Watch Trailer

Devour (2005) with Sinhala Subtitles | යක්ෂයාගේ පුතා ද? [සිංහල උපසිරැසි සමඟ]

හේයි හායි…. මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඇත්තටම ගොඩාක් ආසාවෙන් කරන්න පටන් ගත්තෙ. රොයිලි අයියගෙ අනුදැනුම මත කරන්න පටන් ගත්තෙ. ආ.. ඒ වගේම හසන්ත අයියගෙන් උපදෙසුත් ලැබුනා. ඒ සියළුම දේට ගොඩාක් ස්තූතියි. හරි දැන් ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ 2005. ටිකක් පරණයි තමා. ඒත් නියම…

Devour (2005)

හේයි හායි…. මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඇත්තටම ගොඩාක් ආසාවෙන් කරන්න පටන් ගත්තෙ. රොයිලි අයියගෙ අනුදැනුම මත කරන්න පටන් ගත්තෙ. ආ.. ඒ වගේම හසන්ත අයියගෙන් උපදෙසුත් ලැබුනා. ඒ සියළුම දේට ගොඩාක් ස්තූතියි.

හරි දැන් ෆිල්ම් එක දිහාවට හැරෙමු. මේ ෆිල්ම් එක තිරගත වෙලා තියෙන්නෙ 2005. ටිකක් පරණයි තමා. ඒත් නියම Horror, Mystery, Thriller ගණයට වැටෙන සුපිරි කතාවක්. තව දෙයක් මේකෙ කතා නායකය වෙන ජේක් ගෙ චරිතයට පණ පොවන්නෙ අපි ආසාවෙන් බලන Supernatural කතා මාලාවෙ ඩීන් අයිය… ඔව් ඔව් Jensen Ackles තමා. ඉතින් අනිවාරයෙන් Supernatural බලන කට්ටිය මේක බලන්නම ඕනෙ. ෆිල්ම් එකේ කතාව මෙන්න මේ වගේ දෙයක්:

ජේක් කියන්නෙ සාමාන්‍ය උසස් පාසලක ඉගෙනගන්න කොල්ලෙක්. ඒත් මිනිහට එක එක දේවල් මැවිල පේනව. ඒ අස්සෙ ජේකුයි, එයාගෙ යහළුවොයි අමුතු පරිඝණක ක්‍රීඩාවක් හොයාගන්නවා. ඒකෙ නම මාර්ගය (PATHWAY). ඉතින් ඒකෙ මේ කට්ටිය රෙජිස්ටර් වුනාට පස්සෙ දුරකථන ඇමතුම් ලැබෙනවා. කට්ටියට විවිධ පුදුම කිරීම් තමා ලැබෙන්නෙ. ඒ අතරවාරයෙ ජේක් එක්කල අලුතෙන් ගැහැණු කෙනෙක් යාළු වෙනවා. ඔන්න ඔතනින් පස්සෙ තමා කතාව ටික ටික වෙනස් වෙන්නෙ. යාළුවො එක එකා තම සියදිවි හානි කරගන්න පටන් ගන්නවා. ඒ අස්සෙ ජේක් දකිනව (සාතන්) යක්ශයාව ඉතින් එයා ඒ පිලිබඳව හොයන්න පටන් ගන්නව. ඒකෙන් තමා ජේක් ඔහු ගෙ අතීතය ගැන දැනගන්නෙ, සහ ඔහු කවුද යන වග. ඇත්තටම ඔහු කවුද? මාර්ගය කියන්නෙ මොකක්ද? ජේක් එක්ක යාළු වුන ගැහැනු කෙනා කවුද? යාළුවො සියදිවි නසා ගත්තෙ ඇයි? ඒ සියල්ලටම පිලිතුරු දැනගන්න මේක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම තව එක දෙයක්, පලමුවෙනි එක නිසා වැරදීම් තියෙයි. ඒව ගැනත් මට කියන්න. ස්තූතියි.

Devour (2005) on IMDb

 

 

1.04 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

697C85409A327D12220D4914B1CE3270A58A6356 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,259 downloadsDownload Devour-2005.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/SupunN.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිමේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුපුන් නිමේෂ්

Subtitles

1,259 downloadsDownload Subtitles32 KB

15 comments

  1. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SUPUN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  2. Ysa

    එල එල මචන්...දිගටම කරගෙන යමු....ජය වේවා෴

  3. මධුකප්‍රිය පෙරේරා

    පළමු උපසිරසියට සුබපැතුම්..
    දිගටම මෙවන් නිර්මාණවලට උපසිරසි ලබාදෙන්න..
    ඔබට ජය...

  4. Jack

    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම සබ් දෙන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය...

  5. Purni

    පලමු වැඩේට සුබපැතුම්.. ජේක් ඉන්න එකක් අත ඇරලා කොහොමද. සුහද කොකා එහෙම පට්ට ඇක්ටින් එයාගේ. දිගටම සබ් දෙන්න මල්ලි

  6. kavinda

    පලමු වැඩේට සුබ පැතුම්. සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

  7. Mayura Suraj

    අලුතෙන් ආවනම් දැනගන්න... මම තමා මෙකෙ ඩයල් එක.. ජල ජලකේ... ජල ජලකේ.... බුම් බුම්

  8. රොයිලි

    බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. තිසර නියෝ

    පළමු උපසිරසියට සුබපැතුම්
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) 720p BrRip x264 - 750MB - YIFY
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Pokkiri Raja (2016)

    me film walatath sub denna please….

  11. VINDY

    Congratzz...i watched it years ago..meka supiri film ekak,thnx bro.....

  12. Sajith Anthony

    මේක නම් අනිවා බලනව Supernatural එකේ Dean Winchester ඉන්න නිසා,
    සබ් එකට ගොඩාක් ස්තුතියි,
    ජය වේවා...!!!

  13. asitha

    ela horror ekak wage.
    bohoma pin saho.

  14. Sanath Perera

    බොහොම ස්තූතියි සුපුන් සහෝ උපසිරසට...
    පළමු උපසිරසට මගෙත් සුබ පැතුම්...
    තවත් මේ වගේ සුපිරි ෆිල්ම් එකක් අරන් එන්න...
    ඔබට ජයෙන් ජය...

  15. pramuk

    thanx bro