ආයුබෝවන් යාළුවනේ! නැවතත් චිත්‍රපටයක් කට්ටියටම බලන්න උපසිරැසි එක්ක ගෙනාවා. A History of Violence 2005 වසරේ ආපු Crime Thriller වර්ගයේ විශිෂ්ට චිත්‍රපටයක්. Viggo Mortensen ප්‍රධාන නළුවා විදියටත්, Maria Bello ප්‍රධාන නිළිය විදියටත් රංගනයෙන් දායක වෙනවා. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා (William Hurt…

ආයුබෝවන් යාළුවනේ! නැවතත් චිත්‍රපටයක් කට්ටියටම බලන්න උපසිරැසි එක්ක ගෙනාවා. A History of Violence 2005 වසරේ ආපු Crime Thriller වර්ගයේ විශිෂ්ට චිත්‍රපටයක්. Viggo Mortensen ප්‍රධාන නළුවා විදියටත්, Maria Bello ප්‍රධාන නිළිය විදියටත් රංගනයෙන් දායක වෙනවා. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා (William Hurt), හොඳම තිර රචනය (Josh Olson) සඳහා මෙය නිර්දේශ වුණා. ඒ වගේම ප්‍රංශයේ කෑන්ස් සම්මාන උළෙලේ පිළිගන්වන උසස්ම සම්මානය වන Palme d’Or සඳහාත් 2005 වසරේ නිර්දේශ වුණා. IMDb දර්ශකයේ 7.5/10 ක අගයක්ද, Rotten Tomatoes වෙබි පිටුවේ 87% ක අගයක්ද ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂණය David Cronenberg විසින්. මේකේ කතාව යන විදිය මං කෙටියෙන් කියන්නම්:
ටොම් ස්ටෝල් (Viggo Mortensen) කියන්නේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන ඉතාමත් සාමකාමි පුද්ගලයෙක්. බිරිඳ එඩී ස්ටෝල් (Maria Bello) හා දරුවන් දෙදෙනා ජැක් හා සේරා එක්ක තමයි ඔහුගේ ලස්සන පවුල සමන්විත වන්නේ. මොවුන් ඉතාමත් සාමකාමි ජීවිතයක් මිල්බෘක් කියන නගරයේ ගත කරනවා. දවසක් රාත්‍රියේ ටොම්ගේ අවන්හල වහන්න කිට්ටුව තියෙද්දී මංකොල්ලකරුවන් දෙදෙනෙක් ඇවිත් සේවිකාවක්ව ඝාතනය කරන්නට යන නිසා ටොම් ස්ටෝල් ඇයව බේරාගැනීමට මැදිහත් වෙනවා. ප්‍රතිඵලය වෙන්නේ මංකොල්ලකරුවන් දෙදෙනාව ජීවිතක්ෂයට පත්වීමයි. මේ සිදුවීම රටපුරා මාධ්‍යවලින් ප්‍රසිද්ධියට ලක්වෙනවා. යහපත් වගේම සාමකාමි පුද්ගලයෙකු වූ ටොම් ස්ටෝල් මිල්බෘක්වල කාගෙත් ප්‍රසාදයට ලක්වෙනවා. ටොම් ස්ටෝල් වීරයෙක් විදියට නගරවැසියන් නම් කරනවා. ටික කලකට පස්සේ අධි සුඛෝපභෝගි මෝටර් රියක් නිතර මිල්බෘක් ප්‍රදේශයේ සැරිසරන්න පටන් ගන්නවා. ටොම් ස්ටෝල්ගේ යටගිය ඉතිහාසයක් අළු යට ගිනි පුපුරු මෙන් ඉස්මතු වීම මෙයින් ඇරඹෙනවා. නොසිතූ විදියට ටොම් ස්ටෝල්ගේ පවුල් ජීවිතය උඩුයටිකුරු වීමට අවන්හලේ සිදුවීම මුලපුරන්නේ මේ විදියටයි. ඉතුරු ටික නම් චිත්‍රපටය බලලම දැනගත්තොත් තමයි වටින්නේ.
