ඉතිං මේ වෙලාවේ සිඩ් මෙහෙම DJ කර කර ඉද්දී එයා ගාවට කෙල්ලෙක් එනවා. එයා කියනවා මෙයාට එයා ලොකු පාර්ටියක් දානවා කියලා ඒකට DJ කරන්න එන්න කියලා. ඉතිං මෙහෙම ඒ දෙන්නා කතා කර කර යද්දී එක පාරම සිඩ් එක්ක ආපු කෙල්ල අතුරුදහන් වෙනවා.ඊට පස්සේ සිඩ් එයාව හොය හොය යනවා. එහෙම යනකොටත් මරු මරු වැඩ වෙනවා. ඒ වගේම මං කිව්වනේ මේ සිඩ්ගේ බල්ලත් නියම බල්ලෙක් කියලා.කිව්ව විදියටම මේ බල්ලගේ වැඩක් තමයි ඊළඟට පෙන්නන්නේ. ඊට පස්සේ මේ සිඩුයි ආදියි යනවා පාර්ටියකට. හැබැයි මේගොල්ලොන්ට පාර්ටියට යන්න අවසර නෑ. ඉතිං මේ නිසා සිඩ් ඒකට හොඳ වැඩක් කරලා කොහොම හරි පාර්ටියට යනවා. මේ පාර්ටයේ ෆැෂන් ෂෝ එකක් තියෙනවා. හැබැයි ඒකට ගෙන්නපු DJ ඇවිල්ලා නෑ. මේක ඇහෙනවා සිඩ්ට. ඉතිං මේ සිඩ් කොහොම හරි කියලා ෆැෂන් ෂෝ එකේ DJ කරන්න ඉල්ලගන්නවා. සිඩ් ඉතිං සුපර් DJ කෙනෙක්නේ. හැබැයි සිඩ් DJ කරද්දී ෆැෂන් ෂෝ එකම ඉවරවෙනවා. ඊට පස්සේ දවසේ උදේ සිඩුයි ආදියි ගෙදර ඉද්දී කෝල් එකක් එනවා සිඩ්ට. හැබැයි කෝල් එක ගන්නේ ආදි. එයාට මාර වැඩක් වෙන්නේ ඒ කොල් එක ගත්තට පස්සේ. ඒ වුනාට ඒ කෝල් එකෙන් එන්නේ සිඩ්ට එයගේ බල්ලව ඩොක්ටර්ගාවට ගෙනියන්න කියලා. ඉතිං සිඩ් එයාගේ සක්රු (බල්ලා) ඩොක්ටර් ගාවට ගෙනියනවා. මෙතන ඉදන් බලාගන්න පුළුවන් සක්රුගේ හොඳ හොඳ වැඩ ටිකක්. සක්රුගේ මේ වැඩ නිසා සක්රුට ඩොක්ටර්ගෙන් තෑග්ගක් විදියට දියමන්ති පෙත්තක් හම්බවෙනවා. ඉතිං මේ වෙලාවෙම ආදි යනවා ජ්‍යෝතීර්වෙදිනියක් හම්බවෙන්න. ඇය කියනවා එයාට සුපිරි නළුවෙක් වෙන්න පුළුවන් හැබැයි ආදිට ` ස ` අකුරෙන් නම පටන් ගන්න කෙල්ලෙක් හම්බවුනාට පස්සේ කියලා. ඒ වගේම ඒ කෙල්ල එයාගේ ජීවන සහකාරියයි කියලත් කියනවා. මේ වෙලාවේ සිම්රන් ගැන කිව්වොත් එයාව එයාගේ අම්මයි තාත්තයි කොල්ලෙක් බලන්න එක්කගෙන ගිහිල්ලා. මෙතන ඉදන් මාර වැඩ තමයි වෙන්නේ. කොහොම වුණත් ඒ වැඩේ අසාර්ථක වෙනවා. ඊට පස්සේ ආදිට කොහොමහරි සිම්රන්ව මුණගැහෙනවා.
