Watch Trailer

The Brest Fortress (2010) with Sinhala Subtitles | සදා නොමියෙන වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් මම WWII චිත්‍රපටියක්ම ගෙනාව. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.2 ක් ලබාගෙන තියෙනව. මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ රුසියාවේ සිදුවුනු සත්‍ය කතාවක් පදනුම් කරගෙන. එනම් රුසියාවට ලෝක යුද්ධයේ උණුසුම රැගෙන ඒමේ මූලිකම සිදුවීම වූ පෝලන්ත රුසියානු දේශසීමාවේ පිහිටා තිබූ “බ්‍රෙස්ට්“ නම් බලකොටුවට ජර්මානුවන…

Fortress of War (2010)

ඔන්න ඉතින් අදත් මම WWII චිත්‍රපටියක්ම ගෙනාව. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.2 ක් ලබාගෙන තියෙනව. මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ රුසියාවේ සිදුවුනු සත්‍ය කතාවක් පදනුම් කරගෙන. එනම් රුසියාවට ලෝක යුද්ධයේ උණුසුම රැගෙන ඒමේ මූලිකම සිදුවීම වූ පෝලන්ත රුසියානු දේශසීමාවේ පිහිටා තිබූ “බ්‍රෙස්ට්“ නම් බලකොටුවට ජර්මානුවන් විසින් පහරදීමේ සිද්දියයි. මේ ස්ථානය රුසියාවේ ප්‍රතමයෙන්ම ප්‍රහාරයට ලක්වුනු ස්ථානය වශයෙන් හැදින් වේ. මෙය ඉතිහාස ගත සටනක් වේ. මෙම සටන ගැන සත්‍ය තොරතුරු ලෝකයා දැනගත්තේ මෙම සටන සිදුවීමෙන් වසර විස්සකට පමන පසුවයි. එතෙක් මෙය ලෝකයෙන් සැගවී තිබිනි. මේ ගැන සිංහල පරිවර්ථනය කරපු පොතකුත් තියෙනව කැමතිනම් කියවන්න.

එහෙනම් ඉතින් කතාවට බහිමු. ඔන්න ඉතින් රුසියාවේ ජනයා යුද්ධය ගැන කිසිම හැගීමකින් තොරව තමන්ගේ එදිනෙදා ජීවිතට ගත කළේය. මේ අතරේ ජර්මානුවන් රහසේම රුසියාවට ඇතුලුවී බ්‍රෙස්ට් බලකොටුවේ ජල සැපයුම්, විදුලිය, ආහාර ආදී සැපයුම් කපා හැර බලකොටුවට බොම්බ හෙලන්නට විය. ඉන්පසු ජර්මානුවන් බලකොටුවේ සියල්ලම මියගොස් ඇතැයි සිතා බලකොටුවට ඇතුලුවිය. නමුත් බලකොටුවේ ඉතුරු වී සිටි සුලු පිරිස කන්ඩායම් තුනකට වෙන්ව සටන් කරන්න විය. මෙසේ රුසියානු යුද්ධයේ සංකීර්න බව යුද්ධයේ පලමු දිනයේදිම තේරෙන්නට විය. ඇතැම් රටවල් පැය 24 න් හිට්ලර්ගේ යටතට පත් වුවද හිට්ලර්ට මේ කුඩා බලකොටුව අල්ලා ගැනීමට මාසෙකට වැඩි කාලයක් ගතවිය.

ඔහොම තමයි මේ කතාව යන්නෙ. ගොඩාක් උනුසුම් චිත්‍රපටියක්. ඒවගේම හොද චිත්‍රපටියක්. ඔයාල බලලම කියන්නකෝ චිත්‍රපටිය කොහොමද කියලා. මේකෙ ඉංග්‍රීසි උපසිරසියේ ගොඩාක් කචල් තිබ්බා. ඉංග්‍රීසි උපසිරසි දෙකක් අනිත් පැත්ත ගහල තමයි සිංහල එක හදාගත්තේ. එහෙනම් ඉතින් හොදයිනම් අනිවාරෙන් කියන්න නැත්තම් ඒත් කියන්න හොදේ. තවත් එකකින් හම්බුවෙමු.

The Brest Fortress (2010) on IMDb

 

 

1.46 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

9ea1aa195470f1ca7dd7a7a4a73ae0f06530283b Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,014 downloadsDownload The-Brest-Fortress-2010.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශෂික දිල්හාර

Subtitles

2,014 downloadsDownload Subtitles29 KB

20 comments

  1. Aman

    Machan Book Eke name eka mokakda ? thanks for sub

  2. kattz

    මේ ගැන තියන පොතේ නම මොකද්ද..?

  3. Sajith Anthony

    සබ් එකට ස්තුතියි,
    ජය වේවා...!!!

  4. Shashika Dilhara

    පොතේ නම තමයි“ බ්‍රෙස්ට් බලකොටුවේ වීරයෝ“ පරිවර්තනය කරපු කෙනානම් මතක නෑ
    කියවල බලන්න ෆිල්ම් එකට වඩා තොරතුරු තියෙනව.

  5. Shashika Dilhara

    මේක බාගන්න කට්ටියගෙන් පොඩි උදවුවක් ඉල්ලන්න ඕන, හොඳ TV Series එකක් එහෙම හම්බ්වුනොත්
    පොඩි කමෙන්ට් එකක් දාන්න හො‍දේ. සිංහල සබ් නැති එකක් ඒවගේම උඩ ෆිල්ම් එකේ සයිස් අඩු ලින්ක් එකක් අහුවුනොත් කියන්න..

    1. asitha

      https://file.rocks/file/791Hptcg0Z මේකෙන් බාගන්න.
      බොහොම වගකීමෙන් යාළුවන්ට කියන්නේ බා ගෙන බලන්න.
      මම නම් බලපු හොදම WWII එකක්.පට්ටයි.

  6. කේ.යූ.ජී. උදාර

    මේක බලපු නැති කෙනෙකුට අනිවාර්යයෙන් ම බලන්න කියල ඉහළින් ම නිර්දේශ කරන්න කැමතියි. ඒ තරමට ම දැනෙන ‍ෆිල්ම් එකක්. මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි සහෝ.................

    1. menaka

      Meka ba ganda bene bn...torren speed ne......

  7. Kulanjana Maduranga

    niayamai…thanks SHASHIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Prabath Chathuranga

    Thanks brother. Good luck...

  9. Haritha Dayanga

    කලිං බැලුවා සබ් නැතුව
    ආයෙ බලනවා සබ් එක්ක
    එලම
    සබට ස්තූතී

  10. රොයිලි

    බොහොම ස්තූතියි ශෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Dinuu

    මේකේ ටොරන්ට් වැඩ නැහැ ..

  13. kanushka

    1GB adu torrent ekak nddda?????thnk u

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

    Top Gun (1986) 720p BrRip x264 - 750MB - YIFY
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Pokkiri Raja (2016)

    me film walatath sub denna please….

  15. Jack

    නියමයි මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  16. Tharindu Athukorala

    බොහොම ස්තූතියි.

  17. pasan bhasura

    potha mokakda