A History of Violence චිත්‍රපටයෙන් අපිට පැහැදිලිවම පෙන්වන්න හදන මනුෂ්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ මිනිසෙකුගේ හොඳ හා නරක යන පැතිකඩ දෙකයි. ඕනෑම මිනිසෙකුගේ මේ පැතිකඩ දෙකම තිබෙන බව නොරහසක්. මේවා සෑම මිනිසෙකුගේම ගැඹුරින් නිදන්ගතවෙලා තිබෙන බවත් විටෙක ඉස්මතු වීම සිදුවන බවත් ප්‍රබලව පෙන්වීමට සමත් සිනමා පටයක් බව මෙය හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම පසුබිම් සංගීතය යනු චිත්‍රපටවල තේමාව අරුත් ගැන්වීමට තරම් ප්‍රබල මාධ්‍යයක් වන බව චිත්‍රපටය බලන අතරවාරයේදී ඔබට දැනේවි. සීමිත එළිදැක්වීමකට ලක් කරපු මේ චිත්‍රපටය සිනමා විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක්වුණා. සුප්‍රකට සිනමා විචාරක Roger Ebert 3.5/4 ක අගයක් දෙමින් පැවසුවේ “This is not a movie about plot, but about character. It is about how people turn out the way they do, and about whether the world sometimes functions like a fool’s paradise.” යනුවෙන්.
එහෙමනම් යන්නත් වෙලාව දැන් ඇවිත්. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!!
706 MB (720p.BRrip) කොපිය මෙතනින් බාගන්න
FED83F6E3C3068FBF2C942C94DCE3AC49978BD0B1.65 GB (1080p.BRrip) කොපිය මෙතනින් බාගන්න
45F26A65FCD7218F75A44B783B12F6360E9AFA60 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,988 downloadsDownload A-History-of-Violence-2005.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
19 comments
kanthaDLA
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
ෆිල්ම් දෙක බැලුවම සබ් එක දාන්නම්, ජය....!
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!Sanath Indika
thx sahoo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Kulanjana Maduranga
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
City of God, case 39. චිත්‍රපට වලට උපසිරැසි දුන්නෙ ඔයා වෙන්න ඔනෙ.. එ උපසිරැසි දෙකම ටයිම් අවුට් සබ් වල. මෙකෙ නම් එහෙම නෑ. ෆිල්ම් එක ඉයෙ රෑ බාගත්ත . කොහොම හරි ඉදල ඉදල ඔයත් ගෙන්නෙම සුපිරිම නිර්මාණය කිවුවොත් හරි.
සබ් එකට thx බ්‍රො. තවත් ලස්සන චිත්‍රපටයක් ඉක්ක්මනට උපසිරැසි ගන්වන්න කාලය ලැබෙන්න කිය පතමි. ඔබට ජය
ෆිල්ම් එක නම් සුපිරියි වගෙවිරාජ් කොඩිතුවක්කු (තෙලා)
බොහොමත්ම ස්තූතියි සහෝ, ඉදිරියටත් මං සබ් ගේනවා. මාව දිරිගන්වපු ඔබට නැවත නැවතත් ස්තූතියි!
mithun
ඔයාට කොහොමද මෙ චිත්‍රපට ඇහැ ගියෙ බ්‍රො.. ඔයාට ෆිං දිල ඔන්න චිත්‍රපට බැලුව.. සිරාවටම සුපිරියි ස්ටොරි එක නම්.
හොද තෙරිමක්. එක අනිවාර්යයෙන් කියන්න ඔනෙ. උපසිරැසිත් උපරිමයි මහත්තයො . හොද රස වින්දනයක් තිබුන චිත්‍රපට පුරාවට.
තව තවත් මෙ වගෙ සුපිරි නිර්මාණය අප වෙත අරන් එයි කි විස්සව කරනව. එ වගෙම මෙ කරන සෙවෙට බොහොමත්ම තුති .
ඔබටත් බයිස්කෝප් ටිම් එකෙ හැමොටමත් සුබ පතනව.විරාජ් කොඩිතුවක්කු (තෙලා)
මේක මටත් තදින්ම හිතට වැදුණ ෆිල්ම් එකක් සහෝ...ඉදිරියටත් සබ් ගේනවා. ජය!
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
මේක මටත් හිතට වැදුණ ෆිල්ම් එකක් සහෝ...ඉදිරියටත් සබ් ගේනවා. ජය!
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B\K
............බොහෝම ස්තුතියි...................
wiki
Thanks
Hashan M. Priyadarshana
Thank you
sasanka
thanks for the sub
Chandimal Kariyapperuma
Thanks for the subtitles. keep up the good work.
Gcs lakmal
Please this movie give me
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!
Top Gun (1986) 720p BrRip x264 - 750MB - YIFY
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Pokkiri Raja (2016)
me film walatath sub denna please….