මේ මුණගැහුන වෙලාවෙම එයාට චිත්‍රපටියක පොඩි කොටසක් රඟපාන්න හම්බවෙනවා. ඒ වගේම තවත් වෙලාවක ක්ලබ් එකකදී සිඩ්ට අනූව හම්බවෙනවා. සිඩ් ගිහින් අනූට කතා කරලා කියනවා මං තමයි ඔයා ලෝකයටම ප්‍රසිද්ධ කරේ එදා ෆැෂන් ෂෝ එකට සංගීතය සපයලා කියලා. ඊට පස්සේ අනූ සිඩ්ට උදව්වක් විදියට එයාට තවත් පාර්ටියක DJ කරන්න අරන් දෙනවා. ඉතිං සිඩුත් ඒකට කැමති වෙලා යනවා. ඒ පාර්ටිය නම් නියමයි. ඒක පාර්ටියක් නෙවෙයි සිඩ් ෆැෂන් ෂෝ එකේදී කරපු වැඩේට පළිගැන්මක්. මීට කළින් ආදිට සිම්රන් හම්බවුනාට පස්සේ චිත්‍රපටියක රඟපාන්න හම්බවුනානේ. ඉතිං ආදි හිතනවා සිමුරන් තමයි එදා ජ්‍යෝතීර්වේදිනිය කියපු ` ස ` අකුරෙන් නම පටන්ගන්න කෙනා තමාට හම්බවුන සිම්රන් කියලා හිතලා ආදි සිම්රන්ට රෙස්ට්ටුරන් එකකට එන්න කියලා කෙළින්ම ආදි සිම්රන්ගෙන් අහනවා මාව කසාද බඳිනවද කියලා. ඒවගේම ආදි සිම්රන්ට එතනදී දියමන්ති වලින් හදපු මුද්දකුත් දෙනවා. ඒත් සිම්රන් ඒ වෙලාවේ ආදිගේ යෝජනාවට කැමති වෙන්නේ නෑ. හැබැයි අර මුද්ද අරගෙන යනවා. ඊට පස්සේ මේක ගැන ආදියි සිඩුයි කතා කර කර ඉද්දී මේ වෙච්ච දේ ගැන සිඩ් හොඳටම විදියට හිනා වෙනවා. හැබැයි සිඩ් දන්නේ නෑ එයාට වෙලා තියන දේ ගැන. මොකක් දන්නවද සිඩ්ට වෙලා තියෙන දේ? ආදි සිම්රන්ට දුන්න මුද්දේ තියෙන දියමන්ති සක්රුට හම්බවුන දියමන්ති පෙත්තේ තිබුණ දියමන්ති. මේ දියමන්ති ඉල්ලන්න ආදි සිම්රන්ට කතා කරනකොට ආදි දැනගනන්වා සිම්රන් ගෝවා වලට යනවා කියලා.
මේ නිසා ආදිටයි සිඩ්ටයි මේ දියමන්ති ගන්න ගෝවා වලට යන්න වෙනවා. අදියි සිඩුයි ගෝවා වලට යන අතර මඟදිත්, ගෝවා වලට ගියාට පස්සෙත් සුපිර් වැඩ වෙනවා. ඒ මදිවට සිඩ්ගේ සුරතලා සකුරු මෙයත් නියම වැඩ කරනවා. ආදියි සිඩුයි ගෝවා වලට ගිහින් මොනා කරයිද? ආදියි සිඩුයි සකුරුගේ දියමන්ති සිම්රන්ගෙන් නැවත ගනියිද? ආදිට සිම්රන්ව තමාගේ ජීවන සහකාරියව කරගන්න පුළුවන් වෙයිද? ආදිට, සිඩ්ට, සිම්රන්ට, අනූට මෙයාලට මොනා වෙයිද? මුළු කතාවම මං කියන එක වැඩක් නෑනේ. ෆිල්ම් එක ඔයාලම බලන්නකෝ.
ඉතිං යාළුවනේ තවත් Super ෆිල්ම් එකක් එක්ක නැවත හමුවෙමු. සුභ දවසක්!!!
Due to copyright issues, we do not provide any torrent links.
Kyaa Super Kool Hain Hum (2012) 1CD DVD Rip Xvid MP3 Subs
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,038 downloadsDownload Kyaa-Super-Kool-Hain-Hum-2012.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Nilupuldara1-e1484915517782.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිලුපුල් උදාර
Subtitles
11 comments
ashan lankanath
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කෞෂාන් පියුමන්ත
සබට තැන්ක්ස් මචන්.මේ වගේ ආතල් ෆිල්ම් දිගටම කරහන්.ජය!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalana Rukshan
thnx bro but seeds aduinee...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Sadeesh Mendis
link eka dannako, macho
kumalk
ow machan
hoya ganna bee
චාරුක ලක්ෂිත
පාර...
ඔන්න බානන් දැම්මා...
දිගටම උපසිරසි දේන්න...
ජය....sahan
great grand msti 3 eke sinhala sub naddoo
Daka23
Meke 2005 aekata sub aeka nadda... ?
Advertisement


thanks .............................